ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 23


23 වන කොටස

1830 අප්‍රියෙල්, මැන්චෙස්ටර් නිව්යෝර්ක් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින්, ඔලිවර් කවුඩ්‍රි; හයිරම් ස්මිත්; සැමුවෙල් එච්. ස්මිත්, ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ, සහ ජෝසෆ් නයිට් ජ්‍යේෂ්ඨ හට දෙනු ලැබූ එළිදරව් පහක මාලාවකි. ඔවුන්ගේ වගකීම් කොටස දැනගැනීමට නම් කළ පුද්ගලයන් පස්දෙනාගේ අවංක ආශාවේ ප්‍රතිඵලයක් ලෙස, අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසනු ලැබ එක් එක් පුද්ගලයා වෙනුවෙන් එළිදරව්වක් ලබාගත්තේය.

1–7, මෙම ආරම්භක ගෝලයන් කැඳවනු ලැබූයේ දේශනා කිරීමට, උනන්දු කිරීමට සහ සභාව සවිමත් කිරීමටය.

1 බලන්න, ඔලිවර්, මම නුඹ හට වචන ස්වල්පයක් කතා කරන්නෙමි, බලන්න, නුඹ ආශිර්වාද ලද්දෙහිය, තවද කිසිම හෙළාදැකීමකට නුඹ යටත් නොවන්නෙහිය. එහෙත් නුඹ පරීක්ෂාවට ඇතුල් නොවන පිණිස, අහංකාරය ගැන සැලකිලිමත් වෙයන්න.

2 නුඹලාගේ කැඳවීම සභාවට, සහ එසේම ලෝකය ඉදිරියේ දැනගැනීමට සලස්වන්න, තවද මෙතැන් පටන් සදාකාලයටම සත්‍ය දේශනා කිරීමට නුඹලාගේ හදවත් විවෘත කරන්න. ආමෙන්.

3 බලන්න, හයිරම්, මම නුඹ හට වචන ස්වල්පයක් කතා කරන්නෙමි; මක්නිසාද නුඹත් එසේම කිසිම හෙළාදැකීමකට යටත් නොවන්නෙහිය, තවද නුඹගේ හදවත විවෘතය, තවද නුඹගේ දිව බුරුල්ය; තවද නුඹගේ කැඳවීම අනුශාසනා ලබාදීමට, සහ නිතර සභාව සවිමත් කිරීමය. එසේහෙයින් නුඹගේ වගකීම සදාකාලයටම සභාවටය, තවද මෙය එසේ වන්නේ නුඹගේ පවුල නිසාය. ආමෙන්.

4 බලන්න, සැමුවෙල්, මම නුඹ හට වචන ස්වල්පයක් කතා කරන්නෙමි; මක්නිසාද නුඹත් එසේම කිසිම හෙළාදැකීමකට යටත් නොවන්නෙහිය, තවද නුඹගේ කැඳවීම අනුශාසනා ලබාදීමට, සහ සභාව සවිමත් කිරීමය; තවද ලෝකය ඉදිරියේ දේශනා කිරීමට තවමත් නුඹව කැඳවා නොමැත්තේය. ආමෙන්.

5 බලන්න, ජෝසෆ්, මම නුඹ හට වචන ස්වල්පයක් කතා කරන්නෙමි; මක්නිසාද නුඹත් එසේම කිසිම හෙළාදැකීමකට යටත් නොවන්නෙහිය, තවද නුඹගේ කැඳවීමද එසේම අනුශාසනා ලබාදීම, සහ සභාව සවිමත් කිරීමය; තවද මෙතැන් පටන් සදාකාලයටම නුඹගේ වගකීම මෙය වන්නේය. ආමෙන්.

6 බලන්න, ජෝසෆ් නයිට්, මෙම වචන මගින්, මම නුඹ හට ප්‍රකාශ කරන්නෙමි, එනම් නුඹ නුඹගේ කුරුසිය උසුලාගත යුතු වන්නේය, එලෙසම නුඹ එමගින් ශබ්දයෙන්, එසේම රහසින්ද ලෝකය ඉදිරියේද, තවද නුඹගේ පවුල තුළද, සහ නුඹගේ මිතුරන් අතරද, තවද සියලු ස්ථානයන්හිද යාච්ඤා කළ යුතුමය.

7 තවද, බලන්න, නුඹගේ වගකීම වන්නේ සත්‍ය සභාව සමඟ එක්සත් වීමය, තවද අනුශාසනා කිරීමේ වචන නොකඩවා ලබාදෙන්න, එනම් නුඹගේ වෙහෙසවීම් වල විපාකය ලබන පිණිසය. ආමෙන්.