ශුද්ධලියවිලි
මොසායා 21


21 වන පරිච්ඡේදය

ලිම්හායිගේ ජනතාව ලේමන්වරුන්ගෙන් පහර ලැබ පරාජයට පත් කරනු ලැබේ – ලිම්හායිගේ ජනතාව ඇමන්ව මුණ ගැසී හැරවෙන ලදී – ඔවුන් ජෙරඩයිට්වරුන්ගේ තහඩු විසි හතර පිළිබඳව ඇමන්ට පවසයි. ක්‍රි.පූ. 122–121 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි සහ ඔහුගේ ජනතාව නීෆායිගේ නුවරට නැවත පැමිණි අතර, නැවතත් සාමයෙන් දේශයේ වෙසෙන්නට පටන් ගත්තෝය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ දවසක් පසු වූ විට, ලේමන්වරුන් නැවතත් නීෆායිවරුන්ට එරෙහිව කෝපයෙන් කැළඹෙන්නට පටන් ගත්තෝය, තවද ඔවුන් සෑම දිශාවකින්ම දේශයේ මායිම් තුළට එන්නට පටන් ගත්තෝය.

3 දැන් ඔවුන් ඔවුන්ව මරා දැමීමට තැත් නොකෙරුවෝය, මක්නිසාද ලිම්හායි වෙත රජු කළ දිවුරුම කරණ කොටගෙන ය; එහෙත් ඔවුන් ඔවුන්ගේ කම්මුල්වලට ඔවුන් පහර දෙන ලද අතර, ඔවුන් මත අධිකාරී බලය යොදන ලදී; තවද ඔවුන්ගේ පිටවල් මත බරපතළ බරවල් දැමීමට පටන් ගත් අතර, ගොළු බූරුවෙක් ට කරන මෙන් ඔවුන්ව පැද යන්නෝය –

4 එසේය, මේ සියල්ල සිදු කරනු ලැබුවේ දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ විය යුතු හෙයින්ය.

5 තවද දැන් නීෆායිවරුන්ගේ පීඩාවන් බොහෝමයක් විය, තවද ඔවුන්ගේ දෑත්වලින් ඔවුන්ට ඔවුන්ව ගලවා ගැනීමට ක්‍රමයක් නොතිබුනේය, මක්නිසාද ලේමන්වරුන් ඔවුන්ව සෑම දිශාවකින්ම වට කර තිබුනෝය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ පීඩාවන් නිසා ජනතාව රජු සමඟ මැසිවිලි දෙඩවීමට පටන් ගත්හ; තවද ඔවුන්ට එරෙහිව ගොස් සටන් කිරීමට ඔවුන් ආශා කළෝය. තවද ඔවුන්ගේ පැමිණිලිවලින් පමණක්ම මහත් සේ රජුට පීඩා කළෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ආශාවන්වලට අනුව කිරීමට ඔවුන් හට ඔහු අවසර දුන්නේය.

7 තවද ඔවුන් නැවතත් ඔවුන්ව එක්රැස් කර, ඔවුන්ගේ සන්නාහ පැළඳ ගෙන, ලේමන්වරුන්ට එරෙහිව ගියේ ඔවුන්ව ඔවුන්ගේ දේශයෙන් පලවා හැරීමටය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ට පහර දී, ඔවුන්ව ආපසු එළවා දමා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මරා දැමුවෝය.

9 තවද ලිම්හායිගේ ජනතාව අතර මහත් සේ ශෝකයන් හා වැලපීම් හට ගත්තේය, වැන්දඹුව ඇයගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ශෝක වීම, පුතු සහ දියණිය ඔවුන්ගේ පියා වෙනුවෙන් ශෝක වීම, සහ සහෝදරයින් ඔවුන්ගේ සහෝදරයින් වෙනුවෙන්ය.

10 දැන් දේශයේ වැන්දඹුවන් බොහෝ දෙනෙක් සිටි අතර, ඔවුන් බලවත් සේ දවසින් දවස මොර ගැසුවෝය, මක්නිසාද ලේමන්වරුන් කෙරෙහි ඇති මහත් බියක් ඔවුන් මතට ආ හෙයිනි.

