ශුද්ධලියවිලි
මොසායා 26


26 වන පරිච්ඡේදය

සභාවේ බොහෝ සාමාජිකයින්ව අවිශ්වාසවන්තයන් විසින් පාපය වෙතට මඟ පෙන්වනු ලැබේ – ඇල්මාට සදාකාලිික ජීවිතය පොරොන්දු වේ – පසුතැවිලි වී බෞතීස්ම වූ අය සමාව ලබා ගනී – පසුතැවිලි වී ඇල්මාට සහ ස්වාමින්වහන්සේ හට පාපොච්චාරණය කරන පාපයේ සිටින සභාවේ සාමාජිකයින්ට සමාව දෙනු ලැබේ; එසේ නොමැති නම්, ඔවුන් සභාවේ ජනතාව අතරට ගණනය නොකරනු ඇත. ක්‍රි.පූ. 120–100 පමණ.

1 දැන් එය මෙසේ සිදු විය, බෙන්ජමින් රජු ඔහුගේ ජනතාවට කථා කරන කාලයේ, ඔහුගේ වචන තේරුම් ගැනීමට නොහැකි වූ, නැගී එන පරම්පරාවේ කුඩා දරුවන් බොහෝ දෙනෙකු සිටියෝය; තවද ඔවුන් ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදාය විශ්වාස නොකළහ.

2 ඔවුන් මළවුන්ගේ උත්ථානය පිළිබඳ කියන ලද දේ විශ්වාස කළේ නැත, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන ද ඔවුන් විශ්වාස නොකළෝය.

3 තවද දැන් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට නොහැකි විය; තවද ඔවුන්ගේ හදවත් දැඩි විය.

4 තවද ඔවුන් බෞතීස්ම නොවනු ඇත; ඔවුන් සභාවට ද එකතු නොවූවෝය. තවද, ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් වෙනම ජනතාවක් වූවෝය, තවද ඔවුන්ගේ ලෞකික හා පව්කාර තත්වයේ පවා සදහටම පැවතුනි; මන්ද, ඔවුන් ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ වූ දෙවියන්වහන්සේ හට අයැදින්නේ නැත.

5 තවද දැන් මොසායාගේ රාජ්‍යය පාලන සමයේදී ඔවුන් දෙවියන්වහන්සේගේ ජනතාවගේ සංඛ්‍යාවෙන් අඩක් වත් නොවූහ; එහෙත් සහෝදරයන් අතර පැවති මතභේද නිසා ඔවුන් බොහෝ සංඛ්‍යාවක් බවට පත් විය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් සභාවේ සිටි, බොහෝ දෙනෙක් ඔවුන් ඔවුන්ගේ බොරු ප්‍රශංසා වචනවලින් රවටා, තවද ඔවුන්ට බොහෝ පව් කිරීමට සැලැස්වූවේය; එබැවින් සභාවේ සිටි, පාපය කළා වූ අයට, සභාව විසින් අවවාද කළ යුතු විය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පූජකයන් ඉදිරියට ගෙනැවිත්, ගුරුවරුන් විසින් පූජකවරුන්ට භාර දුන්නෝය; තවද පූජකයන් උත්තම පූජකයෙක් වූ ඇල්මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය.

8 දැන් මොසායා රජු සභාව මත අධිකාරී බලය ඇල්මාට ලබා දී ඇත.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ඒ පිළිබඳව නොදැන සිටියේය; නමුත් ඔවුන්ට විරුද්ධව බොහෝ සාක්ෂිකරුවන් සිටියෝය; එසේය, ජනතාව නැඟී සිට තවද ඔවුන්ගේ අයුතුකම ගැන බොහෝ සේ සාක්ෂි දැරුවෝය.

10 දැන් සභාවේ මෙවැනි දෙයක් මින් පෙර සිදුවි නොතිබුණි; එබැවින් ඇල්මා ඔහුගේ ආත්මයෙන් කනගාටුවට පත් වූහ, තවද ඔහු ඔවුන්ව රජු ඉදිරියට පමුණුවන්නට සැලැස්වූවේය.

11 තවද ඔහු රජුට මෙසේ පැවසුවේය: බලව, අපි ඔහු ඉදිරියට ගෙනා බොහෝ දෙනෙක්, ඔවුන්ගේ සහෝදරයන් ගෙන් චෝදනා ලැබ සිටිති; එසේය, තවද ඔවුන් ව ගනු ලැබුවේ විවිධ අයුතුකම්වලටය. තවද ඔවුන් ඔවුන්ගේ අයුතුකම් ගැන පසුතැවිලි නොවෙති; එබැවින් අපි ඔවුන් ඔබ ඉදිරියට පමුණුවන්නෙමු, එනම් ඔවුන්ගේ අපරාධ අනුව ඔබ ඔවුන් විනිශ්චය කරන පිණිසය.

12 නමුත් මොසායා රජු ඇල්මාට මෙසේ කීවේය: බලව, මම ඔවුන්ව විනිශ්චය නොකරමි; එබැවින් විනිශ්චය කිරීමට මම ඔවුන් ඔබේ අතට බාර දෙන්නෙමි.

