ශුද්ධලියවිලි
මොසායා 13


13 වන පරිච්ඡේදය

අබිනඩායි දිව්‍යමය බලයෙන් ආරක්ෂා කරනු ලද්දේය – ඔහු දස පනත උගන්වයි – ගැලවීම මෝසෙස්ගේ නීතියෙන් පමණක් පැමිණෙන්නේ නැත – දෙවියන්වහන්සේම වන්දිගෙවීමක් කර උන්වහන්සේගේ ජනතාව මුදවා ගන්නා සේක. ක්‍රි.පූ. 148 පමණ.

1 තවද දැන් රජු මෙම වචන ඇසූ කල්හි, ඔහු ඔහුගේ පුජකවරයන් හට මෙසේ කීවේය: මේ මිනිසා රැගෙන ගොස්, ඔහුව මරන්න; මක්නිසාද ඔහුත් සමඟ අපට කුමක් කරන්නට ඇත්තේ ද, මක්නිසාද ඔහුට සිහිවිකල් ය.

2 තවද ඔවුන් ඉදිරියෙහි සිට ඔවුන්ගේ දෑත් ඔහු මත තැබීමට උත්සාහ කළෝය; එහෙත් ඔහු ඔවුන්ට යටත් නොවුනු අතර, ඔවුන්ට මෙසේ කිවේය:

3 මා ස්පර්ශ නොකරනු, මක්නිසාද නුඹලා මා මත නුඹලාගේ දෑත් තැබුවහොත් දෙවියන්වහන්සේ නුඹලාට පහර දෙන සේක, මක්නිසාද ස්වාමීන්වහන්සේ බාර දීමට මා එවූ පණිවිඩය මම බාර දී නැත; නුඹලා මට ආයාචනා කෙරූ දේ ද කී නැත; එසේහෙයින්, මා මේ මොහොතේ දී විනාශ වනු ඇතැයි දෙවියන්වහන්සේ නොවිඳින සේක.

4 එහෙත් ඒ සමඟම දෙවියන්වනසේ මට අණ කර ඇති අණ පනත් මා ඉෂ්ට කළ යුතුය; තවද නුඹලා මා සමඟ කෝප වී ඇත්තේ මම නුඹලාට සත්‍යය පැවසූ හෙයිනි. තවද නැවතත්, මම දෙවියන්වහන්සේගේ වචනය පැවසූ හෙයින් නුඹලා මට සිහිවිකල් යැයි මා විනිශ්චය කර ඇත.

5 දැන් එය මෙසේ සිදු විය, අබිනඩායි මෙම වචන පවසා අවසන් කළ පසුවෙන් එනම් නෝවා රජුගේ ජනතාව ඔහු මත දෑත් තබන්නට උත්සාහ කළේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු මත තිබුනේය; තවද ඔහුගේ මුහුණ අධික දීප්තියකින් බැබළුණේය, එපමණක් නොව සීනායි කන්දෙහි ස්වාමීන්වහන්සේ සමඟ කතා කරන අතරතුරෙහි, මෝසෙස්ට වුනාක් මෙන් ද විය.

6 තවද ඔහු දෙවියන්වහන්සේගෙන් බලයෙන් සහ අධිකාරී බලයෙන් කතා කළේය; තවද ඔහු ඔහුගේ වචන පවත්වා, මෙසේ කීවේය:

7 මා මරා දැමීමට නුඹලාට බලය නොමැති බව නුඹලාට පෙනෙනු ඇත, එසේහෙයින් මම මාගේ පණිවිඩය අවසන් කරමි. එසේය, තවද නුඹලාගේ අයුතුකම් කරණකොටගෙන නුඹලාට සත්‍යය පවසන බැවින් එය නුඹලාව නුඹලාගේ සිත් තුළට සිඳලන බව ද මම දකින්නෙමි.

8 එසේය, මාගේ වචන නුඹලාව පුදුමයෙන් ද මවිතයෙන් ද, සහ කෝපයෙන් ද පුරවන්නේය.

9 එහෙත් මම මාගේ පණිවිඩය අවසන් කරමි; තවද එවිට මා යන්නේ කොයිදෙසට ද යනු කාරණයක් නොවන්නේය, එය එසේ නම්, එනම් මා ගැලවෙනු ඇත්තේය.

10 එහෙත් මෙපමණක් මම නුඹලාට කියන්නෙමි, නුඹලා මාත් සමඟ කරන දේ, මෙයින් පසු, පැමිණෙන්නට ඇති දේවල්හි වර්ගයක් සහ සෙවණැල්ලක් මෙන් වනු ඇත්තේය.

