ශුද්ධලියවිලි
මොසායා 24


24 වන පරිච්ඡේදය

ඇමියුලොන් ඇල්මා සහ ඔහුගේ ජනතාවට හිංසා කරයි – ඔවුන් යාච්ඤා කළහොත් ඔවුන්ව මරණයට පත් කරනු ඇත – ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ බර සැහැල්ලු කරන සේක – උන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් ගලවන සේක, තවද ඔවුන් නැවත සරහෙම්ලා වෙත පැමිණෙති. ක්‍රි.පූ. 145–120 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමියුලොන් ලේමන්වරුන්ගේ රජුගේ දෑසේ ප්‍රසාදය දිනාගත්තේය; එසේහෙයින්, ලේමන්වරුන්ගේ රජු ඔහුට සහ ඔහුගේ සහෝදරයන්ට තම ජනතාව කෙරෙහි ගුරුවරුන් ලෙස පත් වීමට අවසර දුන්නේය, එසේය, ෂෙම්ලොන් දේශයේත්, තවද ෂිලෝම් දේශයේත්, තවද ඇමියුලොන් දේශයේත් සිටි ජනතාව මත පවා විය.

2 මක්නිසාද ලේමන්වරුන් මෙම දේශයන් සියල්ල අත්පත් කර ගෙන තිබුණි; එසේහෙයින්, ලේමන්වරුන්ගේ රජු මෙම සියලු දේශයන් මත රජවරුන් පත් කර තිබුණි.

3 තවද දැන් ලේමන්වරුන්ගේ රජුගේ නම ලේමන් විය, ඔහුගේ පියාගේ නාමයට අනුව නම් කෙරිනි; තවද එසේහෙයින් ඔහු ලේමන් රජු ලෙස හැඳින්විය. තවද ඔහු බොහෝ ජනතාවකගේ රජු විය.

4 තවද ඔහු තම ජනතාව සතු වූ සෑම දේශයකම ඇමියුලොන්ගේ සහෝදරයන් ගුරුවරුන් ලෙස පත් කළේය; තවද මෙසේ ලේමන්වරුන්ගේ සියලු ජනතාව අතරේ නීෆායිගේ භාෂාව උගන්වන්නට පටන් ගත්තේය.

5 තවද ඔවුන් එකිනෙකා සමඟ මිත්‍රශීලී ජනතාවක් විය; එසේනමුත් ඔවුහු දෙවියන්වහන්සේව නොදැන සිටියහ; ඇමියුලොන්ගේ සහෝදරයන් ඔවුන්ටඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ පිළිබඳව ද, මෝසෙස්ගේ නීතිය පිළිබඳව ද කිසිවක් ඉගැන්වූයේ ද නැත; ඔවුන් ඔවුන්ට අබිනඩායිගේ වචන ද ඉගැන්වූයේ නැත;

6 එහෙත් ඔවුන් ඔවුන්ගේ වාර්තාවක් තබා ගත යුතු බව ද, තවද එනම් ඔවුන් එකිනෙකාට ලිවිය යුතු බවත් ඔවුන්ට ඉගැන්විය.

7 තවද මෙසේ ලේමන්වරු ධනයෙන් වැඩි වෙන්නට පටන්ගත් අතර, තවද එකිනෙකා සමඟ ගණුදෙනු කර වැඩි වීමට පටන් ගත්තෝය, තවද ලෝකයේ ප්‍රඥාවට අනුව, ඥානවන්ත මෙන්ම කපටි ජනතාවක් වීමට පටන් ගත්තෝය, එසේය, ඔවුන්ගේම සහෝදරයන් අතර හැර, බොහෝ කපටි ජනතාවක් වී, සියලු ආකාරයේ සහ කොල්ලකෑම් තුළ ප්‍රීති වූවෝය.

8 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමියුලොන් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මත අධිකාරී බලය ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය, තවද ඔහුට හිංසා කරන්නට පටන් ගත්තේය, තවද ඔහුගේ දරුවන් ඔවුන්ගේ දරුවන්ට හිංසා කිරීමට සැලැස්සුවේය.