13 තවද දැන් ඇල්මාගේ ආත්මය නැවතත් කනගාටුවට පත් විය; ඔහු ගොස් මේ කාරණාව සම්භන්ධයෙන් ඔහු කුමක් කළ යුතු දැයි ස්වාමීන්වහන්සේගෙන් විමසුවේය, මක්නිසාද ඔහු දෙවියන්වහන්සේගේ දෑස් අභියස වරදක් කරනු ඇතැයි ඔහු බිය විය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ මුළු ආත්මයම දෙවියන්වහන්සේ වෙත මම වැගිරවූ පසු, ස්වාමීන්වහන්සේගේ හඬ ඔහු වෙත පැමිණියේ, මෙසේ වදාළමින්:

15 ඇල්මා, නුඹ ආශිර්වාද ලද්දෙහිය, තවද, මෝර්මන් ජලයෙන් බව්තීස්ම වූ අය ආශීර්වාද ලද්දෝ ය. මාගේ සේවකයා වූ අබිනඩායිගේ වචන කෙරෙහි පමණක් නුඹගේ ඉමහත් ඇදහිල්ල නිසා නුඹ ආශීර්වාද ලද්දෙහිය.

16 තවද නුඹ ඔවුන්ට කී වචන කෙරෙහි පමණක් ඔවුන් තුළ ඇති ඉමහත් ඇදහිල්ල නිසා ඔවුුුන් ආශිර්වාද ලද්දෝය.

17 තවද නුඹ ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද නුඹ මෙම ජනතාව අතර සභාවක් ස්ථාපිත කළේය; තවද ඔවුන් ස්ථාපිත කරනු ලබන්නෝය, තවද ඔවුන් මාගේ ජනතාව වන්නෝය.

18 එසේය, මාගේ නාමය දරන්නට කැමතිව සිටින මෙම ජනතාව ආශිර්වාද ලද්දෝය; මක්නිසාද මාගේ නාමයෙන් ඔවුන් කැඳවනු ලබන්නෝය; තවද ඔවුන් මාගේ වන්නෝය.

19 තවද මක්නිසාද අපරාධකරු ගැන නුඹ මාගෙන් විමසූ බැවින්, නුඹ ආශිර්වාද ලද්දෙහිය.

20 නුඹ මාගේ සේවකයාය; තවද මම නුඹත් සමඟ ගිවිසුමක් කරමි එනම් නුඹ සාදාකාලික ජීවිතය ලබන්නෙහිය; තවද නුඹ මා හට සේවය කරන අතර මාගේ නාමයෙන් ඉදිරියට යන්නෙහිය, තවද මාගේ බැටළුවන් එක්රැස් කරන්න.

21 තවද මාගේ හඬට ඇහුම්කන් දෙන තැනැත්තා මාගේ බැටළුවා වන්නෙහිය; තවද නුඹ ඔහු සභාව තුළට බාරගන්නෙහිය, තවද ඔහුව මම ද බාරගන්නෙමි.

22 මක්නිසාද බලව, මේ මාගේ සභාව වන්නේය; බෞතීස්ම වූ කවරෙකු වූවත් පසුතැවීම වෙත බෞතීස්ම වන්නේය. තවද නුඹ බාරගන්නා කවරෙකු වූවත් මාගේ නාමය විශ්වාස කරන්නේය; තවද මම ඔහුට නිදහසේ සමාව දෙන්නෙමි.

23 මක්නිසාද එනම් ලෝකයේ පාපයන් මා වෙතට ගන්නේ මමය; මක්නිසාද ඔවුන් මවන ලද්දේ මමය; තවද අවසානය දක්වා විශ්වාස කරන්නාට මාගේ දකුණු පසින් ස්ථානයක් ප්‍රදානය කරන්නේ මමය.

24 මක්නිසාද බලව, මාගේ නාමයෙන් ඔවුන් කැඳවනු ලැබේ; තවද ඔවුන් මා හඳුනන්නේ නම් ඔවුන් ඉදිරියට පැමිණ, තවද මාගේ දකුණු පසින් සදාකාලිකව ස්ථානයක් ලබන්නෝය.

25 තවද එය මෙසේ සිදු විය, දෙවන හොරණෑව නාද වන විට එවිට මාව කවරදාකවත් නොදැන සිටි අය ඉදිරියට පැමිණ තවද මා ඉදිරියෙහි සිටිනු ඇත.

26 තවද එවිට මා ඔවුන්ගේ මිදුම්කරුවාණන් බවත්, එනම් මා ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ වූ දෙවියන්වහන්සේ බවත් ඔවුන් දැන ගන්නෝය; එහෙත් ඔවුන් මුදවනු නොලැබේ.

27 තවද එවිට මම ඔවුන්ව කිසිදාක දැන නොසිටි බව ඔවුන් හට අවධාරණය කරන්නෙමි; තවද ඔවුන් යක්ෂයා සහ ඔහුගේ දූතයන් සඳහා සූදානම් කර ඇති සදාකාලික ගින්න වෙත යනු ලබන්නේය.

