22 වන පරිච්ඡේදය
ලේමන්වරුන්ගේ වහල්භාවයෙන් ගැලවී යාමට ජනතාව වෙත සැලසුම් සකස් කරති – ලේමන්වරුන්ව බීමත්වීමට සලස්වයි – ජනතාව පලා ගොස්, සරහෙම්ලා වෙත නැවත පැමිණ, තවද මොසායා රජුගේ යටත් වැසියන් බවට පත් වෙති. ක්‍රි.පූ. 121–120 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමන් සහ ලිම්හායි රජු ඔවුන් වහල්භාවයෙන් මිදෙන්නේ කෙසේදැයි ජනතාව සමඟ සාකච්ඡා කිරීමට පටන් ගත්තෝය; තවද ඔවුන් සියලුම ජනතාව පවා එකට එක්රැස් වන ලෙස සැලැස්වීය; තවද මෙම දවසේදී ඔවුන් එසේ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් ජනතාවගේ හඬ ඔවුන්ට ලබා ගනු පිණිසය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ ස්ත්‍රීන් සහ ඔවුන්ගේ දරුවන්, තවද ඔවුන්ගේ රැළවල් ද, තවද ඔවුන්ගේ පට්ටි සහ ඔවුන්ගේ කූඩාරම් ද රැගෙන වනාන්තරයට යාම හැර, ඔවුන්ව වහල්භාවයෙන් මුදවා ගැනීමට මාර්ගයක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය; මක්නිසාද ඔවුන්ව කඩුවෙන් වහල්භාවයෙන් මුදවා ගැනීමට සිතමින්, ලේමන්වරුන් විශාල සංඛ්‍යාවක්ව සිටි බැවින්, ලිම්හායි වැසියන්ට ඔවුන් සමඟ සටන් කිරීම ඉතා අසීරු කරුණක් වූයේය.
3 දැන් එය මෙසේ සිදු විය, එනම් ගිඩියොන් ඉදිරියට ගොස් රජු ඉදිරියෙහි සිට, තවද ඔහුට මෙසේ කීවේය: දැන් අහෝ රජතුමනි, අප අපගේ සහෝදරයන් වන ලේමන්වරුන් සමඟ සටන් කරන්නා වූ කල සිට ඔබ මෙතෙක් බොහෝ වාරයක් මගේ වචනවලට ඇහුම්කන් දුන්නේය.
4 තවද දැන් අහෝ රජතුමනි, ඔබ මා ප්‍රයෝජනයක් නොමැති සේවකයෙකු බව සොයා නොගත්තේ නම් හෝ ඔබ මෙතෙක් මගේ වචනවලට යම් තරමකින් සවන් දී, ඒවා ඔබ හට සේවය කළ ඇත්තේ නම්, එසේ පවා ඔබ මෙම අවස්ථාවේ මාගේ වචනවලට සවන් දෙන්නේ නම් මම කැමැත්තෙමි, තවද මා ඔබගේ සේවකයා වී තවද වහල්භාවයෙන් මෙම ජනතාව මුදවන්නෙමි.
5 තවද රජු ඔහුට කථා කරන ලෙස ඔහුට අවසර දුන්නේය. තවද ගිඩියොන් ඔහුට මෙසේ කීවේය:
6 නගරයේ පිටුපස පැත්තේ වූ, පිටුපස බැම්ම තුළින්, පිටුපස ගමන් මාර්ගය දෙස බලව. ලේමන්වරුන්, නැතහොත් ලේමන්වරුන්ගේ රැකවලුන් රාත්‍රියේදී බීමත්ව සිටිති; එසේහෙයින් ඔවුන් ඒවා රාත්‍රියේදී වනාන්තරයට එලවන පිණිස, එනම් ඔවුන් ඔවුන්ගේ රැළවල් සහ පට්ටි එකතු කරන ලෙස මේ සියලු ජනතාව අතරට ප්‍රකාශයක් යවමු.
