ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 79


79 වන කොටස

1832 මාර්තු 12, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–4, සැනසිලිදායකයාණන් මගින් ශුභාරංචිය දේශනා කිරීමට ජාරෙඩ් කාටර්ව කැඳවනු ලබයි.

1 සැබවක් මම නුඹ හට පවසන්නෙමි, එනම් ඔහුව නියම කරන ලද්දාවූ නියම කෙරූ බලය තුළ, සදාකාලික ශුභාරංචිය වූ, මහත් ප්‍රීතිය ගෙනදෙන්නාවූ යහපත් පණිවිඩය ප්‍රකාශ කරමින්, නැගෙනහිර රටවල් වෙතට, ස්ථානයෙන් ස්ථානයට, තවද නගරයෙන් නගරයට, මාගේ සේවක ජාරෙඩ් කාටර් නැවත යායුතු වීම මාගේ කැමැත්ත වන්නේය.

2 තවද මම ඔහු මතට ඔහුට සත්‍යයද ඔහු යායුතු මාර්ගයද උගන්වන, සැනසිලිදායකයාණන්ව පමුණුවන්නෙමි;

3 තවද ඔහු ඇදහිලිවන්ත වන පමණකින්, මම ඔහුව ගොයම් මිටි සමඟින් නැවතත් ඔටුනු පලඳවන්නෙමි.

4 එසේහෙයින්, මාගේ සේවක ජාරෙඩ් කාටර්, නුඹගේ හදවත ප්‍රීති වෙත්වා, තවද බිය නොවෙත්වා යැයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, නුඹගේ ස්වාමින්වහන්සේ පවසන සේක. ආමෙන්.