ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 87


87 වන කාටස

1832 දෙසැම්බර් 25, කර්ට්ලන්ඩ්, ඔහායෝ අසලදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ, යුද්ධය සම්බන්ධ අනාවැකියක් සහ එළිදරව්වකි. මේ අවස්ථාවේදී වහල්භාවය පිළිබඳ එක්සත් ජනපදයේ ආරවුල් සහ දකුණු කැරොලිනා ෆෙඩරල් ගාස්තු අහෝසි කිරීම පිළිබඳ ආරවුල් බහුලව පැවතුනි. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය සඳහන් කරන පරිදි “සභාව පාළුකරයෙන් පිටත් වීමට ඇයගේ ගමන පටන් ගත්දා සිට ඔවුන්ට කලින් තිබුනාටත් වඩා, ජාතීන් අතර කරදර ඇතිවීම” අනාගතවක්තෘවරයාට “වඩා පැහැදිලිව” පෙනෙන්නට තිබුණි.

1–4, නැගෙනහිර ප්‍රාන්තයන් සහ දකුණු ප්‍රාන්තයන් අතර යුද්ධය පුරෝකථනය කර ඇත; 5–8, මහත් වූ විනාශයන් පොළොවේ සියලු පදිංචිකරුවන් මත පතිත වන්නේය.

1 සැබවක්, ටික කාලයකින් පැමිණෙන්නට තිබෙන්නාවූ යුද්ධයන් සම්බන්ධව ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, දකුණු කැරොලිනාවෙන් ආරම්භ වී, එය ක්‍රමයෙන් බොහෝ ප්‍රාණයන්ට මරණය සහ දුක ගෙන එමින් අවසන් වන්නේය.

2 තවද මෙම ස්ථානයෙන් ආරම්භ වී, සියලුම ජාතීන් මත යුද්ධය වැගිරෙවන කාලයක් පැමිණෙන්නේය.

3 මක්නිසාද බලන්න, දකුණු ප්‍රාන්තයන් නැගෙනහිර ප්‍රාන්තයන්ට විරුද්ධව බෙදී, තවද දකුණු ප්‍රාන්තයන් අනෙකුත් ජාතීන් එය එසේ මහා බ්‍රිතාන්‍ය යැයි නම් කරනු ලැබූ, ජාතිය වුවත් කැඳවනු ඇත, තවද ඔවුන්ව අනෙකුත් ජාතීන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන් විසින් අනෙකුත් ජාතීන්ද කැඳවනු ඇත; තවද එවිට යුද්ධය සියලු දේශයන් මත වැගිරෙනු ඇත.

4 තවද එය මෙසේ සිදුවන්නේය, බොහෝ දවසකට පසු, වහළුන් ඔවුන්ව පෙළගස්වා සංවිධානය කළ ඔවුන්ගේ ස්වාමිවරුන්ට විරුද්ධව නැගී සිටින්නෝය.

5 තවද එසේම එනම් දේශයේ ඉතිරිවූවන් ඔවුන්වම පෙළගස්වාගෙන, තවද බෙහෙවින් කෝපවීමට පැමිණ, තවද අන්‍ය ජාතිකයන්ට දරුණු පහරදීමකින් පහරදීම සිදුවනු ලැබෙන්නේය.

6 තවද මෙසේ, කඩුව සමඟ සහ රුධිරය වැගිරීම මගින් පොළොවේ පදිංචිකරුවන් වැලපෙන්නෝය; තවද සාගින්න, සහ වසංගතයන්, සහ භූකම්පන, සහ ස්වර්ගයේ ගෙරවීම්, සහ විවිධාකාර දරුණු අකුණු සමඟින්, සියලු ජාතීන් සම්පූර්ණයෙන් නැතිවී යන තුරු, පොළොවේ පදිංචිකරුවන් සර්වබලධාරී දෙවියන්වහන්සේ කෙනෙකුගේ කෝපය, සහ උදහස, සහ තරවටු කිරීමේ හස්තය අත්දකින්නෝය.

7 එනම් ශුද්ධවන්තයන්ගේ හැඬීම්, සහ ශුද්ධවන්තයන්ගේ රුධිරය, ඔවුන්ගේ සතුරන්ගෙන් පළිගැනීම සඳහා පොළොව වෙතින්, සබොත් වූ ස්වාමින්වහන්සේගේ කන් වලට පැමිණීම වළක්වන්නේය.

8 එසේහෙයින්, නුඹලා ශුද්ධ ස්ථාන වල නැගී සිටින්න, තවද ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන තුරු, නොසැලී සිටින්න; මක්නිසාද බලන්න, එය ඉක්මණින් පැමිණෙන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක. ආමෙන්.