ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 96


96 වන කොටස

සයොනයේ ස්ටේකය හෝ නගරයේ පිළිවෙල පෙන්වමින්, 1833 ජුනි 4, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයන්ට ආදර්ශයක් ලෙස ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම අවස්ථාව උත්තම පූජකවරුන්ගේ සම්මන්ත්‍රණයක් වූ අතර, සලකා බැලිය යුතු ප්‍රධාන මාතෘකාව වූයේ කර්ට්ලන්ඩ් අසල සභාව සතුව තිබූ ප්‍රංශ ගොවිපළ ලෙස හැඳින්වෙන ඇතැම් ඉඩම් බැහැර කිරීමයි. ගොවිපළ භාරගත යුත්තේ කවුරුන්ද යන්න සම්මන්ත්‍රණයට එකඟවිය නොහැකි වූ හෙයින්, මේ කාරණාව සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගෙන් විමසීමට සියල්ලෝ එකඟ වූහ.

1, කර්ට්ලන්ඩ් හි සයොනයේ ස්ටේකය ශක්තිමත් කළ යුතු වන්නේය; 2–5, සභානායකවරයා ශුද්ධවන්තයන් උදෙසා උරුමයන් බෙදාදිය යුතු වන්නේය; 6–9, ජෝන් ජොන්සන් එක්සත් සංවිධානයෙහි සමජිකයෙකු වියයුතු වන්නේය.

1 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, ප්‍රඥාව මෙහිය, එමගින් මෙම කාරණාව සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතුවන්නේ කෙසේදැයි නුඹලා දැනගනු ලබන්නෝය, මක්නිසාද මා විසින් සයොනයේ ශක්තිය උදෙසා තබනු ලැබූ මෙම ස්ටේකය ශක්තිමත් කිරීම මා තුළ යෝග්‍ය වන්නේය.

2 එසේහෙයින්, මාගේ සේවක නිවෙල් කේ. විට්නි හට එම නුඹලා සඳහන් කරනු ලැබූ ස්ථානය බාරගැනීමට ඉඩදෙන්න, එය මත මාගේ ශුද්ධ වූ ගෘහය ගොඩනැගීමට මම සැලසුම් කරන්නෙමි.

3 තවද නැවතත්, ප්‍රඥාවට අනුව, උරුමයන් සොයන්නවුන්ගේ ප්‍රයෝජනය උදෙසා, නුඹලා අතර වූ මන්ත්‍රණ සභාව මගින් තීරණය වන පරිදි, එය කොටස් වලට බෙදීමට සලස්වන්න.

4 එසේහෙයින්, මෙම කාරණාව පිළිබඳ සහ මනුෂ්‍ය දරුවන් වෙතට මාගේ වචනය පෙරට ගෙන ඒමේ අරමුණ උදෙසා වූ මාගේ පිළිවෙල සඳහා ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය එම කොටස පිළිබඳ අවධානය යොමුකිරීම ගැන සලකා බලන්න.

5 මක්නිසාද බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මා තුළ වඩාත් යෝග්‍ය වන කාරණාව මෙය වන්නේය, එනම් නුඹලාගේ යහපත උදෙසා මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මෘදු කිරීමේ අරමුණ උදෙසා, මාගේ වචනය මනුෂ්‍ය දරුවන් වෙතට පෙරට යායුතු වීමය. එය එසේම වන්නේය. ආමෙන්.

6 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එය මා තුළ ප්‍රඥාව සහ යෝග්‍ය වන්නේය, එනම් මාගේ සේවක ජෝන් ජොන්සන්ගේ පිදුම් මම පිළිගෙන ඇත්තෙමි, ඔහුගේ යාච්ඤා මම අසා ඇත්තෙමි, ඔහු මාගේ ආඥා පිළිපැදීම අනුව මම ඔහුට සදාකාල ජීවනයේ පොරොන්දුව මෙතැන් සිට දෙන්නෙමි—

7 මක්නිසාද ඔහු යෝසෙප්ගෙන් පැවතෙන අතර ඔහුගේ පියවරුන්ට දුන් පොරොන්දු වල ආශිර්වාද ලබන්නෙකි—

8 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔහු මෙම පිළිවලෙහි සාමාජිකයෙකු වීම මා තුළ යෝග්‍ය වන්නේය, ඵනම් ඔහු මනුෂ්‍ය දරුවන්ට මාගේ වචනය ගෙන ඒමට සහය වන පිණිසය.

9 එසේහෙයින් නුඹලා ඔහුව මෙම ආශිර්වාදයට නියම කළ යුතු වන්නේය, තවද ඔහු උන්දුවෙන් නුඔලා අතර සඳහන් කළ නිවසේ අවහිරයන් ඉවත්කිරීමට සෙවිය යුතු වන්නේය, එනම් ඔහුට එහි වාසය කළ හැකිවන පිණිසය. එය එසේම වන්නේය. ආමෙන්.