ශුද්ධලියවිලි
මොසායා 25


25 වන පරිච්ඡේදය

සරහෙම්ලාහි මියුලෙක්ගෙන් පැවත එන්නන් නීෆායිවරුන් බවට පත් වේ – ඔවුන් ඇල්මා සහ සෙනිෆ්ගේ ජනතාව ගැන ඉගෙන ගනී – ඇල්මා ලිම්හායි සහ ඔහුගේ සියලු ජනතාව බෞතීස්ම කරයි – මොසායා දෙවියන්වහන්සේගේ සභාව සංවිධානය කිරීමට ඇල්මාට අධිකාරීත්වය පවරයි. ක්‍රි.පූ. 120 දී පමණ.

1 තවද දැන් මොසායා රජු එනම් සියලු ජනතාව එක් රැස් වීමට සැලැස්විය.

2 දැන් එහි මියුලෙක්ගෙන් පැවත එන්නෙකු වූ, සරහෙම්ලාහි ජනතාව, තවද ඔහුත් සමඟ වනාන්තරයට පැමිණි අය මෙන්, නීෆායිගේ දරුවන් බොහෝ දෙනෙක්, නැතහොත් නීෆායිගෙන් පැවත එන්නන් වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොසිටියෝය.

3 තවද ලේමන්වරුන්ගේ මෙන් නීෆායිගේ ජනතාව ද තවද සරහෙම්ලා හී ජනතාව ද බොහෝ දෙනෙක් එහි නොසිටියෝය; එසේය, ඔවුන් අඩක් තරම්වත්් නොවීය.

4 තවද දැන් නීෆායිගේ සියලු ජනතාව ද, තවද එලෙසම සරහෙම්ලාහි සියලු ජනතාව ද එක් රැස් වී සිටියෝය, තවද ඔවුන් සමූහයන් දෙකක් වශයෙන් එක්රැස් වී සිටියෝය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් මොසායා සෙනිෆ්ගේ වාර්තාවන් ඔහුගේ ජනතාවට කියෙව්වේය, තවද කියවීමට සැලැස්වූවේය; එසේය, ඔවුන් සරහෙම්ලා දේශයෙන් පිටත්ව ගිය දා සිට නැවත පැමිණීම දක්වා වූ, සෙනිෆ්ගේ ජනතාවගේ වාර්තාවන් ඔහු කියෙව්වේය.

6 තවද ඔහු ඇල්මා සහ ඔහුගේ සහෝදරයින්ගේ ද, තවද ඔවුන්ගේ සියලු පීඩාවන් ද, සරහෙම්ලා දේශයෙන් පිටත්ව ගිය දා සිට නැවත පැමිණෙන තෙක් වූ විස්තරය ද ඔහු කියෙව්වේය.

7 තවද දැන්, මොසායා විස්තරය කියවා අවසන් කළ විට, දේශයේ රැදී සිටියා වූ ඔහුගේ ජනතාව පුදුමයෙන් සහ විශ්මයෙන් මුසපත් වූවෝය.

8 මක්නිසාද ඔවුන් සිතන්නේ කුමක්දැයි නොදැන සිටියෝය; මක්නිසාද වහල්භාවයෙන් පිටතට ගලවාගත් අය දුටු විට ඔවුන් බොහෝ සෙයින් මහත් ප්‍රීතියෙන් පිරී ගියෝය.

9 තවද නැවතත්, ලේමන්වරුන් විසින් මරා දමන ලද ඔවුන්ගේ සහෝදරයන් ගැන සිතූ විට ඔවුන් ශෝකයෙන් පිරී ගියෝය, තවද බොහෝ ශෝක කඳුළු පවා හෙළුවෝය.

10 තවද නැවතත්, ඔවුන් දෙවියන්වහන්සේගේ සෘජු යහපත්කම ගැනත්, තවද උන්වහන්සේගේ ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් ලේමන්වරුන්ගේ දෑතින් පිටතට සහ වහල්භාවයෙන් ගලවා ගැනිමේ බලය ගැනත් සිතූ විට, ඔවුන් ඔවුන්ගේ හඬවල් නඟා තවද දෙවියන්වහන්සේ හට තුති පුද කළෝය.

11 තවද නැවත, ඔවුන්ගේ සහෝදරයන් වන, ලේමන්වරුන්ගේ පාපකාරී සහ දූෂිත තත්වය පිලිබඳ ඔවුන් සිතූ විට, ඔවුන්ගේ ආත්මයන්ගේ ශුභසිද්ධිය සඳහා ඔවුන් වේදනාවෙන් සහ සංවේගයෙන් පිරී ගියෝය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ දූවරුන් භාර්යාවන් ලෙස ගෙන ගිය, ඇමියුලොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ දරුවන්, ඔවුන්ගේ පියවරුන්ගේ හැසිරීම ගැන අසතුටු වූ අතර, තවද ඔවුන් තවදුරටත් ඔවුන්ගේ පියවරුන්ගේ නාමයන්ගෙන් නම් නොකළෝය, එසේහෙයින් ඔවුන් ඔවුන් මත නීෆායිගේ නම ගත්තෝය, එනම් ඔවුන් නීෆායිගේ පුත්‍රයන් ලෙස හඳුන්වනු ලබන පිණිසත්, තවද නීෆායිවරුන් ලෙස හැඳින්වූ අය අතර ගණන්ගනු ලබන පිණිසත්ය.

