ශුද්ධලියවිලි
මොසායා 27


27 වන පරිච්ඡේදය

මොසායා හිංසා කිරීම තහනම් කර සමානාත්මතාවය නියම කරයි – ඇල්මා කනිෂ්ඨ සහ මොසායාගේ පුත්‍රයන් හතර දෙනා සභාව විනාශ කිරීමට උත්සාහ කරති – දේවදූතයෙක් පෙනීසිටිමින් ඔවුන්ගේ නපුරු ගමන නවත්වන ලෙස ඔවුන්ට අණ කරයි – ඇල්මා ගොළු වීමට පහර ලබයි – සියලු මනුෂ්‍ය වර්ගයා ගැලවීම ලබා ගැනීමට නැවත ඉපදිය යුතුය – ඇල්මා සහ මොසායාගේ පුත්‍රයන් ශුභාරංචි ප්‍රකාශ කරති. ක්‍රි.පූ. 100–92 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නොඇදහිලිවන්තයන් විසින් සභාවට කරන ලද පීඩාවන් කොතරම් විශාලද යත්, සභාව මැසිවිලි නැඟීමටත්, මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නායකයින්ට පැමිණිලි කිරීමටත් පටන් ගත්තේය; තවද ඔවුන් ඇල්මාට පැමිණිලි කළෝය. තවද ඇල්මා ඔවුන්ගේ රජු වන, මොසායා ඉදිරියේ නඩුව තැබුවෝය. තවද මොසායා තම පූජකවරුන් සමඟ සාකච්ඡා කළේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අයත් කිසිවෙකුට නොඇදහිලිවන්තයෙකු පීඩා නොකළ යුතු බවට මොසායා රජු දේශය පුරා ප්‍රකාශයක් යැවීය.

3 තවද එහි ඔවුන් අතර කිසිදු පීඩාවක් නොවිය යුතු බවත්, එනම් සියලු මනුෂ්‍යයන් අතර සමානාත්මතාවයක් තිබිය යුතු බවත්, සියලු සභාවන් පුරා එනම් දැඩි අණක් විය.

4 එනම් උඩඟුකමට හෝ අහංකාරකමට ඔවුන්ගේ සාමයට බාධා කිරීමට ඉඩ නොතැබිය යුතු බවද; ඔවුන්වම නඩත්තු කරගැනීම සදහා ඔවුන්ගේම දෑත්වලින්ම වෙහෙසෙමින්, එනම් සෑම මනුෂ්‍යයෙක්ම තම අසල්වැසියා තමාට මෙන් සැලකිය යුතු බවත්ය.

5 එසේය, තවද එය රෝගාතුරව හෝ බොහෝ අවශ්‍යතා ඇති අවස්ථාවකදී හැර, ඔවුන්ගේ සියලු පූජකයන් සහ ගුරුවරුන් සෑම අවස්ථාවකදීම, ඔවුන්ගේ උපකාරය සඳහා තමන්ගේම දෑතින් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු විය; තවද මෙම දේවල් කරමින්, ඔවුන් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් බහුල වූවෝය.

6 තවද නැවතත් දේශයේ බොහෝ සාමය ඇති වීමට පටන් ගත්තේය; තවද ජනතාව බොහෝ සෙයින් වැඩි වූ අතර, පොළෝ තළය මත විසිරී යාමට පටන් ගත්තේය, එසේය, උතුරින් සහ දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින්, භූමියේ සෑම කොණකම විශාල නගර සහ ගම් ගොඩනඟා ගැනීමට පටන් ගත්තෝය.

7 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ව බැහැදැක ඔවුන්ව සමෘද්ධිමත් කළ අතර, තවද ඔවුන් විශාල ධනවත් ජනතාවක් බවට පත් විය.

