ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 24


24 වන කොටස

1830 ජූලි, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ ඔලිවර් කව්ඩ්‍රි හට දෙනු ලැබූ එළිදරව්වකි. සභාව සංවිධානය කරන ලදුව මාස හතරක අඩු කාලයකදී වුවත්, හිංසා කිරීම දැඩිව පැමිණියේය, තවද නායකයන් ආරක්ෂාව සෙවූයේ අර්ධ වශයෙන් වසන්ව සිටීමෙනි. පහත දැක්වෙන එළිදරව් තුන මෙම කාලයේ දෙන ලද්දේ ඔවුන්ව සවිමත් කර, දිරිමත් කර සහ ඔවුන්ට උපදෙස් දීම සඳහාය.

1–9, ජෝසෆ් ස්මිත්ව පරිවර්තනයට, දේශනා කිරීමට සහ ශුද්ධලියවිලි පැහැදිලි කිරීමට කැඳවනු ලබයි; 10–12, ඔලිවර් කවුඩ්‍රිව ශුභාරංචිය දේශනා කිරීමට කැඳවනු ලබයි; 13–19, හාස්කම්, සාප කිරීම, කෙනෙකුගේ පාදයෙන් දුහුවිලි ඉවත්කිරීම, සහ පසුම්බිය හෝ මල්ලක් නොමැතිව යෑම සම්බන්ධ නීතිය එළිදරව් කෙරින.

1 බලන්න, මොර්මොන්ගේ පොත ලිවීමට සහ මාගේ දේවසේවයට නුඹව තෝරාගෙන කැඳවා ඇත්තේය; තවද නුඹගේ පීඩාවන්ගෙන් පිටතට මම නුඹව ඔසවා, සහ නුඹට උපදෙස්ද දී ඇත්තෙමි, එනම් නුඹගේ සියලු සතුරන්ගෙන් නුඹව ගලවා ඇත්තෙමි, තවද සාතන්ගේ බලයෙන් සහ අන්ධකාරය වෙතින් නුඹව ගලවා ඇත්තෙමි!

2 එසේවුවද, නුඹගේ වරද වලට නුඹට සමාවක් නොමැත්තේය; එසේවුවද, නුඹගේ මාර්ගයේ යන්න තවදුරටත් පව් නොකරන්න.

3 නුඹගේ තනතුර මහිමවත් කරන්න; තවද නුඹගේ කෙත වපුරා තවද ඒවා ආරක්ෂා කරගත්තාට පසු, ෆෙයිට්, ක්ලොස්විල් හි සහ මැන්චෙස්ටර් හි ඇති සභාව වෙතට ඉක්මණින් යන්න, තවද ඔවුන් නුඹට උපකාරී වනු ඇත; තවද මම ඔවුන්ව ආත්මිකව සහ ලෞකිකව දෙයාකාරයෙන්ම ආශිර්වාද කරන්නෙමි;

4 එහෙත් ඔවුන් නුඹව පිළිගන්නේ නැති නම්, මම ඔවුන් මතට ආශිර්වාදයක් වෙනුවට සාපයක් යවන්නෙමි.

5 තවද දෙවියන්වහන්සේට මාගේ නාමයෙන් ඇමතීම, තවද සැනසිලිදායකයාණන් මගින් නුඹට දෙනු ලබන දේවල් ලිවීම, තවද සභාව වෙතට සියලු ශුද්ධලියවිලි පැහැදිලි කිරීම, නුඹ නොකඩවා කළ යුතු වන්නේය.

6 තවද නුඹ කුමක් පැවසිය යුතුද සහ ලිවිය යුතුද යන්න එම අවස්ථාවේදීම නුඹට දෙනු ලබන්නෙහිය, තවද ඔවුන් ඒවා අසනු ඇත, හෝ මම ඔවුන් මතට ආශිර්වාදයක් වෙනුවට සාපයක් යවන්නෙමි.

7 මක්නිසාද නුඹ නුඹගේ මුළු සේවයම සයොනයට කැපකරන්නෙහිය; තවද මේ තුළ නුඹට ශක්තියක් ඇතිවන්නේය.

8 පීඩාවන්හි ඉවසිලිවන්තව සිටින්න, මක්නිසාද නුඹට ඒවා බොහොමයක් ඇතිවන්නේය; එහෙත් ඒවා දරාගන්න, මක්නිසාද, බලව, නුඹගේ අවසාන දවස් වෙතට වුවත්, මම නුඹ සමඟ වන්නෙමි.

