ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 123


123 වන කොටස

මිසුරි හි, ලිබර්ටි හි බන්ධනාගාරයේ සිරකරුවෙකු ලෙස සිටියදී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් ලියන ලද පරිදි, ඔවුන්ට පීඩා කරන්නන් සම්බන්ධයෙන් ශුද්ධවන්තයන්ගේ රාජකාරිය වේ. මෙම කොටස 1839 මාර්තු 20, සභාවට ලියන ලද ලිපියකින් උපුටා ගත් කොටසකි (121 වන කොටසේ ශීර්ෂය බලන්න).

1–6, ශුද්ධවන්තයන් ඔවුන්ගේ විඳවීම් සහ හිංසාවන් වල වාර්තාවන් රැස්කරමින් ප්‍රකාශ කළ යුතු වන්නෝය; 7–10, එනම් ව්‍යාජ ක්‍රියාවන් පිහිටුවනු ලැබූ එම ආත්මයම එසේම ශුද්ධවන්තයන්ගේ හිංසා කිරීමට මගපෙන්වන්නේය; 11–17, සියලු කණ්ඩායම් අතර බොහෝ අයවළුන් තවමත් සත්‍යය ලබන්නෝය.

1 තවද නැවතත්, මෙම දේශයේ ජනතාව මගින් ඔවුන් වෙත දමා ඇති සියලු සිද්ධාන්තයන්, සහ විඳවීම් සහ අපයෝජනයන් පිළිබඳ දැනුම එක්රැස් කිරීමට සියලු ශුද්ධවන්තයන්ට ඇති උචිත බව පිළිබඳ නුඹලාගේ සලකාබැලීම ගැන අපි යෝජනා කරන්නට කැමැත්තෙමු;

2 තවද එසේම ඔවුන් ලබා ඇති සියලුම දේපළ වල අහිමිවීම් සහ එම අලාභයේ ප්‍රමාණයද, චරිතයට සහ තමන්ට වූ අනතුරුද, එමෙන්ම ස්ථාවර දේපළ වලට වූ අලාභද;

3 තවද එසේම ඔවුන්ට ඒවා අල්ලාගෙන සහ ඒවා සොයාගත හැකිවන පරිදි, ඔවුන්ගේ පීඩාවන්ට සහභාගී වී ඇති සියලු පුද්ගලයන්ගේ නම්ද [පිළිබඳවය].

4 තවද සමහරවිට මෙම දේවල් සොයාගැනීම උදෙසාද, තවද ප්‍රකාශයන් සහ දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමටද, කමිටුවක් පත්කරගත හැකිය; තවද එසේම පැතිර ඇත්තාවූ අපහාසාත්මක ප්‍රකාශනද රැස්කරගත හැකිය;

5 තවද සඟරා තුළ, තවද විශ්වකෝෂයන් තුළ, ප්‍රකාශ කරනු ලැබ ඇති සියලු උපහාසාත්මක ඉතිහාසයන් තුළ ඇති සියල්ලද, තවද එම ලියා ඇති දේද, ලියා ඇති අයද, මෙම ජනතාව මත ක්‍රියාත්මක කර ඇති පාපිෂ්ඨ සාහසිකකමේ සමස්ථ ක්‍රියාවලියද තවද අතිදුෂ්ඨ සහ මිනීමරු අත් තැබීම්ද ඉදිරිපත් කළ හැකිය—

6 එනම් අප මුළු ලෝකයටම ප්‍රකාශ කිරීමට පමණක් නොව, එහෙත් උන්වහන්සේ සැඟවී ඇති ස්ථානයෙන් පිටතට උන්වහන්සේව පෙරට කැඳවන එම පොරොන්දුව සම්පූර්ණයෙන්ම සහ මුළුමනින්ම ලබාගැනීමට පෙර, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ විසින් අප හට ආඥා කර ඇති අවසාන ප්‍රයත්නය ලෙස, ඔවුන්ගේ සියලු අන්ධකාර සහ නරකාදි පැහැයෙන් ඒවා ආණ්ඩුවේ මූලිකයන් වෙත ඉදිරිපත් කරන්නටය; තවද එමෙන්ම උන්වහන්සේගේ බලවත් වූ හස්තයේ බලය උන්වහන්සේ විසින් පෙරට එවීමට පෙර මුළු ජාතියම නිදහසට කාරණාවකින් තොර වන පිණිසය.

