ශුද්ධලියවිලි
මොසායා 12


12 වන පරිච්ඡේදය

ජනතාවගේ සහ නෝවා රජුගේ මරණය පිළිබඳව අනාවැකි කී හෙයින් අබිනඩායිව සිරගත කරයි – බොරු පූජකවරු ශුද්ධ ලියවිලි උපුටා ගනිමින් මෝසෙස්ගේ නීතිය පවත්වන බව හඟවති – අබිනඩායි ඔවුන්ට දස පණත ඉගැන්වීම ආරම්භ කරයි. ක්‍රි.පූ. 148 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් අවුරුදු දෙකක කාලයකට පසු එම අබිනඩායි ඔවුන් අතරට වෙස්වලාගෙන පැමිණියේය, එනම් ඔවුන් ඔහුව දැන නොගත්තෝය, තවද ඔවුන් අතරෙහි අනාවැකි කීමට පටන් ගනිමින්, මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ මට මෙසේ කියමින්, ආඥා කළේය – අබිනඩායි, ගොස් මෙය මාගේ ජනතාව වෙතට අනාවැකි කියන්න, මක්නිසාද ඔවුන් මාගේ වචනයට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩි කරගෙන ඇත්තේය; ඔවුන් ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා පිළිබඳව පසුතැවිලි නොවූහ; එසේහෙයින්, මම මාගේ කෝපයෙන් ඔවුන්ව බැහැ දකින්නෙමි, එසේය, මම මාගේ දැවෙන කෝපයෙන් ඔවුන්ගේ අයුතුකම් සහ පිළිකුල්කම් වලදී බැහැ දකින්නෙමි.

2 එසේය, මෙම පරම්පරාවට දුක්වේ! තවද ස්වාමීන්වහන්සේ මා හට කී සේක: නුඹගේ අත දිගු කර මෙසේ කියමින් අනාවැකි කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, එය මෙසේ සිදු වන්නේය, එනම් මෙම පරම්පරාව, ඔවුන්ගේ අයුතුකම් නිසාවෙන්, වහල්භාවයට ගෙන ගොස්, කම්මුලට පහර දෙනු ලබන්නේය; එසේය, තවද මනුෂ්‍යයන් විසින් එලවනු ලබන අතර, මරා දමනු ලබන්නේය; තවද අහසේ ගිජුලිහිණියෝ ද, බල්ලන්ද ද එසේය, තවද වන මෘගයෝ ද ඔවුන්ගේ මාංශය ගිල දමන්නෝය.

3 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් නෝවා රජුගේ ජීවිතය උණුසුම් පෝරණුවක ඇති වස්ත්‍රයක් මෙන් ගණන් ගනු ලබන්නේය; මක්නිසාද ඔහු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහුය.

4 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් මම මාගේ මෙම ජනතාවට දරැණු පීඩාවන් වලින් පහර දෙන්නෙමි, එසේය, සාගතයක් සමගින්ද, තවද වසංගතයකින්ය; තවද මා ඔවුන්ට දවස මුළුල්ලේම මොරගැසීමට සලස්වන්නෙමි.

5 එසේය, තවද මම ඔවුන්ව ඔවුන්ගේ පිටමත බර බැඳ තැබීමට සලස්වන්නෙමි; තවද ඔවුන් ගොළු කොටළුවෙක් මෙන් පෙරටුවෙන් පන්නා දමනු ලබන්නෝය.

6 තවද එය මෙසේ සිදු වන්නේය එනම් මම ඔවුහු අතර හිමගල් වරුසා පමුණුවන්නෙමි, තවද එය ඔවුන්ට පහර දෙනු ලබන්නේය; තවද ඔවුන්ට නැගෙනහිර සුළගින් ද පහර ලබන්නෝය; තවද කෘමීහූ ඔවුන්ගේ දේශයට මහත් හිරිහැර කරන්නෝය, තවද ඔවුන්ගේ ධාන්‍ය ගිල දමන්නෝය.

