ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 125


125 වන කොටස

1841 මාර්තු, නාවූ, ඉලිනොයිස් හිදී, අයෝවා පළාතේ ශුද්ධවන්තයන් සම්බන්ධව, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–4, ශුද්ධවන්තයන් නගර ගොඩනගමින් තවද සයොනයේ ස්ටේකයන්ට රැස්විය යුතු වන්නෝය.

1 අයෝවා පළාතේ ශුද්ධවන්තයන් සම්බන්ධව ස්වාමින්වහන්සේගේ කැමැත්ත කුමක්ද?

2 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, ඔවුන්ව මාගේ නාමයෙන් හඳුනාගනිමින් තවද මාගේ ශුද්ධවන්තයන් බවට පත්වීමට ප්‍රයත්න දරන ඔවුන්, ඔවුන් සම්බන්ධව වූ මාගේ කැමැත්ත ඔවුන් ඉටුකරන්නේ නම් සහ මාගේ ආඥා පිළිපදින්නේ නම්, මාගේ සේවක ජෝසෆ් මගින් මම ඔවුන්ට නියම කරන ස්ථානයන්ට ඔවුන්වම රැස්කරගැනීමටත්, තවද මාගේ නාමය කෙරෙහි නගර ගොඩනැගීමටත් සලස්වන්න, එනම් ඒ ඔවුන් පැමිණෙන්නට තිබෙන කාලය සඳහා ගබඩා කර ඇති දේ සඳහා ඔවුන් සූදානම් වන පිණිසය.

3 ඔවුන්ට මාගේ නාමයට නගරයක් නාවූ නගරයට විරුද්ධව තිබෙන දේශය මත ගොඩනගන්නටත්, තවද එය මත සාරාහෙලම්ලා යන නාමය නම් කරන්නටත් සලස්වන්න.

4 තවද එහි පදිංචි වීමට ආශාව ඇති, නැගෙනහිරෙන්ද, සහ බටහිරෙන්ද, සහ උතුරෙන්ද, සහ දකුණෙන්ද පැමිණෙන සියල්ලන්ටම, එම ස්ථානයෙන්ද, එලෙසම නැෂ්විල් නගරයෙන්ද, හෝ නාවූ නගරයෙන්ද, තවද මා විසින් පත්කරන ලද සියලුම ස්ටේකයන් තුළද, ඔවුන්ගේ උරුමය ලබාගැනීමට සලස්වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.