28 එබැවින් මම නුඹට කියමි, එනම් මාගේ හඬට ඇහුම්කන් නොදෙන තැනැත්තා, නුඹ මාගේ සභාවට එවන්නාවූ බාරනොගන්න, මක්නිසාද අවසාන දවසේ දී මම ඔහුව බාරනොගන්නෙමි.

29 එසේහෙයින් මම නුඹට පවසමි, යන්න; තවද යමෙක් මට විරුද්ධව වරදක් කරයිද, ඔහු කරනු ලැබූ පව් අනුව නුඹලා ඔහුව විනිශ්චය කරන්නෙහිය; තවද ඔහු නුඹ හා මම ඉදිරියේ ඔහුගේ පාපයන් පාපොච්චාරණය කරන්නෙහි ද, තවද අවංක හදවතින් පසුතැවිලි වන්නේ නම්, නුඹ ඔහුට සමාව දෙන්නේය, තවද මම ද ඔහුට සමාව දෙන්නෙමි.

30 එසේය, තවද මාගේ ජනතාව පසුතැවිලි වන තරමට මා හට විරුද්ධව ඔවුන්ගේ වැරදි වලට මම ඔවුන්ට සමාව දෙන්නෙමි.

31 තවද එසේම නුඹලාගේ වැරදිවලට නුඹලා එකිනෙකට සමාව දෙන්නෙහුය; මක්නිසාද සැබැවින්ම මම නුඹට පවසමි, තම අසල්වැසියාගේ වැරදිවලට සමාව නොදෙන්නා ඔහුගේ වැරදිවලට පසුතැවිලි වන බව පවසන විට, එවැන්නා තමන් වෙත හෙළා දැකීම ගෙන හැර ඇත්තේය.

32 දැන් මම නුඹට කියමි, යන්න; තවද යමෙක් තමන්ගේ පව්වලට පසුතැවිලි නොවන්නේ නම් එවැන්නෙක් මාගේ ජනතාව අතරට ගණන් ගනු නොලබන්නෝය; තවද මෙය මෙම මොහොතේ සිට ඉදිරියට සැලකිල්ලට ගනු ලබන්නේය.

33 තවද එය මෙසේ සිදු විය, ඇල්මා මෙම වචන ඇසූ විට ඔහු ඒවා ලියා තැබුවේ ඔහුට ඒවා තබා ගනු පිණිසය, තවද එනම් දෙවියන්වහන්සේගේ අණ පනත්වලට අනුව එම සභාවේ ජනතාව ඔහු විනිශ්චය කරනු පිණිසය.

34 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ගොස් අයුතුකම් කළ අයව, ස්වාමීන්වහන්සේගේ වචනයට අනුව විනිශ්චය කළේය.

35 තවද යමෙක් ඔවුන්ගේ පව්වලට පසුතැවිලි වී තවද ඒවා පාපොච්චාරණය කරන්නේද, ඔහු ඔවුන්ව සභාවේ ජනතාව අතරේ ගණන් ගනු ලැබුවේය.

36 තවද ඔවුන්ගේ පව් පාපොච්චාරණය නොකරන සහ ඔවුන්ගේ අයුතුකම් ගැන පසුතැවිලි නොවන අය, ඔවුන්වම සභාවේ ජනතාව අතරේ ගණන් ගනු නොලැබේ, තවද ඔවුන්ගේ නම් මකා දමනු ලැබීය.

37 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සභාවේ සියලු කටයුතු නියාමනය කළේය; තවද ඔවුන් නැවතත් සාමය ලබන්නටත් සහ සභාවේ කටයුතු තුළ බොහෝ සෙයින් සමෘද්ධිමත් වීමටත්, දෙවියන්වහන්සේ අභියස පරික්ෂාකාරීව ගමන් කිරීමටත්, බොහෝ දෙනෙක් ලබා ගැනීමටත්, තවද බොහෝ දෙනෙක් බෞතීස්ම කිරීමටත් පටන් ගත්තෝය.

38 තවද දැන් මේ සියලු දේ කළේ ඇල්මා සහ සභාවේ ඉහළින් සිටිය ඔහුගේ සහෝදර සේවකයින්ය, සියලු උද්‍යෝගයෙන් ගමන් කරමින්, සියලු දේ තුළ දෙවියන්වහන්සේගේ වචනය උගන්වමින්, සියලු ආකාරයේ පීඩාවන් විඳිමින්, දෙවියන්වහන්සේගේ සභාවට අයත් නොවන සියල්ලන් විසින් හිංසාවට පත් කරනු ලැබුවෝය.

39 තවද ඔවුන් තම සහෝදරයන්ට අවවාද කළෝය; තවද ඔවුන්ද අවවාද ලැබුවෝය, සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ වචනයෙන්, ඔහුගේ පාපයන්වලට අනුව, නැතහොත් ඔහු සිදු කළාවූ පාපයන්වලට, නොකඩවා යාච්ඤා කිරීමටත්, තවද සියලු දේ තුළ ස්තූති කිරීමටත් දෙවියන්වහන්සේ විසින් අණ කරනු ලැබූ සේක.