ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 102


102 වන කොටස

1834 පෙබරවාරි 17, ඔහායෝ, කර්ට්ලන්ඩ් හිදී, සභාවේ පළමුවන උසස් මන්ත්‍රණ සභාව සංවිධානය කිරීමේ වාර්තාවයි. මෙහි මුල් වාර්තාව වාර්තා කළේ වැඩිහිටියන් වන ඔලිවර් කවුඩ්‍රි සහ ඕර්සන් හයිඩ් විසිනි. අනාගතවක්තෘවරයා පසුදා වාර්තා සංශෝධනය කළ අතර, ඊළඟ දවසේ නිවැරදි කරන ලද වාර්තා සභාවේ “උසස් මන්ත්‍රණ සභාවේ ආකෘතියක් සහ ව්‍යවස්ථාවක්” ලෙස උසස් මන්ත්‍රණ සභාව විසින් ඒකමතිකව පිළිගනු ලැබීය. 30 සිට 32 දක්වා පද, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව සමඟ සම්බන්ධ වී, 1835 දී ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ මෙම කොටස, දහම සහ ගිවිසුම් ප්‍රකාශනය කිරීමට සූදානම් කරන විට එකතු කරන ලදි.

1–8, උසස් මන්ත්‍රණ සභාවක් පත්කරන ලද්දේ සභාවේ පැනනගින වැදගත් අපහසුතාවයන් විසඳීමටය; 9–18, නඩු ඇසීම උදෙසා ක්‍රියාපටිපාටීන් දෙනු ලැබේ; 19–23, මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා තීරණය දෙනු ලබන්නේය; 24–34, අභියාචනා ක්‍රියාපටිපාටිය පිහිටුවනු ලබයි.

1 මෙම දවසේ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ නිවෙසේදී, එළිදරව් මගින්, උත්තම පූජකවරුන් විසිහතරදෙනෙකු පොදු මන්ත්‍රණ සභාවක රැස්ව සිටියෝය, තවද උත්තම පූජකවරුන් දොළොස්දෙනෙකුගෙන් යුත්, සහ අවස්ථාවට අනුව සභාපතිවරුන් එක්කෙනෙක් හෝ තුන්දෙනෙකුගෙන් යුත්, ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ උසස් මන්ත්‍රණ සභාව සංවිධානය කිරීම මෙහිදී ක්‍රියාත්මක කරන ලදි.

2 සභාවේ පැනනැගිය හැකි එම වැදගත් අපහසුතා, ඒ එක් එක් කණ්ඩායම් තෘප්තිමත් වන ආකාරයට විසඳීමට සභාවට හෝ සභානායකවරයාගේ මන්ත්‍රණ සභාවට නොහැකි වූ විට, ඒවා විසඳීමේ අරමුණ සඳහා මෙම උසස් මන්ත්‍රණ සභාව එළිදරව් මගින් පත්කරන ලදි.

3 ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, සිඩ්නි රිග්ඩන්, සහ ෆෙඩ්‍රික් ජී. විලියම්ස් යන අයව මන්ත්‍රණ සභාවේ හඬ මගින් සභාපතිවරුන් ලෙස පිළිගනු ලැබිණි; තවද උත්තම පූජකයින් වන, ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ, ජෝන් ස්මිත්, ජෝසෆ් කෝ, ජෝන් ජොන්සන්, මාටින් හැරිස්, ජෝන් එස්. කාටර්, ජැරඩ් කාටර්, ඔලිවර් කවුඩ්‍රි, සැමුවෙල් එච්. ස්මිත්, ඔර්සන් හයිඩ්, සිල්වෙස්ටර් ස්මිත්, සහ ලූක් ජොන්සන් යන අයව, මන්ත්‍රණ සභාවේ ඒකමතික හඬ මගින්, සභාවේ දැනට පවතින මන්ත්‍රණ සභාව බවට තෝරාගන්නා ලදි.

