ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 48


48 වන කොටස

1831 මාර්තු 10, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා ශුද්ධවන්තයන්ව ස්ථානගත කිරීම සඳහා ඉඩම් ලබාගැනීමේ ක්‍රමයේ ආකාරය ස්වාමින්වහන්සේ වෙතින් ඉල්ලා තිබිණි. ඔවුන් ඔහායෝ හි රැස්විය යුතු බවට වූ ස්වාමින්වහන්සේගේ ආඥාවට කීකරු වෙමින් නැගෙනහිර එක්සත් ජනපදයේ සිට සංක්‍රමණය වූ සභාවේ සාමාජිකයින්ට මෙය වැදගත් කාරණයක් විය (කොටස් 37:1–3; 45:64 බලන්න).

1–3, ඔහායෝ හි ශුද්ධවන්තයන් ඔවුන්ගේ සහෝදරයන් සමඟ ඔවුන්ගේ ඉඩම් බෙදාගත යුතුය; 4–6, ශුද්ධවන්තයන් ඉඩම් මිලදී ගෙන, නගරයක් ගොඩනගමින්, තවද ඔවුන්ගේ සභාපතිත්වය දරන නිලධාරින්ගේ උපදේශයන් අනුගමනය කළ යුතුය.

1 තවද එනම් වර්තමාන කාලයෙහිදී නුඹලාගේ ජීවත් වන ස්ථානයන්හිම රැඳී සිටීම අවශ්‍ය වන්නේය, එය නුඹලාගේ අවස්ථාවට සුදුසු වන්නේය.

2 තවද එපමණකින් නුඹලාට ඉඩම් ලැබුනේද, නුඹලා නැගෙනහිර සහෝදරයන්ට දිය යුතු වන්නේය;

3 තවද එපමණකින් නුඹලාට ඉඩම් නොලැබුන හොත්, වර්තමාන කාලයේදී එම ප්‍රදේශ අවට අසල ඔවුන්ට යහපත් යැයි හැඟෙන ලෙස මිලදී ගැනීමට දෙන්න, මක්නිසාද වර්තමාන කාලයේදී ඔවුන්ට ජීවත්වීම උදෙසා ස්ථානයන් තිබීම අවශ්‍ය වන්නේය.

4 එනම් සියලු මුදල් ඔබට හැකි ලෙස ඉතුරු කිරීමට අවශ්‍ය විය යුතු වන්නේය, තවද එනම් නුඹලාට හැකි සියලු දේවල් ධර්මිෂ්ඨකමින් ලබාගැනීමටත්, එනම් කාලයත් සමඟ නුඹලාගේ උරුමය උදෙසා ඉඩම්, එනම් නගරයම වුවත්, මිලදී ගැනීමට හැකිවන පිණිසය.

5 ස්ථානය තවමත් එළිදරව් වූයේ නැත; එහෙත් නුඹලාගේ සහෝදරවරුන් නැගෙනහිර වෙතින් පැමිණියාට පසු එහිදී විශේෂිත මනුෂ්‍යයන් පත්කරගෙන, තවද ඔවුන් හට ස්ථානය දැනගැනීමට දෙනු ඇත, නැතහොත් ඔවුන්ට එය එළිදරව් කරනු ඇත.

6 තවද ඔවුන්ව ඉඩම් මිලදී ගැනීමට, තවද නගරයේ අත්තිවාරම දැමීම ආරම්භ කිරීමට පත්කරනු ඇත; තවද එවිට සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ පවුලට අනුව, ඔහුගේ අවස්ථාවන්ට අනුව, තවද ඔහුට සභාපතිත්වය සහ සභානායකවරයා මගින් පත්කරනු ලබන අනුව, තවද එම නුඹලා හට ලැබුනු සහ නුඹලා හට මෙයින් පසුව ලැබෙන නීති සහ ආඥාවන්ට අනුව, නුඹලාගේ පවුල් එක්රැස්කර ගැනීමට නුඹලා ආරම්භ කරනු ඇත. එය එසේම වන්නේය. ආමෙන්.