7 තවද ඔවුහූ බලවත් වසංගතයකින් පහර ගසනු ලබන්නෝය – තවද මේ සියල්ල මා කරනු ලබන්නේ ඔවුන්ගේ අයුතුකම් සහ පිළිකුල්කම් නිසාය.

8 තවද එය මෙසේ සිදු විය එනම් ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, මා ඔවුන්ව පොළොවෙන් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නෙමි; එහෙත් ඔවුහූ ඔවුන්ගෙන් පසුව වාර්තාවන් තබා යන්නෝය, තවද ඒවා මා දේශය අයත් කර ගන්නා අනෙක් ජාතින් උදෙසා රක්ෂා කරන්නෙමි; එසේය, මා මේ ජනතාවගේ පිළිකුල්සහගත ක්‍රියා වෙනත් ජාතීන්ට හෙළි කරන පිණිස පවා මෙය කරන්නෙමි. තවද අබිනඩායි මෙම ජනතාවට විරුද්ධව බොහෝ දේ අනාවැකි කීවාය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔහු සමඟ කෝප වූහ; තවද ඔවුහු ඔහුව ගෙන ගොස් තවද ඔහුව රජු ඉදිරියේ බැඳ තබා, තවද රජුට මෙසේ කීවේය: බලන්න, ඔබගේ ජනතාවට නපුරු අනාවැකි කියමින්, දෙවියන්වහන්සේ ඔවුන්ව විනාශ කරන බව, පවසන මනුෂ්‍යයෙකු අප ඔබ ඉදිරියට ගෙනාවෙමු.

10 තවද ඔහු ඔබගේ ජීවිතය ගැනද නපුරු අනාවැකි කීවේය, තවද එනම් ඔබගේ ජීවිතය ගින්දර පෝරනුවක් තුළ ඇති වස්ත්‍රයක් මෙන් වන්නේ යැයි කීවේය.

11 තවද නැවත, ඔහු ඔබ දණ්ඩක් මෙන් වන්නේ යැයි ද, වියලි දණ්ඩක් පවා මෙන් වන්නේය, එය මෘගයන් විසින් උඩින් යමින් පයින් පගා දමනු ලබන්නේය යැයි කීවේය.

12 තවද නැවත, ඔබ කටු පැලෑටියක පුෂ්පයක් මෙන් වන්නේය, එය සම්පූර්ණයෙන් පිපුණු විට, සුලඟ හමන්නේ නම්, එය දේශයේ තලය මතුපිටින් පලායන්නේ යැයි ඔහු කියන්නේය. තවද ඔහු එය ස්වාමීන්වහන්සේ කීවාක්මෙන් හගවන්නේය. තවද මේ සියල්ල ඔබ වෙත පැමිණෙන්නේ පසුතැවිලි නොවුන හොත්ය, තවද මෙය ඔබගේ අපරාධ නිසා යැයි ඔහු කියන්නේය.

13 තවද දැන්, අහෝ රජතුමනි, අප දෙවියන්වහන්සේ විසින් හෙළා දකිනු ලැබීමට හෝ මේ මනුෂ්‍යයා විසින් විනිශ්චය කරනු ලැබීමට, ඔබ කුමන මහා නපුරක් කර තිබේද, නැතහොත් ඔබගේ ජනතාව කළ මහා පාපයන් මොනවාද?

14 තවද දැන්, අහෝ රජතුමනි, බලන්න, අප නිදොස්ය, අහෝ රජතුමනි, තවද ඔබ පව් නොකළේය; එසේහෙයින්, මේ මනුෂ්‍යයා ඔබ ගැන බොරු කීවේය, තවද ඔහු නිෂ්ඵල අනාවැකි කියා ඇත්තේය.

15 තවද බලන්න, අපි ශක්තිමත්ය, අප වහල්භවට නොඑන්නෙමු, නැතහොත් අපගේ සතුරන් විසින් වහල්භාවයට ගෙන නොයන්නෙමු; එසේය, තවද ඔබ දේශයේ සමෘද්ධිමත් වූවාය, තවද ඔබත් සමෘද්ධිමත් වන්නෙහිය.

