ශුද්ධලියවිලි
මොසායා 19


19 වන පරිච්ඡේදය

ගිඩියොන් නෝවා රජුව මරා දැමීමට සොයයි – ලේමන්වරුන් දේශය ආක්‍රමණය කරති – නෝවා රජු ගින්නෙන් මරණය අත්විඳියි – ලිම්හායි කප්පම් ගෙවන අධිරාජ්‍යයෙකු ලෙස පාලනය කරයි. ක්‍රි.පූ. 145–121 පමණ.

1 තවද එය මෙසේ සිදු විය එනම් ස්වාමීන්වහන්සේගේ ජනතාව සෙවීම නිෂ්ඵල වී, රජුගේ සේනාව හැරී ආවෝය.

2 තවද දැන් බලන්න, රජුගේ සේනාව අඩු කරනු ලැබීමෙන්, කුඩා වීය, තවද එහි ඉතිරි වූ ජනතාව අතර භේදයක් ඇති වීමට පටන් ගත්තේය.

3 තවද කුඩා කොටස රජුට එරෙහිව තර්ජන පිටතට හෙලීමට පටන් ගත් අතර, තවද එහි ඔවුන් අතර මහත් ආරවුලක් ඇති වීමට පටන් ගත්තේය.

4 තවද දැන් එහි ඔවුන් අතර ගිඩියොන් ලෙස නම් ලැබූ මනුෂ්‍යයෙකු සිටියේය, තවද ඔහු ශක්තිමත් මනුෂ්‍යයෙකුව සහ රජුට සතුරෙක්ව සිටි නිසා, එසේහෙයින් තවද ඔහු තම කඩුව ඇද, තවද ඔහුගේ කෝපයෙන් රජු මරා දමන බවට දිවුරුවේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු රජු සමඟ සටන් කළේය; තවද ඔහු තමාව පරාජය කිරීමට සැරසෙන බව දුටු රජු, ඔහු පලා ගොස් දිවයමින් දේවමාළිගාව අසල තිබූ කොතට නැග්ගේය.

6 තවද ගිඩියොන් ඔහු පසුපස ලුහුබැඳ ගොස් තවද රජු මැරීමට කුළුණට නැගීමට ආසන්න වූ කල, තවද රජු ශෙම්ලොන් දේශය දෙසට නෙත් යොමු කළේය, තවද ලේමන්වරුන්ගේ සේනාව, දේශයේ සීමාවන් තුළ සිටින බව දුටුවේය.

7 තවද දැන් රජු මෙසේ කියමින් ඔහුගේ ප්‍රාණයේ වේදනාවෙන් කෑගැසුවේය: ගිඩියොන්, මා බේරාගන්න, මක්නිසාද ලේමන්වරුන් අප වෙත පැමිණ ඇත්තේය, තවද ඔවුන් අපව විනාශ කරන්නෝය; එසේය, ඔවුහු මාගේ ජනතාව විනාශ කරනු ඇත්තෝය.

8 තවද දැන් රජු තම ජීවිතය ගැන සැලකිල්ලක් දැක්වූවාක් මෙන් තම ජනතාව ගැන එතරම් සැලකිල්ලක් ඔහු නොදැක්වුයේය; එසේනමුත්, ගිඩියොන් ඔහුගේ ජීවිතය බේරාගත්තේය.

9 තවද දැන් එනම් ලේමන්වරුවන් ඉදිරියෙන් පලා යන ලෙස රජු ජනතාව හට අණ කළ අතර, තවද ඔහු තමන් විසින්ම ඔවුන් ඉදිරියෙන් යමින්, තවද ඔවුන් ඔවුන්ගේ ස්ත්‍රීන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ වනාන්තරයට පලා ගියහ.

10 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන් ලුහුබැඳ ගොස්, තවද ඔවුන් අල්ලාගෙන, ඔවුන්ව මරා දමන්නට පටන් ගත්තෝය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් සියලු පුරුෂයන් තම භාර්යාවන් සහ දරුවන් අත්හැර, එනම් ලේමන්වරුන්ගෙන් පලා යන ලෙස, රජු ඔවුන් හට අණ කළේය.

12 දැන් ඔවුන් හැර නොයන්නා වූ, නමුත් ඔවුන් සමඟ නැවතී විනාශ වන්න වූ බොහෝ දෙනෙක් එහි සිටියහ. තවද ඉතිරි අය ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන්ව අතහැර පලා ගියෝය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ නතර වූ අය තම රූමත් දියණියන් නැඟිට ඔවුන්ව මරා නොදමන ලෙස ලේමන්වරුන්ගෙන් අයැද සිටින ලෙස සැලැස්වූවෝය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ ස්ත්‍රීන්ගේ අලංකාරත්වයට වශී වූ බැවින්, ඔවුන් කෙරෙහි අනුකම්පා කළෝය.

15 එසේහෙයින් ලේමන්වරුන් ඔවුන්ගේ ජීවිත බේරු අතර, තවද ඔවුන්ව වහලුන් ලෙස ගෙන නීෆායි දේශය කරා ආපසු රැගෙන ගියෝය, තවද ඔවුන් නෝවා රජු ලේමන්වරුන්ගේ අතට බාර දීමේ කොන්දේසි යටතේ, තවද එනම් ඔවුන්ට දේශය හිමි කර ගැනීමට ඔවුන්ට අවසර දෙන ලදී, තවද ඔවුන්ට අයත් දේපල බාර දීමටද, ඔවුන් සන්තකයේ ඇති සියලු දේවලින් පවා එක් අඩක්ද, තවද ඔවුන්ගේ රත්රන් වලින් එක් අඩක් ද, ඔවුන්ගේ රිදී ද, තවද ඔවුන්ගේ සියලු අනර්ඝ දේවල්ද, තවද මෙසේ වසරින් වසර ඔවුන් ලේමන්වරුන්ගේ රජුට කප්පම් ගෙවිය යුතු විය.

