7 වන පරිච්ඡේදය
ඇමන් ලිම්හි එහි රජුව සිටින්නාවු විට, ලීහායි-නීෆායි දේශය සොයා ගනියි – ලිම්හි ජනතාව ලේමන්වරුන්ට වහළුන්ව සිටිති – ලිම්හි ඔවුන්ගේ ඉතිහාසය කියයි – අනාගතවක්තෘවරයෙකු (අබිනඩායි) එනම් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ බවත්, සියලු දේවල්හි පියාණන්වහන්සේ බවත් සාක්ෂි දරයි – අපවිත්‍රකම වපුරන්නෝ සුළි සුළඟ නෙළාගන්නෝය, තවද ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ කවරෙක්ද ඔවුන්ව ගළවා ගනු ලබන්නේය. ක්‍රි.පූ. 121 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් මොසායා රජු සාමය නොකඩවා අවුරුදු තුනක කාලයක් පවත්වා ගෙනගිය පසුව, ලීහායි-නීෆායි දේශයේ, හෝ ලීහායි-නීෆායි නගරයට වාසය කිරීමට ගියා වූ ජනතාව පිළිබඳව දැනගැනීමට ඔහු ආශා විය; මක්නිසාද ඔවුන් සරහෙම්ලා දේශයෙන් පිටත්ව ගිය කාලයේ සිට ඔහුගේ ජනතාව ඔවුන්ගෙන් කිසිවක් දැනගැනීමට නොහැකි විය; එසේහෙයින්, ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න වලින් ඔහුව වෙහෙසෙට පත් කළෝය.
2 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායා රජු ඔවුන්ගේ සහෝදරයන් පිළිබඳව සෙවීමට ලීහායි-නීෆායි දේශයට යන පිණිස ඔවුන්ගේ ශක්තිමත් මනුෂ්‍යයන් දහසය දෙනෙකුට අවසර ලබා දුන්නේය.
3 තවද එය මෙසේ සිදුවිය, එනම් පසු දවසේදී ඔවුන් ගමන් කිරීම ආරම්භ කළවිට, ඔවුන් අතර ඇමන් යයි කෙනෙකුන් විය, ඔහු බලවත් සහ ශක්තිමත් මනුෂ්‍යයෙකුව සිටි අතර සරහෙම්ලාවෙන් පැවතෙන්නෙකුව වී සිටියේය; තවද එසේම ඔහු ඔවුන්ගේ නායකයා විය.
4 තවද දැන්, ඔවුන් වනාන්තරය තුළ ලීහායි-නීෆායි දේශය වෙතට යා යුතු මාර්ගය නොදැන සිටියෝය; එසේහෙයින් ඔවුන් වනාන්තරයෙහි බොහෝ දවසක් මංමුළාව සිටියෝය, ඔවුන් දවස් හතළිහක් පවා මංමුළාව සිටියෝය.
5 තවද එවිට ඔවුන් දවස් හතළිහක් මංමුළාවූ පසු ඔවුන් කන්දක් මතට පැමිණියෝය, එය ශිලෝම් දේශයෙහි උතුරෙන් වූයේය, තවද ඔවුන් එහි ඔවුන්ගේ කූඩාරම් ගැසුවෝය.
6 තවද ඇමන් ඔහුගේ සහෝදරයන් තිදෙනෙකු රැගෙන ගියේය, තවද ඔවුන්ගේ නම් ඇමෙලකායි, හෙලෙම්, සහ හෙම් වූ අතර ඔවුන් නීෆායි දේශය වෙත පහතට ගියෝය.
7 තවද බලව, ඔවුන් නීෆායි දේශයේ, සහ ශිලොම් දේශයේ වූ ජනතාවගේ රජුව හමුවිය; තවද ඔවුන්ව රජුගේ මුරකරුවන් විසින් වට කරනු ලැබ, තවද රැගෙන ගොස්, තවද බඳිනු ලැබ, තවද සිරගෙයට දමන ලද්දේය.
