ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 34


34 වන කොටස

1830 නොවැම්බර් 4, ෆෙයිට්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඔර්සන් ප්‍රැට් හට දෙනු ලැබූ එළිදරව්වකි. එම කාලයේදී සහෝදර ප්‍රැට්ගේ වයස දහනමයක් විය. සති හයකට පෙර, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන, පාර්ලි පී. ප්‍රැට්ගෙන්, නැවත පිහිටවූ ශුභාරංචිය දේශනා කිරීම පළමුව ඇසූ ඔහු, හැරී බව්තීස්ම වී සිටියේය. මෙම එළිදරව්ව ලැබූයේ පීටර් විට්මර් ජ්‍යේෂ්ඨගේ නිවසේදීය.

1–4, ඇදහිලිවන්තයෝ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පැමිණෙන්නෝය; 5–9, ශුභාරංචිය දේශනා කිරීම දෙවෙනි පැමිණීමේ මාර්ගය සූදානම් කරන්නේය; 10–12, අනාගත වාක්‍යය කීම පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ය.

1 මාගේ පුත්‍ර ඔර්සන්, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, නුඹගේ මිදුම්කරුවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වුවත් නුඹට පවසන දෙයට, උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න සහ බලන්න;

2 මා ලෝකයේ ආලෝකය සහ ජීවනයයි, එම ආලෝකය අන්ධකාරයේ බැබළෙන්නේය තවද අන්ධකාරය එය තේරුම් නොගන්නේය;

3 උන්වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළේදයත් එනම් සිය ස්වකීය ජීවිතය පූජා කළ සේක, එනම් විශ්වාස කරන්නාවූ සියල්ලන් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීමටය. එසේහෙයින් නුඹ මාගේ පුත්‍රයාය;

4 තවද නුඹ විශ්වාස කළ හෙයින් නුඹ ආශිර්වාද ලද්දෙහිය;

5 මාගේ ශුභාරංචිය දේශනා කිරීමට මම නුඹව කැඳවාගත් නිසා නුඹ වඩාත් ආශිර්වාද ලද්දේය—

6 දිගින් දිගටම සහ ශබ්ද නගමින් යන දෙකෙන්ම, හොරණෑවක ශබ්දයක් සමඟ මෙන් නුඹලාගේ හඬ ඉහළට ඔසවන්න, තවද වංක සහ දුෂ්ට පරම්පරාව හට පසුතැවිලි වන ලෙස මොරගසන්න, ස්වාමින්වහන්සේගේ දෙවෙනි පැමිණීමට උන්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න.

7 මක්නිසාද බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, කාලය අත ලඟ වන්නේය එනම් මම වලාකුළක් තුළින් බලයෙන් සහ මහත් මහිමයෙන් පැමිණෙන්නෙමි.

8 තවද එම මාගේ පැමිණීමේ කාලය ශ්‍රේෂ්ඨ දවසක් වන්නේය, මක්නිසාද සියලු ජාතීන් වෙව්ලවනු ලබන්නේය.

9 එහෙත් එම මහත් දවස පැමිණීමට පෙර, හිරු අඳුරු වන්නේය, තවද සඳ රුධිරයට හරවනු ලබන්නේය; තවද තරු එහි බැබළීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේය, තවද සමහරෙක් වැටෙනු ලබන්නේය, තවද දුෂ්ටයන්ට මහත් විනාශයක් වන්නේය.

10 එසේහෙයින්, නුඹගේ හඬ ඔසවන්න තවද වළක්වා නොගනින්න, මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ කතා කළ සේක; එසේහෙයින් අනාවැකි කියන්න, තවද එය දෙනු ලබන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ය.

11 තවද නුඹලා ඇදහිලිවන්ත නම්, බලන්න, මා පැමිණෙන තුරු මම නුඹලා සමඟ වන්නෙමි—

12 තවද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මම ඉක්මණින් පැමිණෙන්නෙමි. නුඹගේ ස්වාමින්වහන්සේද නුඹගේ ගැලවුම්කරුවාණන්ද මම වන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.