ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 103


103 වන කොටස

1834 පෙබරවාරි 24, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ශුද්ධවන්තයන්ට ජැක්සන් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ ඉඩම් වලට සහන සැලසීම සහ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව අනාගතවක්තෘවරයාගෙන් උපදෙස් ලබාගැනීමට, මිසුරි හි සිට පැමිණි, පාර්ලි පී. ප්‍රැට් සහ ලයිමන් වයිට් කර්ට්ලන්ඩ්, ඔහායෝ, වෙත පැමිණි පසුව මෙම එළිදරව්ව ලැබිණි.

1–4, ජැක්සන් ප්‍රාන්තයේ ශුද්ධවන්තයින්ව පීඩාකිරීමට ස්වාමින්වහන්සේ ඉඩදුන්නේ ඇයි; 5–10, ශුද්ධවන්තයින් ආඥා පිළිපදින්නේ නම් ඔවුන් සාර්ථක වනු ඇත; 11–20, සයොනයේ මිදීම බලය සමගින් පැමිණෙන්නේය, තවද ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනග ඉදිරියෙන් ගමන් කරන සේක; 21–28, ශුද්ධවන්තයින් සයොනයේ රැස්වන්නෝය, තවද ඔවුන්ගේ ජීවිත පූජාකරන්නෝ ඔවුන් නැවත එය සොයාගන්නෝය; 29–40, විවිධාකාර සහෝදරයන්ව සයොන කඳවුර සංවිධානය කිරීමටද තවද සයොනයට ගමන් කිරීමටද කැඳවනු ලබයි; ඔවුන් ඇදහිලිවන්ත වන්නේ නම් ඔවුන්ට ජයග්‍රහණය පොරොන්දු වී ඇත.

1 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රවරුනි, බලන්න, එනම් සයොන දේශයේ විසිරුවනු ලබා සිටින්නාවූ, නුඹලාගේ සහෝදරයන්ගේ ගැලවීම සහ මිදීම සම්බන්ධව නුඹලාගේ වගකීම් ඉටුකරගන්නේ කෙසේදැයි දැනගන්නා පිණිස, මම නුඹලා හට එළිදරව්වක් සහ ආඥාවක් දෙන්නෙමි;

2 [ඔවුන්] මාගේ සතුරන්ගේ අත්වලින් පහරකමින් සහ පලවාහරිනු ලැබ ඇත, ඔවුන් මත මම මාගේ කෝපය මාගේ ස්වකීය කාලයේදී මැනීමකින් තොරව වගුරුවන්නෙමි.

3 මක්නිසාද මම මෙතරම් කාලයක් ඔවුන්ට ඉඩදුන්නෙමි, එනම් ඔවුන් ඔවුන්ගේ අයුතුකම් වල එම මිනුමෙන් සම්පූර්ණ වී, එනම් ඔවුන්ගේ කුසලානය සම්පූර්ණ වන පිණිසය;

4 තවද එනම් මාගේ නාමයෙන් හඳුන්වන්නාවූ ඔවුන්ව කුඩා කාලයකට තරවටුවක් සමඟින් බරපතල ලෙස තරවටු කිරීමකට ලක්වනු ලැබෙන්නෝය, මක්නිසාද ඔවුන් හට මා විසින් දෙනු ලැබූ නියෝග සහ ආඥාවන් සඳහා ඔවුන් සම්පූර්ණයෙන් උවමනාවෙන් සවන්නොදුන් හෙයිනි.

5 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් එපමණකින් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන මම, මෙම පැයෙහිදී ඔවුන්ට ලබාදෙන්නාවූ උපදේශයන්ට උවමනාවෙන් සවන්දෙන්නේ නම්, මම මාගේ ජනතාවට ලබාගැනීම පිණිස තීන්දුවට තීන්දුවක් දී ඇත්තෙමි.

6 බලන්න ඔවුන් මෙම පැයේ සිට මාගේ සතුරන්ට විරුද්ධව ජයගැනීමට ආරම්භ කරන්නෝය, මක්නිසාද මම එය නියෝග කර ඇත්තෙමි.