13 තවද දැන් සරහෙම්ලාහි සියලු ජනතාව නීෆායිවරුන් සමඟ ගණන් කරනු ලැබුවෝය, තවද මෙය නීෆායිගෙන් පැවත එන්නන් හැර වෙනත් කිසිවෙකුට රාජ්‍යය පිරිනමන්නේ නැති බැවින්ය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මොසායා ජනතාවට කියවීම සහ කතා කිරීම අවසන් කළ විට, ඇල්මා ද ජනතාවට ද කතා කළ යුතු යැයි ඔහු ආශා කළේය.

15 තවද ඇල්මා ඔවුන්ට කතා කළේය, ඔවුුුන් විශාල සමුහයන් ලෙස ඒකරාශී වූ විට, තවද ඔහු එක් සමුහයකින් තවත් සමුහයකට ගොස්, ජනතාවට පසුතැවිලිවීම ද ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද දේශනා කළේය.

16 තවද ඔහු ලිම්හායි ජනතාව ද ඔහුගේ සහෝදරයව ද, වහල්භාවයෙන් පිටතට ගලවනු ලැබූ සියල්ලන්ව ද දිරිමත් කෙළේ, එනම් ඔවුන් ගලවා ගනු ලැබුවේ ස්වාමීන්වහන්සේ බව සිහි තබා ගත යුතු බවය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ජනතාවට බොහෝ දේ ඉගැන්වූ පසු, තවද ඔවුන් සමඟ කථා කිරීම අවසන් කළ පසු, එනම් ලිම්හායි රජු බෞතීස්ම වීමට ආශා කළේය; තවද ඔහුගේ සියලු ජනතාව ද එසේම බෞතීස්ම වීමට ආශා කළෝය.

18 එසේහෙයින්, ඇල්මා ඉදිරියට ගොස් ජලයට බැස ඔවුන්ව බෞතීස්ම කළේය; එසේය, ඔහු මොර්මන්ගේ ජලයේ තම සහෝදරයන් කළ ආකාරයට අනුව ඔවුන්ව බෞතීස්ම කළේය; එසේය, ඔහු බෞතීස්ම කළ බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගේ සභාවට අයත් විය; තවද මෙය ඇල්මාගේ වචන පිළිබඳ ඔවුන්ගේ වූ විශ්වාසය නිසාය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් මොසායා රජු ඇල්මාට සරහෙම්ලාහි සියලු දේශයන් පුරා වට සභාවන් ස්ථාපිත කිරීමට අවසර දුන්නේය; තවද සෑම සභාවකම පුජකවරුන් සහ ගුරුවරුන් නියම කිරීමට ඔහුට බලය ලබා දුන්නේය.

20 දැන් ඔවුන් සියල්ලන්ම එක් ගුරුවරයෙකු විසින් පාලනය කළ නොහැකි තරම් එහි ජනතාවක් සිටි නිසාවෙන්ද; ඔවුන් සියලු දෙනාටම එක් රැස්වීමක දී දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට ද නොහැකි වූ නිසාවෙන් ද මෙය සිදු කරනු ලැබුවේය.

21 එසේහෙයින් ඔවුන් සභාවන් ලෙස හැඳින්වෙන, විවිධ සමුහයන් ලෙස එක් රැස් විය; සෑම සභාවක්ම ඔවුන්ගේ පූජකයන් සහ ඔවුන්ගේ ගුරුවරුන් සිටියෝය, තවද සෑම පූජකවරයෙකුම ඇල්මාගේ මුඛයෙන් ඔහුට භාර දුන් පරිදි වචනය දේශනා කරනු ලැබුවෝය.

22 තවද මෙසේ, එහි බොහෝ සභාවන් තිබින ද ඔවුන් සියල්ලන්ම එකම සභාවක් විය, එසේය, දෙවියන්වහන්සේගේ සභාව පවා විය; මක්නිසාද සියලු සභාවන් තුළ පසුතැවිලි වීම සහ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල මිස දේශනා කරන ලද වෙන කිසිවක් එහි නොවීය.

23 තවද දැන් සරහෙම්ලා දේශයෙහි සභාවන් හතක් විය. තවද එය මෙසේ සිදු විය, එනම් යමෙක් ඔවුන් මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමය, හෝ දෙවියන්වහන්සේගේ නාමය, ගැනීමට ආශා වූයේ ද ඔවුන් දෙවියන්වහන්සේගේ සභාවන්ට සම්බන්ධ වූවෝය;

24 තවද ඔවුන් දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම් කරන ලදී. තවද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් ඔවුන් පුරවාලීය, තවද ඔවුන් ආශීර්වාද ලැබූ අතර, තවද දේශය තුළ සමෘද්ධිමත් විය.