7 එය අපි දෙවියන්වහන්සේට, ඔවුන් සමඟ අපව නගාසිටුවනු ලබන දේවදූතයන්ට, තවද එසේම අපට, තවද දරුවන්ගේ හදවත් මත බොරුවට උරුමකම් කියන, තවද ලෝකය ව්‍යාකූලත්වයෙන් පුරවා ඇති, තවද තව තවත් ශක්තිමත්ව වැඩෙමින් සිටින, තවද දැන් සියලු දූෂණ වල ප්‍රධාන උල්පත වන, තවද එහි අයුක්තියේ බර යටතේ මුළු ලොවම කෙඳිරි ගාමින් සිටින, පියවරුන්ගේ ඇදහිල්ල දැඩි ලෙස උඩු යටිකුරු කර ඇති, එම ආත්මයේ බලපෑම මගින් සහයලත් සහ උනන්දු කරනු ලැබූ සහ උසුලනු ලබා ඇති, මිනීමැරුමේ, සාහසිකත්වයේ, සහ පීඩනයේ ඉතාමත් නින්දිත හස්තය යටතේ, කම්පාවෙන්, ශෝකයෙන්, සහ සැලකිල්ල සමඟ, වැඳ වැටීමට සලස්වා ඇති අය වන අපගේ බිරින්දෑවරුන්ට සහ දරුවන්ට, අපි කළ යුතු අත්‍යවශ්‍යම යුතුකමකි.

8 එය යකඩ වියගහකි, එය ශක්තිමත් බැඳීමකි; ඒවා එම අත්මාංචුද, තවද දම්වැල්ද, තවද යදම්ද, සහ නිරයේ විලංගුද වන්නේය.

9 එසේහෙයින් එය අපි කළයුතු වන අත්‍යාවශ්‍ය වගකීමක් වන්නේය, ඒ අපගේ ස්වකීය භාර්යාවන්ට සහ දරුවන්ට පමණක් නොවේ, එහෙත් එහි යකඩ හස්තය මගින් මරණයට පත්කර ඇති ස්වාමිපුරුෂයන් සහ පියවරුන් අහිමි වූ, වැන්දඹුවන් සහ පියා අහිමි වූවන් උදෙසාය;

10 එම අන්ධකාර සහ කලුවර වන්නාවූ ක්‍රියාවන් එම නිරය එය විසින්ම වෙව්ලන්නට සැලැස්වීමටද, තවද ත්‍රස්තව සහ සුදුමැලිව පවතින්නටද, තවද එම යක්ෂයාගේ හස්තයන් වෙව්ලීමට සහ අඩපණ කරන්නටද සෑහෙන්නේය.

11 තවද එසේම එය නැගී එන්නාවූ සියලු පරම්පරාවන්ටද, තවද හදවතින් පවිත්‍රව සිටින්නාවූ සියල්ලන්ටමද, අපි කළයුතු වන අත්‍යාවශ්‍ය වගකීමක් වන්නේය—

12 මක්නිසාද එහි මනුෂ්‍යයන්ගේ තීක්ෂණ කපටිකමින් අන්ධ වී ඇති, පොළොවේ සියලු සම්ප්‍රදායන්, පාර්ශවයන්, සහ නිකායන් වල බොහෝ අය තවමත් ඇත, එසේහෙයින් බොරුවෙන් රැවටීමට ඔවුන් බලාසිටින්නෝය, තවද ඔවුන්ව සත්‍යයෙන් සඟවා ඇත්තේ මක්නිසාද එය සොයාගන්නේ කොතැනදැයි ඔවුන් නොදන්නා නිසාය—

13 එසේහෙයින්, එනම් අපි ඒවා දන්නා පමණින්, අන්ධකාරයේ සැඟව ඇත්තාවූ සියලු දේවල් ආලෝකය වෙතට ගෙන ඒමට අපි අපගේ ජීවිත වලින් හැකි උපරිමයෙන් උත්සහ කළයුතු වන්නෙමු; තවද ඒවා සැබවින්ම ස්වර්ගයෙන් එළිදරව් වන්නේය—

14 ඉන්පසු මේවා මහත් උවමනාවක් සමඟින් ක්‍රියාවෙහි යෙදවිය යුතු වන්නේය.

15 ඒවා සුළු දේවල් යැයි කිසිම මනුෂ්‍යයෙකු නොසලකත්වා; මක්නිසාද මේ දේවල් මත රඳාපවතින, එහි ශුද්ධවන්තයන් සම්බන්ධව, අනාගතය උදෙසා බොහෝ දෙවල් පවතින්නේය.

16 සහෝදරවරුනි, නුඹලා දන්නා ලෙස, ඉතා විශාල නෞකාවක් ඉතා කුඩා සුක්කානමකින් කුණාටුවක් අවස්ථාවකදී, සුළං සහ රැලි සමඟ ගමන් මාර්ගයේ පැවතීමට උපකාරය ලබන්නේය.

17 එසේහෙයින්, හිතවත් ප්‍රියාදර සහෝදරවරුනි, අපගේ බලය තුළ රැඳී ඇත්තාවූ සියලු දේවල් අපි ප්‍රීතියෙන් යුතුව ඉටුකරමු; තවද දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමටද, තවද උන්වහන්සේගේ හස්තය එළිදරව් වීම උදෙසාද, එවිට අපි ස්ථාවරව, උපරිම සහතිකයක් සමඟින් නැගීසිටිනු ඇත.