4 වන පරිච්ඡේදය
බෙන්ජමින් රජු ඔහුගේ ආමන්ත්‍රණය නොකඩවා පවත්වයි – ගැලවීම වන්දිගෙවීම නිසා පැමිණෙයි – ගැළවීම ලබා ගන්නට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න – ඇදහිලිවන්තකම තුළින් තමාගේ පාපයන් සඳහා කමාව තබා ගන්න – නුඹගේ වස්තුවෙන් දුප්පතුන්ට බෙදා දෙන්න – සියලු දේ ප්‍රඥාවෙන් සහ සංවිධානාත්මකව සිදු කරන්න. ක්‍රි.පූ. 124 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් බෙන්ජමින් රජු ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙකු විසින් ඔහුට භාර දුන් වචන පවසා අවසන් කළ පසු, ඔහු ඔහුගේ දෑස් සමූහය වටා යොමු කළේය, තවද බලව ඔවුන් පොළව මත වැටී සිටියේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය ඔවුන් මතට පැමිණි නිසාවෙනි.
2 තවද පොළොවේ දූවිලිවලටත් වඩා පහතින්, ඔවුන් ඔවුන්ගේ මාංශික තත්වයෙන් තමන්ව දැක ඇත. තවද ඔවුන් සියලු දෙනා එක් හඬකින් මෙසේ පවසමින්, මොර ගැසුවෝය: අහෝ කරුණාව තිබේවා, තවද ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය ආලේප කරනු මැනව, එනම් අපගේ පාපවලට සමාව ලබා ගන්නා පිණිස ද, තවද අපගේ හදවත් පවිත්‍ර කර ගැනීම පිණිස ද; මක්නිසාද අහස ද පොළොව ද, සියලු දේ ද මැවුවාවූ, මනුෂ්‍ය දරුවන් අතරට පැමිණෙන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි විශ්වාස කරමු.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මෙම වචන කතා කළ පසු ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් වෙත පැමිණි සේක, තවද ඔවුන්ගේ පව්වලට කමාව ලබා ගැනීමෙන්, තවද හෘද සාක්ෂියේ සාමයෙන්, ඔවුන් ප්‍රීතියෙන් පිරී ගියේය, මක්නිසාද ඔවුන් හට බෙන්ජමින් රජු කතා කළ වචනවලට අනුව, පැමිණිය යුතු ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ තිබූණු අධික ඇදහිල්ල නිසාවෙනි.
4 තවද බෙන්ජමින් රජු නැවත ඔහුගේ මුඛය විවෘත කර ඔවුන් හට මෙසේ පවසමින්, කතා කරන්නට පටන් ගත්තේය: මාගේ මිත්‍රවරුනි සහ මාගේ සහෝදරයනි, මාගේ ඥාතීන් සහ මාගේ ජනතාව ද, මා නුඹට කියන මාගේ ඉතිරි වචන නුඹලාට ඇසෙන පිණිස හා තේරුම් ගන්නා පිණිස මම නැවත නුඹලාගේ අවධානය ඉල්ලමි.