16 බලන්න, මෙන්න මනුෂ්‍යයා, අප ඔහු ඔබේ අතට බාර දෙන්නෙමු; ඔබට හොඳ යැයි හැඟෙන පරිදි ඔහු සමඟ කළ හැක්කේය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් නෝවා රජු අබිනඩායිව සිරගත කරන ලෙස නියෝග කළේය; තවද ඔහු සමඟ තමන් කළ යුතු දේ ඔවුන් සමඟ මන්ත්‍රණ සභාවක් පවත්වන පිණිස, එනම් පූජකයන් ඔවුන්ව රැස් කළ යුතු ලෙස ඔහු අණ කළේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු රජුට මෙසේ කීවේය: අප ඔහුගෙන් ප්‍රශ්න කරන පිණිස ඔහුව මෙහි ගෙන එන්න; තවද එනම් ඔහු ඔවුන් ඉදිරියට ගෙන එන යුතු ලෙස රජු අණ කළේය.

19 තවද එනම් ඔහුට දොස් පැවරිය හැකි වන පිණිසත්, එනම් ඔහුව හසුකර ගැනීමට හැකි වන පිණිසත්, ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය; එහෙත් ඔහු නිර්භීතව ඔවුන්ට පිළිතුරු දුන් අතර, තවද ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට නොසැලි සිටියේය, එසේය, ඔවුන් මවිතයට පත්විය; මක්නිසාද ඔහු ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලදී ඔවුන් කෙරෙහි නොසැලි, තවද ඔවුන්ගේ සියලු වචන ව්‍යාකුල කළේය.

20 තවද එය මෙසේ සිදුවිය එනම් ඔවුන්ගෙන් එක් කෙනෙක් ඔහුට මෙසේ කීවේය: ලියා තිබෙන්නාවු, සහ මෙසේ කියමින් අපගේ පියවරුන් විසින් උගන්වා ඇති වචනවල තේරුම කුමක්ද:

21 ශුභාරංචිය ගෙනෙන තැනැත්තාගේ පාද කඳු මත කෙතරම් අලංකාරද; එනම් සමාදානය ප්‍රකාශ කරන්නාවු; එනම් ශුභරංචිය ගෙනඑන්නාවු; එනම් ගැළවීම ප්‍රකාශ කරන්නාවු; එනම් සියොන්ට කතා කොට, නුඹගේ දෙවියන්වහන්සේ රජකම් කරන සේක;

22 නුඹලාගේ රැකවල්කරුවන් හඬ ඔසවමින්; ඔවුන් එක හඩක් සමඟින් ගයන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් නැවත ගෙන එන විට ඔවුන් ඇසෙන් ඇසට දකින්නෝය;

23 ප්‍රිතියෙන් ඝෝෂා කරන්න; ජෙරුසලමේහි පාළු තැන් නුඹලා එක්ව ගායනා කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සනසා, උන්වහන්සේ ජෙරුසලම මුදවා ඇත්තේය;

24 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් ඉදිරියෙහි සිය ශුද්ධ වූ හස්තය නිරාවරනය කළ ඇති අතර, තවද පොළොවේ කෙළවරහි සියල්ලෝම අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෙහුද?

25 තවද දැන් අබිනඩායි ඔවුන්ට මෙසේ කීවේය: තවද මෙම ජනතාවට උගන්වනු යැයි මවාපාමින්, තවද අනාවැකි කීමේ ආත්මය තේරුම්ගැනීම පිණිස, තවද එසේම මේ දේවල් වල තේරුම මාගෙන් දැනගැනීමට කැමති, නුඹලා පූජකයින්ද?

26 මම නුඹලාට කියමි, ස්වාමීන්වහන්සේගේ මාර්ග විකෘති කිරීම නිසා නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මේ දේවල් තේරුම්ගන්නහු නම් නුඹලා ඔවුන්ට ඉගැන්වූයේ නැත; එසේහෙයින්, නුඹලා ස්වාමීන්වහන්සේගේ මාර්ග විකෘති කර ඇත්තේය.

