5 වන පරිච්ඡේදය
ශුද්ධවන්තයින් ඇදහිල්ල තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ පුත්‍රයන් සහ දියණියන් බවට පත් වේ – එවිට ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් හඳුන්වනු ලබයි – බෙන්ජමින් රජු ඔවුන්ව දිරිමත් කරන්නේ ස්ථිරව සහ යහපත් ක්‍රියාවල නොසැලී සිටින ලෙසයි. ක්‍රි.පූ. 124 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් එවිට බෙන්ජමින් රජු තම ජනතාවට මෙසේ පැවසූ විට, ඔහු ඔවුන්ට කී වචන තම ජනතාව විශ්වාස කරන්නේ දැයි, දැන ගැනීමට කැමති නිසා තම ජනතාව අතරට යැවීය.
2 තවද ඔවුන් සියල්ලෝම එක හඬින් මෙසේ පවසමින් මොරගැසූහ: එසේය, ඔබ අපට කී සියලු වචන අපි විශ්වාස කරමු; තවද එසේම, ඒවායේ නිසැක බව සහ සත්‍යය ගැන අපි දනිමු, මක්නිසාද සර්වබලධාරී ස්වාමීන්වහන්සේගේ ආත්මය නිසා, අප තුළ හෝ අපගේ හදවත් තුළ ප්‍රබල වෙනසක් තනන ලද නිසා, එනම් අපට තවදුරටත් යහපත කිරීමට මිස නපුර කිරීමට නැඹුරුවක් නොමැත.
3 තවද අපි, අප විසින්ම, එසේම, දෙවියන්වහන්සේගේ අපිරිමිත යහපත්කමෙන් ද, තවද උන්වහන්සේගේ ආත්මයාණන්ගේ ප්‍රකාශ වීම් තුළින් ද, ඉදිරියේ දී පැමිණෙන්නට තිබෙන දේ ගැන මහත් දැක්මක් ඇත; තවද එය යෝග්‍ය නම්, අපට සියල්ල පිළිබඳව අනාවැකි කිව හැකිය.
4 තවද අපගේ රජු අපට පැවසූ දේවල් කෙරෙහි අප තුළ ඇති වූ ඇදහිල්ල එනම් මෙම මහත් දැනුමට අපව ගෙන ආවේය, එමගින් අපි අතිශයින් ඉමහත් ප්‍රීතියට පත් වන්නෙමු.
5 තවද අපගේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකට එළඹීමට අප කැමති වන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමටය, උන්වහන්සේ අපට අණ කරන ලද උන්වහන්සේගේ සියලුම අණ පනත්වලට කීකරු වීමටත්, අපගේ ඉතිරි කාලය තුළ දී, දේවදූතයා පැවසු පරිදී, අප කිසිදාක අවසානයක් නොවන්නාවූ වේදනාවන් අප මතට ගෙන නොඑන ලෙස, එනම් දෙවියන්වහන්සේගේ උදහස නමැති කුසලානෙන් අප පානය නොකරන පිණිසය.
6 තවද දැන්, බෙන්ජමින් රජු ඔවුන්ගෙන් කැමති වූ වචන මේවාය; තවද එසේහෙයින් ඔහු ඔවුන්ට පැවසුවේය: මා කැමති වචන නුඹලා කතා කර ඇත්තෝය; තවද නුඹලා විසින් කළා වූ ගිවිසුම ධර්මිෂ්ඨ ගිවිසුමකි.
7 තවද දැන්, නුඹලා විසින් ඇති කරගත් ගිවිසුම නිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන් සහ උන්වහන්සේගේ දියණියන් ලෙස හඳුන්වනු ලැබේ; මක්නිසාද බලව, මෙම දවසේ දී උන්වහන්සේ නුඹව ආත්මිකව උපදවනු ලැබූ සේක; මක්නිසාද නුඹලා උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන නුඹලාගේ හදවත් වෙනස් වන බව නුඹලා කියන්නෙහුය; එසේහෙයින්, නුඹලා උන්වහන්සේගෙන් උපත ලබා උන්වහන්සේගේ පුත්‍රයන් හා උන්වහන්සේගේ දියණියන් බවට පත් වී ඇත.