7 තවද ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන, මම, ඔවුන් හට කතා කරන, මාගේ සියලු වචන පැවැත්වීමට උවමනාවෙන් සවන්දෙන්නේ නම්, ලෝකයේ රාජ්‍යයන් මාගේ පාද පාමුල යටත් කරගන්නා තුරු සහ, සදාකාලයෙන් සදාකාලයට අයිති කරගැනීමට ශුද්ධවන්තයන්ට ලෝකය ලබාදෙන තුරු, ඔවුන් ජයගැනීම කෙදිනකවත් නවතින්නේ නැත.

8 එහෙත් ඔවුන් මාගේ ආඥාවන් නොපිළිපදින පමණකින්, තවද මාගේ සියලු වචන පැවැත්වීමට උවමනාවෙන් සවන්නොදෙන්නේ නම්, ලෝකයේ රාජ්‍යයන් ඔවුන්ට විරුද්ධව ජයගන්නේය.

9 මක්නිසාද ඔවුන්ව ලෝකයට ආලෝකයක් වීමටද, තවද මනුෂ්‍යයන්ගේ ගැලවුම්කරුවන් වීමටද පත්කර ඇත්තේය;

10 තවද එපමණකින් ඔවුන් මනුෂ්‍යයන්ගේ ගැලවුම්කරුවන් නොවන්නේද, ඔවුන් එහි රසය නැති වූ ලුණු මෙන් වන්නෝය, තවද එතැන්සිට කිසිඳු යහපතකින් තොරව නමුත් මනුෂ්‍යයන්ගේ පාද වල පෑගී යාමට පිටතට දමනු ලැබෙන්නෝය.

11 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් එම විසුරුවනු ලැබ ඇති නුඹලාගේ සහෝදරයන් ඔවුන්ගේ උරුමයේ දේශයට නැවත හැරී පැමිණ, තවද සයොනයේ විනාශ වූ ස්ථානයන් ගොඩනැගිය යුතු යැයි මම නියෝග කර ඇත්තෙමි.

12 මක්නිසාද මහත් පීඩා වලින් පසු, මම ඉහත ආඥාවකින් නුඹලාට පැවසූ ලෙස, ආශිර්වාදයන් පැමිණෙන්නේය.

13 බලන්න නුඹලාගේ පීඩා, සහ නුඹලාගේ සහෝදරයින්ගේ පීඩා වලින් පසු මම නුඹලාට පොරොන්දු වූ ආශිර්වාදය මෙය වේ—එනම් නුඹලාගේ මිදීමත්, තවද නුඹලාගේ සහෝදරයන්ගේ මිදීමත්, එමෙන්ම සයොන දේශයේ ඔවුන්ගේ නැවත පිහිටුවාලීමත්, ස්ථාපිත කරනු ලැබීම සඳහාය, තවදුරටත් පිටතට දමනු නොලැබීම සඳහාය.

14 එසේවුවද, ඔවුන් ඔවුන්ගේ උරුමය අපවිත්‍ර කරගන්නේද ඔවුන්ව පිටතට නෙරපනු ලබන්නේය; මක්නිසාද ඔවුන්ගේ උරුමය ඔවුන් අපවිත්‍ර කරන්නේද මම ඔවුන්ව බේරා නොගන්නෙමි.

15 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, සයොනයේ මිදීම පැමිණිය යුතුවන්නේ බලයෙන්ය;

16 එසේහෙයින්, මම මාගේ ජනතාව හට, ඉශ්‍රායෙල් දරුවන්ට මෝසෙස් මගපෙන්වූවාක් මෙන්, ඔවුන්ට මගපෙන්වන්නෙක් වන මනුෂ්‍යයෙකුව ඔසවන්නෙමි.

17 මක්නිසාද නුඹලා ඉශ්‍රායෙලයේ දරුවන්ය, තවද ආබ්‍රහම්ගේ වංශයය, තවද නුඹලාව බලයෙන් යුතුව, තවද දික්වූ හස්තයක් සමඟ, වහල්කමින් පිටතට මගපෙන්වනු ලැබිය යුතු වන්නෝය.