9 මක්නිසාද ඇමියුලොන් ඇල්මාව දැන සිටියේය, එනම් ඔහු රජුගේ පූජකවරයෙකු වූ බව සහ ඔහු අබිනඩායිගේ වචන විශ්වාස කර රජුගේ ඉදිරියෙන් පලවා හරිනු ලැබූ බව, තවද එසේහෙයින් ඔහු ඔහුත් සමග උදහස් විය; මක්නිසාද ඔහු ලේමන් රජුට යටත්ව සිටිය ද, එහෙත් ඔහු ඔවුන් මත අධිකාරි බලය ක්‍රියාත්මක කළේය, තවද ඔවුන් වෙත කාර්යයන් පවරා, තවද ඔවුන් කෙරෙහි කාර්යය – නායකයින් පත් කළේය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ පීඩාවන් කෙතරම් මහත් වූයේ ද ඔවුන් දෙවියන්වහන්සේ හට බලවත් ලෙස මොරගැසීමට පටන් ගත්තෝය.

11 තවද ඇමියුලොන් ඔවුන්ගේ මොරගැසීම නවත්වන ලෙස ඔවුන්ට අණ කළේය; තවද ඔහු ඔවුන්ව මුර කිරීමට ඔවුන් කෙරෙහි මුරකරුවන් පත් කළේය, එනම් දෙවියන්වහන්සේ හට අයදින කවරෙකු වුවද මරණයට පත් කරන පිණිසය.

12 තවද ඇල්මා සහ ඔහුගේ ජනතාවඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට හඬ නොනැඟුවෝය, එහෙත් ඔවුන්ගේ හදවත් උන්වහන්සේ වෙත වැගුරුවෝයතවද උන්වහන්සේ ඔවුන්ගේ හදවත්වල සිතුවිලි දැන සිටිය සේක.

13 තවද එය මෙසේ සිදු විය, එනම්, ඔවුන්ගේ පීඩාවන් තුළ ස්වාමීන්වහන්සේගේ හඬ ඔවුන් වෙතට පැමිණ, මෙසේ කී සේක: නුඹලාගේ හිස් ඔසවා යහපත් සැනසීමේ පසු වන්න, මක්නිසාද නුඹලා මා වෙත කළ ගිවිසුම ගැන මම දනිමි; තවද මම මාගේ ජනතාව සමඟ ගිවිසුම් කර ඔවුන්ව වහල්භාවයෙන් පිටතට ගලවා ගන්නෙමි.

14 තවද නුඹලාගේ කර මත තැබුවා වූ බර මම සැහැල්ලු කරන්නෙමි, එනම් නුඹලා වහල්භාවයේ සිටිය දී පවා, ඒවා නුඹලාගේ කරමත ඇති බව නුඹලාට දැනෙන්නේ නැත. තවද මම මෙය කරන්නේ එනම් නුඹලා මෙතැන් සිට මා උදෙසා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින පිණිසය, තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ, වන මා, මාගේ ජනතාවගේ පීඩාවන්හි දී ඔවුන්ව බැහැදැකීමට පැමිණෙන බව එනම් නුඹලා නිසැකවම දැන ගන්නා පිණිසය.

15 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මත තැබුවා වූ බර සැහැල්ලු කරනු ලැබුවේය; එසේය, ඔවුන්ගේ බර පහසුවෙන් දැරිය හැකි ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ව ශක්තිමත් කළ සේක, තවද ඔවුහු ප්‍රීතිමත්ව සහ ඉවසිලිවන්තව ස්වාමීන්වහන්සේගේ සියලු කැමැත්තට යටහත් වූ සේක.

16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ ඇදහිල්ල සහ ඔවුන්ගේ ඉවසිලිවන්තකම ඉතා මහත් වූයේද නම්, ස්වාමින්වහන්සේගේ හඬ නැවත ඔවුන් වෙත පැමිණ, මෙසේ කියන සේක; යහපත් සැනසිල්ලෙන් සිටින්න, මක්නිසාද හෙට දින මම නුඹලාව වහල්භාවයෙන් පිටතට ගලවන්නෙමි.