8 දැන් මොසායාගේ පුත්‍රයෝ නොඇදහිලිවන්තයන් අතරට ගණන් ගනු ලැබුවෝය; තවද ඇල්මාගේ පුත්‍රයන්ගෙන් එක් අයෙකුද ඔවුන් අතරට ගණන් කරනු ලැබීය, ඔහුව ඇල්මා නමින්, ඔහුගේ පියාගේ නාමයෙන් නම් කළේය; එසේනමුත්, ඔහු ඉතා දුෂ්ට හා පිළිම වන්දනා කරන මනුෂ්‍යයෙක් බවට පත් විය. තවද ඔහු බොහෝ වචන ඇති මනුෂ්‍යයෙකු වූ අතර, ජනතාවට බොහෝ චාටු බස් කීවේය; එසේහෙයින් ඔහු බොහෝ සෙනඟට තම අයුතුකම්වලට අනුව කටයුතු කිරීමට මඟ පෙන්වුයේය.

9 තවද ඔහු දෙවියන්වහන්සේගේ සභාවෙහි සමෘද්ධියට මහත් බාධාවක් විය; ජනතාවගේ හදවත් සොරකම් කරමින්; ජනතාව අතර බොහෝ මතභේද ඇති කරමින්; දෙවියන්වහන්සේගේ සතුරාට ඔවුන් කෙරෙහි තම බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලබාදුන්නේය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව විනාශ කිරීමට යන විට, මක්නිසාද ඔහු මොසායාගේ පුත්‍රයන් සමඟ සභාව විනාශ කිරීමටත්, දෙවියන්වහන්සේගේ හෝ රජුගේ පවා වූ – අණ පනත්වලට පටහැනිව ස්වාමීන්වහන්සේගේ ජනතාව නොමඟ යැවීමටත් සොයමින් රහසේ ගියෝය.

11 තවද මා නුඹට කී පරිදි, ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් යන විට, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔවුන්ට දර්ශනය විය; තවද ඔහු වලාකුළක සිට මෙන් බැස ආවේය; තවද ඔහු ගිගුරුම් හඬකින් මෙන් කතා කළේය, එය ඔවුන් සිටගෙන සිටි පොළොව කම්පා කරවීය;

12 තවද ඔවුන්ගේ පුදුමය කොතරම්ද යත්, එනම් ඔවුන් පොළොවට වැටුණෝය, තවද ඔහු ඔවුන්ට කී වචන තේරුම් නොගත්තෝය.

13 එසේනමුත් ඔහු මෙසේ කියමින් යළිත් මොරගැසූවේය: ඇල්මා, නැඟිට නැගී සිටින්න, මක්නිසාද නුඹ දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කරන්නේ මන්ද? මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක: මෙය මාගේ සභාව ය, තවද මම එය පිහිටුවන්නෙමි; තවද එය මාගේ ජනතාවගේ වරදකින් මිස, වෙන කිසිවක් එය පෙරළන්නේ නැත.

14 තවද නැවතත්, දේවදූතයා මෙසේ කීවේය: බලව, ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ යාච්ඤා ද නුඹගේ පියා වන උන්වහන්සේගේ සේවකයා වන ඇල්මාගේ යාච්ඤා ද ඇසූ සේක; මක්නිසාද නුඹ සත්‍යයේ දැනගැනීමට ගෙන එනු පිණිස එනම් ඔහු නුඹ උදෙසා බොහෝ ඇදහිල්ලෙන් යාච්ඤා කර ඇත්තේය; එසේහෙයින්, උන්වහන්සේගේ සේවකයන්ගේ යාච්ඤාවලට ඔවුන්ගේ ඇදහිල්ල අනුව පිළිතුරු ලැබෙනු ඇති බවට එනම් දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරීත්වය ගැන නුඹට ඒත්තු ගැන්වීමට මේ අරමුණ උදෙසා මම පැමිණියේය.

15 තවද දැන් බලව, නුඹට දෙවියන්වහන්සේගේ බලය ගැන තර්ක කළ හැක්කේද? මක්නිසාද බලව, මාගේ හඬ පොළොව සොලවන්නේ නැද්ද? තවද නුඹ ඉදිරියෙහි මා දැකීමට නුඹට නොහැකිද? තවද මා දෙවියන්වහන්සේ මඟින් එවා ඇත්තේය.