9 තවද ලෞකික වෙහෙසවීම් වලට නුඹට ශක්තියක් නොවන්නේය, මක්නිසාද මෙය නුඹගේ කැඳවීම නොවන්නේය. නුඹගේ කැඳවීමෙහි යෙදෙන්න තවද නුඹගේ තනතුර මහිමවත් කිරීමට හැකිදේ නුඹට ඇත්තේය, තවද සියලු ශුද්ධලියවිලි පැහැදිලි කරන්න, තවද අත් තැබීමෙහි සහ සභාවන් ස්ථිර කිරීමෙහිද නොකඩවා යෙදෙන්න.

10 තවද නුඹගේ සහෝදර ඔලිවර් මාගේ නාමය ලෝකය, එසේම සභාව ඉදිරියේද නොකඩවා දැරීමෙහි යෙදෙනු ඇත. තවද ඔහු මාගේ කාරණය උදෙසා ඔහුට ප්‍රමාණවත්ව කතා කළ හැකිදැයි සිතිය යුතු නොවන්නේය; තවද බලව, මම ඔහු සමඟ අවසානය දක්වා සිටින්නෙමි.

11 දුර්වලකමේදී හෝ ශක්තියෙහි හෝ, බැඳීම්හි හෝ නිදහසේදී හෝ වුවත්, මා තුළ ඔහුට මහිමය ලැබෙන්නේය, තවද ඒ ඔහු තුළ නොවන්නේය;

12 තවද සියලු අවස්ථාවන්හිද, සියලු ස්ථානයන්හිද, ඔහු ඔහුගේ මුඛය විවෘත කරමින් මාගේ ශුභාරංචිය, දහවලේ සහ රාත්‍රියේ දෙකේදීම, හොරණෑවේ හඬින් මෙන් ප්‍රකාශ කරන්නේය. තවද මම ඔහු හට මනුෂ්‍යයන් අතර නොදන්නා එවැනි ශක්තියක් දෙන්නෙමි.

13 යක්ෂයන් දුරු කිරීමට, අසනීප වූවන් සුවපත් කිරීමට, සහ විස සහිත සර්පයන්ට විරුද්ධව, තවද මරණීය වස විසට විරුද්ධව මිස, මම නුඹට ආඥා කළොත් මිස, හාස්කම් බලාපොරොත්තු නොවන්න;

14 තවද මෙම දේවල්, එය ආශා වන්නාවූ අය නුඹෙන් ඉල්ලුවොත් මිස, නුඹ ඒවා නොකරන්න, එනම් ශුද්ධලියවිලි සම්පූර්ණ වන පිණිසය; මක්නිසාද එනම් එය ලියන ලද ආකාරයට අනුව නුඹ ක්‍රියා කළ යුතුය.

15 තවද නුඹ ඇතුළුවන්නාවූ කුමනාකාර ස්ථානයකට වුවද, තවද ඔවුන් නුඹව මාගේ නාමයෙන් පිළිනොගන්නේ නම්, නුඹ ආශිර්වාදයක් වෙනුවට සාපයක් දී, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස නුඹගේ පාදයන්ගෙන් දුහුවිලි ඉවතට දමා, පාර අද්දර නුඹගේ පාදයන් පිරිසිඳු කර පිටවී යන්න.

16 තවද එය මෙසේ සිදුවන්නේය එනම් කවර අයෙකු වුවත් ඔවුන්ගේ අත් ප්‍රචණ්ඩත්වයෙන් නුඹ මත තබන්නේ නම්, මාගේ නාමයෙන් පහර දීමට නුඹ ආඥා කරන්න; තවද, බලන්න, මාගේ ස්වකීය කාලයට අනුව, නුඹගේ වචනයන්ට අනුව මම ඔවුන්ට පහරදෙන්නෙමි.

17 තවද කවරෙකු වුවත් නුඹ සමඟ නීතිය වෙතට යන්නේ නම් නීතිය මගින් ශාපයට පත්වන්නේය.

18 තවද නුඹ පසුම්බියක්වත් හෝ මල්ලක්වත්, සැරයටියක්වත් හෝ, කබායන් දෙකක්වත් නොගත යුතුය, මක්නිසාද ආහාර සහ ඇදුම්ද, එමෙන්ම පාවහන් සහ මුදල් උදෙසාද, එමෙන්ම මල්ල උදෙසාද, නුඹගේ අවශ්‍යතාවයන් සඳහා එම පැයෙහිදීම සභාව නුඹ හට දෙනු ලබන්නේය.

19 මක්නිසාද නුඹව කැඳවා ඇත්තේ, එසේය, අවසාන වතාව දක්වා වුවත් මහත් වූ කප්පාදුවකින් මාගේ මිදිවත්ත කප්පාදු කිරීමටය; එසේය, එසේම නුඹ විසින් නියම කරනු ලැබූ එම සියලු අයවළුන්, තවද ඔවුන් මෙම ආකාරයට අනුව වුවත් කළ යුතු වන්නේය. ආමෙන්.