11 දැන් එය මෙසේ සිදු විය, එනම් නොනැවතී ගිය ඔවුන්ගේ මොරගැසීම් ලිම්හායිහි සිටි ඉතිරිවූවන්ව ලේමන්වරුන්ට එරෙහිව කෝපයෙන් කැළඹුවේය; තවද ඔවුන් යුද්ධ කිරීමට නැවතත් ගිය නමුත්, ඔවුන්ව නැවතත් ආපසු එළවා හරිනු ලද්දේ, බොහෝ පාඩු විඳිමින්ය.

12 එසේය, ඔවුන් නැවතත් තුන්වන වරටත් ගොස්, ඒ ආකාරයටම වේදනාවන් වින්දෝය; තවද මරා නොදැමුවූවන් නැවතත් නීෆායිගේ නුවරට පැමිණියෝය.

13 තවද වහල්කමේ වියගහට ඔවුන්වම භාජනය කර, පහර ලැබීමට ඔවුන්ම යටත් වෙමින්, තවද එහාට මෙහාට එළවා හැරීමට, සහ හිරිහැර ලැබීමට, ඔවුන්ගේ සතුරන්ගේ ආශාවන්වලට අනුව, දුහුවිලි වලට පවා ද ඔවුන් නිහතමානී වුනෝය.

14 තවද නිහතමානීභාවයේ ගැඹුරෙහිම පවා ඔවුන් ඔවුන්ව නිහතමානී කරගත්තෝය; එසේය, එපමණක් නොව මුළු දවස පුරාවෙහිම ඔවුන්ගේ දෙවියන්වහන්සේ හට, එනම් උන්වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ පීඩාවලින් ගලවාගන්නා ලෙස මොරගැසුවෝය.

15 තවද දැන් ඔවුන්ගේ අයුතුකම් නිසාවෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම්වලට සවන් දීමට ඉක්මන් නොවූ සේක; එසේනමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම්වලට සවන් දුන් සේක, තවද ලේමන්වරුන්ගේ හදවත් මෘදු කොට එනම් ඔවුන්ගේ බර ඔවුන් පහසු කරගන්නා සේය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් පිටතට ගලවා ගැනීමට නුසුදුසු යැයි දුටු සේක.

16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සාගින්නෙන් නොපෙළෙන හෙයින්, එනම් ඔවුන් පිළිවෙළින් දේශයේ සමෘද්ධිමත් වන්නට පටන් ගත් අතර, ධාන්‍ය ද, බැටළු රැළවල් ද, ගව රැළවල් ද, වඩාත් බහුලව රැස් කෙරුවෝය.

17 දැන් පුරුෂයින් සිටිනවාට වඩා, කාන්තාවන් බොහෝමයක් සිටියෝය; එසේහෙයින් සියළු මනුෂ්‍යයෙකුම වැන්දඹුවන් සහ ඔවුන්ගේ දරුවන් වෙත උපකාර කිරීමට බෙදා හැරිය යුතු යැයි ලිම්හායි රජු අණ කළේය, එනම් ඔවුන් කුසගින්නෙන් මැරී නොයනු පිණිසය; තවද ඔවුන් මේ දේ කළේ මරා දැමුවූවන් ඔවුන්ගේ ගණනින් බොහෝමයක් වූ හෙයිනි.

18 දැන් ලිම්හායිහි ජනතාව එක සේ හැකි පමණින් තියා ගත්තෝය, තවද ඔවුන්ගේ ධාන්‍ය සහ ඔවුන්ගේ රැළවල් සුරක්ෂිත කළෝය;

19 තවද රජු නමුත් නුවරෙහි බිත්ති නොමැති නම් ඔහුගේ අයෙකු ද විශ්වාස නොකළේය, ඔහුත් සමඟ ඔහුගේ මුරකරුවන් රැගෙන යන්නාක් මිස, එනම් ඒ ඔහු ලේමන්වරුන්ගේ දෑත්වලට කිසියම් ආකාරයකින් ඇද වැටීමට ඇති බිය නිසාය.