11 තවද දැන් මම දැන් නුඹලා හට දෙවියන්වහන්සේගේ අණ පනත් වල ඉතිරිය කියවන්නෙමි, මක්නිසාද නුඹලාගේ සිත්වල ඒවා ලියා නොමැති බව මම දකින්නෙමි; නුඹලාගේ ජීවිතවල වැඩි කොටසකට නුඹලා අධ්‍යයනය කර ඇති සහ උගන්වා ඇත්තේ අයුතුකම් බව මම දකින්නෙමි.

12 තවද දැන්, මා නුඹලා හට මෙසේ පැවසුවේ යැයි සිහියේ තබාගන්න: නුඹ නුඹලා වෙත කිසිඳු කැටයම් කළ ප්‍රතිරූපයක් නොහොත් ඉහළින් ඇති ස්වර්ගයෙහි ඇති දේවලට ද, නැතහොත් පහතින් ඇති පොළොවේ දේට ද, නැතහොත් පොළොවේ යට ජලයෙහි ඇති දේට ද සමාන වූ දේවල් නොසෑදිය යුතුය.

13 තවද නැවතත්: නුඹලා ඒවාට නමස්කාර නොකරව, හෝ සේවය ද නොකරව; මක්නිසාද නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වන මම ඊර්ෂ්‍යා සහිත දෙවියන්වහන්සේ ය, මා හට වෛර කරන්නාවූ අයගේ තුන්වන සහ හතරවන පරම්පරාවන් දක්වා, පියවරුන්ගේ අයුතුකම් දරුවන් කෙරෙහි පමුණුවන්නෙමි;

14 තවද මට ප්‍රේම කරන සහ මාගේ අණ පනත් පිළිපදින ඔවුන්ගෙන් දහස් ගණන් වෙත කරුණාව දක්වන්නෙමි.

15 නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන්නාවූ තැනත්තාව නිර්දෝෂී බවට නොසළකන සේක.

16 සබත් දවස ශුද්ධ ව තබා ගැනීමට, සිහිපත් කරන්න.

17 නුඹලා දින හයක් වෙහෙසෙමින්, තවද නුඹලාගේ සියලු කාර්යයන් ද කළ යුතුය;

18 එහෙත් සත්වෙනි දින, නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගේ සබත් දිනයේ දී, නුඹලා ද, නුඹගේ පුත්‍රයා ද, නැතහොත් නුඹගේ දියණිය ද, නුඹගේ මෙහෙකරුවා, නැතහොත් නුඹගේ මෙහෙකාරිය, නැතහොත් නුඹගේ ගවයන් ද, නැතහොත් නුඹගේ දොරටු තුළ සිටින්නා වූ එනම් නුඹගේ ආගන්තුකයා ද, කිසිඳු කාර්යයක් නොකළ යුතුය;

19 මක්නිසාද දින හයකින් ස්වාමීන්වහන්සේ ස්වර්ගය ද පොළොව ද, සහ මුහුද ද, තවද එහි ඇති සියලු දේ ද සෑදූ සේක; එබැවින් ස්වාමීන්වහන්සේ සබත් දවස ආශීර්වාද කළ අතර, එය පාරිශුද්ධ කළ සේක.

20 නුඹලාගේ පියාට ද මවට ද උපහාරය දක්වන්න, එනම් නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹලා හට දී ඇති දේශයෙහි නුඹලාගේ දවස් දීර්ඝ වන මෙන් ය.

21 නුඹලා මිනී නොමරව.

22 නුඹලා කාමමිථ්‍යාචාරය නොකරව. නුඹලා සොරකම් නොකරව.

23 නුඹලාගේ අසල්වැසියාට විරුද්ධව නුඹලා බොරු සාක්ෂි නොකියව.

24 නුඹලාගේ අසල්වැසියාගේ නිවසට ආශා නොකරනු, නුඹලාගේ අසල්වැසියාගේ භාර්යාවටවත්, නැතහොත් ඔහුගේ මෙහෙකරුවාටත්, නැතහොත් ඔහුගේ මෙහෙකාරියටත්, නැතහොත් ඔහුගේ ගවයාටවත්, නැතහොත් ඔහුගේ කොටළුවාටවත්, නැතහොත් නුඹලාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවන්න.

25 තවද එය මෙසේ සිදු විය, එනම් අබිනඩායි මෙම කියමන් අවසන් කළ පසු, එනම් ඔහු ඔවුන් හට මෙසේ පැවසීය: මෙම අණ පනත් පිළිපැදීමට ඔවුන් මක්නිසාද මෙම සියලු දේවල් අනුකූලව කළ යුතු බව නුඹලා මේ ජනතාවට උගන්වා තිබේ ද?