8 තවද එය මෙසේ සිදු විය, එවිට ඔවුන් සිරගෙදර දවස් දෙකක් සිටි කළ ඔවුන්ව නැවත රජුගේ ඉදිරිපිටට ගෙන එනු ලැබුවෝය, තවද ඔවුන්ගේ බැමි ගළවා දැමුවෝය; තවද ඔවුන් රජු ඉදිරියෙහි සිටගත්තෝය, තවද එනම් ඔහු ඔවුන්ගෙන් අසන්නා වූ ප්‍රශ්න වලට ඔවුන් උත්තර දීමට අවසර ලැබුණේය, නැතහොත් අණ කරනු ලැබුවෝය.
9 තවද ඔහු ඔවුන්ට මෙසේ කීවේය: බලව, ඔවුන්ගේ පියවරුන්ගේ දේශය වූ, මේ දේශය උරුම කර ගැනීම සඳහා සරහෙම්ලා දේශයෙන් පිටතට පැමිණි, ජනතාවගේ හඬින් රජකමට පත්වූ, සෙනිෆ්ගේ පුත්‍රයා වූ, නෝවාගේ පුත්, ලිම්හි මම වන්නෙමි.
10 තවද දැන්, මම මාගේ මුරකරුවන් සමඟ දොරටුවෙන් පිටත සිටියදී, නුඹලා නගරයේ බැම්ම අසලට මෙතරම් නිර්භීතව පැමිණීමට හේතුව කුමක්දැයි දැන ගැනීමට මම ආශා වන්නෙමි?
11 තවද දැන්, මම නුඹලාගෙන් විමසන පිණිස, එය කරණකොටගෙන නුඹලාව රැකගැනීමට මම ඉඩ සැලැස්වූවෙමි, එසේ නැතහොත් මා හට මාගේ මුරකරුවන් ලවා නුඹලාව මරණයට පත් කිරීමට ඉඩ සැලැස්වීමට තිබිණි. නුඹලා කථා කිරීමට අවසර ලබා ඇත්තෙහුය.
12 තවද දැන්, ඔහුට කථා කිරීමට අවසර ලබා දී ඇති බව ඇමන් දුටු විට, ඔහු ඉදිරියට ගොස් තවද රජු ඉදිරියේ ඔහු වැඳ වැටුණේය; තවද නැවත නැඟී සිටිමින් ඔහු මෙසේ කීවේය: අහෝ රජුතුමෙනි, මම තවමත් ජීවත්ව සිටින හෙයින්ද, කථා කිරීමට අවසර ලද හෙයින්ද, මම අද දවසේදී දෙවියන්වහන්සේ ඉදිරියේ බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමි; තවද මම එඩිතරව කථා කිරීමට උත්සහ කරන්නෙමි;
13 මක්නිසාද නුඹ මා දැන සිටියා නම් මා මෙම පටි බැඳී ඇඳ සිටිනවාට නුඹ ඉඩ නොදෙන බව මම සහතිකවම දන්නෙමි. මක්නිසාද මම ඇමන් වන්නෙමි, තවද සරහෙම්ලාහි පැවැතෙන්නෙක් වන්නෙමි, තවද සරහෙම්ලා දේශයෙන් පිටතට පැමිණියේ සෙනිෆ් විසින් එම දේශයෙන් පිටතට ගෙන ආ අපගේ සහෝදරයන් සම්බන්ධව විස්තර දැනගැනීමටය.
14 තවද දැන්, එය මෙසේ සිදුවිය, එනම් ඇමන්ගේ වචන ලිම්හි ඇසූ පසුව, ඔහු බෙහෙවින් සතුටු විය, තවද කීවේය: දැන්, මම එනම් සරහෙම්ලාහි සිටින මාගේ සහෝදරයන් තවමත් ජීවත්ව සිටින බව සහතිකවම දන්නෙමි. තවද දැන්, මා ප්‍රීති වන්නෙමි; තවද හෙට දවසේදී මම මාගේ ජනතාව එසේම ප්‍රීති වන්නට සලස්වන්නෙමි.
