ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 40


40 වන කොටස

1831 ජනවාරි, ෆෙයිට්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව වාර්තා කිරීමට පෙර, අනාගතවක්තෘවරයාගේ ඉතිහාසය මෙසේ ප්‍රකාශ කරයි, “ජේම්ස් [කොවල්] ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කොට, තවද ඔහුගේ පෙර ප්‍රතිපත්තීන් සහ ජනතාව වෙතට නැවත ගියේය, තවද ස්වාමින්වහන්සේ මා හට සහ සිඩ්නි රිග්ඩන් හට පහත එළිදරව්ව දුන් සේක” (39 වන කොටස බලන්න).

1–3, හිංසා කිරීම් වලට ඇති භීතිය සහ ලෝකයේ දේවල් කෙරෙහි ඇති සැලකිල්ල ශුභාරංචිය ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ.

1 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සේවක ජේම්ස් කොවල්ගේ හදවත මා ඉදිරියේ තිබිණ, මන්ද ඔහු මාගේ වචනයට කීකරු වන බවට ගිවිසා ගත්තේය.

2 තවද ඔහු වචනය ප්‍රීතියෙන් ලබාගත්තේය, එහෙත් කෙලින්ම සාතන් ඔහුව පරීක්ෂා කළේය; තවද හිංසාවට ඇති භීතිය සහ ලෝකයේ දේවල් කෙරෙහි ඇති සැලකිල්ල නිසා වචනය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට සිදුවිය.

3 එසේහෙයින් ඔහු මාගේ ගිවිසුම බිඳ දැමුවේය, තවද මට යහපත් ලෙස පෙනෙන ආකාරයට ඔහු සමඟ ක්‍රියා කිරීම මා තුළ පවතින්නේය. ආමෙන්.