27 නුඹලා නුඹලාගේ හදවත් තෙරුම් ගැනීම කෙරෙහි යොමු කොට නැත්තේය; එසේහෙයින්, නුඹලා ප්‍රඥාවන්ත වී නැත; එසේහෙයින්, නුඹලා මෙම ජනතාව හට උගන්වන්නේ කුමක්ද?

28 තවද ඔවුන් මෙසේ කිවෝය: අප මෝසෙස්ගේ නීතිය උගන්වුයෙමු.

29 තවද නැවතත් ඔහු ඔවුන්ට මෙසේ කීවේය: නුඹලා මෝසෙස්ගේ නීතිය උගන්වන්නේහු නම් නුඹලා එය නොපවත්වන්නේ මන්ද? නුඹලාගේ හදවත් ධනය කෙරෙහි යොමු කරන්නේ මන්ද? නුඹලා වේශ්‍යාකම් කරමින් සහ වේශ්‍යාවන් සමඟ නුඹලාගේ ශක්තිය වැය කරන්නේ මන්ද, එසේම, තවද නුඹලා මෙම ජනතාවට පාපය කිරීමට සලස්වන්නේහුය, එසේය, මෙම ජනතාව විරුද්ධව මහත් නපුරක් පවා, එනම් මෙම ජනතාවට විරුද්ධව අනාවැකී කීමට ස්වාමීන්වහන්සේ හට මා එවීම සඳහා හේතුවක් ඇත්තේහුද?

30 මා සත්‍යය කථා කරන බව නුඹලා නොදන්නෙහුද? එසේය, මම සත්‍යය කථා කරන බව නුඹලා දන්නෙහුය; තවද නුඹලා දෙවියන්වහන්සේ අභිමුඛයෙහි වෙව්ලිය යුතුවන්නේය.

31 තවද එය මෙසේ සිදුවිය මක්නිසාද නුඹලා මෝසෙස්ගේ නීතිය උගන්වන බව නුඹලා කී බැවින්, එනම් නුඹලාගේ අයුතුකම් නිසා නුඹලා හට පහර දෙනු ලබන්නේය. තවද මෝසෙස්ගේ නීතිය සම්බන්ධයෙන් නුඹලා කුමක්ද දන්නෙහුද? ගැලවීම පැමිණෙන්නේ මෝසෙස්ගේ නීතියෙන් පමණක්ද? නුඹලා කුමක් කියන්නෙහුද?

32 තවද ඔවුන් පිළිතුරු දෙමින් මෙසේ කිවෝය එනම් මෝසෙස්ගේ නීතියෙන් ගැලවීම පැමිණියෝය.

33 නමුත් දැන් අබිනඩායි ඔවුන්ට මෙසේ කීවේය: නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම් නුඹලා ගැලවිම ලබන්නේ යැයි මම දන්නෙමි; එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියමින්, සීනයි කන්දේ දී මෝසෙස්ට දුන් අණ පනත් නුඹලා පිළිපදින්නහු නම්:

34 වහල්භාවයේ නිවස වන, මිසර දේශයෙන් නුඹලාව පිටතට ගෙනා, නුඹලාගේ ස්වාමීන් වූ දෙවියන්වහන්සේ මම වන්නෙමි.

35 මා හැර අන් දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය.

36 නුඹ වෙත කැටයම් කරන ලද රූපයක්, හෝ එම සමානත්වයට ඇති කිසිම දෙයක් ඉහළ ස්වර්ගයෙහි හෝ පහල පොළොවේ ඇති දේවල සාදා නොගන්න.

37 දැන් අබිනඩායි ඔවුන්ට මෙසේ කිවේය, නුඹලා මේ සියල්ල කර ඇත්තෙහුද? මම නුඹලාට කියන්නෙමි, නැත, නුඹලා කර නැත්තෙහුය. තවද නුඹලා මේ සියල්ල කළ යුතු බවට මෙම ජනතාවට උගන්වා තිබේද? මම නුඹලාට කියන්නෙමි, නැත, නුඹලා කර නැත්තෙහුය.