18 තවද පළමුව නුඹලාගේ පියවරුන්ට මගපෙන්වූ ලෙසම, සයොනයේ මිදීම සිදුවන්නේය.

19 එසේහෙයින්, නුඹලාගේ හදවත් සිහිමුර්ජා වීමට ඉඩනොදෙන්න, මක්නිසාද මම නුඹලාගේ පියවරුන්ට පැවසූ ලෙස නුඹලාට නොපවසන්නෙමි: මාගේ සම්මුඛත්වය නොව, එහෙත් මාගේ දේවදූතයා නුඹලා ඉදිරියෙන් යන්නේය.

20 එහෙත් මම නුඹලා හට මෙසේ පවසන්නෙමි: මාගේ දේවදූතයන් නුඹලා ඉදිරියෙන් යන්නෝය, තවද මාගේ සම්මුඛත්වයද එසේම වන්නේය, තවද නුඹලා නියත කාලයේදී යහපත් දේශය ලබාගන්නෝය.

21 සැබවක්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මම නුඹලා හට දෙනු ලැබූ උපමාවේ මිදිවත්තේ ස්වාමියා කතා කළ සේවකයා ලෙස, මා සමාන කරන මනුෂ්‍යයා, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨය.

22 එසේහෙයින් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට, මාගේ ගෘහයේ ශක්තිය වූ, මාගේ තරුණ මනුෂ්‍යයන්ට සහ මධ්‍යම වයසේ අයවලුන්ට මෙසේ පවසන්නට ඉඩදෙන්න—මා වෙතට කැපකර ඇති, මුදලින් මම මිලදී ගනු ලැබූ, දේශය වන සයොන දේශය වෙතට නුඹලාව එක්රැස් කරගන්න.

23 තවද සියලු සභාවන් වලට ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ව ඔවුන්ගේ මුදල් සමඟ යවන්නටත්, තවද මම ඔවුන්ට ආඥා කළ ලෙස වුවත් ඉඩම් මිලදී ගන්නටත් සලස්වන්න.

24 තවද එපමණකින් සයොන දේශය ලෙස මා විසින් කැපකර ඇත්තාවූද, ඔබගේම වූ ඉඩම් වන මාගේ යහපත් දේශයෙන් නුඹලාව පලවාහැරීමට මාගේ සතුරන් පැමිණෙන්නේ නම්, නුඹලා ඔවුන්ට විරුද්ධව මා ඉදිරියට ගෙන එනු ලැබූ මෙම සාක්ෂි වලින් පසු, නුඹලා ඔවුන්ට ශාප කළ යුතු වන්නෝය;

25 තවද නුඹලා ශාප කරන්නාවූ කවර අයෙකුට වුවත්, මම ශාප කරන්නෙමි, තවද නුඹලා මාගේ සතුරන්ගෙන් පලිගන්නෝය.

26 තවද මට ද්වේශ කරන්නාවූ ඔවුන්ගේ තුන්වන සහ සතරවන පරම්පරාව දක්වා වුවත්, මා වෙනුවෙන් මාගේ සතුරන්ගෙන් පලිගන්නා විට මාගේ සම්මුඛත්වය නුඹලා සමඟ වන්නේය.

27 කිසිම මනුෂ්‍යයෙකු මා උදෙසා ඔහුගේ ජීවිතය නැතිකරගැනීමට බිය නොවිය යුතුය; මක්නිසාද මා උදෙසා ඔහුගේ ජීවිතය පූජාකරන කවරෙකු වුවද එය නැවත සොයාගන්නේය.

28 තවද මා උදෙසා ඔහුගේ ජීවිතය පූජාකිරීමට කැමති නොවන කවරෙකු වුවද ඔහු මාගේ ගෝලයෙකු නොවන්නේය.

29 සයොනයේ නැවත පිහිටුවාලීම සහ මිදීම සම්බන්ධව මා විසින් ඔවුන් හට ලබාදුන් මාගේ ආඥාවන් පිළිපැදීමට සභාවන් සූදානම් කිරීම සඳහා, නැගෙනහිර දේශයන් හි සභාවන් වල මාගේ සේවක සිඩ්නි රිග්ඩන් විසින් ඔහුගේ හඬ එසවීම මාගේ කැමැත්ත වන්නේය.