5 මක්නිසාද බලව, මේ මොහොතේ දෙවියන්වහන්සේගේ යහපත්කම පිළිබඳව දැනුම නුඹේ නිෂ්ඵල සහ නුඹේ නොවටිනාකම හා වැටුණු තත්වය පිළිබඳව හැඟීමකට නුඹව අවදි කර තිබේ නම් –
6 මම නුඹලා හට කියමි, දෙවියන්වහන්සේගේ යහපත්කම පිළිබඳව ද, උන්වහන්සේගේ අසමසම බලය පිළිබඳව ද, උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව ද, උන්වහන්සේගේ ඉවසීම පිළිබඳව ද, මනුුෂ්ය දරුවන් කෙරෙහි උන්වහන්සේගේ බොහෝ – ඉවසිලිවන්තකම ගැන ද දැනුමට නුඹලා පැමිණියා නම්; තවද එසේම, ලෝකයේ පටන්ගැන්මේ සිට සූදානම් කර තිබූ වන්දිගෙවීම ද, එනම් එමඟින් ගැලවීම ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නා හට පැමිණෙන පිණිස, තවද උද්යෝගයෙන් උන්වහන්සේගේ අණ පනත් තබන්නා හට, තවද ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම ඇදහිල්ලේ නොනවත්වා සිටින්නා හට, මම අදහස් කරන්නේ මැරෙනසුලු ශරීරයේ ජීවිතය ගැනයි –
7 මෙම මනුෂ්‍යයා ගැලවීම ලබන තැනැත්තා වේ, සියලු මනුෂ්‍යයන් සඳහා ලෝකයේ පටන්ගැන්මේ සිට සූදානම් කර තිබූ වන්දිගෙවීම තුළින්, ආදම්ගේ වැටීමේ සිටි, හෝ ලෝකයේ අවසානය දක්වා පවා, සිටිනා කවුරුන් හෝ ද, සිටින්නා වූ කවුරුන් හෝ බවට, මම කියමි.
8 තවද ගැලවීම පැමිණෙන්නේ ඒ මඟින්ය. තවද පවසන ලද මෙය හැර වෙනත් ගැලවීමක් නොමැත; මා නුඹට පැවසූ කොන්දේසි හැර මනුෂ්‍යයෙක් හට ගැළවීම ලබන්නට වෙනත් කොන්දේසි නොමැත.
9 දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න; උන්වහන්සේ සිටිනා බව ද විශ්වාස කරන්න, තවද අහසේ ද පොළොවේ ද, සියලු දේ උන්වහන්සේ මැවූ බවත්; අහසේ ද පොළොවේ ද දෙකෙහි ම, සියලු ප්‍රඥාව ද, සියලු බලය ද ඇති බව විශ්වාස කරන්න; ස්වාමීන්වහන්සේ හට වටහා ගත හැකි සියලු දේවල් එනම් මනුෂ්‍යයාට වටහා ගත නොහැකි බව විශ්වාස කරන්න.
10 තවද නැවතත්, නුඹලා නුඹලාගේ පාපයන්වලට පසුතැවිලි වී ඒවා අත්හැර දමා, තවද තමන්ව දෙවියන්වහන්සේ අබියස නිහතමානී විය යුතු බව විශ්වාස කරන්න; තවද උන්වහන්සේ නුඹලාට සමාව දෙන පිණිස එනම් හදවතේ අවංකභාවයෙන් ඉල්ලා සිටින්න; තවද දැන්, නුඹලා මේ සියලු දේ විශ්වාස කරන්නේ නම් නුඹලා ඒවා කරන ලෙසට වග බලා ගන්න.
11 තවද පෙර පැවසූ පරිදි නැවතත් මම නුඹලාට කියමි, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ මහිමය පිළිබද දැනුමට පැමිණි විට, නැතහොත් නුඹලා උන්වහන්සේගේ යහපත්කම දැන සිටියා නම් සහ උන්වහන්සේගේ ප්‍රේමය අත්විඳ ඇත්නම්, තවද නුඹලාගේ පව්වලට කමාව ලබා ඇත්නම්, ඉන් නුඹලාගේ ආත්මයන් තුළ බොහෝ සෙයින් ප්‍රීතිය ඇති වන ලෙස, එසේ වුවත් නුඹලා සිහි තබා ගන්නේ නම් මා කැමතිය, එනම් සැමවිට සිහියේ තබා ගන්න, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, සහ නුඹලාගේ නිෂ්ඵලභාවය, තවද උන්වහන්සේගේ යහපත්කම සහ නුඹලා වෙත ඇති බොහෝ – ඉවසිලිවන්තකම, නුසුදුසු සත්වයිනි, තවද නිහතමානීත්වයේ ගැඔුරින් තමාව නිහතමානී කර ගන්න, දිනපතා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අයදිමින්, තවද දේවදූතයාගේ මුඛයෙන් පවසා තිබෙන්නාවූ, පැමිණෙන්නට තිබෙන දේ පිළිබද ස්ථිරව ඇදහිල්ලෙන් සිටින්න.