26 මම නුඹට පවසමි, නැත; මක්නිසාද නුඹලා කර ඇත්නම්, මෙම ජනතාව කෙරෙහි නපුර පිළිබඳව අනාවැකි කීමට, මා මෙහි පැමිණ ලෙස ස්වාමීන්වහන්සේ නොසලසන සේක.

27 තවද දැන් ගැලවීම මෝසෙස්ගේ නීතිය මඟින් පැමිණෙන බව නුඹලා පවසා ඇත. දැනට එහෙත් නුඹලා මෝසෙස්ගේ නීතිය පිළිපැදීම යෝග්‍ය ලෙස මම පවසමි; එහෙත් එනම් මෝසෙස්ගේ නීතිය තවදුරටත් පිළිපැදීම යෝග්‍ය නොවන කාලය ද පැමිණෙනු ඇති බව මම නුඹලා හට පවසමි.

28 තවද තවදුරටත්, මම නුඹලා හට පවසමි, එනම් ගැලවීම නීතියෙන් පමණක් පැමිණෙන්නේ නැත; තවද එය සිදු වන්නේ වන්දිගෙවීම පිණිස ය, එනම් දෙවියන්වහන්සේම උන්වහන්සේගේ ජනතාවගේ පාපයන් සහ අයුතුකම් කෙරෙහි පමුණුවනු සේක, මෝසෙස්ගේ නීතියට යටත් නොවී, එනම් ඔවුන් නොවැළැක්විය හැකි සේ විනාශ වන්නේය.

29 තවද දැන් මම නුඹලා හට මෙසේ පවසමි, එනම් ඊශ්‍රායලයේ දරුවන්ට නීතියක් දීම යෝග්‍ය වූයේය, එසේය, එපමණක් නොව ඉතාමත් දැඩි නීතියක් පවා; මක්නිසාද ඔවුන් මුරණ්ඩු ජනතාවක් විය, අයුතුකම් කිරීමට ඉක්මන් වන අතර, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ සිහි කිරීමට මන්දගාමී වූවෝය.

30 එසේහෙයින් ඔවුන්ට නීතියක් දී තිබුණි, එසේය, ඉටු කිරීම් නීතියක් ද වත්පිළිවෙත් නීතියක් ද, දවසින් දවස දැඩිව පිළිපැදීමට ඔවුන්ට දුන් නීතියකි, එය ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ද උන්වහන්සේ වෙත ඔවුන්ගේ රාජකාරීන් ද සිහි කිරීම පිණිසය.

31 එහෙත් බලව, එනම් මේ සියලු දේ පැමිණීමට නියමිතව තිබූ දේ බව, මම නුඹලාට පවසමි.

32 තවද දැන්, ඔවුන් නීතිය තේරුම් ගත්තෙහි ද? මම නුඹලාට කියන්නෙමි, නැත, ඔවුන් නීතිය සම්පූර්ණයෙන් තේරුම් ගත්තේ නැත; තවද මෙය ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසාවෙන්ය; මක්නිසාද දෙවියන්වහන්සේගේ මිදීමෙන් තුළින් මිස කිසිඳු මනුෂ්‍යයෙකුට ගැලවිය නොහැකි බව ඔවුන් තේරුම් නොගත්තෝය.

33 මක්නිසාද බලව, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව මුදවන බව ද මෙසියස්වහන්සේගේ පැමිණීම පිළිබඳව ද මෝසෙස් ඔවුන් හට අනාවැකි කීවේ නැත්ද? එසේය, ලෝකය පටන්ගැන්මේ සිට අනාගතවක්තෘවරුන් පවා ද අනාවැකි කීවෝය – මේ දේවල් පිළිබඳව ඔවුන් වැඩියෙන් හෝ අඩුවෙන් කතා කර නැත්ද?

34 දෙවියන්වහන්සේම මනුෂ්‍ය දරුවන් වෙත පහළට පැමිණ, මනුෂ්‍යයාගේ ස්වරූපය උන්වහන්සේ මත ගත් අතර, පොළෝ තලය මත මහත් බලයකින් ඉදිරියට ගමන් ගන්නා බව ද ඔවුන් කියා නැත්ද?

35 එසේය, තවද එනම් උන්වහන්සේ, උන්වහන්සේම, හිංසා විඳ සහ පීඩා විඳින බව ද, තවද උන්වහන්සේම මළවුන්ගේ උත්ථානය ද සිදු කරවනු පිණිස ඔවුන් පවසා නැත්ද?