30 සයොන දේශයට යාමට දහදෙනෙකු, හෝ විසිදෙනෙකු, හෝ පනස්දෙනෙකු, හෝ සියදෙනෙකු ලෙස, එලෙස ඔවුන් මාගේ නිවසේ ශක්තියෙන් පන්සියයක් වන තෙක් ලබාගෙන, ඔවුන් කණ්ඩායම් සාදාගන්නා තුරු, මගේ සේවක පාර්ලි පී. ප්‍රැට් සහ මගේ සේවක ලයිමන් වයිට් ඔවුන්ගේ සහෝදරයන්ගේ දේශයට ආපසු නොයා යුතුවීම මාගේ කැමැත්ත වන්නේය.

31 බලන්න මෙය මාගේ කැමැත්ත වන්නේය; ඉල්ලන්න නුඹලාට දෙනු ලබන්නේය; එහෙත් මනුෂ්‍යයන් සැමවිටම මාගේ කැමැත්ත නොකරන්නෝය.

32 එසේහෙයින්, නුඹලාට පන්සියදෙනෙකු ලබාගත නොහැක්කේද, නුඹලා තුන්සියදෙනෙකුවත් ලබාගැනීම පිණිස උද්යෝගිමත්ව සොයන්න.

33 තවද නුඹලාට තුන්සියදෙනෙකු සොයාගැනීමට නොහැකිනම්, සියදෙනෙකුවත් ලබාගැනීමට උද්යෝගිමත්ව සොයන්න.

34 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා සමඟ සයොන දේශය වෙතට යාමට, එනම් මාගේ නිවසින් සියයක් දෙනෙකුගේ ශක්තියක් ලබාගන්නා තෙක් සයොන දේශය වෙත නොයෑමට, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

35 එසේහෙයින්, මම නුඹලා හට පැවසූ ලෙස, ඉල්ලන්න තවද නුඹලාට දෙනු ලබන්නේය; එනම් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨත්, නුඹලා සමඟ ගමන් කරමින්, තවද මාගේ ජනතාව මධ්‍යයේ මූලාසනය දරමින්, එම කැපකෙරූ දේශය මත මාගේ රාජ්‍යය සංවිධානය කරමින්, තවද මා විසින් නුඹලා හට දෙනු ලැබූ සහ ලබාදෙන එම නීතීන් සහ ආඥා මත සයොනයේ දරුවන් පිහිටුවන පිණිස උද්යෝගයෙන් යාච්ඤා කරන්න.

36 සියලු ජයග්‍රහණ සහ මහිමය නුඹලාගේ උද්යෝගය, ඇදහිලිවන්තකම, සහ ඇදහිල්ලේ යාච්ඤා තුළින් නුඹලා හට ගෙනඑනු ලබන්නේය.

37 මාගේ සේවක පාර්ලි පී. ප්‍රැට් හට මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සමඟ ගමන් කරන්නට සලස්වන්න.

38 මාගේ සේවක ලයිමන් රයිට් හට මාගේ සේවක සිඩ්නි රිග්ඩන් සමඟ ගමන් කරන්නට සලස්වන්න.

39 මාගේ සේවක හයිරම් ස්මිත් හට මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් සමඟ ගමන් කරන්නට සලස්වන්න.

40 මාගේ සේවක ඕර්සන් හයිඩ් හට මාගේ සේවක ඕර්සන් ප්‍රැට් සමඟ ගමන් කරන්නට සලස්වන්න, මම නුඹලා හට දෙනු ලැබූ මෙම ආඥාවන්හි සම්පූර්ණත්වය ලබාගැනීමට, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ කොතැනකදී වුවත් ඔවුන්ට උපදේශයන් දෙන්නෙහිය, තවද ඉතිරිය මාගේ හස්තයේ ඉතිරි කරන්න. එය එසේම වන්නේය. ආමෙන්.