15 මක්නිසාද බලව, අප ලේමන්වරුන්ගේ වහල්භාවයේ සිටින්නෙමු, තවද බද්දෙන් බද්දට යටත්ව දරා ගැනීමට අසීරු ලෙස සිටින්නෙමු. තවද දැන්, බලව, අපගේ සහෝදරයන් අපව අපගේ වහල්භාවයෙන් පිටතට ගලවාගනු ඇත්තෝය, නැතහොත් ලේමන්වරුන්ගේ හස්තයෙන් ගලවාගන්නෝය, තවද අප ඔවුන්ගේ වහළුන් වන්නෙමු; මක්නිසාද නීෆායිවරුන්ට වහලුන් වීම, එය ලේමන්වරුන්ගේ රජුට කප්පම් දීමට වඩා යහපතය.
16 තවද දැන්, ලිම්හි රජු, ඔවුන් තවදුරටත් ඇමන්වත් ඔහුගේ සහෝදරයන්වත් බැඳ නොතබන ලෙසටත්, ඔවුන් ශිලොම්හි උතුරින් පිහිටි කන්දට ගොස් තවද ඔවුන්ගේ සහෝදරයන් නගරයට ගෙන එන ලෙසත්, එනම් එමගින් ඔවුන්ට කන්නත්, බොන්නත්, ඔවුන්ගේ ගමන් විඩාවෙන් විවේක ගැනීමටත් හැකි වන සේ කරන ලෙස තම මුරකරුවන්ට අණ කළේය.
17 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් පසුදා ලිම්හායි රජු තමාගේ සියලු ජනතාව අතරට ප්‍රකාශයක් යැවීය, එනම් ඒ කරණකොටගෙන ඔවුන් හට ඔහු කථා කරන්නාවූ වචන ඇසීම සඳහා, එනම් ඔවුන් දේවමාළිගාවට එක් රැස්වන ලෙසටය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් එක්රැස් වූ විට එනම් ඔහු ඔවුන්ට මේ ආකාරයෙන් කථාකොට, මෙසේ කිවේය: අහෝ නුඹලා, මාගේ ජනතාවෙනි, නුඹලාගේ හිස් ඔසවා තවද සැනසියල්ලා; මක්නිසාද බලව, කාලය අත ලඟය, නැතහොත් ඉතා දුර නොවන්නේය, එවිට අප තවදුරටත් අපගේ සතුරන්ට යටත් නොවන්නේය, එය එසේ තිබියදීත් අපගේ බොහෝ අරගලයන්, නිෂ්ඵල වන්නේය; එහෙත් සාර්ථක අරගලයක් කිරීමට ඉතිරිව ඇති බව මම විශ්වාස කරන්නෙමි.
19 එසේහෙයින්, නුඹලාගේ හිස ඔසවාපල්ලා, තවද ප්‍රීති වෙයල්ලා, තවද නුඹලාගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුළ තබාපල්ලා, ආබ්‍රහම්ගේද, ඊසාක්ගේද, තවද යාකොබ්ගේද දෙවියන් වූ එම දෙවියන්වහන්සේ තුළ; තවද එසේම, ඊශ්‍රායල් දරුවන්ව මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, තවද රතු මුහුද හරහා වියළි බිමක ගමන් කිරීමට සලස්වනු ලැබ, තවද වනාන්තරයෙදී ඔවුන් විනාශ නොවන පිණිස ඔවුන්ට මන්නාවලින් පෝෂණය කරනු ලැබුවාවූ එම දෙවියන්වහ්න්සේය; තවද තවත් බොහෝ දේවල් උන්වහන්සේ ඔවුන් උදෙසා කර ඇත්තේය.
