නෝවා රජුගේ ජනතාව විසින් වනාන්තරය තුළට පලවා හරිනු ලැබූ, ඇල්මා සහ ස්වාමීන්වහන්සේගේ ජනතාවගේ විස්තරයකි.
පරිච්ඡේද 23 සහ 24 සමන්විත වේ.
23 වන පරිච්ඡේදය
ඇල්මා රජු වීම ප්‍රතික්ෂේප කරයි – ඔහු උත්තම පූජක ලෙස සේවය කරයි – ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව හික්මවයි, තවද ලේමන්වරුන් හේලම් දේශය යටත් කරගනී – නෝවා රජුගේ දුෂ්ඨ පුජකයින්ගේ නායක වූ, ඇමියුලොන්, ලේමන් රජු යටතේ පාලනය කරයි. ක්‍රි.පූ. 145–121 පමණ.
1 දැන් ඇල්මා, නෝවා රජුගේ සේනාව ඔවුන් වෙත පැමිණෙන බව ස්වාමීන්වහන්සේගෙන් අනතුරු හැඟවීම් ලැබ, තවද ඔහුගේ ජනතාවට එය දන්වනු ලැබ, එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ රැළවල් රැස් කළෝය, තවද ඔවුන්ගේ ධාන්‍ය ගෙන, නෝවා රජුගේ සේනාවට පෙර වනාන්තරයට පිටත්ව ගියෝය.
2 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ව ශක්තිමත් කළ සේක, එනම් නෝවා රජුගේ ජනතාව ඔවුන්ව විනාශ කිරීම සඳහා ඔවුන් පසුකරන්නට නොහැකි විය.
3 තවද ඔවුන් දවස් අටක ගමනක් වනාන්තරය තුළට පලා ගියෝය.
4 තවද ඔවුන් දේශයකට පැමිණියෝය, එසේය, ඉතා අලංකාර සහ සුන්දර දේශයකට, පිරිසිදු ජලය සහිත දේශයකට පවා විය.
5 තවද ඔවුන් ඔවුන්ගේ කූඩාරම් තනා, තවද පොළොව කොටන්න පටන් ගත්තෝය, තවද ගොඩනැගිලි සෑදීමට පටන් ගත්තෝය; එසේය, ඔවුන් කාර්යක්ෂම, තවද බොහෝ සෙයින් වෙහෙසුනේය.
6 තවද ජනතාව ඇල්මා ඔවුන්ගේ රජු වෙනවාට ආශා කළේය, මක්නිසාද ඔහුගේ ජනතාව විසින් ඔහුට ප්‍රේම කළෝය.
7 එහෙත් ඔහු ඔවුන් හට මෙසේ කීවේය: බලව, අපට රජ කෙනෙක් ඉදීම එනම් එය යෝග්‍ය නොවන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූ සේක: නුඹලා එක් මාංශයක් තවත් කෙනෙකුට වඩා ඉහළින් සැලකීම නොකළ යුතුය, නැතහොත් එක් මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ඉහළින් යැයි නොසිතිය යුතුය; එසේහෙයින් එනම් නුඹලාට රජ කෙනෙක් ඉදීම එනම් එය යෝග්‍ය නොවන්නේයැයි මම නුඹලාට පවසමි.
8 එසේනමුත්, සෑමවිටම නුඹලාගේ රජවරුන් වීමට යුක්ති සහගත මනුෂ්‍යයින් සිටිය හැකි නම්, නුඹලාට රජෙකු සිටීම යහපත් වන්නේය.
9 එහෙත් නෝවා රජු සහ ඔහුගේ පූජකවරුන්ගේ අයුතුකම් සිහිකරන්න; තවද මම ම උගුලකට හසුවුනෙමි, තවද ස්වාමීන්වහන්සේ අභියස මම පිළිකුල් වූ බොහෝ දේවල් කළෙමි, එය මා වේදනා සහිත පසුතැවීමට හේතු විය.
10 එසේනමුත්, මහත් පීඩාවලින් පසු, ස්වාමීන්වහන්සේ හට මාගේ හඬ ඇසුනු සේක, තවද මාගේ යාච්ඤාවලට පිළිතුරු දුන් සේක, තවද උන්වහන්සේගේ සත්‍ය දැනුමකට නුඹලා බොහෝ දෙනෙක් ගෙන ඒමට උන්වහන්සේගේ හස්තයේ මා උපකරණයක් බවට පත් කර ඇත්තේය.
11 එසේනමුත්, මේ තුළ මම මහිමයට පත් නොවන්නෙමි, මක්නිසාද මම මා ගැන මහිමයට පත් වීම නුසුදුසුය.
12 තවද දැන් මම නුඹට පවසමි, නුඹලා නෝවා රජු විසින් පීඩාවට පත්කොට, ඔහුට සහ ඔහුගේ පූජකයන්ට වහල්වී, තවද ඔවුන් විසින් අයුතුකමට ගෙනාවෝය; එසේහෙයින් නුඹලා අයුතුකමේ බැඳීම් වලින් බැඳී සිටියෝය.
