ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 56


56 වන කොටස

1831 ජුනි 15, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. එස්රා තයිරේ ජීවත් වූ, ෆෙඩ්‍රික් ජී. විලියම්ස්ගේ ගොවිපලේ ඔහුගේ වගකීම් පිළිබඳව උපදෙස් දෙමින්, ඔහු වෙනුවෙන් ජෝසෆ් ස්මිත් ලද පෙර එළිදරව්වට (8 වන පදයේ සඳහන් කර ඇති “ආඥාව”) කීකරු නොවීම ගැන තයිරේට අවලාදයක් ලෙස මෙම එළිදරව්ව ලැබිණි. තෝමස් බී. මාර්ෂ් සමඟ මිසුරි වෙත යාමට තයිරේ ලද කැඳවීමද පහත එළිදරව්වෙන් අවලංගු වේ (කොටස 52:22 බලන්න).

1–2, ශුද්ධවන්තයන් ගැලවීම ලබාගැනීමට ඔවුන්ගේ කුරුස රැගෙන ස්වාමින්වහන්සේ අනුව යා යුතුමය; 3–13, ස්වාමින්වහන්සේ ආඥා කරන සේක තවද නිෂ්ප්‍රභා කරන සේක, තවද අකීකරු වූවන් ඉවතට දමන සේක; 14–17, දුප්පතුන්ට උපකාර නොකරන තැනැත්තන් වූ පොහොසතුන් හට දුක්වේ, තවද හදවත් නොබිඳුනු දුප්පත් තැනැත්තන් හට දුක්වේ; 18–20, හදවත් පවිත්‍ර වූ දුප්පත් තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු පොළොව උරුම කරගන්නෝය.

1 උවමනාවෙන් සවන්දෙන්න, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක, අහෝ මාගේ නාමය ප්‍රකාශ කරන ජනතාවෙනි; මක්නිසාද බලන්න, කැරලිකරුවන්ට විරුද්ධව මාගේ කෝපය ඇවිලී ඇත්තේය, තවද ජාතින් මත කෝපය වගුරුවන සහ බැහැදැකීමේ දවස් හිදී, ඔවුහු මාගේ හස්තය සහ මාගේ උදහස දැනගන්නෝය.

2 තවද ඔහු එනම් ඔහුගේ කුරුසිය රැගෙන තවද මා අනුගමනය නොකර, තවද මාගේ ආඥා නොපිළිපදින්නේද, එවැන්නාව ගලවනු නොලබන්නේය.

3 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, ආඥා කරන්නෙමි; තවද එනම් කීකරු නොවී, මා ආඥා කළ පසුව තවද ඒ ආඥාව බිඳින්නේද, ඔහුව මාගේ යථා කාලයේදී කපා දමනු ලබන්නේය.

4 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, මට එය යහපත් යැයි පෙනෙන ආකාරයට ආඥා කරන්නෙමි, තවද නිෂ්ප්‍රභා කරන්නෙමි; තවද මෙම සියල්ලට කැරලිකරුවන්ගේ හිස් මත උත්තර බඳිනු ලබන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

5 එසේහෙයින්, මාගේ සේවක තෝමස් බී. මාර්ෂ් සහ එස්රා තයිරේ හට දෙනු ලැබූ එම ආඥාවන් මම නිෂ්ප්‍රභා කරන්නෙමි, තවද මාගේ සේවක තෝමස් හට නව ආඥාවක් දෙන්නෙමි, එනම් ඔහු ඔහුගේ ගමන මිසුරි දේශයට සීඝ්‍රයෙන් ගමන් කළ යුතු වන්නේය, තවද මාගේ සේවක සෙලා ජේ. ග්‍රිෆින් එසේම ඔහු සමඟ ගමන් කළ යුතු වන්නේය.

6 මක්නිසාද බලන්න, මම මාගේ සේවක සෙලා ජේ. ග්‍රිෆින් සහ නිවෙල් නයිට් හට දෙනු ලැබූ එම ආඥාව නිෂ්ප්‍රභා කරන්නෙමි, ඒ තොම්ප්සන්හි එහි සිටින මාගේ ජනතාවගේ මුරණ්ඩුකම, සහ ඔවුන්ගේ අකීකරුකමේ ප්‍රතිඵලයක් ලෙසය.

7 එසේහෙයින්, මාගේ සේවක නිවෙල් නයිට්ට ඔවුන් සමඟ නැවතී සිටින්නට සලස්වන්න; තවද යන්නා වූ බොහෝ අයට යා හැකිය, එනම් මා ඉදිරියේ පසුතැවුණු අයට, තවද මා විසින් පත්කරන ලද එම දේශයට ඔහු විසින් මගපෙන්වනු ලබන්නේය.

