මොසායාගේ පොත
1 වන පරිච්ඡේදය
බෙන්ජමින් රජු තම පුත්‍රයන් හට ඔවුන්ගේ පියවරුන්ගේ භාෂාව සහ අනාවැකි උගන්වයි – ඔවුන්ගේ ආගම සහ ශිෂ්ටාචාරය විවිධ තහඩු මත තබා ඇති වාර්තා නිසා රකිනු ලැබ ඇත – මොසායා රජු ලෙස තෝරාගෙන ඇති අතර වාර්තාවල සහ අනෙකුත් දේවල භාරකාරත්වය දෙනු ලබයි. ක්‍රි.පූ. 130–124 පමණ.
1 තවද දැන් බෙන්ජමින් රජුට අයිති සියලු ජනතාව අතර ද, සරහෙම්ලා හි සියලු දේශයන් තුළ තවදුරටත් කිසිම මතභේදයක් නොවීය, එනම් බෙන්ජමින් රජුගේ ඉතිරි දවස් පුරාම ඔහුට නිරන්තර සාමය ලැබුණි.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට පුත්‍රයන් තිදෙනෙක් සිටියෝය; ඔහු ඔවුන්ව මොසායා, හෙලොරුම්, සහ හීලමන් යන නම්වලින් හැඳින්වූවේය. තවද ඔහු එනම් ඔහුගේ පියවරුන්ගේ සියලු භාෂාවෙන් ඔවුන්ට උගන්වන්නට සැලසුවේය, එනම් ඔවුන් අවබෝධයෙන් යුත් මනුෂ්‍යයන් බවට පත් වන පිණිස; තවද ස්වාමීන්වහන්සේගේ හස්තය විසින් භාර දුන්නාවූ, ඔවුන්ගේ පියවරුන්ගේ මුවින් කියන ලද ආනාවැකි පිළිබඳව ඔවුන් දැනගන්නා පිණිස ය.
3 තවද ඔහු පිත්තල තහඩු මත කැටයම් කරන ලද වාර්තා ගැන ද ඔවුන්ට ඉගැන්වූයේ, මෙසේ පවසමින්: මාගේ පුත්‍රයනිි, එනම් මෙම වාර්තා සහ අණ පනත් ඇතුළත් වන මෙම තහඩු නොතිබුණේ නම්, අප දෙවියන්වහන්සේගේ අභිරහස් නොදැන, මෙම වර්තමාන කාලයේ දී වූවත් නොදැනුවත්කමින් දුක් විඳීමට ඉඩ තිබුනු බව නුඹලා මතක තබා ගන්නවා නම් මම කැමැත්තෙමි.
4 මක්නිසාද එනම් අපගේ පියා, ලීහායි හට, මේ සියලු දේවල් මතක තබා, ඔහුගේ දරුවන් හට ඉගැන්විය නොහැක, එය මෙම තහඩු වල උපකාරයෙන් මිස; මක්නිසාද ඔහු මිසරවරුන්ගේ භාෂාවෙන් ඉගෙනුම ලත් බැවින් ඔහුට මෙම කැටයම් කියවීමට හැකිව තිබුණි, තවද ඔහුගේ දරුවන්ට ඉගැන්වීමට හැකි වූවේය, මෙම වර්තමාන කාලය දක්වා වූවත්, තවද මෙලෙස දෙවියන්වහන්සේගේ අණ පනත් ඉටු කරමින්, එමඟින් ඔවුන්ට ඒවා ඔවුන්ගේ දරුවන්ට ද ඉගැන්වීමට හැකි විය.