4 ඉහළ නම්කර ඇත්තාවූ උපදේශකයන්ගෙන් ඔවුන් ඔවුන්ගේ පත්කිරීම් පිළිගන්නවාදැයි, සහ තවද ස්වර්ගයේ නීතියට අනුකූලව ඔවුන් එම තනතුරෙහි ක්‍රියාකරන්නේදැයි ඉන්පසු අසන ලදි, තවද ඔවුන් ඔවුන්ගේ තනතුරු පිළිගන්නා බවත්, තවද ඔවුන් මත වගුරුවන ලද දෙවියන්වහන්සේගේ කරුණාව මත ඔවුන්ගේ තනතුරු සම්පූර්ණ කරන බවත්, ඔවුන් සියල්ලෝම පිළිතුරු දුන්නෝය.

5 මෙම මන්ත්‍රණ සභාවට ඇතුළත් වූ සංඛ්‍යාව, [සභාවේ] නමින් සහ සභාව සඳහා, ඉහත නම් කෙරුණු උපදේශකයින් ගණන හතලිස්-තුනකි, ඔවුන් නම්: උත්තම පූජකවරුන් නවදෙනෙකු, වැඩිහිටියන් දාහත්දෙනෙකු, පූජකවරුන් හතරදෙනෙකු, සහ සාමාජිකයන් දහතුන්දෙනෙකු විය.

6 ඡන්දයෙන්: එනම් ඉහත නම් කළ උපදේශකවරුන් හත්දෙනා හෝ ඔවුන්ගේ නිසියාකාරව පත්කරන ලද අනුප්‍රාප්තිකයන් නොමැතිව මෙම මන්ත්‍රණ සභාවට ක්‍රියාත්මක වීමට බලය නැත.

7 ඔවුන් සුදුසු යැයි සලකන, උපදේශකයන් නොමැති ස්ථානයකදී ක්‍රියාකිරීමට හැකි, අනෙකුත් උත්තම පූජකයන් පත්කිරීමට මෙම හත්දෙනාට බලය ඇත.

8 ඡන්දයෙන්: එනම් කවර අවස්ථාවකදී හෝ ඉහත නම් කරන ලද ඕනෑම උපදේශකවරයෙකුගේ තනතුරක පුරප්පාඩුවක්, මරණය මගින්, වරදට පත්වීමක් නිසා තනතුරෙන් ඉවත්කිරීමක් මගින්, හෝ මෙම සභා පාලනයේ සීමා වලින් ඉවත්වීම මගින්, ඇතිවී ඇත්නම්, එය සභාපතිවරයාගේ හෝ සභාපතිවරුන්ගේ නාම යෝජනාවක් මගින්, සහ සභාවේ නමින් ක්‍රියා කිරීම සඳහා මෙම කාරණය සඳහා කැඳවනු ලබන, උත්තම පූජකවරුන්ගේ ප්‍රධාන මන්ත්‍රණ සභාවක හඬේ අනුමැතිය තුළින්, පිරවිය යුතු වන්නේය.

9 සභාවේ සභාපතිවරයා, නැතහොත් මන්ත්‍රණ සභාවේ සභාපතිවරයාව, එළිදරව් මගින් පත්කරනු ලබන්නේය, තවද සභාවේ හඬින් ඔහුගේ පරිපාලන කටයුතු සඳහා අනුමත කරනු ලබන්නේය.

10 තවද ඔහුගේ තනතුරේ ගෞරවයට අනුකූලව සභාවේ මන්ත්‍රණ සභාව මත ඔහු මූලාසනය දැරිය යුතුය; තවද ඔහුව පත්කළ ආකාරයටම අනුව පත්කරනු ලබා ඇති, වෙනත් සභාපතිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ලැබීමද ඔහුගේ වරප්‍රසාදයක් වන්නේය.

