ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 15


15 වන කොටස

1829 ජුනි, නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ජෝන් විට්මර් හට දෙනු ලැබූ එළිදරව්වකි (14 වන කොටසේ ශීර්ෂය බලන්න). සමීපව හා ආකර්ෂණීය ලෙස පුද්ගලික වූ, එමගින් ජෝන් විට්මර් සහ තමන්වහන්සේටම පමණක් දැනගත යුතු යමක් ස්වාමින්වහන්සේ පවසන සේක. පසුව ජෝන් විට්මර් මොර්මොන්ගේ පොතෙහි සාක්ෂිකරුවන් අටදෙනාගෙන් එක්කෙනෙකු බවට පත්විය.

1–2, ස්වාමින්වහන්සේගේ හස්තය සියලු පොළොව මතය; 3–6, ශුභාරංචිය දේශනා කිරීම සහ ප්‍රාණයන් ගැලවීම වඩාත් වටිනාම දෙය වන්නේය.

1 මාගේ සේවක වූ ජෝන්, උවමනාවෙන් සවන්දෙන්න, තවද නුඹගේ ස්වාමින්වහන්සේද නුඹගේ මිදුම්කරුවාණන්ද වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනයන්ට සවන්දෙන්න.

2 මක්නිසාද බලන්න, මම නුඹට කතා කරන්නේ තියුණුව සහ බලය සහිතවය, මක්නිසාද මාගේ හස්තය සියලු පොළොව මත වන්නේය.

3 තවද එය මා මෙන් නුඹ මිස කිසිම මනුෂ්‍යයෙකු නොදන්නා වූ එය මම නුඹ හට පවසන්නෙමි—

4 මක්නිසාද බොහෝ අවස්ථාවන් වල නුඹ මාගෙන් නුඹ හට වඩාත් වටින්නා වූ එම දෙය දැනගැනීමට ආශා වූයෙහිය.

5 බලන්න, තවද මාගේ ආඥා වලට අනුව මා නුඹට දුන් මාගේ වචන කතා කිරීම ගැන, සහ මෙම කාරණය නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය.

6 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි, නුඹට වඩාත් වටිනාම එම දෙය වන්නේ, එනම් නුඹ මා හට ප්‍රාණයන් ගෙන ඒම පිණිසත්, එනම් නුඹ ඔවුන් සමඟ මාගේ පියාණන්ගේ රාජ්‍යය තුළ විශ්‍රාම ගැනීම පිණිසත්, මෙම ජනතාව හට පසුතැවිල්ල ප්‍රකාශ කිරීමය. ආමෙන්.