20 තවද ඔහුගේ ජනතාව දේශයේ සෑම දිශාවකින්ම අධීක්ෂණය කළ යුතු බවට ඔහු කටයුතු කළේය, එනම් ලේමන්වරුන්ගේ දියණියන් සොරාගෙන, තවද එයින් ඔවුන් මත මහත් විනාශයක් කළ, වනාන්තරයට පලා ගිය ඒ පූජකවරුන්ව ඔවුන් යම්කිසි ආකාරයෙන් අල්ලා ගන්නා පිණිසය.

21 මක්නිසාද ඔවුන්ව රැගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ඔවුන් ආශා කළෝය; මක්නිසාද ඔවුන් රාත්‍රියේ දී නීෆායි දේශය තුළට පැමිණ, ඔවුන්ගේ ධාන්‍ය සහ ඔවුන්ගේ අගනා දේ බොහෝමයක් රැගෙන ගොස් තිබුනෝය; එසේහෙයින් ඔවුන් තැන්පත්ව රැක සිටියේ ඔවුන් වෙනුවෙන්ය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් සහ ලිම්හායිහි ජනතාව අතර තවදුරටත් කලබල ඇති නොවීය, එපමණක් නොව ඇමන් සහ ඔහුගේ සහෝදරයන් දේශය තුළට පැමිණෙන තෙක් ද එසේ විය.

23 තවද රජු නුවරෙහි දොරටු නොමැතිව තිබූ බැවින් ඔහුගේ මුරකරුවා සමඟ, ඇමන් සහ ඔහුගේ සහෝදරයන් සොයා ගත්තේය; තවද ඔවුන් නෝවාගේ පූජකවරුන් වනු ඇති අනුමාන කර, එසේහෙයින් ඔහු ඔවුන් රැගෙන ගොස්, ගැට ගසා දමා, සිරගෙදර තුළට දැමීමට කටයුතු කළේය. තවද ඔවුන් නෝවාගේ පූජකවරුන් වුවහොත් ඔහු ඔවුන්ව මරණයට පත් කරන ලදී.

24 එහෙත් ඔවුන් එසේ නොවන බවත්, සරහෙම්ලා දේශයෙන් පැමිණ, එහෙත් ඔවුන් ඔහුගේ සහෝදරයන් වන බවත් දැනගත් විට, ඔහු අධික වූ මහත් ප්‍රීතියෙන් විය.

25 දැන් ලිම්හායි රජු ඇමන්ගේ පැමිණීමට පෙර මනුෂ්‍යන් කුඩා ගණනක් සරහෙම්ලා දේශය සොයාගැනීමට යවා තිබුනේය; එහෙත් ඔවුන්ට එය සොයා ගැනීමට නොහැකි විය, තවද ඔවුන් වනාන්තරයෙහි අතරමංව සිටියෝය.

26 එසේනමුත්, ජනාවාස වූ දේශයක් ඔවුන් සොයා ගත්තෝය; එසේය, වියැළි වූ අස්ථිවලින් වැසී ගිය දේශයක්, එසේය, විනාශයට පත් වූ ජනාවාස වූ දේශයක්; තවද ඔවුන්, එය සරහෙම්ලා දේශය යැයි අනුමාන කර, නීෆායි දේශය වෙත නැවත පැමිණ, ඇමන්ගේ පැමිණීමට බොහෝ දිනකට පෙර නොව දේශයේ මායිම්වලට පිවිසුණෝය.

27 තවද ඔවුන් සමඟ ඔවුන් වාර්තාවක් රැගෙන ආවෝය, එපමණක් නොව ඔවුන් සොයාගත් අස්ථි හිමි වූ මනුෂ්‍යන්ගේ වාර්තාවක් ද විය; තවද එය ලෝ පස් තහඩු මත කැටයම් කර තිබුණි.

