ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 111


111 වන කොටස

1836 අගෝස්තු 6, සාලෙම්, මැසචුසෙට්ස් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මේ කාලයේදී සභාවේ නායකයින් දේවසේවයේ වැඩකිරීම හේතුවෙන් දැඩි ලෙස ණයවී සිටියහ. සාලෙම්හි විශාල මුදලක් ඔවුන්ට ලබාගත හැකි බව දැනගත් අනාගතවක්තෘවරයා, සිඩ්නි රිග්ඩන්, හයිරම් ස්මිත්, සහ ඔලිවර් කවුඩ්‍රි මෙම හිමිකම විමර්ශනය කිරීම සඳහා, එමෙන්ම ශුභාරංචිය දේශනා කිරීම සඳහා, කර්ට්ලන්ඩ් ඔහායෝ සිට ඒ වෙත ගමන් කළෝය. මෙම සහෝදරයන් සභාවේ ව්‍යාපාර කිහිපයක් ගණුදෙනු කළ අතර තවද දේශනාද කළහ. කිසිඳු මුදලක් පැමිණෙන්නට නැති බව පෙනුන විට, ඔවුන් කර්ට්ලන්ඩ් වෙත නැවත හැරී පැමිණියෝය. පසුබිමෙහි ප්‍රධානව බලපාන විවිධ කරුණු මෙම එළිදරව්වෙහි වචන වල ප්‍රතිනිරූපණය වේ.

1–5, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ගේ තාවකාලික අවශ්‍යතාවයන් සොයාබලන සේක; 6–11, උන්වහන්සේ සයොනය සමඟ කරුණාවන්තව ගණුදෙනු කරන අතර උන්වහන්සේගේ සේවකයන්ගේ යහපත උදෙසා සියලු දේවල් සූදානම් කරන සේක.

1 නුඹලාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, නුඹලාගෙන් අණුවනකම් සිදුවුවත්, නුඹලා මෙම ගමන පැමිණීම පිළිබඳ අසතුටු නොවෙමි.

2 සයොනයේ ප්‍රයෝජනය උදෙසා, මෙම නගරයේ නුඹලා උදෙසා බොහෝ වස්තුව මට ඇත්තේය, තවද මෙම නගරයේ බොහෝ ජනතාව සයොනයේ ප්‍රයෝජනය උදෙසා, නුඹලාගේ උපකාරය තුළින් නියමිත කාලයේදී මම එක්රැස් කරන්නෙමි.

3 එසේහෙයින්, නුඹලාව මගපෙන්වනු ලබන ලෙසද, තවද එය නුඹලා හට දෙනු ලබන ලෙසද, මෙම නගරයේ මනුෂ්‍යයන් සමඟ නුඹලා සම්බන්ධකම් ඇතිකරගැනීම අවශ්‍ය වන්නේය.

4 තවද එනම් මම මෙම නගරය නුඹලාගේ අත්වලට එම නියමිත කාලයේදී ලබාදීම මෙසේ පසුවීමට පැමිණෙන්නේය, එනම් ඔවුන් නුඹලාගේ රහස් අහිප්‍රායන් සොයානොගන්නා පමණකින්, නුඹලා එය මත බලය ලබන්නෝය; තවද එහි රත්තරන් සහ රිදී වන ධනය නුඹලාගේ වන්නේය.

5 නුඹලාගේ ණය සම්බන්ධව නුඹලා කනස්සලු නොවන්න, මක්නිසාද ඒවා ගෙවීමට මම නුඹලාට බලය දෙන්නෙමි.

6 සයොනය ගැන නුඹලා කනස්සලු නොවන්න, මක්නිසාද මම ඇය සමඟ දායාවන්තව කටයුතු කරන්නෙමි.

7 මෙම ස්ථානයේද, තවද එහි ප්‍රදේශ අවට අසලද රැඳී සිටින්න;

8 තවද මාගේ කැමැත්ත වන එම ස්ථානයෙහි නුඹලා රැඳීසිටිය යුතු වන්නෝය, මක්නිසාද ප්‍රධාන වශයෙන්, එය නුඹලා හට, නුඹලා වෙතට ගලා එන, මාගේ ආත්මයේ සමාදානයෙන් සහ බලයෙන් සංඥා කරනු ලැබෙන්නේය.

9 මෙම ස්ථානය නුඹලා කුලියට ලබාගත යුතු වන්නෝය. තවද මෙම නගරයේ වඩාත් අතීත පදිංචිකරුවන් සහ ප්‍රාරම්භකයන් සම්බන්ධව උද්යෝගයෙන් සොයාබලන්න.

10 මක්නිසාද මෙම නගරයේ නුඹලා උදෙසා බොහෝ වස්තූන් ඇත්තේය.

11 එසේහෙයින් නුඹලා සර්පයන් මෙන් ප්‍රඥාවන්ත වෙයල්ලා එහෙත් පාපය නොමැතිවය; තවද නුඹලාට ඒවා ඉක්මනින්ම ලබාගැනීමට හැකිවෙන පමණින්, මම නුඹලාගේ යහපත උදෙසා සියලු දේවල් පිළියෙල කරන්නෙමි. ආමෙන්.