ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 122


122 වන කොටස

මිසුරි හි, ලිබර්ටි බන්ධනාගාරයේ සිරකරුවෙකු ලෙස සිටියදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට ලැබුණු ස්වාමින්වහන්සේගේ වචනය. මෙම කොටස 1839 මාර්තු 20 දින, සභාවට ලියන ලද ලිපියකින් උපුටා ගත් කොටසකි (121 වන කොටසේ ශීර්ෂය බලන්න).

1–4, පොළොවේ අන්තයන් ජෝසෆ් ස්මිත්ගේ නාමය පිළිබඳ විමසන්නේය; 5–7, ඔහුගේ සියලු උවදුරු සහ වේදනාවන් ඔහුට අත්දැකීම් ලබාදෙන්නේය එමෙන්ම ඔහුගේ යහපත උදෙසාද වන්නේය; 8–9, මනුෂ්‍ය පුත්‍රයාණන් ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේය.

1 පොළොවේ අන්තයන් නුඹගේ නාමය උදෙසා විමසන්නේය, තවද මෝඩයන් නුඹව සමච්චලයට ගන්නෝය, තවද නිරය නුඹට විරුද්ධව කෝපවන්නේය;

2 ඒ අතරතුර හදවතින් පවිත්‍ර වූවන්ද, තවද ප්‍රඥාවන්තයන්ද, තවද උත්තමයන්ද, තවද ගුණවන්තයන්ද, උපදේශයන්, සහ අධිකාරිය, සහ නුඹගේ හස්තය යටතෙන් නිතරම ආශිර්වාද සොයන්නෝය.

3 තවද නුඹගේ ජනතාව ද්‍රෝහියන්ගේ සාක්ෂිය නිසා නුඹට විරුද්ධව කිසිදිනෙක හැරී නොයන්නෝය.

4 තවද ඔවුන්ගේ බලපෑම නුඹව කරදරයන්ටද, තවද යකඩ කූරු සහ බිත්ති තුළටද ඇද දැමුවත්, නුඹට ගෞරවය හිමිවන්නේය; තවද එහෙත් නුඹගේ ධර්මිෂ්ඨකම නිසා, කුඩා කාලයකට තවද නුඹගේ හඬ රුදුරු සිංහයකුට වඩා නුඹගේ සතුරන් මධ්‍යයේ වඩාත් දරුණු වන්නේය; තවද නුඹගේ දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට නුඹ සමඟ නැගීසිටින සේක.

5 පීඩාවන් තුළින් පසුකර යෑමට නුඹව කැඳවා ඇත්තේ නම්; නුඹ ව්‍යාජ සහෝදරයන් අතර උවදුරක සිටින්නේ නම්; නුඹ සොරුන් අතර උවදුරක සිටින්නේ නම්; නුඹ දේශයෙන් හෝ මුහුද මගින් උවදුරක සිටින්නේ නම්;

6 නුඹව සියලු ආකාරයේ ව්‍යාජ චෝදනාවන් සමඟින් චෝදනා ලබන්නේ නම්; නුඹගේ සතුරන් නුඹ මත වැටෙන්නේ නම්; ඔවුන් නුඹව නුඹගේ පියාගේ සහ මවගේ සහ සහෝදරයන්ගේ සහ සහෝදරියන්ගේ සමාජය වෙතින් ඉවත් කරන්නේ නම්; තවද ඇදගත් කඩුවක් සමඟින් නුඹගේ සතුරන්, නුඹගේ භාර්යාවගේ ඇකය වෙතින්ද, තවද නුඹගේ දරුවන් වෙතින්ද, තවද වයස අවුරුදු හයක් පමණක් වූ, නුඹගේ වැඩිමහල් පුත්‍රයා, මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඔබට අප සමඟ නැවතී සිටිය නොහැක්කේ ඇයි? අහෝ, මාගේ පියාණෙනි, මෙම මනුෂ්‍යයන් නුඹට කුමක් කරන්නට යනවාද? යැයි අසමින් නුඹගේ වස්ත්‍ර වල එල්ලෙද්දී, තවද එවිට කඩුව මගින් ඔහුව නුඹෙන් ඉවතට විසිකර, තවද නුඹව සිරගෙදරට ඇදගෙන ගොස්, තවද වෘකයින් බැටළුවාගේ රුධිරය කෙරෙහි සේ නුඹගේ සතුරන් නුඹ වටා කුරුමානම් අල්ලමින් ඇවිදිමින්, නුඹව ඉවත් කරදමන්නේ නම්;

7 තවද නුඹව වලකට, හෝ මිනීමරුවන්ගේ හස්තයන්ට හෙළනු ලබන්නේ නම්, තවද මරණ දණ්ඩනය නුඹ මත නියම වන්නේ නම්; නුඹව ගැඹුරට හෙළනු ලබන්නේ නම්; භයානක මුහුදු රැළි නුඹට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ නම්; දරුණු සුළං නුඹගේ සතුරන් බවට පැමිණෙන්නේ නම්; ස්වර්ගයන් අන්ධකාරය රැස්කර, සහ සියලුම මූලද්‍රව්‍ය එකට එකතු වී මාර්ගයට බාධා කරන්නේ නම්; තවද ඒ සියල්ලටත් වඩා, නිරයේ එම හකු නුඹ පසුපසින් එම මුඛය විවෘත කර අයාගෙන සිටින්නේ නම්, මාගේ පුත්‍රය, නුඹ දැනගන්න, එනම් මේ සියලු දේවල් නුඹට අත්දැකීම් දෙන්නේය, තවද නුඹගේ යහපත උදෙසා වන්නේය.

8 මනුෂ්‍යය පුත්‍රයාණන් ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේය. නුඹ උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වන්නේද?

9 එසේහෙයින්, නුඹගේ මාර්ගයේ රැඳී සිටින්න, තවද නුඹ සමඟ පූජකවරය පවතින්නේය; මක්නිසාද ඔවුන්ගේ සීමාවන් පනවා ඇත්තේය, ඔවුන්ට ඒවා පසුකර යා නොහැකිය. නුඹගේ දවස් දන්නෙහිය, තවද නුඹගේ වර්ෂයන් අඩුවෙන් ගණන් ගනු නොලබන්නෙහිය; එසේහෙයින්, මනුෂ්‍යයන්ට කළ හැකි දේ ගැන බිය නොවන්න, මක්නිසාද දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට නුඹ සමඟ වන්නේය.