28 තවද දැන් ලිම්හායි නැවතත් ප්‍රීතියෙන් පූර්ණ වූයේ එනම් මොසායාට දෙවියන්වහන්සේගෙන් දීමනාවක් ඇති බව ඇමන්ගේ මුඛයෙන් දැනගත් විටය, මක්නිසාදයත් ඔහුට එවැනි කැටයම් අර්ථකතනය කිරීමට හැකි බැවිනි; එසේය, තවද ඇමන් ද එසේම ප්‍රීතිමත් වූයේය.

29 එහෙත් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් කනස්සල්ලෙන් පිරී සිටියේ ඔවුන්ගේ සහෝදරයන් බොහෝමයක් මරා දමා තිබූ බැවිනි;

30 තවද නෝවා සහ ඔහුගේ පූජකවරුන් දෙවියන්වහන්සේට එරෙහිව ජනතාව පාපයන් සහ අයුතුකම් බොහෝමයක් කිරීමට කටයුතු කළෝය; තවද ඔවුන් අබිනඩායිගේ මරණය වෙනුවෙන් ද ශෝකයට පත් විය; තවද දෙවියන්වහන්සේගේ ශක්තිය සහ බලය තුළින් දෙවියන්වහන්සේගේ සභාවක් පිහිටවූ අතර, අබිනඩායි පැවසූ වචන කෙරෙහි ඇදහිල්ල තබා, ඇල්මා සහ ඔහු සමඟ ගිය ජනතාවගේ නික්මයාම ද සඳහාය.

31 එසේය, ඔවුන්ගේ නික්මයාම සඳහා ඔවුන් ශෝක වූවෝය, මක්නිසාද ඔවුන් කවරදෙසට පලා ගියේ දැයි ඔවුන් නොදැන සිටි බැවිනි. දැන් ඔවුන් සතුටින් ඔවුන් සමඟ එක් වීමට තිබින, මක්නිසාද ඔවුන් ඔවුන්ම උන්වහන්සේට සේවය කර උන්වහන්සේගේ අණපනත් රකින සේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුළත් වූ බැවිනි.

32 තවද දැන් ඇමන්ගේ පැමිණීම සිට, ලිම්හායි රජු ද, තවද එසේම ඔහුගේ ජනතාවේ බොහෝදෙනෙකුද, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුළත් වුයේ, උන්වහන්සේට සේවය කර උන්වහන්සේගේ අණපනත් රැකීමටය.

33 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි රජු සහ ඔහුගේ ජනතාවගේ බොහෝ දෙනෙකු බෞතීස්ම වීමට ආශාවෙන් සිටියෝය; එහෙත් දෙවියන්වහන්සේගේ අධිකාරී බලයලත් කිසිවෙකු දේශයෙහි නොසිටියේය. තවද තමන් නුසුදුසු සේවකයෙකු යැයි සලකා, ඇමන් මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළේය.

34 එසේහෙයින් එකල ඔවුන් ඔවුන් තුළින් සභාවක් නොපිහිටවා, ස්වාමීන්වහන්සේගේ ආත්මය කෙරෙහි රඳා පැවතුනෝය. දැන් වනාන්තරය තුළට පලා ගිය, ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මෙන් වීමට ඔවුන් ආශා කළෝය.

35 බෞතීස්ම වී සාක්ෂිකරුවෙකු සහ සාක්ෂියක් වශයෙන් එනම් ඔවුන් සියළුදෙනාගේ හදවත්වලින් දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔවුන් ආශා කළෝය; එසේනමුත් ඔවුන් කාලය දික්ගැස්සුවෝය; තවද ඔවුන්ගේ බෞතීස්මය පිළිබඳව වාර්තාවක් මින්පසු දෙනු ලැබේ.

36 තවද දැන් ඇමන් සහ ඔහුගේ ජනතාවගේ, සහ ලිම්හායි රජු සහ ඔහුගේ ජනතාවගේ සියලු උත්සහය වූයේ, ලේමන්වරුන්ගේ දෑතින් සහ වහල්භාවයෙන් ඔවුන්ව ගලවා ගැනීමටය.