10 වන පරිච්ඡේදය
ලේමන් රජු මරණයට පත්වෙයි – ඔහුගේ ජනතාව මිලේච්ජ සහ දරුණු වන අතර බොරු සම්ප්‍රදායන් විශ්වාස කරති – සෙනිෆ් සහ ඔහුගේ ජනතාව ඔවුන්ට විරුද්ධව ජයගනී. ක්‍රි.පූ. 187–160 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් අප නැවත රාජධානිය ගොඩනැගීමට පටන් ගත්තෙමු, තවද අප නැවත සාමයෙන් දේශය අයත් කරගැනීමට පටන් ගත්තෙමු. තවද මම එනම් එහි සියලු ආකාරයේ යුද ආයුධ සෑදීමට සැලැස්වූවෙමි, එනම් ඒ කරණකොටගෙන මාගේ ජනතාවට විරුද්ධව ලේමන්වරු නැවත යුද්ධයට පැමිණෙන කාලයේදී මාගේ ජනතාවට ලබාදීමට මා සතුව ආයුධ තිබීම සඳහාය.
2 තවද මා රැකවලුන් දේශය අවට තැබුවෙමි, එනම් ලේමන්වරු නැවත අප වෙත නොදැනම පැමිණ අපව විනාශ නොකරන පිණිසය; තවද මම මෙසේ මාගේ ජනතාව සහ මාගේ රැළවල් ද රැක්කෙමි, තවද ඔවුන්ව අපගේ සතුරන්ගේ හස්තයට අසුනොවීමට රැකබලා ගත්තෙමි.
3 තවද එය මෙසේ සිදු විය, එනම් අප අපගේ පියවරුන්ගේ දේශය බොහෝ කාලයකට උරුම කර ගත්තෙමු, එසේය, අවුරුදු විසි දෙකක කාලයකට විය.
4 තවද මම එනම් සියලු මනුෂ්‍යයන් පොළොවේ වගා කිරීමටද, සියලු ආකාරයේ ධාන්‍ය සහ සියලු ආකාර සියලු වර්ගයේ පළතුරුද බෝ කිරීමටද සැලැස්වූවෙමි.
5 තවද අපි අපගේ නග්නභාවය වසා ගැනීම පිණිස, ස්ත්‍රීන් විවීමට ද, වෙහෙස මහන්සි වී, වැඩ කර, සියලු ආකාරයේ සියුම් හණ රෙදි ද, එසේය, තවද සියලු වර්ගවල වස්ත්‍රයන් කැටීමටද මා සැලැස්වූවෙමි; තවද අප මෙසේ දේශයේ සමෘද්ධිමත් වූයෙමු – මෙසේ අපට අවුරුදු විසි දෙකක කාලයක් දේශයේ සාමදානය නොකඩවා පැවතුනේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන් රජු මරණයට පත් විය, තවද ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රාජ්‍යය පාලනය ආරම්භ කළේය. තවද ඔහු මාගේ ජනතාවට විරුද්ධව ඔහුගේ ජනතාව කළඹවමින් කැරැල්ලක් පටන් ගත්තෝය; එසේහෙයින් ඔවුන් යුද්ධයට සූදානම් වීමට පටන් ගත්තෝය, තවද එනම් මාගේ ජනතාවට විරුද්ධව යුද්ධයට පැමිණීමටය.