20 තවද නැවතත්, එම දෙවියන්වහන්සේම අපගේ පියවරුන්ව; ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙනැවිත්, තවද මේ දක්වා උන්වහන්සේගේ ජනතාව රක්ෂා කොට තැබූ සේක; තවද බලව, උන්වහන්සේ අපව වහල්භාවයට ගෙන එනු ලැබුවේ අපගේ අයුතුකම් සහ පිළිකුල් සහගත බව නිසාවෙන්ය.
21 තවද නුඹලා සියල්ලෝම මෙම දවසේදී සාක්ෂිකරුවන් වන්නෝය, එනම් මේ ජනතාව කෙරෙහි රජු ලෙස පත් කරනු ලැබු සෙනිෆ්, ඔහුගේ පියවරුන්ගේ දේශය උරුම කරගැනීමට බෙහෙවින් උනන්දු වූ අතර, එසේහෙයින් ලේමන් රජුගේ කපටිකමට සහ ප්රයෝගයන්ට රැවටී, සෙනිෆ් රජු සමඟ ගිවිසුමකට එළඹී, තවද දේශයේ කොටසකට අයත් වූ දේ, නැතහොත් ලීහායි-නීෆායි නගරය සහ ශිලොම් නගරය පවා; තවද ඒ අවට දේශයන්ද, ඔහුගේ දෑතට පාවා දෙනු ලැබුවේය –
22 තවද මේ සියල්ල ඔහු කරනු ලැබුවේ, මක්නිසාද මෙම ජනතාව යටත් කර ගැනීමට හෝ වහල්භාවයට ගෙන ඒමේ එකම අරමුණ සඳහාය. තවද බලව, මෙම අවස්ථාවේදී ලේමන්වරුන්ගේ රජුට අප අපගේ ඉරිඟු වලින් එක භාගයක්ද, අපගේ බාර්ලිද, තවද අපගේ සියලුම වර්ගවල සියලු ධාන්‍යවලින් ප්‍රමාණයක් පවා, තවද අපගේ රැලවල් වල සහ අපගේ පට්ටිවල වර්ධනයෙන් එක භාගයක්ද අයබදු ලෙස ගෙවන්නෙමු; තවද අපට අයත් සියල්ල හෝ තිබෙන්නාවූු දෙයින් එක භාගයක් ලේමන්වරුන්ගේ රජු අපගෙන් නැතහොත් අපගේ ජිවිතයෙන් ඉල්ලන්නේය.
23 තවද දැන්, මෙය දරාගත යුතු දුකක් නොවන්නෙහිද? තවද අපගේ මෙම පීඩාව බලවත් නොවන්නේද? තවද බලව, අපට ශෝක වීමට තරම් බලවත් හේතුවක් තිබෙන්නෙහුද.
24 එසේය, මම නුඹලාට කියන්නෙමි, අපට ශෝක වීමට ඇති හේතු බලවත් වන්නේය; මක්නිසාද බලව අපගේ සහෝදරයන්ගෙන් කෙතරම් ගණනක් නම් මරා දමා ඇත්තෙහුද, තවද ඔවුන්ගේ ලේ නිෂ්ඵල ලෙස වගුරුවා ඇත්තේය, තවද සියල්ලම අයුතුකම නිසාවෙන්ය.
25 මක්නිසාද මෙම ජනතාව පාපය තුළට නොවැටුණේ නම්, ස්වාමීන්වහන්සේ මේ මහා නපුර ඔවුන් මතට පැමිණෙන්නට ඉඩ සලස්වන්නේ නැත. එහෙත බලව, ඔවුන් උන්වහන්සේගේ වචනවලට ඇහුම්කම් දුන්නේ නැත; එහෙත් ඔවුන් එකිනෙකා අතර එනම් ලේ වගුරුවා ගැනීමට පවා, ඔවුන් අතර මතභේද ඇතිවීමට පටන් ගත්තේය.