17 තවද උන්වහන්සේ ඇල්මා හට මෙසේ කී සේක: නුඹ මෙම ජනතාව පෙර යන්නෙහිය, තවද මම නුඹ සමග යන්නෙමි, තවද මෙම ජනතාව වහල්භාවයෙන් පිටතට ගලවන්නෙමි.

18 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඔහුගේ ජනතාව රාත්‍රී කාලයේදී ඔවුන්ගේ රැළවල් ද, තවද ඔවුන්ගේ ධාන්‍යය ද එක්රැස් කර; එසේය, මුළු රාත්‍රී කාලයේ ද ඔවුන් ඔවුන්ගේ රැළවල් එක්රැස් කළෝය.

19 තවද උදෑසනයේ දී ස්වාමීන්වහන්සේ ගැඹුරු නින්දක් ලේමන්වරුන් මතට පැමිණෙන්නට සැලැස්වූ සේක, එසේය, තවද ඔවුන්ගේ සියලු කාර්යය – නායකයින් ගැඹුරු නින්දක වූවෝය.

20 තවද ඇල්මා සහ ඔහුගේ ජනතාව වනාන්තරය වෙතට පිටත්ව ගියෝය; මක්නිසාද ඔහු වනාන්තරයේ ඔවුන්ට මඟ පෙන්වූ බැවින්, තවද ඔවුන් දවස මුළුල්ලේම ගමන් කළ පසු ඔවුන්ගේ කූඩාරම් නිම්නයක ඔවුන් ගසා ගත්තෝය, තවද ඔවුන් නිම්නයට ඇල්මා යන නම තැබුවෝය.

21 එසේය, තවද ඇල්මා නිම්නයේ දී ඔවුන් ඔවුන්ගේ ස්තූතිය දෙවියන්වහන්සේ හට වැගිරුවේ මක්නිසාද උන්වහන්සේ ඔවුන් හට දයාවන්ත වූ නිසාත්, ඔවුන්ගේ බර සැහැල්ලු කළ නිසාත්, තවද වහල්භාවයෙන් පිටතට ගැලවූ නිසාත්ය; මක්නිසාද ඔවුන් වහල්භාවයේ සිටියේය, තවද ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ හැරුනු විට අන් කිසිවෙකුට ඔවුන්ව ගලවාගත නොහැකි විය.

22 තවද ඔවුන් දෙවියන්වහන්සේ හට ස්තූති කළෝය, එසේය, කතා කළ හැකි ඔවුන්ගේ සියලු මනුෂ්‍යයන් ද සහ ඔවුන්ගේ සියලු ස්ත්‍රීන් ද ඔවුන්ගේ කතා කළ හැකි සියලු දරුවන් ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත ප්‍රශංසාවෙන් ඔවුන්ගේ හඬ නැඟුවෝය.

23 තවද දැන් ස්වාමීන්වහන්සේ ඇල්මා හට මෙසේ කී සේක; නුඹ ඉක්මන් වී නුඹව සහ මෙම ජනතාව මෙම දේශයෙන් පිටතට ගෙනියපන්ය, මක්නිසාද ලේමන්වරුන් අවදි වී නුඹලා පසුපස හඹා එන්නෙහිය; එසේහෙයින් නුඹ මෙම දේශයෙන් පිටතට යන්න, තවද එනම් ඔවුන් තවදුරටත්මෙම ජනතාව පසුපස නොඑන පිණිස මා ලේමන්වරුන් මම මිටියාවතෙහි නවත්වන්නෙමි.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නිම්නයෙන් ඉවතට ගොස්, තවද ඔවුන්ගේ ගමන වනාන්තරය වෙත රැගෙන ගියෝය.

25 තවද ඔවුන් සිටි පසු ඔවුන් සරහෙම්ලා දේශයට පැමිණියෝය; තවද එසේම මොසායා රජු ඔවුන්ව ප්‍රීතියෙන් පිළිගත්තේය.