ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 62


62 වන කොටස

1831 අගොස්තු 13, මිසුරි ගං ඉවුර, චැරිටන්, මිසුරි හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම දවසේදී අනාගතවක්තෘවරයා සහ ඔහුගේ කණ්ඩායම, ඉන්ඩිපෙන්ඩන්ස් සිට කර්ට්ලන්ඩ් වෙතට ඔවුන්ගේ මාර්ගයේ ගමන් ගන්නා අතර, සයොන දේශය වෙතට ගමන් ගන්නා වැඩිහිටියන් කිහිපදෙනෙක් මුණගැසිනි, තවද ප්‍රීතිජනක ආචාර කිරීමකින් පසු, මෙම එළිදරව්ව ලැබිණි.

1–3, සාක්ෂි ස්වර්ගයෙහි වාර්තාගත වන්නේය; 4–9, වැඩිහිටියන් ආත්මයාණන්ගේ මගපෙන්වීමට අනුව ගමන් කරමින් විනිශ්චයන් අනුව දේශනා කළ යුතුය.

1 බලන්න, තවද උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, නුඹලාගේ මැදහත්කරුවාණන් වූ, මිනිසාගේ දුර්වලකම් සහ පරික්ෂාවට ලක්වූවන්ට කෙසේ උපකාර කරන්නේදැයි දන්නාවූ ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

2 තවද සැබවක් මාගේ දෑස් තවමත් සයොන දේශය වෙතට නොගිය අයවළුන් වෙත යොමා ඇත්තෙමි; එසේහෙයින් නුඹලාගේ ධර්මදූත මෙහෙය තවමත් සම්පූර්ණ වී නැත.

3 එසේවුවද, නුඹලා ආශිර්වාද ලද්දෝය, මක්නිසාද නුඹලා විසින් දරන ලද සාක්ෂිය දේවදූතයන්ට බලන පිණිස ස්වර්ගයෙහි වාර්තා වී ඇත; තවද ඔවුහු නුඹලා කෙරෙහි ප්‍රීති ප්‍රමුදිත වන්නෙහුය, තවද නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව දී ඇත්තේය.

4 තවද දැන් නුඹලාගේ ගමන දිගටම යන්න. සයොන දේශය මත නුඹලා එක්ව රැස්වන්න; තවද රැස්වීමක් තබමින් එක්ව ප්‍රීති ප්‍රමුදිත වන්න, තවද වඩාත් මහෝත්තම වූ තැනැන්වහන්සේට සක්‍රමේන්තුවක් ඔප්පු කරන්න.

5 තවද එවිට නුඹලා සාක්ෂි දැරීමට, එසේය, නුඹලාට යහපත් යැයි හැඟෙන ලෙස, සියල්ලෝම එක්ව, හෝ දෙදෙනා දෙදෙනා බැගින් වුවද, නැවත හැරී එනු ඇත, එය මට කාරණයක් නොවන්නේය; ඇදහිලිවන්ත වන්න, තවද පොළොවේ වසන්නන් වෙතට, හෝ දුෂ්ටයන්ගේ සමූහයන් අතර යහපත් පණිවිඩ පමණක් ප්‍රකාශ කරන්න.

6 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, එනම් මිසුරි දේශය තුළ නුඹලා අතරින් ඇදහිලිවන්ත වූවන් සුරක්ෂිතව සහ එක්ව ප්‍රීති ප්‍රමුදිත වීම සඳහා, එනම් එම පොරොන්දුව සම්පූර්ණ වන පිණිස නුඹලාව එක්රැස් කළෙමි. ස්වාමින්වහන්සේ වන, මම, ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූයෙමි තවද බොරු නොකියමි.

7 ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා අතරෙන් කිසිවෙක් අශ්වයන් මතින්, හෝ කොටළුවන් මතින්, හෝ අශ්ව රථ තුළ ගමන් කිරීමට ආශා වන්නේ නම්, ඔහු එය ස්වාමින්වහන්සේගේ හස්තය වෙතින්, සියලු දේවලදී ස්තුති දීමේ හදවතක් සමඟ ලබන්නේ නම්, ඔහු මෙම ආශිර්වාදය ලබන පිණිස කැමැත්තෙමි.

8 විනිශ්චයට අනුව සහ ආත්මයාණන්ගේ මගපෙන්වීම අනුව කිරීමට මෙම දේවල් නුඹලා සමඟ පවතිනු ඇත.

9 බලන්න, මෙම රාජ්‍යය නුඹලාගේය. තවද බලන්න, තවද බලව, ඇදහිලිවන්තයන් සමඟ මම නිරතුරුව සිටින්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.