26 තවද එසේය, දෙවියන්වහන්සේ විසින් තෝරාගත් මනුෂ්‍යයෙකුව, ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්සහගත ක්‍රියා ගැන ඔවුන්ට පැවසූ, තවද පැමිණීමට තිබෙන්නාවූ බොහෝ දේවල්, එසේම, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පවා අනාවැකි කීවාවූු, ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකුව ඔවුන් මරා දැමුවෝය;
27 තවද ඔහු ඔවුන් හට ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ බවද, සියලු දේවල්හි පියාණන්වහන්සේ බවද, තවද එනම් මනුෂ්‍යයෙකුගේ ස්වරූපය උන්වහන්සේ වෙතට ගත යුතු බව කී සේක, තවද එය මනුෂ්‍යා පටන්ගැන්මේ දී මවන ලද රූපය විය යුතුයැයි කීවේය; නැතහොත් වෙනත් වචනවලින් කිවහොත්, මනුෂ්‍යා මවනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ස්වරූපයට අනුවය, තවද එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරට පැමිණිය වන සේක, තවද උන්වහන්සේ මතට මාංශය හා රුධිරය ගෙන, තවද පොළෝ තලය මත ගමන් කළ යුතු බව ඔහු කීවේය –
28 තවද දැන්, මක්නිසාද ඔහු මෙය කී නිසාවෙන්, ඔවුන් ඔහුව මරණයට පත් කළෝය; තවද දෙවියන්වහන්සේගේ උදහස ඔවුන් මත ගෙන ඒමට ඔවුන් තවත් බොහෝ දේවල් කළෝය. එසේහෙයින්, එනම් ඔවුන් වහල්භාවයේ සිටින බවත්, තවද ඔවුන් දරුණු පීඩාවලින් පහරදී සිටින්නාවූ බවට පුදුම වන්නේ කවුරුන්ද?
29 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ කී සේක: මාගේ ජනතාවගේ පාපයේ දවසේදී මම ඔවුන් හට පිහිට නොවන්නෙමි. එහෙත් ඔවුන් සමෘධිමත් නොවන පිණිස එනම් මම ඔවුන්ගේ මාර්ග කප්පාදු කරන්නෙමි; තවද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් ඉදිරියෙහි පැකිළීමේ බාධාවක් මෙන් වන්නේය.
30 තවද නැවතත්, උන්වහන්සේ මෙසේ පවසන සේක: මාගේ ජනතාව අපවිත්‍රකම වපුරන්නේ නම්, ඔවුන් සුළි සුළඟින් එහිවූ බොල්පොතු නෙළා ගනු ඇත්තේය; තවද එහිවූ බලපෑම විෂ වන්නේය.
31 තවද නැවතත් උන්වහන්සේ මෙසේ පවසන සේක: මාගේ ජනතාව අපවිත්‍රකම වපුරන්නේ නම්, ඔවුන් වහාම විනාශය ගෙන එන්නාවූ නැගෙනහිර සුළඟ නෙළා ගනු ඇත්තෝය.
32 තවද දැන්, බලව, ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව සම්පුර්ණ වී ඇත්තේය, තවද නුඹලා පහර දීමකට හා පීඩාවට පත්ව ඇත්තේය.
33 එහෙත් නුඹලා හදවතේ සම්පූර්ණ අරමුණක් ඇතිව ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්නේ නම්, තවද උන්වහන්සේ තුළ නුඹලාගේ විශ්වාසය තබමින්, තවද සියලු උද්යෝගිමත් මනසකින් යුක්තව උන්වහන්සේ හට සේවය කරමින්, මෙය නුඹලා කරන්නේනම්, උන්වහන්සේගේ ස්වකීය කැමැත්තට සහ ආශාවට අනුකූලව උන්වහන්සේ කරන සේක, නුඹලාව වහල්භාවයෙන් පිටතට මුදවා ගන්නා සේක.