12 තවද බලව, මම නුඹලාට කියමි එනම් නුඹලා මෙය කරන්නේ නම් නුඹලා සැමවිටම ප්‍රීති වන අතර, තවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී සිටින අතර, සැමවිටම නුඹලාගේ පව් සඳහා කමාව තබාගන්නේය; තවද නුඹලාව මැවූ තැනැන්වහන්සේගේ මහිමය පිළිබඳ දැනුමෙන් නුඹලා වර්ධනය වනු ඇත, නැතහොත් යුක්තිසහගත සහ සත්‍ය දේ පිළිබඳ දැනුමෙන් ද නුඹලා වර්ධනය වන්නෝය.
13 තවද නුඹලාට එකිනෙකාට හිංසා කිරීමට මනසක් නොමැති වනු ඇත්තේය, එහෙත් සාමකාමීව ජීවත් වනු ඇත, තවද එනම් සියලු මනුෂ්‍යයන්ගේ උවමනාවට අනුව ඔහුට දෙනු ඇත.
14 තවද නුඹලා නුඹලාගේ දරුවන් කුසගින්නේ, හෝ නිරුවතින් සිටීමට ඉඩ දෙන්නේ නැත; තවද ඔවුන්ට දෙවියන්වහන්සේගේ නීති කඩ කිරීමට ද, තවද එකිනෙකා සමඟ රණ්ඩු කර දබර කර, තවද පාපයේ ස්වාමියා වූ, නැතහොත් අපගේ පියවරුන් විසින් කතා කරන ලද නපුරු ආත්මය වන, සියලු ධර්මිෂ්ඨකමට සතුරෙක් වන, යක්ෂයාට සේවය කිරීමට, නුඹලා ඉඩ දෙන්නේ නැත.
15 එහෙත් සත්‍යයේ සහ සන්සුන් මාර්ගයේ ගමන් කරන පිණිස නුඹලා ඔවුන්ට උගන්වනු ඇත; එකිනෙකාට ප්‍රේම කිරීමටත්, තවද එකිනෙකාට සේවය කිරීමටත් නුඹලා ඔවුන්ට උගන්වනු ඇත.
16 තවද, නුඹලා ම නුඹලාගේ පිහිට අවශ්‍යව සිටිනා අයට නුඹලා පිහිට වනු ඇත; නුඹලා අවශ්‍යතාවයේ සිටින්නා හට නුඹලාගේ වස්තුවෙන් උපස්ථාන කරනු ඇත; තවද නුඹලා හිඟන්නා නිෂ්ඵල ලෙස නුඹගෙන් ඉල්ලා, තවද ඔහුව විනාශ වීමට පිටතට දැමීමට නුඹලා ඉඩ දෙන්නේ නැත.
17 සමහරක් විට නුඹලා මෙසේ කියාවි: මනුෂ්‍යයා ඔහු මතට ඔහුගේම දුක්ඛිතකම ගෙන ඇත; එබැවින් මම මාගේ අත තබා, තවද මම මගේ ආහාරයෙන් ඔහුට නොදෙමි, එසේම මම ඔහුට මාගේ වස්තුවෙන් නොදෙමි එනම් ඔහුට දුක් නොවිඳීමට, මක්නිසාද ඔහුගේ දඬුවම් යුක්ති සහගතය –
18 එහෙත් මම නුඹලාට කියමි, අහෝ මනුෂ්‍යය, යමෙක් මෙය කරන්නේ ද ඔහුට පසුතැවිලි වීමට මහත් හේතුවක් ඇත; තවද ඔහු කළ දේ ගැන පසුතැවිලිවනවා මිස ඔහු සදාකාලයටම විනාශ වනු ඇත, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබදව කිසිදු උනන්දුවක් නැත.
