ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 114


114 වන කොටස

1838 අප්‍රියෙල් 11, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–2, ඇදහිලිවන්ත නොවන්නාවූ සභාවේ අය දරන සභා තනතුරු අන් අයට දෙනු ලබන්නේය.

1 සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මාගේ සේවක ඩේවිඩ් ඩබ්. පැටන් තුළ මාගේ ප්‍රඥාව මෙය වන්නේය, එනම් ඔහුගේ සියලු ව්‍යාපාරයන් ඔහුට හැකි ආකාරයෙන් ඉතා ඉක්මණින් නිරවුල් කරගත යුතුය, තවද ඔහුගේ සියලු භාණ්ඩ පවරාදීම සිදුකළ යුතුය, එනම් ඒ ඔහු ඊලඟ වසන්තයේදී ඔහු ඇතුළු දොළොස්දෙනා වන, අනෙක් අය සමඟ සංවිධානය වී, මා වෙතට ධර්මදූත මෙහෙවරක් ඉටුකරන පිණිසද, එනම් මාගේ නාමයෙන් සාක්ෂි දරමින් තවද මුළු ලෝකයටම ශුභාරංචියේ පණිවිඩය දරන පිණිසදය.

2 මක්නිසාද සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් එහි මාගේ නාමය ප්‍රතික්ෂේප කරන්නන් නුඹලා අතරෙහි සිටින පමණකින්, ඔවුන් වෙනුවට වෙනත් අයව පත්කරමින් ඔවුන්ගේ සභා තනතුර ලබාගනු ලබන්නේය. ආමෙන්.