16 දැන් මම නුඹ හට කියමි: ගොස්, හේලම් දේශයේ සහ නීෆායි දේශයේ නුඹගේ පියවරුන්ගේ වහල්භාවය සිහි කරන්න; තවද උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කොතරම් විශාල දේවල් කර තිබෙනවාද කියා සිහි කරන්න; මක්නිසාද ඔවුන් වහල්භාවයේ සිටි අතර, තවද උන්වහන්සේ ඔවුන්ව ගලවාගත්තේය. තවද දැන් මම නුඹ හට කියමි, ඇල්මා, නුඹේ මාර්ගයෙන් ගොස්, තවද ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන පිණිසත්, තවද මෙයින් පවා නුඹවම නෙරපා දැමීමට කැමතිවන්නේ නම්, සභාව තවත් විනාශ කිරීමට නොසොයන්න.

17 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා ඇල්මාට පැවසූ අවසාන වචන මේවා විය, තවද ඔහු පිටත්ව ගියේය.

18 තවද දැන් ඇල්මා සහ ඔහු සමඟ සිටි අය නැවතත් පොළොවට වැටුණෝය, මක්නිසාද ඔවුන්ගේ පුදුමය මහත් විය; මක්නිසාද ඔවුහු ස්වාමීන්වහන්සේගේ දූතයෙකු ඔවුන්ගේම ඇස්වලින් දුටුවෝය; තවද ඔහුගේ හඬ පොළොව කම්පා කළ, ගිගුරුම් හඬක් මෙන් විය; තවද එනම් දෙවියන්වහන්සේගේ බලය හැර පොළොව දෙදරුම් කන්නාක් මෙන් එය වෙව්ලන්නට හැකි කිසිවක් එහි නොමැති බව ඔවුහු දැන සිටියෝය.

19 තවද දැන් ඇල්මාගේ විමතිය කෙතරම් බලවත් යත්, එනම් ඔහුට ඔහුගේ මුඛය විවෘත කිරීමට නොහැකි තරමට ඔහු ගොළු විය; තවද එනම් ඔහුගේ අත් සෙලවීමට නොහැකි වන තරමට පවා, ඔහු දුර්වල විය; එසේහෙයින් ඔහු සමඟ සිටි අය විසින් ඔහුව රැගෙන ගියෝය, ඔහුගේ පියා ඉදිරියෙහි ඔහු තබන තුරුම, තවද අසරණව උසුලාගෙන ගියේය.

20 තවද ඔවුන් ඔවුන්ට සිදු වූ සියල්ල ඔහුගේ පියා හට විස්තර කළෝය; මක්නිසාද එනම් එය දෙවියන්වහන්සේගේ බලය බව ඔහු දැන, තවද ඔහුගේ පියා ප්‍රීති විය.

21 තවද එනම් ස්වාමීන්වහන්සේ තම පුත්‍රයාට, සහ එසේම එනම් ඔහු සමඟ සිටි අයට කළේ කුමක් දැයි දැකීම සඳහා ජන සමූහයක් එක් රැස් කිරීමට ඔහු සැලැස්වූවේය.

22 තවද එනම් ඔහු පූජකවරුන් එක් රැස්වීමට සැලැස්වූවේය; තවද ඔවුන් නිරාහාරව සිට, ඇල්මාගේ මුඛය විවෘත කර, එනම් ඔහුට කතා කිරීමට හැකි වන පිණිසත්, තවද එසේම ඔහුගේ බාහු වල ඒවායේ ශක්තිය ලැබෙනු පිණිසත්, ඔවුන්ගේ ස්වාමීන් වූ දෙවියන්වහන්සේ හට යාච්ඤා කිරීමට පටන් ගත්තෝය – එනම් ජනතාවගේ ඇස් විවෘත කරනු ලැබ දෙවියන්වහන්සේගේ යහපත්කම සහ මහිමය දැකීමට සහ දැන ගැනීමටය.