7 නමුත් මම මාගේ ඔත්තුකරුවන් පිටත ශිලොම් දේශය අවට යැවුවෙමි, එනම් මා ඔවුන්ගේ සූදානම් වීම් සොයගැනීමටය, එනම් ඔවුන් මාගේ ජනතාව විනාශ කිරීමට නොපැමිණෙන පිණිස, මම ඔවුන්ට විරුද්ධව රැකවල් කිරීම සඳහාය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දුනු සහ ඊතල වලින්ද, කඩු සහ, කිණිසිද, ගල් සහ ගල්පටිවලින්ද සන්නද්ධ වූ මනුෂ්‍යයන්ගෙන් සමන්විත වූ බොහෝ විශාල වූ සේනාවන් ද සමඟ ශිලොම් දේශයේ උතුරු දෙසින් පැමිණියෝය; ඔවුන් ඔවුන්ගේ හිස මුඩු කරගනිමින් එනම් ඔවුන් නිර්වස්ත්‍රව සිටියෝය; තවද ඔවුන් ඔවුන්ගේ ඉඟටියෙහි වටා කුඩා හම් බඳපටි බැඳ සිටියෝය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ ජනතාවගේ කාන්තාවන් සහ දරුවන් වනාන්තරයේ සැඟවීමට සැලැස්වූවෙමි; තවද ආයුධ දැරීමට හැකි මාගේ සියලු මහළු පුරුෂයන් ද, ආයුධ දැරීමට හැකි මාගේ සියලු තරුණයන් ද, එනම් ලේමන්වරුන්ට විරුද්ධ ව සටනට යෑම සඳහා ඔවුන්ව එක්රැස් වන ලෙස මම සැලැස්වූවෙමි; තවද මම ඔවුන්ගේ වයසට අනුව සෑම මනුෂ්‍යයෙකුම, ඔවුන්ව ඔවුන්ගේ ඒ ස්ථානයහි තැබුවෙමි.
10 තවද එය මෙසේ සිදු විය, එනම් අප ලේමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඉදිරියට ගියෙමු; තවද මා, මමත්, මාගේ මහළු වයසේ සිටියදී පවා, ලේමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඉදිරියට ගියෙමි. තවද එය මෙසේ සිදු විය, එනම් අප ස්වාමීන්වහන්සේගේ ශක්තිය තුළ සටන් කිරීමට ඉදිරියට ගියෙමු.
11 දැන්, ලේමන්වරුන් ස්වාමීන්වහන්සේගේ ශක්තිය ගැන, හෝ ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටියෝය, එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය මත පමණක් රැඳී සිටියෝය. එහෙත් ඔවුන් මනුෂ්‍යයන්ගේ ශක්තිය මෙන්, ප්‍රබල ජනතාවක් වූවෝය.
12 ඔවුන් මිලේච්ජ, සහ දරුණු, තවද ලේ පිපාසිත ජනතාවක් විය, එනම් ඔවුන් තම පියවරුන්ගේ අයුතුකම් නිසා ජෙරුසලම් දේශයෙන් පලවා හරිනු ලැබූ බවද, තවද එනම් ඔවුන්ට ඔවුන්ගේ සහෝදරයන් විසින් වනාන්තරයේදී අසාධාරණයට ලක් වූ බවද, තවද මුහුද හරහා ගමන් කරමින් සිටියදී ඔවුන් අසාධාරණයට ලක් වූ – මෙම කරුණු විශ්වාස කරමින්, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදාය විශ්වාස කළෝය.
13 තවද නැවත, ඔවුන් ඔවුන්ගේ පළමු උරුමයේ දේශයේ සිටියදී, මුහුද හරහා ගමන් කළ පසු ද, එනම් ඔවුන්ට අසාධාරණයක් වූ බවද, තවද එනම් මේ සියල්ල සිදු වූයේ නීෆායි ස්වාමීන්වහන්සේගේ අණ පිළිපැදීමට වඩාත් ඇදහිලිවන්ත වූ නිසාය – එසේහෙයින් ඔහු ස්වාමීන්වහන්සේගේ ප්‍රසාදයට ලක් විය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුගේ යාච්ඤාවලට සවන් දී ඒවාට පිළිතුරු දුන් සේක, තවද ඔහු ඔවුන්ගේ වනාන්තරයේ ගමනට නායකත්වය ගත්තේය.
14 තවද ඔහුගේ සහෝදරයන් ස්වාමීන්වහන්සේගේ ගනුදෙනු තේරුම් නොගත් බැවින් ඔහු සමඟ කෝප වූහ; ඔවුන් එසේම ස්වාමීන්වහන්සේ හට විරුද්ධව තම සිත් දැඩි කරගත් බැවින් ඔවුන් ජලය මත සිටියදී ඔහු සමඟ කෝප වූවෝය.