11 තවද ඔහුට උපකාර කිරීමට පත්කරනු ලැබූ එම එක් අයෙකු හෝ දෙදෙනාම නොපැමිණි අවස්ථාවකදී, ඔහුට උපකාරයක් නොමැතිව මන්ත්‍රණ සභාව මත මූලාසනය දැරීමට බලය ඇත්තේය; තවද ඔහුටම පැමිණිය නොහැකි අවස්ථාවකදී නම්, අනෙකුත් සභාපතිවරුන්ට ඔවුන් දෙදෙනාම හෝ ඔවුන්ගෙන් එක් අයෙකුට, ඔහු වෙනුවට මූලාසනය දැරීමට බලය ඇත්තේය.

12 ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ උසස් මන්ත්‍රණ සභාවක් නිරන්තරයෙන් සංවිධානය වන කවර හෝ අවස්ථාවකදී, ඉහත ක්‍රියාවලියට අනුව, සංඛ්‍යාවන් මගින් කුසපත් ඇද, තවද ඒ මගින් එම දොළොස්දෙනාගෙන් පළමුව කවරෙක් කතාකරන්නේ දැයි, පළමු සංඛ්‍යාවෙන් පටන්ගෙන දොළොස්වන සංඛ්‍යාව දක්වා අනුපිළිවලින් නිර්ණය කිරීම, උපදේශකවරුන් දොළොස්දෙනාගේ වගකීම වන්නේය.

13 කිසියම් කාරණයක් සඳහා ක්‍රියාකිරීමට මෙම මන්ත්‍රණ සභාව රැස්කරන ඕනෑම අවස්ථාවකදී, එය අසීරු එකක්ද හෝ නොවන්නේදැයි දොළොස්දෙනා විසින් සලකාබැලිය යුතු වන්නෝය; එය එසේ නොවන්නේ නම්, ඉහත ලියන ලද ආකෘතියට අනුව, ඒ මත උපදේශකයන් දෙදෙනෙක් පමණක් කතා කළ යුතු වන්නෝය.

14 එහෙත් එය අසීරු යැයි සිතන්නේ නම්, හතර දෙනෙකුව පත්කළ යුතු වන්නේය; තවද වඩාත් අසීරු වන්නේ නම්, හයදෙනෙකුය; එහෙත් ඕනෑම කාරණයකදී කතා කිරීමට හයදෙනෙකුට වඩා පත්නොකළ යුතු වන්නේය.

15 විත්තිකරුට, සියලු කාරණා තුළදී, අපහාසය හෝ අසාධාරණ වැළැක්වීමට, මන්ත්‍රණ සභාවේ එක්භාගයකට අයිතිවාසිකම් ඇත්තේය.

16 තවද මන්ත්‍රණ සභාව ඉදිරියේ කතාකිරීමට පත්කරන ලද උපදේශකයන් විසින් කාරණාව ඉදිරිපත් කරනු ලැබිය යුතුය, මන්ත්‍රණ සභාව ඉදිරියේ එහි සත්‍ය ආකාරයෙන්ම, සාධකයන් පරික්ෂා කිරීමෙන් පසුව; තවද සෑම මනුෂ්‍යයෙකුම සමානාත්වතාවයෙන් සහ සාධාරණත්වය අනුව කතා කළ යුතු වන්නෝය.

17 එම ඉරට්ටේ සංඛ්‍යාවන්, එනම් 2, 4, 6, 8, 10, සහ 12, ලැබූ උපදේශකයන්, විත්තිකරු වෙනුවෙන් නැගී සිටින අයවළුන් විය යුතු අතර, අපහාසය සහ අසාධාරණත්වය වැළැක්විය යුතු වන්නෝය.

18 තවද සියලු කාරණා වලදී, සාක්ෂි ඇසීමෙන් පසු සහ මෙම කාරණය සම්බන්ධව කතා කිරීමට පත්කර ඇති උපදේශකයින් ඔවුන්ගේ ප්‍රකාශයන් අවසන් කළ පසු, පැමිණිලිකරුට සහ චූදිතයාට මන්ත්‍රණ සභාව ඉදිරියේ ඔවුන් වෙනුවෙන් කතාකිරීමේ වරප්‍රසාදය ඇත්තේය.