19 මක්නිසාද බලව, අපි සියලු දෙනා හිඟන්නන් නොවේ ද? අප සතු සියලු වස්තුව සඳහා ද, ආහාර සහ වස්ත්‍ර සඳහා ද, රත්රන් සඳහා ද, රිදී සඳහා ද, අප සතු සියලු ආකාරයේ ධනය සඳහා අප සියලු දෙනා එකම ප්‍රාණය, එනම් දෙවියන්වහන්සේ, මත යැපෙන්නේ නැති ද?
20 තවද බලව, මෙම අවස්ථාවේ දී පවා, නුඹලා උන්වහන්සේගේ නාමය අයදමින්, නුඹේ පව් කමාව ලබා ගැනීමට සිඟා කති. නුඹලා නිෂ්ඵල ලෙස අයැදීමට ඉඩ දී ඇති ද? නැත; උන්වහන්සේ තමන්වහන්සේගේ ආත්මය නුඹ කෙරෙහි වගුරුවා, තවද නුඹලාගේ හදවත් ප්‍රීතියෙන් පිරී යෑමට සැලැස්වූ අතර, තවද නුඹලාට උච්චාරණය සොයා ගත නොහැකි වන පරිදි නුඹලාගේ මුඛයන් නවත්වන්නට සැලැස්වූ සේක, නුඹේ ප්‍රීතිය එතරම් බොහෝ සෙයින් මහත් විය.
21 තවද දැන්, නුඹලාව මැවූ, නුඹලාගේ ජීවිතය සහ නුඹලා සතු සියල්ල සඳහා නුඹලා යැපෙන්නාවූ, දෙවියන්වහන්සේ, නුඹලා නිවැරදි වන, ඇදහිල්ලෙන්, නුඹලාට හිමි වනු ඇත යන විශ්වාසයෙන් ඉල්ලන ඕනෑම දෙයක් නුඹට ලබා දෙන්නේ නම්, අහෝ එසේනම්, නුඹලාගේ වස්තුව එකිනෙකාට සමඟ කුමනාකාරයෙන් බෙදා ගත යුතුව ඇත්ද.
22 තවද ඔහු විනාශ නොවන පිණිස නුඹලාගෙන් ඉල්ලා සිටින මනුෂ්‍යයා නුඹලා විනිශ්චය කරන්නේ නම්, තවද ඔහුව හෙළා දකින්නේ නම්, නුඹලාට නොව, එහෙත් නුඹලාගේ ජීවිතය පවා අයිති වන, දෙවියන්වහන්සේ හට අයිති වූ, නුඹලාගේ වස්තුව නොදී සිටීම සඳහා නුඹලාගේ හෙළා දැකීම කෙතරම් යුක්තිසහගත වන්නේ ද; නුමුත් නුඹලා කිසි ඉල්ලීමක් සිදු කරන්නේ නැත, නුඹලා කළ දෙය ගැන පසුතැවිලි වන්නේ ද නැත.
23 මම නුඹලාට කියමි, එම මනුෂ්‍යයා දුක්ඛිතය, මක්නිසාද ඔහුගේ වස්තුව ඔහු සමඟ විනාශ වන්නේය; මම මේ දේවල් මේ ලෝකයේ දේවල්වලට අදාළ ධනවතුන් වන ඔවුන්ට හට පවසමි.
24 තවද නැවතත්, මම දිළිඳුන්ට කියමි, ප්‍රමාණවත්ව නැති සහ තවමත් ප්‍රමාණවත්ව ඇති නුඹලා, එනම් දිනෙන් දින රැඳෙන නුඹලා; මම අදහස් කරන්නේ හිඟන්නා ප්‍රතික්ෂේප කරනා නුඹලා, නුඹලාට ද නොමැති නිසා; නුඹලාගේ හදවතින් නුඹලා කියනවා නම් මම කැමැත්තෙමි එනම්: මම නොදෙන්නේ මට නොමැති නිසාය, එහෙත් මා හට තිබුණේ නම් මම දෙන්නෙමි.
