ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 83


83 වන කොටස

1832 අප්‍රියෙල් 30, ඉන්ඩිපෙන්ඩන්ස්, මිසුරි හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා ඔහුගේ සහෝදරයන් සමඟ මන්ත්‍රණ සභාවේ වාඩිවී සිටියදී මෙම එළිදරව්ව ලැබිණි.

1–4, කාන්තාවන්ට සහ දරුවන්ට ඔවුන්ගේ යැපීම සඳහා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් සහ පියවරුන්ගෙන් අයිතියක් ඇත; 5–6, වැන්දඹුවන් සහ අනාතයින්ට ඔවුන්ගේ යැපීම සඳහා සභාවෙන් අයිතියක් ඇත.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, කාන්තාවන් සහ දරුවන් සම්බන්ධව සභාවේ නීතින්ට අමතරව, සභාවට අයිති වූ සියල්ලන්ට, එනම් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් හෝ පියවරුන් නැතිවූවන්ටය:

2 ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ව මරණයෙන් පසු ගන්නා තුරු, කාන්තාවන්ට ඔවුන්ගේ පැවැත්ම උදෙසා ස්වාමිපුරුෂයන්ගෙන් අයිතිවාසිකම ඇත්තේය; තවද ඉන්පසු ඔවුන් වරදකරුවන් නොවන බව සොයාගත්තේ නම් ඔවුන්ට සභාවේ සහය ඇත්තේය.

3 තවද ඔවුන් ඇදහිලිවන්ත නොවන්නේ නම් ඔවුන් සභාවේ සහය නොලබන්නෝය; එහෙත් ඔවුන් දේශයේ නීතීන්ට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් මත රැඳිය යුතු වන්නෝය.

4 සියලු දරුවන් හට ඔවුන්ගේ පැවැත්ම උදෙසා ඔවුන්ගේ වයස පැමිණෙන තුරු ඔවුන්ගේ දෙමාපියන්ගේ අයිතිවාසිකමක් ඇත්තේය.

5 තවද එයින් පසුව, ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන්ට දීමට අයිතිවාසිකම් නොමැතිනම්, ඔවුන්ට සභාව මත, නැතහොත් වෙනත් වචන වලින් ස්වාමින්වහන්සේගේ ගබඩා ගෘහයෙන් අයිතියක් ඇත්තේය.

6 තවද ගබඩා ගෘහය සභාවේ වෙන්කිරීම උදෙසා පවතින්නේය; තවද වැන්දඹුවන් සහ අනාතයින්ද, තවද එසේම දුප්පතුන්වද රැකබලාගත යුතු වන්නේය. ආමෙන්.