23 තවද එය මෙසේ සිදු විය, ඔවුන් දහවල් දෙකක් සහ රාත්‍රී දෙකක කාලයකට නිරාහාරව සිට යාච්ඤා කිරීමෙන් පසුව, ඇල්මාගේ බාහු වල ඒවායේ ශක්තිය ලැබුනු අතර, ඔවුන්ට යහපත් සැනසීමක් ලබා දීම පිණිස, තවද ඔහු නැඟිට සිටිමින් ඔවුන්ට කතා කිරීමට පටන්ගත්තේය:

24 මක්නිසාද, ඔහු මෙසේ කීවේය, තවද ස්වාමීන්වහන්සේ විසින් මුදවනු ලැබ, මම මාගේ පව් ගැන පසුතැවිලි වුයෙමි; බලන්න මම ආත්මයෙන් උපන්නෙමි.

25 තවද ස්වාමීන්වහන්සේ මට මෙසේ පැවසූ සේක: පුදුමයට පත් නොවන්න, එනම් සියලු මනුෂ්‍ය වර්ගයාම, එසේම, පුරුෂයන් සහ කාන්තාවන්, සියලු ජාතීන්, ඥාතින්, භාෂාවන් සහ මනුෂ්‍යයන්, නැවත ඉපදිය යුතුවන්නේය; එසේය, දෙවියන්වහන්සේගෙන් උපත ලබා, ඔවුන්ගේ මාංශික සහ වැටුණු ස්වභාවයෙන්, ධර්මිෂ්ඨ ස්වභාවයට වෙනස් වී, දෙවියන්වහන්සේ විසින් මිදිම ලැබ, උන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන් බවට පත්විය යුතුවන්නේය;

26 තවද මෙසේ ඔවුන් නව ප්‍රාණියන් බවට පත් වන්නේය; තවද ඔවුන් මෙය කරන තුරු, ඔවුන් හට කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නොහැකි වන්නේය.

27 මම නුඹලාට කියන්නෙමි, මෙම කාරණය එසේ නොවන්නේ නම්, ඔවුන් නෙරපා හැරිය යුතුවන්නේය; මක්නිසාද මා නෙරපා හැරීමට මෙන් සිටි බැවින්, තවද මම මෙය දන්නෙමි.

28 එසේනමුත්, බොහෝ පීඩාවන් තුළින් ගමන් කරනු ලැබූ පසු, මරණයට ආසන්නව පසුතැවිලි වී, ස්වාමීන්වහන්සේගේ කරුණාව තුළ සදාකාලික ගින්නෙන් මා උදුරා ගැනීමට සුදුසු යැයි දුටුවේය, තවද මම දෙවියන්වහන්සේගෙන් උපත ලැබුවෙමි.

29 මාගේ ප්‍රාණය තිත්තකමේ පිතෙන් සහ අයුතුකමේ බැඳීම්වලින් මුදවාගනු ලැබුවෙමු. මම අඳුරුතම අගාධය තුළ සිටියෙමි; එහෙත් දැන් මම දෙවියන්වහන්සේගේ අපුර්ව ආලෝකය දකින්නෙමි. මාගේ ප්‍රාණය සදාකාලික වද වේදනාවලින් පිරී ගියේය; එහෙත් මම උදුරාගනු ලැබුවෙමි, තවද මාගේ ප්‍රාණය තවදුරටත් වේදනා නොවන්නේය.

30 මම මාගේ මිදුම්කරුවාණන් ප්‍රතික්ෂේප කළෙමි, තවද එනම් අපගේ පියවරුන් විසින් පැවසූ දේ ප්‍රතික්ෂේප කළෙමි; එහෙත් දැන් එනම් උන්වහන්සේ පැමිණෙන බව ඔවුන් කලින්ම දකින පිණිස, තවද එනම් උන්වහන්සේ මවන ලද සියලු මැවිල්ලක්ම උන්වහන්සේ සිහිපත් කරන පිණිසත්, උන්වහන්සේ සියල්ලන් වෙතට තවමන්වහන්සේව ප්‍රකාශ කරන්නේය.