5 මාගේ පුත්‍රයනිි, මම නුඹලාට කියමි, දෙවියන්වහන්සේගේ හස්තයෙන් තබන ලද සහ රකින ලද, එනම් අප උන්වහන්සේගේ අභිරහස් කියවා අවබෝධ කරගන්නා පිණිසත්, තවද උන්වහන්සේගේ අණ පනත් සැමවිට අපගේ ඇස් ඉදිරිපිට තිබෙන පිණිසත්, මෙම දේවල් නිසා නොවූයේ නම්, එනම් අපගේ පියවරුන් පවා අවිශ්වාසයෙන් පිරිහී යන්නට තිබුණි, තවද අප අපගේ සහෝදරයන් වන, ලේමන්වරුන් හා සමාන වන්නට ඉඩ තිබුණි, ඔවුන් මේ දේවල් පිළිබඳව කිසිවක් නොදනී, නැතහොත් ඔවුන්ට ඒවා ඉගැන්වූ විට ද ඒවා විශ්වාස නොකරති, මක්නිසාද නිවැරදි නොවන, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් නිසාවෙනි.
6 අහෝ මාගේ පුත්‍රයනිි, මෙම පවසන දේවල් සත්‍ය බව ද, තවද මෙම වාර්තා ද සත්‍ය බව නුඹලා සිහියේ තබා ගන්නවාට මම කැමැත්තෙමි. තවද බලව, නීෆායිගේ තහඩු ද, අපගේ පියවරුන් ජෙරුසලමෙන් පිටත්වූ දා සිට වර්තමානය දක්වා ඔවුන් පවසන ලද දේවල් සහ වාර්තා අඩංගු වන, තවද ඒවා සත්‍යය; තවද ඒවායේ නිශ්චිත බව අපට දැන ගත හැක, මක්නිසාද අපට ඒවා අපගේ දෑස් ඉදිරියේ තිබෙන්නේය.
7 තවද දැන්, මාගේ පුත්‍රයනිි, නුඹලා ප්‍රයෝජන ලබන පිණිස, ඒවා නුඹලා උද්‍යෝගයෙන් සොයනවා නම් මම කැමැත්තෙමි; තවද නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් තබනවාට ද මම කැමැත්තෙමි, එනම් ස්වාමීන්වහන්සේ විසින් අපගේ පියවරුන් හට කළ පොරොන්දුවලට අනුව නුඹලා දේශයේ සමෘධිමත් වන පිණිස ය.
8 තවද ඒවා මෙම පොතේ නොලියන ලද, වෙනත් බොහෝ දේවල් බෙන්ජමින් රජු තම පුත්‍රයන් හට ඉගැන්වූවේය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් බෙන්ජමින් රජු ඔහුගේ පුත්‍රයන් හට ඉගැන්වීම අවසන් කළ පසු, එනම් ඔහු මහලු වියට පත් විය, තවද ඔහු ළඟදීම පොළවේ සියල්ලන්ගේ මාර්ගයේ යා යුතු බව දුටුවේය; එබැවින්, ඔහු තමාගේ පුත්‍රයන්ගෙන් එක් අයෙකු මත රාජ්‍යය පිරිනැමීම යෝග්‍ය බව සිතුවේය.
10 එබැවින්, ඔහු මොසායා තමා ඉදිරියට ගෙන්වා ගත්තේය; තවද ඔහු කථා කළ එම වචන මෙසේ වී, පවසමින්: මාගේ පුත්‍රය, නුඹ මෙම දේශය පුරාවට මෙම ජනතාව, එනම් සරහෙම්ලාවේ ජනතාව, සහ මෙම දේශයේ ජීවත් වන මොසායාගේ ජනතාව අතර ප්‍රකාශයක් කරනවා නම් මම කැමැත්තෙමි, එනම් ඔවුන් ඒකරාශී වන පිණිස; මක්නිසාද අපගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ විසින් අප හට ලබා දී ඇත්තාවූ, නුඹ මෙම ජනතාව හට රජ කෙනෙක් ද ආණ්ඩුකාරවරයෙක් ද වන බව, පසුදා මම මාගේ මුඛයෙන් මගේ ජනතාවට ප්‍රකාශ කරන්නෙමි.