7 තවද මම ඔබගේ අණ පරිදි ගොස් තවද ලේමන්වරුන්ට මුද්‍රිකපානයේ අවසන් කප්පම ගෙවන්නෙමි, තවද ඔවුන් මත් වනු ඇත්තේය; තවද ඔවුන් බීමත්ව නිදා සිටින විට අපි ඔවුන්ගේ කඳවුරේ වම් පස ඇති රහස් මංසන්ධිය හරහා යන්නෙමු.
8 මෙසේ අප අපගේ ස්ත්‍රීන් සහ අපගේ දරුවන් ද, අපගේ බැටළු රැළවල්, සහ අපගේ පට්ටි සමඟ වනාන්තරය තුළට පිටත් වන්නෙමු; තවද අප ශිලොම් දේශය වටා ගමන් කරන්නෙමු.
9 තවද එය මෙසේ සිදු විය, එනම් රජු ගිඩියොන්ගේ වචන වලට සවන් දුන්නේය.
10 තවද ලිම්හායි රජු එනම් තම ජනතාවට ඔවුන්ගේ රැළවල් රැස් කිරීමට සැලැස්සුවේය; තවද ඔහු ලේමන්වරුන්ට මුද්‍රිකපානයේ කප්පම යැවීය; තවද එසේම ඔහු ඔවුන්ට ත්‍යාගයක් ලෙස, තවත් මුද්‍රිකපානය යවන ලැබුවේය; තවද ලිම්හායි රජු ඔවුන් වෙත එවන ලද මුද්‍රිකපානය ඔවුන් නිදහසේ පානය කළෝය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි රජුගේ ජනතාව රාත්‍රියේදී ඔවුන්ගේ රැළවල් සහ පට්ටි සමඟ වනාන්තරය තුළට පිටත්ව ගියෝය, තවද ඔවුන් වනාන්තරයේ ශිලොම් දේශය වටා ගොස්, තවද ඇමන් සහ ඔහුගේ සහෝදරයන් විසින් මඟ පෙන්වනු ලැබ, සරහෙම්ලා දේශය දෙසට ඔවුන්ගේ ගමන් මාර්ගය යොමු කළෝය.
12 තවද ඔවුන් ඔවුන්ට රැගෙන යා හැකි ඔවුන්ගේ සියලු රන් ද, රිදී ද, තවද ඔවුන්ගේ අනර්ඝ දේවල් ද, තවද එසේම ඔවුන්ගේ කළමනා ද සමඟ වනාන්තරය තුළට ගියෝය; තවද ඔවුන් ඔවුන්ගේ ගමනෙහි නිරත වූවෝය.
13 තවද බොහෝ දිනක් වනාන්තරයේ සිටි පසු ඔවුන් සරහෙම්ලා දේශයට පැමිණ, තවද මොසායාගේ ජනතාව සමඟ එකතු වී, තවද ඔහුගේ යටත්වැසියන් බවට පත් වූවෝය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් මොසායා ඔවුන්ව ප්‍රීතියෙන් පිළිගත්තේය; තවද එසේම ලිම්හායිගේ ජනතාව විසින් සොයාගත් වාර්තා, තවද එසේම ඔවුන්ගේ වාර්තාවන් ද ඔහු ලබාගත්තේය.
15 තවද එය මෙසේ සිදු විය, ලිම්හායිගේ ජනතාව එනම් රාත්‍රියේදී දේශයෙන් පිටත්ව ගිය බව ලේමන්වරුන් දැනගත් විට, එනම් ඔවුන් ලුහුබැඳ යන පිණිස සේනාවක් වනාන්තරය වෙත යැව්වෝය;
16 තවද ඔවුන් දින දෙකක් ඔවුන් ලුහුබැඳ ගිය පසුව, ඔවුන්ට තවදුරටත් ඔවුන්ගේ මාර්ග අනුගමනය කිරීමට නොහැකි විය; එසේහෙයින් ඔවුන් වනාන්තරයේ අතරමං විය.