ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 72


72 වන කොටස

1831දෙසැම්බර් 4, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. වැඩිහිටියන් සහ සාමාජිකයින් කිහිපදෙනෙක් තම වගකීම් පිළිබඳ ඉගෙනගැනීමටත් එමෙන්ම සභාවේ ඉගැන්වීම් තුළින් තවදුරටත් දියුණු වීමටත් එක්රැස් වී සිටියහ. මෙම කොටස එකම දිනයක ලැබුණු එළිදරව් තුනක එකතුවකි. 1 සිට 8 දක්වා පද වල නිවෙල් කේ. විට්නිව සභානායකවරයෙකු ලෙස කැඳවීම දන්වනු ලබයි. පසුව ඔහුව කැඳවා නියම කළ අතර, පසුව 9 සිට 23 දක්වා පද ලැබුනේ, සභානායකවරයෙකුගේ රාජකාරිය පිළිබඳ අමතර තොරතුරු ලබාදෙමිනි. ඉන්පසු, සයොනය වෙත රැස්වීම පිළිබඳ උපදෙස් සපයමින් 24 සිට 26 දක්වා පද ලබාදී ඇත.

1–8, වැඩිහිටියන් ඔවුන්ගේ භාරකාරත්වය ගැන වාර්තාවක් සභානායකවරයා වෙතට ඉදිරිපත් කළ යුතුය; 9–15, සභානායකවරයා ගබඩා ගෘහය පවත්වමින් දුප්පතුන් සහ අවශ්‍යතා ඇත්තන්ව රැකබලා ගනියි; 16–26, සභානායකවරුන් වැඩිහිටියන්ගේ සුදුසුකම සහතික කළ යුතුය.

1 මාගේ රාජ්‍යය සහ බලය ලබාදී තිබෙන්නාවූ, මාගේ සභාවේ උත්තම පූජකවරුන් වන, මෙහි රැස්වී සිටින්නාවූ නුඹලා සියල්ලෝම, උවමනාවෙන් සවන්දෙන්න, තවද ස්වාමින්වහන්සේගේ හඬට සවන්දෙන්න.

2 මක්නිසාද සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ සභාවේ මෙම කොටසට, නුඹලා හට, හෝ නුඹලා වෙතින් සභානායකවරයෙකු පත්කිරීම මා තුළ යෝග්‍ය වන්නේය.

3 තවද සැබවක් මෙම දෙය තුළ නුඹලා ප්‍රඥාවන්තව ක්‍රියාකර ඇත, මන්ද සෑම භාරකරුවෙකුගේම හස්තයේ, මේ කාලයටත් සහ සදාකාලයටත් යන දෙකටම, ඔහුගේ භාරකරත්වයේ වාර්තාවක් ඉදිරිපත් කිරීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වී ඇත.

4 මක්නිසාද මේ කාලයේදී ඇදහිලිවන්ත සහ ප්‍රඥාවන්ත වන ඔහුව, මාගේ පියාණන්වහන්සේ විසින් ඔහු වෙනුවෙන් සූදානම් කරන ලද මාළිගා උරුමකර ගැනීමට සුදුසු යැයි ගණන්ගනු ලබන්නේය.

5 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිදිවත්තේ මෙම කොටසේ මා විසින් පත්කරනු ලබන්නන් වන, මාගේ මිදිවත්තේ මාගේ සභාවේ මෙම කොටසේ වැඩිහිටියන් ඔවුන්ගේ භාරකාරත්වය ගැන වාර්තාවක් සභානායකවරයාට දෙනු ලැබිය යුතු වන්නේය.

6 මෙම දේවල් සයොනයේ සභානයකවරයා හට භාරදෙනු ලැබීමට වාර්තා වී තිබිය යුතු වන්නේය.

7 තවද සභානායකවරයාගේ වගකීම එය දී තිබෙන්නාවූ ආඥාවන් මගින්ද, සම්මන්ත්‍රණයේ හඬින්ද දන්වනු ලබන්නේය.

8 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක නිවෙල් කේ. විට්නි මෙම බලය වෙතට පත්කර තවද නියම කරනු ලබන්නාවූ මනුෂ්‍යයා වන්නේය. මෙය නුඹලාගේ මිදුම්කරුවාණන් වූ, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේගේ කැමැත්තය. එය එසේම වන්නේය. ආමෙන්.

9 ලබාදී තිබෙන්නාවූ නීතියට අමතරව, ස්වාමින්වහන්සේගේ වචනය, මිදිවත්තේ මෙම කොටසේ සභාව වෙතට නියම කරනු ලැබුවාවූ සභානායකවරයාගේ වගකීම් දන්වනු ලබන්නේය, එය සැබවක් මේ ආකාර වේ—

10 ස්වාමින්වහන්සේගේ ගබඩා ගෘහය පැවැත්වීමට; මිදිවත්තේ මෙම කොටසේ සභාවේ අරමුදල් භාරගැනීමටත්;

11 පෙර ආඥා කළ ලෙස වැඩිහිටියන්ගේ ගණන් ගැනීමක් කිරීමටත්; තවද ගෙවීම් කරන්නට ඔවුන්ට තිබෙන ප්‍රමාණය අනුව, ඔවුන්ට ලැබෙන දේ සඳහා ගෙවන අය වන, ඔවුන්ගේ වුවමනාවන් සඳහා සපයා දීමටත්;

12 එනම් මෙය එසේම සභාවේ යහපතට, දුප්පතුන් සහ අවශ්‍යතා ඇත්තන්ටද, කැපකරනු ලබන පිණිසත්ය.