8 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සේවක එස්රා තයිරේ ඔහුගේ උඩඟුකම, සහ ඔහුගේ ආත්මාර්ථකාමීත්වය ගැන පසුතැවිලි විය යුතුය, තවද ඔහු ජීවත් වන එම ස්ථානය සම්බන්ධව මම ඔහුට දෙනු ලැබූ පෙර ආඥාවට කීකරු විය යුතුය.

9 තවද ඔහු මෙය කරන්නේ නම්, එහි දේශය මත බෙදීමක් නොවන්නේය, මිසුරි දේශයට යෑමට ඔහුව තවමත් පත්කරනු ලබන්නේය;

10 නැතහොත් ඔහු විසින් ගෙවන ලද මුදල් ඔහු ලබාගන්නේය, තවද එම ස්ථානයෙන් පිටත්ව යන්නේය, තවද මාගේ සභාවෙන් කපා දමනු ලබන්නේ යැයි, සේනා වල ස්වාමින්වහන්සේ පවසන සේක;

11 තවද අහස සහ පොළොව පහව ගියත්, මෙම වචන පහව නොයන්නේය, නමුත් සම්පූර්ණ කරනු ලබන්නේය.

12 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ මුදල් ගෙවිය යුතුම වන්නේ නම්, බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, එය ඔහු හට නැවතත් මිසුරි දේශයේදී ගෙවන්නෙමි, එනම් ඔහුට එය ලබාදෙන්නා වූ ඔවුන්ට ඔවුන් කරනා දෙය අනුව නැවතත් විපාක ලැබෙනු ඇත;

13 මක්නිසාද එනම් ඔවුන් කරන්නාවූ එම දේ අනුව, ඔවුන්ගේ උරුමය උදෙසා දේශයන් වුවත් ඔවුහු ලබන්නෝය.

14 බලන්න, මාගේ ජනතාව හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—නුඹලාට බොහෝ දේවල් කිරීමට සහ පසුතැවිලි වීමට ඇත්තේය; මක්නිසාද බලන්න, නුඹලාගේ පාපයන් මා වෙත පැමිණ ඇත්තේය, තවද කමාව ලැබී නොමැත්තේය, මක්නිසාද නුඹලා සොයන්නේ නුඹලාගේ ස්වකීය මාර්ගයේ උපදේශනයන්මය.

15 තවද නුඹලාගේ හදවත් තෘප්තිමත් වී නොමැත. තවද නුඹලා සත්‍යයට කීකරු නොවී, එහෙත් අධර්මිෂ්ඨකමේ තෘප්තිය ලබන්නෙහුය.

16 පොහොසත් මනුෂ්‍යයන් වන නුඹලා හට දුක්වේ, එනම් නුඹලාගේ දේපළ දුප්පතුන්ට නොදෙන බැවිනි, මක්නිසාද නුඹලාගේ පොහොසත්කම් වලින් නුඹලාගේ ආත්මයන් දූෂිත වන්නේය; තවද මෙය බැහැදකින දවසේදී, සහ විනිශ්චයේදී, සහ නුඹලාගේ විලාපය වන්නේය: අස්වැන්න පසුව ඇත්තේය, ගිම්හානය අවසන්ය, තවද මාගේ ප්‍රාණය ගැලවී නොමැත්තේය!

17 හදවත් බිඳී නොමැති, තවද ආත්මයන් පසුතැවිලි නොවූ, තවද බඩවල් තෘප්තිමත් නොවූ, තවද ඔවුන්ගේ අත් අනෙක් මනුෂ්‍යයන්ගේ දේවල් ලබාගැනීමෙන් ඉවතට තබානොගන්නා වූ, ඇස් කෑදරකමින් පූර්ණ වූ, තවද නුඹලාගේ ස්වකීය අත් වලින් වෙහෙස නොවන්නා වූ, දුප්පත් මනුෂ්‍යයන් වූ නුඹලා හට දුක්වේ!

18 එහෙත් බිඳුණු හදවත් ඇති, පසුතැවුණු ආත්මයන් ඇති, හදවතින් පවිත්‍ර දුප්පතුන් ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුතුව පැමිණීම සහ ඔවුන්ගේ මිදීමේ මහත් මහිමය දකින්නෝය; මක්නිසාද පොළොවේ සාරත්වය ඔවුන්ගේ වන්නේය.

19 මක්නිසාද බලන්න, ස්වාමින්වහන්සේ පැමිණෙන සේක, තවද උන්වහන්සේගේ වන්දිය උන්වහන්සේ සමඟ වන්නේය, තවද උන්වහන්සේ සෑම මනුෂ්‍යයෙකුටම විපාක දෙනු ලබන්නේය, තවද දුප්පතුන් ප්‍රීති ප්‍රමුදිත වන්නෝය.

20 තවද ඔවුන්ගේ පරම්පරාවන්, පරම්පරාවෙන් පරම්පරාවට, සදාකාලයෙන් සදාකාලයට පොළොව උරුම කරගනු ලබන්නේය. තවද දැන් මම නුඹලා හට කතා කිරීම අවසන් කරන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.