ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 81


81 වන කොටස

1832 මාර්තු 15, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ෆ්‍රෙඩ්‍රික් ජී. විලියම්ස්ව උත්තම පූජකවරයෙකු වීමට හා උසස් පූජකවර සභාපතිත්වයේ උපදේශකයෙකු ලෙස කැඳවනු ලබයි. 1832 මාර්තු මාසයේදී මෙම එළිදරව්ව ලැබුණු විට එය ජෝසෆ් ස්මිත්ගේ උපදේශක තනතුරට සභාපතිත්වයේ කැඳවීමක් ජෙසේ ගෝස් හට ලැබූ බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. කෙසේවෙතත්, මෙම පත්වීමට අනුකූලව ඉදිරියට යාමට ඔහු අපොහොසත් වූ විට, එම කැඳවීම පසුව ෆ්‍රෙඩ්රික් ජී. විලියම්ස් වෙත මාරු කරන ලදි. මෙම එළිදරව්ව (1832 මාර්තු දින) පළමු සභාපතිත්වය විධිමත්ව සංවිධානය කිරීමේ පියවරක් ලෙස සැලකිය යුතු අතර, විශේෂයෙන් උපදේශක තනතුර එම කොටස සඳහා කැඳවීම සහ එම පත්වීමේ අභිමානය විස්තර කරයි. සහෝදර ගෝස් කලක් සේවයේ යෙදුනු නමුත් 1832 දෙසැම්බර් මාසයේදී සභාවෙන් නෙරපා හරින ලදි. සහෝදර විලියම්ස්ව 1833 මාර්තු 18 වන දින එම නම්කරන ලද තනතුරට පත්කරන ලදි.

1–2, රාජ්‍යයේ යතුරු සැමවිටම දරන්නේ පළමු සභාපතිත්වය විසින්ය; 3–7, ෆෙඩ්‍රික් ජී. විලියම්ස් ඔහුගේ දේවසේවයේ ඇදහිලිවන්ත වන්නේ නම්, ඔහු සදාකාල ජීවනය ලබන්නේය.

1 සැබවක්, සැබවක්, මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් මම නුඹ හට මෙසේ පවසන්නෙමි, කතාකරන උන්වහන්සේගේ එම හඬට, ස්වාමින් වන නුඹගේ දෙවියන්වහන්සේගේ වචනයට සවන්දෙන්න, තවද මාගේ සභාවේ උත්තම පූජකයෙකු වීමටත්, තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වෙතට උපදේශකයෙකු වීමටත්, නුඹව කැඳවා ඇති එම කැඳවීමට උවමනාවෙන් සවන්දෙන්න;

2 සැමවිටම උසස් පූජකවරයේ සභාපතිත්වයට අයත් වන, මම ඔහු හට රාජ්‍යයේ යතුරු දී ඇත්තෙමි:

3 එසේහෙයින්, මා විසින් නුඹව පත්කරන ලද එම තනතුරෙහි, වාචිකව සහ නුඹගේ හදවතින්, පොදුවේ සහ පුද්ගලිකව, සැමවිටම යාච්ඤාවෙහිද, ජීවතුන්ගේ දේශයෙහි, සහ නුඹගේ සහෝදරයන් අතර ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ නුඹගේ දේවසේවයෙහිද, ඔහුගෙන් ලබන උපදේශයන්ට නුඹ ඇදහිලිවන්ත වන පමණකින්, සැබවක් මම ඔහුව පිළිගෙන තවද ඔහුටද, තවද එසේම නුඹටද ආශිර්වාද කරන්නෙමි.

4 තවද මෙම දේවල් කිරීමෙන් නුඹ නුඹගේ සහෝදර ජනතාවට ශ්‍රේෂ්ඨ වූ යහපතක් කරන්නෙහිය, තවද නුඹගේ ස්වාමින් වූ උන්වහන්සේගේ මහිමය ප්‍රචලිත කරන්නෙහිය.

5 එසේහෙයින්, ඇදහිලිවන්ත වන්න; මම නුඹව පත්කළ එම තනතුරෙහි නැගී සිටින්න; දුර්වල වූවන්ට උපකාරී වන්න, පහතට වැටී ඇති අත් ඔසවන්න, තවද දුර්වල දණහිස් සවිමත් කරන්න.

6 තවද නුඹ අවසානය දක්වා ඇදහිලිවන්ත වන්නේද, මාගේ පියාණන්ගේ නිවසෙහි මා විසින් සූදානම් කර ඇති මන්දිර වල සදාකාල ජීවනයද, අමරණීය බවේ ඔටුන්නක්ද නුඹ ලබන්නෙහිය.

7 බලන්න, තවද බලව, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, ඇල්ෆා සහ ඔමේගාගේ වචන වන්නේය. ආමෙන්.