19 සාක්ෂි ඇසීමෙන් පසුව, උපදේශකයන්, පැමිණිලිකරු සහ චූදිතයා කතා කිරීමෙන් පසු, නඩුව සම්බන්ධව ඔහු ලද තේරුම්ගැනීමට අනුව සභාපතිවරයා විසින් තීරණයක් දෙනු ලබන්නේය, ඉන්පසු ඔවුන්ගේ ඡන්දයෙන් එයට එකඟත්වය පලකිරීම සඳහා උපදේශකයන් දොළොස්දෙනාටද ආරාධනා කළ යුතු වන්නේය.

20 එහෙත් කතා නොකළ, ඉතිරි වූ උපදේශකයන්, හෝ ඔවුන්ගෙන් ඕනෑම අයෙක්, සාක්ෂි සහ ආයාචනයන් අපක්ෂපාතව ඇසීමෙන් පසුව, සභාපතිවරයාගේ තීරණයේ වැරැද්දක් සොයාගත්තේද, ඔවුන්ට එය එළිදරව් කළ හැකිය, තවද නඩුව නැවත සවන්දීමකට ඉඩ ලබන්නේය.

21 සැලකිලිමත් නැවත සවන්දීමකින් පසුව, නඩුව මත කිසියම් අමතර ආලෝකයක් පෙන්නුම් කරන්නේ නම්, තීරණය ඒ අනුව වෙනස් කළ යුතු වන්නේය.

22 එහෙත් අමතර ආලෝකයක් දෙනු නොලබන්නේද, පළමු තීරණය ස්ථාවර කරන්නේය, මන්ත්‍රණ සභාවේ වැඩිදෙනාගේ කැමැත්ත මත එය තීරණය කිරීමට බලය ඇත්තේය.

23 දහම හෝ මූලධර්මය සම්බන්ධයෙන් අසීරු අවස්ථාවකදී, එහිදී මන්ත්‍රණ සභාවේ මනසට නඩුව පැහැදිලිව ක්‍රියාත්මක කිරීමට සෑහෙන ලියවිල්ලක් නොමැති නම්, සභාපතිවරයා විමසා බලා එළිදරව් මගින් ස්වාමින්වහන්සේගේ මනස ලබාගත යුතු වන්නේය.

24 උත්තම පූජකවරුන්ට, ඔවුන් පිටස්තරව සිටින්නේ නම්, පාර්ශව දෙකම හෝ එක් අයෙකු විසින් ඉල්ලා සිටින විට, අසීරුතා විසඳීමට, ඉහත සඳහන් ආකාරයට මන්ත්‍රණ සභාවක් කැඳවා සංවිධානය කිරීමට බලය ඇත්තේය.

25 තවද ඉහත පැවසූ උත්තම පූජකවරුන්ගේ මන්ත්‍රණ සභාවට එවැනි මන්ත්‍රණ සභාවක මුලසුන දැරීමට තාවකාලිකව ඔවුන්ගේම ස්වකීය කණ්ඩායමක් පත්කිරීමට මේ අවස්ථාවේදී බලය ඇත්තේය.

26 ඉහත පවසන ලද මන්ත්‍රණ සභාවේ වගකීම වනුයේ, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ පිටපතක්, ඔවුන්ගේ තීරණයේ සම්පූර්ණ සාක්ෂියේ ප්‍රකාශයක් සමඟ, සභාවේ පළමු සභාපතිත්වය ඇති ස්ථානයේ උසස් මන්ත්‍රණ සභාව වෙත ඉක්මණින් නිකුත් කිරීමය.