13 තවද ඒ ආකාරයෙන් ගෙවීමට නොහැකි ඔහු, වාර්තාවක් රැගෙන සයොනයේ සභානායකවරයාට භාරදිය යුතුය, එනම් ස්වාමින්වහන්සේ ඔහුගේ දෑතට ලබාදෙන දෙයින් ඔහු ණය ගෙවනු ලබන්නේය.

14 තවද සභාව වෙතටද, තවද ලෝකය වෙතටද ශුභාරංචියේ සහ රාජ්‍යයේ දේවල් මෙහෙයවීමෙහි, ආත්මික දේවල් තුළ වෙහෙස වන්නාවූ ඇදහිලිවන්තයන්ගේ වෙහෙසවීම්, සයොනයේ සභානායකවරයාට ඔවුන්ගේ ණය සඳහා ගෙවීම් ලෙස පිළිතුරු දෙනු ලබන්නේය;

15 මෙසේ එය සභාව වෙතින් පැමිණෙන්නේය, මක්නිසාද නීතියට අනුව සයොනයට පැමිණෙන සෑම මනුෂ්‍යයෙක්ම සයොනයේ සභාපතිවරයා ඉදිරියේ සියලු දේවල් තැබිය යුතු වන්නේය.

16 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මිදිවත්තේ මෙම කොටසේ සෑම වැඩිහිටියෙක්ම ඔහුගේ භාරකාරත්වය ගැන වාර්තාවක් මිදිවත්තේ මෙම කොටසේ සභානායකවරයාට දිය යුතුමය—

17 මිදිවත්තේ මෙම කොටසේ විනිශ්චයකරු හෝ සභානායකවරයා වෙතින්, සයොනයේ සභානායකවරයා වෙතට, සෑම මිනිසෙකුටම පිළිගත හැකි, සහ සියලුදේටම පිළිතුරු දෙන, උරුමයක් උදෙසා, තවද ප්‍රඥාවන්ත භාරකරුවෙක් සහ ඇදහිලිවන්ත සේවකයෙක් ලෙස සහතිකයක් ලබන්නේය;

18 එසේ නොවුනහොත් ඔහුව සයොනයේ සභානායකවරයා විසින් පිළිගනු නොලබන්නේය.

19 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔහු තමාම සහ සියලු දේවල් වලදී අනුමත වූ ඔහුගේ වාර්තා ඉදිරිපත් කරන පිණිස, මිදිවත්තේ මෙම කොටසේ සභානායකවරයා වෙතට වාර්තාවක් දෙන සෑම වැඩිහිටියෙක්වම, ඔහු සේවය කරන ස්ථානයේ, සභාවෙන් හෝ සභා වලින් නිර්දේශ කරනු ලබන්නට සලස්වන්න.

20 තවද නැවතත්, මාගේ සභාවේ ලියවිලි සම්බන්ධව භාරකරුවන් ලෙස පත්කරනු ලැබූ මාගේ සේවකයන්ට සභානායකවරයා හෝ සභානායකවරුන් වෙතින් සියලු දේවල් වලදී උපකාරය ලබාගැනීමට හිමිකමක් ඇත්තේය—

21 එනම් එම එළිදරව් ප්‍රකාශනය කරන පිණිසත්, තවද ඒවා පොළොවේ අන්තයන්ටම යැවිය හැකි වන පිණිසත්ය; එනම් එසේම සියලු දේවලදී සභාවේ ප්‍රයෝජනයට අරමුදල් ලබාගැනීමටද ඔවුන්ට හැකිවන පිණිසත්ය;

22 එනම් ඔවුන් එසේම ඔවුන්වම සියලු දේවල් තුළ අනුමැතියට ඉදිරිපත් කරමින්, ප්‍රඥාවන්ත භාරකරුවන් ලෙස ගණන්දීම කළ හැකිවන පිණිසය.

23 තවද දැන්, බලන්න, මෙය ඕනෑම දේශයක පිහිටුවනු ලබන්නාවූ, මාගේ සභාවේ පැතිරී ඇති ශාඛා වලට ආදර්ශයක්ව පවතිනු ඇත්තේය. තවද දැන් මම මාගේ ප්‍රකාශයන්හි අවසානයක් කරන්නෙමි. ආමෙන්.

24 රාජ්‍යයේ නීති වලට අමතරව, සභාවේ සමාජිකයන් සම්බන්ධව වචන ස්වල්පයක් පැවසීමට ඇත—එනම් සයොනය වෙතට යාමට ශුද්ධාත්මයාණන් මගින් පත්කර ඇති අය, සහ සයොනයට යාමට වරප්‍රසාදය ලත් අයද—

25 ඔවුන්ට සභානායකවරයා වෙතට සභාවේ වැඩිහිටියන් තිදෙනෙකු වෙතින් සහතිකයක් හෝ සභානායකවරයාගෙන් සහතිකයක් රැගෙන යාමට සලස්වන්න;

26 නැතහොත් සයොන දේශය වෙතට යන්නාවූ ඔහුව ප්‍රඥාවන්ත භාරකරුවෙකු ලෙස ගණන්ගනු නොලබන්නේය. මෙයද එසේම ආදර්ශයක් වන්නේය. ආමෙන්.