13 තවද දැන් නුඹලා දෙවියන්වහන්සේගේ බලයෙන් මේ බැමිවලින් ද; එසේය, නෝවා රජු සහ ඔහුගේ ජනතාව අතින් පිටතට ද, තවද එසේම අයුතුකමේ බැමිවලින් ද ගළවා ගත්තාක් මෙන්, එසේම නුඹලා ස්වාධීන කර ඇති මෙම නිදහස තුළ නුඹලා ස්ථිරව සිටිය යුතු බවත්, තවද නුඹලා කෙරෙහි රජෙකු වීමට නුඹලා කිසිදු මනුෂ්‍යයෙකු විශ්වාස නොකරන ලෙසත් මම ආශා වන්නෙමි.
14 තවද එසේම ඔහු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකුව, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරමින් සහ උන්වහන්සේගේ අණපනත් තබන්නෙකු මිස, නුඹලාගේ ගුරුවරයා වීමට මෙන්ම නුඹලාගේ උපස්ථායකයා වීමට කිසිවෙක් විශ්වාස නොකරන්න.
15 එනම් සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ අසල්වැසියාට ඔහුට මෙන් ප්‍රේම කළ යුතු බවත්, එනම් එහි ඔවුන් අතර මතභේද ඇති නොවිය යුතු බවටත්, ඇල්මා මෙසේ ඔහුගේ ජනතාවට ඉගැන්වීය.
16 තවද දැන්, ඔහු ඔවුන්ගේ සභාවේ ස්ථාපිතකරු වූ හෙයින්, ඇල්මා ඔවුන්ගේ උත්තම පුජකයා විය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් එය දෙවියන්වහන්සේගෙන් ඔහු විසින් මිසක ඉගැන්වීමට හෝ දේශනා කිරීමට අධිකාරී බලයක් කිසිවෙකුට නොලැබුනි. එසේහෙයින් ඔහු ඔවුන්ගේ සියලු පුජකවරුන් සහ සියලු ගුරුවරුන් කැපකරන ලදී; තවද ඔවුන් ධර්මිෂ්ඨ වූ මනුෂ්‍යයින් මිස කිසිවෙක් කැපකරනු නොලැබුවෝය.
18 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ජනතාව රැකබලා ගත්තෝය, තවද ධර්මිෂ්ඨකමට අදාළ දේ සමඟින් ඔවුන්ව පෝෂණය කළෝය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දේශයේ බොහෝසෙයින් සමෘධිමත් වීමට පටන් ගත්තෝය, තවද එම දේශය ඔවුන් හේලම් යැයි නම් කළෝය.
20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් හේලම් දේශයේ අතිශයින් වර්ධනය වී සමෘද්ධිමත් වූවෝය; ඔවුන් නගරයක් ගොඩනැගුවෝය. එය ඔවුන් හේලම් නගරය ලෙස හැඳින්වූවෝය.
21 එසේනමුත්, ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව හික්මවීම සුදුසු බව දකිනා සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ගේ ඉවසීම සහ ඔවුන්ගේ ඇදහිල්ල පරික්ෂා කරන සේක.
22 එසේනමුත් – යමෙක් උන්වහන්සේ මත තම විශ්වාසය තබන්නේ නම් එම තැනැත්තා අවසාන දවසේ ඔසවනු ලබන්නේය. එසේය, තවද එය මෙසේ මේ ජනතාව සමඟ විය.
23 මක්නිසාද බලව, මම ඔවුන් වහල්භාවයට ගෙනා බව නුඹට පෙන්වමි, තවද නමුත් එසේය, ආබ්‍රහම්ගේ ද තවද ඊසාක්ගේ ද තවද යාකොබ්ගේ දෙවියන්වහන්සේ පවා වූ, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ මිස අන් කිසිවෙකුට ඔවුන් ගළවා ගත නොහැක.
24 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ ඔවුුුන්ව ගලවාගත් සේක, තවද උන්වහන්සේ ඔවුන් හට උන්වහන්සේගේ බලවත් බලය පෙන් වූ සේක, තවද ඔවුන්ගේ ප්‍රීතිවීම් මහත් වූවෝය.
25 මක්නිසාද බලව, එය මෙසේ සිදු විය, එනම් ඔවුන් හේලම් දේශයේ සිටිනා විට, එසේය, හේලම් නගරයේ, අවට භූමියේ වගා කටයුතු කරමින් සිටිය දී, බලව දේශ මායිමේ ලේමන්වරුන්ගේ හමුදාවක් විය.
26 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මාගේ සහෝදරයින් ඔවුන්ගේ භූමිවලින් පලා ගොස්, ඔවුන් හේලම් නගරයේ එක් රැස් වූවෝය; තවද ඔවුන් ලේමන්වරුන්ගේ පෙනුම නිසා බොහෝ බියට පත් විය.