11 තවද තවදුරටත්, මම මේ ජනතාවට නමක් දෙන්නෙමි, එමඟින් ඔවුන්ව දෙවි වූ ස්වාමීන්වහන්සේ විසින් ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ අනෙක් සියලු ජනතාවන්ට ඉහළින් ඔවුන්ව වෙන් කර ගත හැකි ලෙසට; තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමේ දී උද්‍යෝගීමත් ජනතාවක් වූ බැවින් මම මෙය කරන්නෙමි.
12 තවද එය වරදින් මිසක්, කිසිදාක මකා දමන්නට නොහැකි නාමයක් මම ඔවුන් හට දෙන්නෙමි.
13 එසේය, තවද තවදුරටත් මම නුඹට කියමි, එනම් මෙම ඉහළින් ප්‍රසාදයට පත් ස්වාමීන්වහන්සේගේ ජනතාව පාපය තුළට වැටෙන්නේ නම්, තවද දුෂ්ඨ සහ කාමමිථ්‍යාචාරී ජනතාවක් බවට පත්වන්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔවුන්ව භාර දෙන බවට, එමඟින් ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් මෙන් දුර්වල වන බවත්; තවද උන්වහන්සේ මෙතෙක් කල් අපගේ පියවරුන් රකින ලද මෙන්, උන්වහන්සේගේ අසමසම හා පුදුමාකාර බලයෙන් තවදුරටත් ඔවුන්ව රකිනු නොලබන සේක.
14 මක්නිසාද, එනම් උන්වහන්සේ අපගේ පියවරුන් රැකගැනීමට උන්වහන්සේගේ හස්තය දිගු නොකළේ නම් අපගේ පියවරුන් ලේමන්වරුන්ගේ හස්තයට හසු වී, තවද ඔවුන්ගේ වෛරයට ගොදුරු වන බවට, මම නුඹට කියන්නෙමි.
15 තවද එය මෙසේ සිදු විය, එනම් බෙන්ජමින් රජු තම පුත්‍රයා හට මේ කියමන් අවසන් කළ පසු, ඔහු රාජ්‍යයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ඔහුට භාර දුන්නේය.
16 තවද තවදුරටත්, ඔහු එසේම ඔහුට පිත්තල තහඩු මත කැටයම් කරන ලද වාර්තා සම්බන්ධයෙන් ද භාර දුන්නේය; තවද නීෆායිගේ තහඩු ද; තවද, ලේබන්ගේ කඩුව ද, එනම් අපගේ පියවරුන්ට වනාන්තරය තුළ මඟ පෙන්වූ, තවද බෝලය හෙවත් මඟ පෙන්වන්නා, ස්වාමීන්වහන්සේගේ හස්තය මඟින් පිළියෙල කරන ලද එනම් ඔවුන්ට මඟ පෙන්වන ලෙසට, සෑම කෙනෙකුම උන්වහන්සේ හට දුන්නාවූ අවධානය සහ උද්‍යෝගය අනුව ය.
17 එබැවින්, ඔවුහු ඇදහිලිවන්ත නොවූ බැවින් ඔවුන්ගේ ගමනේ දී ඔවුන් සමෘද්ධිමත් වී හෝ දියුණු නොවීය, එහෙත් ආපසු පලවා හරින ලද අතර, තවද ඔවුන් දෙවියන්වහන්සේගේ අප්‍රසාදයට යටත් විය; තවද ඔවුන්ගේ වගකීම ගැන ඔවුන්ගේ මතකය කැළඹවීම පිණිස, එබැවින් ඔවුන් හට සාගතයෙන් සහ දරුණු පීඩාවන්ගෙන් පහර දෙන ලදී.
18 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් මොසායා ගොස් තම පියා ඔහුට අණ කළ පරිදි කටයුතු කර, සරහෙම්ලා දේශයේ සිටින සියලු ජනතාවට ඔවුන් ඔවුන්ව එක්රැස් කර, දේවමාළිගාව වෙත ගොස් ඔහුගේ පියා ඔවුන්ට පැවසිය යුතු වචන අසන ලෙසට ඔහු ප්‍රකාශ කළේය.