31 එසේම, සියලුම දණහිසක්ම නමන්නෝය, තවද සෑම දිවක්ම උන්වහන්සේ අභිමුඛයේ පාපොච්චාරණය කරන්නෝය. එසේය, අවසාන දවසේදී වුවද, සියලු මනුෂ්‍යයන් උන්වහන්සේ විනිශ්චය කරනු ලබන විට, එවිට එනම් උන්වහන්සේ දෙවියන්වහන්සේ බව ඔවුන් විසින් පාපොච්චාරණය කරන්නෝය; එවිට එනම් ලෝකයේ දෙවියන්වහන්සේ නොමැතිව ජීවත් වන ඔවුන් විසින්, විනිශ්චයේ සදාකාලික දඬුවම ඔවුන් මත සාධාරණ යැයි පාපොච්චාරණය කරනු ලබන්නෝය; තවද උන්වහන්සේගේ සියල්ල සොයන්නාවූ ඇසේ බැල්මට යටින් ඔවුන් සොලවනු ලබන්නෝය, තවද වේව්ලන්නෝය, තවද හැකිලෙනු ලබන්නෝය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් මෙතැන් සිට ඇල්මා මේ කාලයේ සිට ඉදිරියට ජනතාවට ඉගැන්වීමට පටන් ගත් අතර, තවද දේවදූතයා දර්ශනය වූ, එම අවස්ථාවේ දී ඇල්මා සමඟ සිටියා වූ අය සමඟ, ඔවුන් ඇසූ සහ දුටුවා වූ දේවල් සියලු ජනතාවට ප්‍රකාශ කරමින්, මුළු දේශය වටා ගමන් කළ අතර, නොඇදහිලිවන්තයන් විසින් බොහෝ පීඩාවන් විඳිමින්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගෙන් පහර ලබමින්, තවද දෙවියන්වහන්සේගේ වචනය බොහෝ පීඩාවලදී දේශනා කරමින් සිටියෝය.

33 එහෙත් මේ සියල්ල එසේ තිබියදිත්, ඔවුන්ගේ ඇදහිල්ල තහවුරු කරමින්, ඔවුන් සභාවට මහත් සහනයක් ලබා දුන්නෝය, තවද බොහෝ ඉවසිලිවන්තව සහ මහත් පරිශ්‍රම දරමින් දෙවියන්වහන්සේගේ අණපනත් පිළිපැදීමට ඔවුන්ට අවවාද කළෝය.

34 තවද ඔවුන්ගෙන් හතර දෙනෙකු මොසායාගේ පුත්‍රයන් වුහ; තවද ඔවුන්ගේ නම් ඇමන් ද, ආරොන් ද, ඔම්නර් සහ හිම්නි විය; මොසායාගේ පුත්‍රයන්ගේ නම් මේවා විය.

35 තවද ඔවුන් සියලු සරහෙම්ලා දේශය මුළුල්ලෙහි ද, තවද මොසායා රජුගේ පාලනය යටතේ සිටි සියලු ජනතාව අතර ද ගමන් කරමින්, සභාවට කළ සියලුම තුවාල උද්‍යෝගීමත්ව පිළිසකර කිරීමට පරිශ්‍රම දරමින්, ඔවුන්ගේ සියලුම පව් පාපොච්චාරණය කරමින්, තවද ඔවුන් දුටු සියලු දේවල් ප්‍රකාශ කරමින්, තවද අනාවැකි සහ ශුද්ධ වූ ලියවිලි පද අසන්නට කැමති සියල්ලන් හට ඒවා පැහැදිලි කළෝය.

36 තවද මෙසේ ඔවුන් බොහෝ අයවලුන් හට සත්‍යය පිළිබඳව දැන ගැනීමට, එසේම, ඔවුන්ගේ මිදුම්කරුවාණන් පිළිබඳ දැන ගැනීමට, දෙවියන්වහන්සේගේ හස්තයේ උපකරණ වූවෝය.

37 තවද ඔවුන් කෙතරම් ආශීර්වාද ලත් අයද! මක්නිසාද ඔවුන් සාමය ප්‍රකාශ කරන්නෝය; ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නෝය; තවද ඔවුන් ස්වස්වාමීන්වහන්සේ රජකම් කරන බව ජනතාවට ප්‍රකාශ කළෝය.