15 තවද නැවත, ඔවුන් පොරොන්දු වූ දේශයට පැමිණි විට, එනම් ඔහු ජනතාවගේ පාලනය ඔවුන්ගේ අත් වලින් උදුරා ගත් බව කියමින් ඔවුන් ඔහු සමඟ කෝප වූයේය; තවද ඔවුන් ඔහුව මරණයට පත් කිරීමට සෙව්වෝය.
16 තවද නැවත, ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ පරිදි ඔහු වනාන්තරයට ගිය නිසාවෙන් ඔවුන් ඔහු සමඟ කෝප වූ අතර, තවද පිත්තල තහඩු මත කැටයම් කර තිබූ වාර්තාවන් රැගෙන ගියේය, මක්නිසාද එනම් ඔහු ඒවා සොරාගත්තේ යැයි ඔවුන් කිව්වෝය.
17 තවද මෙසේ ඔවුන් ඔවුන්ගේ දරුවන්ට උගන්වනු ලැබුවේ එනම් ඔවුන් ඔවුන්ට වෛර කළ යුතු බවත්, තවද එනම් ඔවුන්ව මරා දැමිය යුතු බවත්, තවද ඔවුන්ව සොරා කෑමට සහ කොල්ලකෑම කළ යුතු බවත්, තවද ඔවුන්ව විනාශ කිරීම සඳහා ඔවුන්ට කළ හැකි සියලු දේ කිරීමටය; එසේහෙයින් ඔවුන්ට නීෆායිගේ දරුවන් කෙරෙහි සදාකාලික වෛරයක් ඇත.
18 මක්නිසාද මෙම කාරණය නිසාවෙන්ම ලේමන් රජු, ඔහුගේ උපායදක්ෂ කමෙන්ද, බොරු කපටිකමෙන්ද, ඔහුගේ සාධාරණ පොරොන්දු වලින්ද මා රවටා, එනම් ඔවුන්, ඔවුන්ව විනාශ කරන පිණිස, එනම් මම මේ මාගේ ජනතාව මේ දේශයට ගෙන එනු ලැබුවේය; එසේය, තවද අප දේශය තුළ මෙසේ අවුරුදු ගණනක් දුක් වින්දෙමු.
19 තවද දැන් මම, සෙනිෆ්, ලේමන්වරුන් සම්බන්ධයෙන් මාගේ ජනතාවට මේ සියල්ල පැවසීමෙන් පසු, මම ඔවුන්ට ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන්ගේ ශක්තියෙන් සටනට යාමට ඔවුන්ව දිරිමත් කළෙමි; එසේහෙයින්, අපි ඔවුන් සමඟ මුහුණට මුහුණලා සටන් කළෙමු.
20 තවද එය මෙසේ සිදු විය, එනම් අපි ඔවුන්ව නැවතත් අපගේ දේශයෙන් පිටතට පලවා හැරියෙමු; තවද අපට එනම් ඔවුන්ව ගණන් කළ නොහැකි තරමට පවා, අප ඔවුන්ව මහත් වූ ඝාතනයක් මෙන් මරණු ලැබුවෝය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් අපි නැවත අපගේම දේශයට හැරී ආවෙමු, තවද මාගේ ජනතාව නැවත ඔවුන්ගේ රැළවල් බලා ගැනීමට සහ ඔවුන්ගේ භුමියේ වගා කිරීමට පටන්ගත්තේය.
22 තවද දැන් මම, මහළුව සිටියන්නෙමි, මාගේ පුත්‍රයන්ගෙන් කෙනෙකුට රාජධානිය පිරිනමන්නෙමි; එසේහෙයින්, මම තවදුරටත් නොකියන්නෙමි. තවද ස්වාමීන්වහන්සේ මාගේ ජනතාවට ආශීර්වාද කරන සේක්වා. ආමෙන්.