ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 117


117 වන කොටස

1838 ජූලි 8, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, විලියම් මාර්ක්, නිවෙල් කේ. විට්නි, සහ ඕලිවර් ග්‍රෙන්ගර් යන අයගේ ක්ෂණික වගකීම් සම්බන්ධව, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–9, ස්වාමින්වහන්සේගේ සේවකයන් තාවකාලික දේවල් සම්බන්ධව තණ්හා නොකළ යුතුය, මක්නිසාද “ස්වාමින්වහන්සේ හට දේපළ යනු කුමක්ද?”; 10–16, ඔවුන් ප්‍රාණයේ කුඩාකම් අත්හල යුතු වන්නෝය, තවද ඔවුන්ගේ කැපකිරීම් ස්වාමින්වහන්සේ වෙතට ශුද්ධවන්තය.

1 සැබවක් ස්වාමින්වහන්සේ මාගේ සේවක විලියම් මාර්ක්ස් හටද, තවද එසේම මාගේ සේවක නිවෙල් කේ. විට්නි හටද මෙසේ පවසන සේක, ස්වාමින්වහන්සේ වන මම, පොළොව මත නැවතත් හිම එවීමට පෙර, ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයන් ඉක්මණින් සමතයකට පත්කොට කර්ට්ලන්ඩ් දේශයෙන් ගමන් කරන්නට සලස්වන්න.

2 ඔවුන්ට අවදිව, තවද නැගිටිමින්, තවද පෙරට පැමිණ, තවද රැඳී නොසිටීමට සලස්වන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, එය ආඥා කරන්නෙමි.

3 එසේහෙයින්, ඔවුන් රැඳී සිටින්නේ නම් එය ඔවුන් සමඟ යහපත් නොවන්නේය.

4 ඔවුන්ගේ සියලු පාපයන්ටද, තවද ඔවුන්ගේ සියලු තණ්හාමය ආශාවන්ටද, මා ඉදිරියේ පසුතැවිලි වීමට සලස්වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක; මක්නිසාද මා හට දේපළ යනු මොනවාද? යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.

5 කර්ට්ලන්ඩ් හි දේපළ ණය ගෙවීම උදෙසා විකිණීමට සලස්වන්න යැයි ස්වාමින්වහන්සේ පවසන සේක. ඒවාට යාමට ඉඩදෙන්න, යැයි ස්වාමින්වහන්සේ පවසන සේක, තවද යමක් ඉතිරිව තිබෙන්නේද, ඒවා නුඹලාගේ අත්වල ඉතිරිවන්නට ඉඩදෙන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

6 මක්නිසාද මට ස්වර්ගයේ කුරුල්ලන්ද, තවද එසේම මුහුදේ මාළුන්ද, තවද කඳුවල මෘගයන්ද නොවන්නෙහිද? මම පොළොව මවා නොමැත්තේද? පොළොවේ ජාතින්ගේ සියලු හමුදාවන්ගේ ඉරණම මම නොදරන්නේද?

7 එසේහෙයින්, අත්හරිනු ලැබූ ස්ථානයන් හි අංකුර දැමීමටද තවද පිබිදීමටද, තවද බහුලත්වය ගෙන ඒමටද මම ඉඩනොදෙන්නේද? යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.

8 එනම් එම සුළු දෙයක් වූ ඒ කෙරෙහි නුඹලා තණ්හා වී, තවද වඩාත් බරපතල කාරණා අතපසු කරන්නේ, එහි ආදම්-ඔන්ඩි-ආමන් කඳු මතද, තවද ඔලාහා ශිනේහා තැනිතලාවන් මතද, හෝ ආදම් පදිංචිව සිටි දේශයේද, ඇති තරම් ඉඩ නොමැත්තේද?

9 එසේහෙයින්, මාගේ ජනතාවගේ දේශය වන, සයොනය වෙතට වුවත් පැමිණෙන්න.

10 මාගේ සේවක විලියම් මාර්ක් හට දේවල් කිහිපයක් කෙරෙහි ඇදහිලිවන්ත වීමට සලස්වන්න, තවද ඔහු බොහෝ දේවල් මත පාලකයෙකු වන්නේය. ෆාර් වෙස්ට් නගරයේ මාගේ ජනතාව මධ්‍යයේ සභාපතිත්වය දරන්නට ඔහුට ඉඩදෙන්න, තවද ඔහුට මාගේ ජනතාවගේ ආශිර්වාදයන් සමඟ ආශිර්වාදිත වීමට සලස්වන්න.

11 මාගේ සේවක නිවෙල් කේ. විට්නි නිකොලෙයිටානේ කණ්ඩායම සහ ඔවුන්ගේ සියලු රහස් පිළිකුල්කම් තවද මා ඉදිරියේ ඔහුගේ සියලු ආත්මයේ කුඩාකම් වලට ලැජ්ජා වීමට ඉඩදෙන්න යැයි ස්වාමින්වහන්සේ පවසන සේක, තවද ආදම්-ඔන්ඩි-ආමන් දේශය වෙතට පැමිණෙන්න, තවද මාගේ ජනතාවට සභානායකවරයෙකු වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක, එහෙත් නාමයෙන් නොව ක්‍රියාවෙන් යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.

12 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ඔලිවර් ග්‍රැන්ගර් මට සිහිපත් වේ; බලන්න, සැබවක් මම ඔහු හට පවසන්නෙමි, ඔහුගේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට, සදාකාලයෙන් සදාකාලයට, පූජනීයව සිහිපත්ව තිබේවායි, ස්වාමින්වහන්සේ පවසන සේක.

13 එසේහෙයින්, මාගේ සභාවේ පළමු සභාපතිත්වයේ මිදීම උදෙසා අවංකව සම්බන්ධ වීමට ඔහුට ඉඩදෙන්න යැයි ස්වාමින්වහන්සේ පවසන සේක; තවද ඔහු වැටෙන විට ඔහු නැවත නැගිටින්නේය, මක්නිසාද ඔහුගේ කැපකිරීම ඔහුගේ වර්ධනයට වඩා මට වඩාත් ශුද්ධවන්ත වන්නේ යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.

14 එසේහෙයින්, සයොන දේශය වෙතට, මෙහි ඉක්මණින් පැමිණීමට ඔහුට ඉඩදෙන්න; තවද මාගේ ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා, මාගේ නාමය වෙතට වෙළෙන්දෙකු වීමට ඔහුව යථාකාලයේදී පත්කරන්නෙමි යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.

15 එසේහෙයින් මාගේ සේවක ඔලිවර් ග්‍රෙන්ගර්ව කිසිඳු මනුෂ්‍යයෙකු අකමැති නොකෙරේවා, මක්නිසාද මාගේ ජනතාවගේ ආශිර්වාදය ඔහු මත සදාකාලයෙන් සදාකාලයට වේවා.

16 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, කර්ට්ලන්ඩ් දේශයේ මාගේ සියලු සේවකයන් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිහිකරත්වා, තවද මාගේ ස්වකීය නියමිත කාලයේදී, මුදල් මාරුකරන්නන්ව පලවා හැරීමටද, තවද එසේම මාගේ ගෘහයද, එය ශුද්ධවන්තව පැවතීමටද අරක්ෂා කරත්වා යැයි ස්වාමින්වහන්සේ පවසන සේක. එය එසේම වන්නේය. ආමෙන්.