ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 26


26 වන කොටස

1830 ජූලි, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා, ඔලිවර් කවුඩ්‍රි, සහ ජෝන් විට්මර් හට, දෙනු ලැබූ එළිදරව්වකි (24 වන කොටසේ ශීර්ෂය බලන්න).

1, ඔවුන්ට ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සහ දේශනා කිරීමට උපදෙස් දෙනු ලබයි; 2, පොදු කැමැත්තේ නීතිය ස්ථීර කරනු ලබයි.

1 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි එනම් නුඹලා ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට, සහ දේශනා කිරීමටද කොල්ස්විල් සභාව ස්ථීර කරමින්, තවද දේශය මත නුඹලාගේ වෙහෙසවීම් අවශ්‍යතාවයන් මත සිදුකරමින්, නුඹලා අනෙක් සම්මන්ත්‍රණය පැවැත්වීමට බටහිරට යාමට පිටත්වීමට පෙර නුඹලාගේ කාලය කැප කළ යුතුය; තවද ඉන්පසුව නුඹලා කුමක් කළ යුතුදැයි දන්වනු ලබන්නේය.

2 තවද සියලු දේවල් පොදු කැමැත්තෙන්, මහත් යාච්ඤාවෙන් සහ ඇදහිල්ලෙන් සභාව තුළ කළ යුතු වන්නේය, මක්නිසාද සියලු දේවල් නුඹ ඇදහිල්ලෙන් ලබන්නේය. ආමෙන්.