25 තවද දැන්, නුඹලාගේ හදවත් තුළ මෙය පැවසුවහොත් නුඹලා නිර්දෝෂී වේ, නැතිනම් නුඹලා හෙළා දකිනු ලබන්නෝය; නුඹලාගේ හෙළා දැකීම යුක්ති සහගත ය, මක්නිසාද නුඹලා හට නොලැබූ දේ සඳහා නුඹලා ආශා වී ඇත.
26 තවද දැන්, මා නුඹට කී මේ දේවල් උදෙසා – එනම්, දිනෙන් දින නුඹලාගේ පව්වලට කමාවක් රඳවා තබා ගැනීම පිණිස, නුඹලා දෙවියන්වහන්සේ අබියස නිර්දෝෂීව ඇවිදින පිණිස – සෑම මනුෂ්‍යයෙකුම ඔහුට ඇති දේට අනුව, නුඹලාගේ වස්තුවෙන් දුප්පතුන්ට, එනම් කුසගින්නෙන් පෙළෙන අයට පෝෂණය කිරීම, නිරුවතින් සිටින අයට වස්ත්‍ර දීම, රෝගීන් බැහැ දැක ඔවුන්ගේ සහනය සඳහා උපස්ථාන කිරීම, ආත්මිකව සහ ලෞකික යන දෙආකාරයටම, ඔවුන්ගේ වුවමනාවලට අනුව ලබා දෙන ලෙස මම කැමැත්තෙමි.
27 තවද එනම් මේ සියල්ල ප්‍රඥාවෙන් සහ අනුපිළිවෙළ අනුව කරන බව බලන්න; මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහුට ශක්තිය ඇති පමණට වඩා වේගයෙන් දිවීම කළ යුතු බව අවශ්‍යව නැත. තවද නැවතත්, එමඟින් ඔහු ත්‍යාගය දිනාගන්නා ලෙසට, ඔහු උද්යෝගීමත් වීම යෝග්‍ය වේ; එසේහෙයින්, සියලු දේ අනුපිළිවෙළ අනුව කළ යුතුය.
28 නුඹලා අතුරින් යමෙක් තම අසල්වැසියාගෙන් ණයට ගන්නේ ද, ඔහු එකඟ වන පරිදි ඔහු ණයට ගත් දේ ආපසු ලබා දිය යුතු බව නුඹලා මතක තබා ගත යුතු බව මම කැමැත්තෙමි; එසේ නොමැති නම් නුඹ පාපයක් කර ඇත්තහුය; තවද සමහර විට නුඹලාගේ අසල්වාසියා පාපයක් කිරීමට ද නුඹලා හේතු විය හැක.
29 තවද අවසාන වශයෙන්, නුඹලා පාපයක් කළ හැකි සියලු දේ මට නුඹලාට කිව නොහැක; මක්නිසාද එයට විවිධ මාර්ග සහ ක්‍රම ඇත, මට ද ඒවා ගණන් කළ නොහැකි තරම් බහුල ව ඇත.
30 එහෙත් මෙපමණක් මට නුඹලා හට කිව හැකිය, නුඹලා නුඹලාව බලා ගත්තේ නැති නම්, තවද නුඹලාගේ සිතිවිලි ද, නුඹලාගේ වචන ද, නුඹලාගේ ක්‍රියා ද, තවද දෙවියන්වහන්සේගේ අණ පනත් තබන්නේ නැති නම්, තවද අපගේ ස්වාමීන්වහන්සේගේ පැමිණීම ගැන නුඹලා අසා ඇති දේ පිළිබඳව ඇදහිල්ලේ රැඳී නොසිටින්නේ නම්, නුඹලාගේ ජීවිතයේ අවසානය දක්වා පවා, නුඹලා විනාශ විය යුතුය. තවද දැන්, අහෝ මනුෂ්‍යයෙනි, මතක තබා ගන්න, තවද විනාශ නොවන්න.