ශුද්ධලියවිලි
මොසායා 16


16 වන පරිච්ඡේදය

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව ඔවුන්ගේ නැති වූ සහ වැටුණු තත්වයෙන් මුදවා ගනු ලබයි – මාංශමයවූවන් මිදීමක් නොමැති වූවන් මෙන් පවතින්නෝය – ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම අනන්ත ජීවිතකට හෝ සදාකාලික විනාශයකට ගෙන එනු ලබන්නේය. ක්‍රි.පූ. 148 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අබිනඩායි මෙම වචන පැවසූ පසු ඔහු දෑත දිගු කර මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේගේ ගැලවීම සියල්ලෝම දකින්නාවූ කාලය පැමිණෙන්නේය; එවිට සියලු ජාතීන්, ඥාතීන්, භාෂාවන් සහ ජනතාව එය ඇසින් දකින අතර, තවද උන්වහන්සේගේ විනිශ්චයන් සාධාරණ බව දෙවියන්වහන්සේ අභිමුකයෙහි පාපොච්චාරණය කරන්නෝය.

2 එවිට දුෂ්ටයන් පලවා හරිනු ලබන්නෝය, තවද ඔවුන්ට මොරගැසීමටත්, තවද හැඬීමටත්, තවද කෙඳිරීමටත් සහ ඔවුන් දත්මිටිකන්නේය; තවද එසේ වූයේ ඔවුන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කම් නොදුන් නිසාය; එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන්ව මුදවාගනු නොලබන්නෝය.

3 මක්නිසාද ඔවුන් මාංශික සහ යක්ෂාකාරව වූ අතර, තවද යක්ෂයාට ඔවුන් කෙරෙහි බලය ඇත්තේය; එසේය, එනම් එය ඔවුන්ගේ වැටීම සඳහා පවා හේතු වූ, අපගේ පළමු දෙමව්පියන්ව රැවටූ සර්පයා විය; සියලු මනුෂ්‍ය වර්ගයා මාංශිකව, ඉන්ද්‍රියයන් පිනවන, යක්ෂාවේශ වීමට, යහපතෙන් අයහපත දැන, යක්ෂයාට යටත් වීමට හේතුව විය.

4 මෙසේ සියලු මනුෂ්‍ය වර්ගයා නැති විය; තවද බලව, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ නැති වූ සහ වැටුණු ස්වභාවයෙන් මුදවා නොගත්තේ නම් ඔවුන් අනන්තයට නැතිවන්නෝය.

5 එහෙත් සිහියේ තබාගන්න, එනම් තමා තමාගේම මාංශික ස්වභාවය තුළ පවතිමින්, තවද පාපයේ මාර්ගවල ගමන් කරමින් සහ දෙවියන්වහන්සේ හට විරුද්ධව කැරලි ගසමින්, ඔහුගේ වැටුණු ස්වභාවයේම රැඳෙන්නාට, තවද ඔහු කෙරෙහි සියලු බලය යක්ෂයාට තිබෙන්නේය. එසේහෙයින් ඔහු දෙවියන්වහන්සේට සතුරෙකුව, මිදීමක් නොකළාක් මෙන් වන්නේය; තවද එසේම යක්ෂයා දෙවියන්වහන්සේට සතුරෙකුව සිටින්නේය.

6 තවද දැන් පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් දැනටමත් පැමිණ තිබෙන්නාක් මෙන් කතා කරමින්, ක්‍රිස්තුස්වහන්සේ ලෝකය තුළට නොපැමිණියේ නම්, එහි මිදීමක් නොමැතිවන්නේය.

7 තවද ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන නොවූයේ නම්, නැතහොත් මරණයේ බැමි නොබින්ඳේ නම් සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද එනම් මරණයේ වේදනාව නොවන්නාවූ අතර, එහි නැවත නැඟිටීමක් වන්නේ නොමැත.

8 එහෙත් නැවත නැඟිටීමක් ඇත්තේය, එසේහෙයින් සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද මරණයේ වේදනාව ක්‍රිස්තුස්වහන්සේ තුළ ගිල දමනු ඇත්තේය.

9 උන්වහන්සේ ලෝකයේ ආලෝකය ද, ජීවනය ද වන සේක; එසේය, එනම් කිසිදිනෙක අඳුරු කල නොහැකි, එනම් අනන්ත ආලෝකයකි; එසේය, එනම් තවදුරටත් මරණය නොමැති වන්නාවූ, තවද එය එසේම අනන්ත ජීවිතයකි.

10 මෙම මැරෙනසුලුභාවය පවා අමරණීයභාවය පැළඳගන්නෝය, තවද මෙම දූෂණය අදූෂිතත්වය පැළඳගන්නෝය, තවද දෙවියන්වහන්සේගේ විනිශ්චය ස්ථානයේ අභිමුඛයෙහි සිට ගැනීමට, ඔවුන්ගේ ක්‍රියාවන් අනුව එනම් ඒවා යහපත් හෝ ඒවා නපුරු වුවද ඔවුන්ව විනිශ්චය කරනු ලබන පිණිස ගෙන එනු ලබන්නෝය –

11 ඒවා යහපත් වන්නේ නම්, නැවත නැගිටීමේ අනන්ත ජීවිතය සහ ප්‍රීතිය කෙරෙහි වන්නෝය; තවද ඒවා නපුරු වන්නේ නම්, නැවත නැගිටීමේ අනන්ත විනාශය කෙරෙහි, ඔවුන්ව යටත් කර ගත්තාවූ යක්ෂයාට භාර දෙන්නේය, එය විනාශය වන්නේය –

12 ඔවුන්ගේම මාංශික කැමැත්තට සහ ආශාවන් අනුව ගොස්; කරුණාවේ හස්තය ඔවුන් දෙසට දිගුකර තිබියදීත් කිසි විටෙක ස්වාමීන්වහන්සේ හට හඬ නොගැසුවෝය; මක්නිසාද කරුණාවේ හස්තය ඔවුන් වෙතට දිගුකර තිබියදීත්, තවද ඔවුන් එසේ නොකරන්නෝය; ඔවුන්ට ඔවුන්ගේ අයුතුකම් පිළිබඳව අනතුරු හඟවනු ලැබුවද, තවද එහෙත් ඔවුන් ඒවා වෙතින් ඉවත්ව නොගියෝය; තවද ඔවුන්ට පසුතැවිලි වීමට අණ කළද, තවද ඔවුන් පසුතැවිලි නොවීය.

13 තවද දැන්, නුඹලා වෙව්ලමින් නුඹලාගේ පාපවලට පසුතැවිලි විය යුතු නොවන්නෙහිද, තවද නුඹලාට ගැලවීම ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ වෙතින් පමණක් බව මතක තබාගත යුතු නොවන්නෙහිද?

14 එසේහෙයින්, නුඹලා මෝසෙස්ගේ ව්‍යවස්ථාව උගන්වන්නේ නම්, එසේම පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල ඡායාවන්ද උගන්වන්න –

15 මිදීම පැමිණෙන්නේ ස්වාමීන් වූ ක්‍රිස්තුස්වහන්සේ තුළින් බව ඔවුන්ට උගන්වන්න, උන්වහන්සේ එකම සදාකාලික පියාණන්වහන්සේය. ආමෙන්.