27 පාර්ශව දෙකම හෝ එයින් ඕනෑම අයෙකු ඉහත පැවසූ මන්ත්‍රණ සභාවෙහි තීරණය සමඟ සෑහීමකට පත්නොවන්නේ නම්, ඔවුන්ට පළමු සභාපතිත්වය ඇති ස්ථානයේ උසස් මන්ත්‍රණ සභාවට අභියාචනා කළ හැකිය, තවද ඉහත සඳහන් කළ ආකාරයටම එය සිදුවන අතර, පෙර තීරණයක් නොගත් ලෙස නැවත ඇසීමක් ලබාගත හැකිය.

28 පිටස්තරව සිටින උත්තම පූජකවරුන්ගේ මෙම මන්ත්‍රණ සභාව කැඳවනු ලැබිය යුතු වන්නේ සභාවේ වඩාත්ම අසීරු කාරණා වලදී පමණි; තවද පොදු හෝ සාමාන්‍ය නඩුවක් සඳහා මෙවැනි මන්ත්‍රණ සභාවක් කැඳවීම සුදුසු නොවන්නේය.

29 ගමන් කරමින් සිටින්නාවූ හෝ ස්ථානගතව ඇති පිටස්තරව සිටින උත්තම පූජකවරුන්ට එහිදී මෙවැනි මන්ත්‍රණ සභාවක් කැඳවීම අවශ්‍ය වන්නේදැයි හෝ නොවන්නේදැයි පැවසීමට බලය ඇත්තේය.

30 උසස් මන්ත්‍රණ සභාව හෝ පිටස්තරව ගමන් කරමින් සිටින උත්තම පූජකයින්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගෙන් යුත් ගමන් කරමින් සිටින උසස් මන්ත්‍රණ සභාව අතර එහි වෙනසක් ඇත, එනම් ඒ ඔවුන්ගේ තීරණ වලය.

31 ඉහත පළමු පිරිසේ තීරණයේදී එහි අභියාචනයක් තිබිය හැකිය; එහෙත් පසුව සඳහන් පිරිසගේ තීරණයේදී එසේ කළ නොහැකිය.

32 වරදට පත්වීමක් වී ඇත්නම් ඒ සම්බන්ධව පසුව සඳහන් පිරිසව ප්‍රශ්න කිරීම සඳහා කැඳවිය හැක්කේ සභාවේ ප්‍රධාන අධිකාරිත්වයන් විසින් පමණි.

33 විසඳුම: අභියාචනයක් ඉදිරිපත්ව ඇති එවැනි නඩුවක් සම්බන්ධව, එම අභියාචනය සහ සාක්ෂි සහ එයට අදාළ ප්‍රකාශනයන් පරික්ෂා කිරීමෙන් පසුව, සාධාරණව එය නැවත සවන්දීමකට සුදුසු දැයි, තීරණය කිරීමට සභාවේ පළමු සභාපතිත්වය ඇති ස්ථානයේ සභාපතිවරයාට හෝ සභාපතිවරුන්ට බලය ඇත.

34 උපදේශකයින් දොළොස්දෙනාගෙන් මුලින්ම කතා කළ යුත්තේ කවුරුන්ද යන්න සොයාබැලීම සඳහා සීට්ටුවක් උඩදැමීම හෝ ඡන්දය ඉදිරිපත් කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ මෙයයි, නම් වශයෙන්; 1, ඔලිවර් කවුඩ්‍රි; 2, ජෝසෆ් කෝ; 3, සැමුවෙල් එච්. ස්මිත්; 4, ලූක් ජොන්සන්; 5, ජෝන් එස්. කාටර්; 6, සිල්වෙස්ටර් ස්මිත්; 7, ජෝන් ජොන්සන්; 8, ඕර්සන් හයිඩ්; 9, ජැරඩ් කාටර්; 10, ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ; 11, ජෝන් ස්මිත්; 12, මාටින් හැරිස්.යාච්ඤාවෙන් පසු සම්මන්ත්‍රණය කල්තැබීය.

ඔලිවර් කවුඩ්‍රි,

ඔර්සන් හයිඩ්,

ලිපිකරුවන්