8 තවද මෙම ශීර්ෂය යටතේ නුඹලා නිදහස් කොට ඇත, තවද මෙම ශිර්ෂය හැරුනු කොට නුඹලා නිදහස් කරනු ලබන්නට වෙන ශීර්ෂයක් නොමැත. ගැලවීම ගෙන එන වෙනත් නාමයක් ලබා දී නොමැත; එසේහෙයින්, නුඹලාගේ ජීවිතයේ අවසානය දක්වා කීකරු විය යුතු බවට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමට ඇතුළු වූ සියල්ලන්ම, නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා වෙත ගන්නා බැවින් මම කැමැත්තෙමි.
9 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් මෙය සිදු කරන්නා වූ කවරෙක් වූවත් දෙවියන්වහන්සේගේ දකුණු හස්තය දෙසින් සිටිනු ඇත, මක්නිසාද ඔහු කැඳවනු ලබන නාමය ඔහු දැන ගනු ඇත්තේය; මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුව කැඳවනු ලබන්නේය.
10 තවද දැන් එය මෙසේ සිදුවනු ඇත, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නොගන්නා ඕනෑම කෙනෙකු වෙනත් නාමයකින් කැඳවිය යුතුය; එසේහෙයින්, ඔහු ඔහුව සොයාගනු ඇත්තේ දෙවියන්වහන්සේගේ වම් හස්තය දෙසිනි.
11 තවද නුුුුඹලා මතක තබා ගත යුතු වන්නේ නම් ද මම කැමැත්තෙමි, එනම් මා විසින් නුඹලාට දිය යුතු යැයි මා පැවසූ නාමය මෙයයි, එනම් එය වරදකින් මිස කිසිදා මකා නොදැමිය යුතුය; එසේහෙයින්, නුඹලා වරදක් නොකරන ලෙසටත්, එනම් එම නාමය නුඹලාගේ හදවත්වලින් මකා නොදැමීමටත් වග බලා ගන්න.
12 මම නුුුුඹට කියමි, එනම් නුඹලාගේ හදවත් තුළ ලියා ඇති නාමය සැමවිටම තබා ගැනීමට නුඹලා මතක තබා ගන්නේ නම් මම කැමැත්තෙමි, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ වම් හස්තය දෙසින් හමු නොවන පිණිසය, එහෙත් එනම් නුඹලා ඇසෙන සහ දන්නා හඬ මඟින් නුඹලා කැඳවනු ලබන්නා වූ, තවද එසේම, උන්වහන්සේ විසින් නුඹලා කැදවනු ලබන නාමය වන්නේය.
13 මක්නිසාද මනුෂ්‍යයෙකු තමා සේවය නොකළ, තවද ඔහුට ආගන්තුකයෙකු වන, තවද ඔහුගේ හදවතේ සිතුවිලි සහ අභිප්‍රායන් ගෙන් බොහෝ දුරස් වන, ස්වාමියා ගැන දැන ගන්නේ කෙසේද?
14 තවද නැවතත්, මනුෂ්‍යයෙකු තම අසල්වැසියාට අයිති බූරුවෙකු ගෙන එය තබා ගන්නේද? මම නුඹලාට කියමි, එසේ නොවේ; ඔහු තමාගේ බැටළු රැළවල් අතර ඔහු පෝෂණය කරන්නට පවා ඉඩ නොදෙනු ඇත, එහෙත් ඔහු එලවා දමා, තවද ඔහු පලවා හරිනු ඇත. මම නුඹට කියමි, එනම් නුඹලා කැඳවනු ලබන නාමය නුඹලා නොදන්නේ නම් එය නුඹලා අතර ද එසේ වනු ඇත්තේය.
15 එසේහෙයින්, නුඹලා ස්ථිරව හා නිශ්චලව සිටින ලෙසට මම කැමැත්තෙමි, සැමවිටම යහපත් කාර්යයන්හි බහුලත්වයෙන්, එනම් ක්‍රිස්තුස්වහන්සේ, දෙවි වූ සර්වබලධාරී ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ස්වර්ගයට ගෙන එනු පිණිස, උන්වහන්සේ නුඹ මුද්‍රා තබන්නට, එනම් නුඹලා සදාතනික ගැලවීම සහ සදාකාලි ජීවනය ද ලබන පිිණිස, අහසෙ ද පොළොවෙ ද, සියල්ල මවන ලද තැනැන්වහන්සේගේ ප්‍රඥාවෙන් ද, බලයෙන් ද, යුක්තියෙන් ද, කරුණාවෙන් ද, සියල්ලටම ඉහළින් දෙවියන්වහන්සේ වන සේක. ආමෙන්.