16 තවද දැන් එහි වහල්භාවයට ගෙන ගිය අයවලුන් අතර රජුගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු විය, ඔහුගේ නම ලිම්හායි විය.

17 තවද දැන් එනම් ලිම්හායි ඔහුගේ පියා විනාශ නොවිය යුතු බවට ආශා විය; එසේනමුත්, ඔහුම සාධාරණ මනුෂ්‍යයෙකු වූ හෙයින්, ලිම්හායි ඔහුගේ පියාගේ අයුතුකම් පිළිබඳව නොදැන සිටියේ නොමැත්තේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් රජු සහ ඔහු සමඟ සිටි අයවලුන්ව සෙවීම සඳහා, ගිඩියොන් මනුෂ්‍යයන්ව රහසේම වනාන්තරය තුළට යැවීය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට වනාන්තරයේදී රජු සහ ඔහුගේ පූජකයන් හැර, සියලු ජනතාව මුණගැසුනෝය.

19 දැන් එනම් ඔවුන් නැවත නීෆයි දේශය කරා පැමිණෙන බවත්, තවද ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන්, තවද එසේම එනම් ඔවුන් සමඟ නතර වූ අයවලුන් මරා දමන්නේ නම්, එනම් ඔවුන් පළිගන්නා බවත්, තවද එසේම ඔවුන් සමඟ විනාශ වන බවටත්, ඔවුන් ඔවුන්ගේ හදවත් තුළ දිවුරුම් දුන්නෝය.

20 තවද එනම් ඔවුන් නැවත හැරි ආපසු නොයන ලෙසට රජු ඔවුන්ට අණ කළේය; තවද ඔවුන් රජු සමඟ කෝප වූ අතර, තවද ගින්නෙන් මරණයට පත් වන තරමට පවා, ඔහුව එනම් දුක් විඳීමට සැලැස්වූවෝය.

21 තවද ඔවුන් එසේම පූජකයන් ද රැගෙන ඔවුන්ව මරණයට පත් කිරීමට සූදානම්ව සිටි අතර, තවද ඔවුන්, ඔවුන් ඉදිරියෙන් පලා ගියෝය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නීෆායි දේශය කරා ආපසු පැමිණීමට සූදානමින් සිටි අතර, තවද ඔවුන්ට ගිඩියොන්ගේ පුරුෂයන් හමු විය. තවද ගිඩියොන්ගේ පුරුෂයෝ එනම් ඔවුන්ගේ භාර්යාවන්ට සහ දරුවන්ට සිදු වූ සියල්ල; තවද ඔවුන් සන්තකයේ තිබූ සියල්ලෙන් එක් අඩක් ලේමන්වරුන්ට කප්පම් දීමෙන් ඔවුන්ට අයිති දේශය උරුම කරගැනීමට ලේමන්වරුන් ලබාදුන් බව ඔවුන්ට කීවේය.

23 තවද ජනතාව ගිඩියොන්ගේ පුරුෂයන් හට එනම් ඔවුන් රජුව මරණයට පත් කළ බවත්, තවද ඔහුගේ පූජකයන් ඔවුන් වෙතින් ඈත වනාන්තරය වෙතට පලා ගිය බව කීවෝය.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් උත්සවය අවසන් කළ පසුව, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් මරා නොදැමූ නිසාවෙන්, ප්‍රීතියෙන්, එනම් නීෆායි දේශය කරා ආපසු හැරි ආවෝය; තවද ඔවුන් රජුට කළේ කුමක්දැයි ඔවුන් ගිඩියොන් හට කීවෝය.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ රජු තම ජනතාව ඔවුන්ව මරණයට පත් නොකරන බවට, ඔවුන්ට දිව්රුමක් වූවේය.

26 තවද එසේම ලිම්හායි රජ කෙනෙකුගේ පුත්‍රයෙකු වූ බැවින්, ජනතාව විසින් ඔහු වෙත රාජ්‍යය පවරනු ලැබ, තම ජනතාව ඔවුන් සන්තකයේ ඇති සියල්ලෙන් එක් අඩක් පවා ඔහුට කප්පම් ගෙවිය යුතු බවට, ලේමන්වරුන්ගේ රජු හට දිවුරුම් දුන්නේය.

27 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි රාජධානිය පිහිටුවීමට සහ තම ජනතාව අතර සාමය ඇති කිරීමට පටන්ගත්තේය.

28 තවද ලේමන්වරුන්ගේ රජු දේශය අවට රැකවල් තැබුවේය, එනම් ඔහු ලිම්හායිගේ ජනතාව දේශයේ රඳවා තබා, එනම් ඔවුන් වනාන්තරයට නොයන පිණිස ය; තවද ඔහු නීෆායිවරුන්ගෙන් ඔහු ලබන්නා වූ කප්පම්වලින් ඔහුගේ රැකවලුන්ට උපකාර කළේය.

29 තවද දැන් එනම් ලේමන්වරුන් ඔවුන්ට හිරිහැර කිරීමට නැතහොත් ඔවුන් විනාශ කිරීමට උත්සාහ නොකළ හෙයින්, ලිම්හායි රජු වසර දෙකක කාල පරාසයක් පුරාවට ඔහුගේ රාජධානියෙහි අඛණ්ඩ සාමයක් පැවතුනේය.