27 එහෙත් ඇල්මා ඉදිරියට ගොස් ඔවුන් අතර සිට ගත්තේය, තවද ඔවුන්ට බිය නොවන ලෙසටත්, එහෙත් එනම් ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ සිහි කළ යුතු බවත් තවද උන්වහන්සේ ඔවුන්ව ගලවාගන්නා බවටත් ඔවුන්ව දිරිමත් කළේය.
28 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ බිය යටපත් කොට, එනම් උන්වහන්සේ ලේමන්වරුන්ගේ හදවත් මෘදු කරන පිණිස ද, තවද ඔවුන්ගේ භාර්යාවන් ද, තවද ඔවුන්ගේ දරුවන් ද, එනම් ඔවුන් ඔවුන්ව රැක දෙන පිණිස ද ඔවුන් ස්වාමීන්වහන්සේ හට මොරගැසීමට පටන් ගත්තෝය.
29 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ලේමන්වරුන්ගේ හදවත් මෘදු කළ සේක. තවද ඇල්මා සහ ඔහුගේ සහෝදරයින් ඉදිරියට ගොස් තවද ඔවුන්ගේ අතට ඔවුන්වම භාර දුන්නේය; තවද ලේමන්වරුන් හේලම් දේශය අත් පත් කර ගත්තෝය.
30 දැන් ලිම්හායි රජුගේ ජනතාව පසුපසින් ලුහුබැඳ ගියා වූ ලේමන්වරුන්ගේ හමුදාවන්, වනාන්තරයේ බොහෝ දවස් අතරමන්ව සිටියෝය.
31 තවද බලව, ඔවුන් ඇමියුලොන් යන නාමයෙන් හඳුන්වන ස්ථානයෙන්, ඔවුන් නෝවා රජුගේ එම පූජකවරුන් සොයා ගත්තෝය; තවද ඇමියුලොන් දේශය අත් පත් කර ගෙන තවද භූමිය කොටන්නට පටන් ගත්තෝය.
32 දැන් එම පුජකවරුන්ගේ නායකයාගේ නම ඇමියුලොන් විය.
33 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමියුලොන් ලේමන්වරුන්ගෙන් අයදින්නට විය; තවද එනම් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ව ඔවුන් විනාශ නොකරන පිණිස, ඔවුන්ගේ සහෝදරයින්ගෙන් අයදින්නට, ලේමන්වරුන්ගේ දියණියන් වූ, ඔවුන්ගේ භාර්යාවන් ඔහු ඉදිරියට යැව්වේය.
34 තවද ලේමන්වරුන් ඇමියුලොන්ට ද ඔහුගේ සහෝදරයන්ට ද අනුකම්පා කළෝය, තවද ඔවුන්ගේ භාර්යාවන් නිසා, ඔවුන් විනාශ නොකළෝ ය.
35 තවද ඇමියුලොන් ද ඔහුගේ සහෝදරයෝ ද ලේමන්වරුන් සමඟ එක් විය, තවද ඔවුන් නීෆායි දේශය සොයමින් වනාන්තරයේ ගමන් කරමින් සිටිය දී, ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් විසින් අයත්ව තිබූණු හේලම් දේශය ඔවුන් සොයා ගත්තෝය.
36 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඇල්මාට සහ ඔහුගේ සහෝදරයන්ට, එනම් ඔවුන් නීෆායි දේශයට යන මාර්ගය ඔවුන්ට පෙන්වන්නේ නම් ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ නිදහස ඔවුන්ට ලබා දෙන බවට ඔවුන් පොරොන්දු විය.
37 එහෙත් ඇල්මා ඔවුන්ට නීෆායි දේශයට යන මාර්ගය පෙන්වූ පසු ලේමන්වරු ඔවුන්ගේ පොරොන්දුව ඉටු නොකළෝය; එහෙත් ඔවුුුන් හේලම් දේශය වටා, ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් කෙරෙහි මුරකරුවන් යෙදෙව්වෝය.
38 තවද ඔවුුුුුුුන්ගෙන් ඉතිරි වූවන් නීෆායි දේශය කරා ගියෝය; තවද ඔවුුුුුුුන්ගෙන් කොටසක් හේලම් දේශයට නැවත පැමිණියහ, තවද එසේම ඔවුන් සමඟ හේලම් දේශයෙහි දමා ගිය මුරකරුවන්ගේ භාර්යාවන් සහ දරුවන් ද ගෙනාවෝය.
39 තවද ලේමන්වරුන්ගේ රජු, හේලම් දේශයේ සිටි තම ජනතාව කෙරෙහි, එනම් ඔහු රජෙකු හා පාලකයෙකු වීමට ඇමියුලොන් හට අවසර දෙන ලදී; එසේනමුත්, ලේමන්වරුන්ගේ රජුගේ කැමැත්තට පටහැනිව කිසිවක් කිරීමට ඔහුට බලයක් නොතිබිණි.