ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 53


53 වන කොටස

1831 ජුනි 8, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඇලගර්නොන් සිඩ්නි ගිල්බර්ට් හට දෙනු ලැබූ එළිදරව්වකි. සිඩ්නි ගිල්බර්ට්ගේ ඉල්ලීමකට, අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් සහෝදර ගිල්බර්ට්ගේ සභාවේ සේවය සහ පත්වීම ගැන විමසීය.

1–3, සිඩ්නි ගිල්බර්ට්ගේ කැඳවීම සහ පත්වීම සභාව තුළ වැඩිහිටියෙකු ලෙස නියම වීමය; 4–7, ඔහු එසේම සභානායකවරයාගේ නියෝජිතයෙකු ලෙස සේවය කළ යුතුය.

1 බලන්න, මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට්, එනම් මම නුඹගේ යාච්ඤාවන් ඇසුවෙමි; තවද නුඹගේ කැඳවීම සහ ස්වාමින්වහන්සේ වන, මම, මෙම අවසන් දවස් වලදී නැගිටුවා ඇති එම සභාව තුළ පත්කිරීම සම්බන්ධව දැනගන්නා පිණිස, එය නුඹ නුඹගේ දෙවියන් වූ ස්වාමින්වහන්සේ වන, මාගෙන් අසනු ලැබූවෙහිය.

2 බලන්න, ලෝකයේ පාපය උදෙසා කුරුසිපත් වූ, ස්වාමින්වහන්සේ වන, මම, නුඹට ලෝකය අත්හැර දැමිය යුතු බවට ආඥාවක් දෙන්නෙමි.

3 මාගේ වචනයට අනුව, ඇදහිල්ල සහ පසුතැවිල්ලද තවද පව් කමාවද, තවද අත් තැබීම මගින් ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබීම ගැනද දේශනා කිරීමට, එනම් වැඩිහිටියකු වන්නට වුවත්, නුඹ මත මාගේ නියම කිරීම ගන්න.

4 තවද එසේම මෙයින් පසු දෙනු ලබන අඥාවන්ට අනුව, සභානායකවරයා විසින් පත්කරනු ලබන සභාවේ ස්ථානයක නියෝජිතයෙකු වන්න.

5 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, නුඹ මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් සමඟ නුඹගේ ගමන යා යුතුය.

6 බලන්න, මේවා නුඹ විසින් ලබන එම පළමු නියෝගයන් වන්නේය; තවද මාගේ මිදිවත්තේ නුඹගේ වෙහෙසවීම් අනුව, ඉතිරිය පැමිණෙන කාලයේදී දැනගැනීමට සලස්වන්නෙමි.

7 තවද නැවතත්, එනම් නුඹ දැනගන්නවාට මම කැමැත්තෙමි එනම් අවසානය තෙක් දරාගන්නා ඔහුව පමණක් ගලවනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.