ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 113


113 වන කොටස

1838 මාර්තු, ෆාර් වෙස්ට් හි හෝ ඊට ආසන්නයේ, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් දෙනු ලැබූ, යෙසායාගේ ලියවිලි වල ඇතුලත් සමහර ප්‍රශ්ණ වලට පිළිතුරුය.

1–6, යෙස්සේගේ අංකුරය, එයින් පැමිණෙන්නාවූ රිකිල්ල, තවද යෙස්සේගේ මුල හඳුනාගනියි; 7–10, සයොනයේ විසිරුවනු ලැබූ ඉතිරි වූවන්ට පූජකවරයට උරුමකමක් ඇත්තේය තවද ස්වාමින්වහන්සේ වෙතට හැරී ඒමට කැඳවා ඇත්තේය.

1 යෙසායා 11 වන පරිච්ඡේදයේ 1, 2, 3, 4, සහ 5 යන පදයන්හි කතා කරන යෙස්සේගේ අංකුරය යනු කවරෙක්ද?

2 සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඒ ක්‍රිස්තුස්වහන්සේය.

3 යෙසායා 11 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ කතාකරන, යෙස්සේගේ අංකුරයෙන් පැමිණිය යුතු රිකිල්ල කුමක්ද?

4 බලන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එය යෙස්සේගේ සහ එලෙසම එප්‍රායිම්ගෙන් හෝ යෝසෙප්ගේ නිවසෙන් අර්ධ වශයෙන් පැවතෙන්නෙකු වන, ඔහු මත මහත් බලයක් පවරා ඇති, ක්‍රිස්තුස්වහන්සේගේ හස්තයේ වූ සේවකයෙකි.

5 11 වන පරිච්චේදයේ 10 වන පදයේ කතාකරන යෙස්සේගේ මුල කුමක්ද?

6 බලන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එය යෙස්සේගෙන්, එමෙන්ම යෝසෙප්ගෙන් පැවත එන්නෙකි, තවද සලකුණක් උදෙසාද, තවද අවසන් දවස් වලදී මාගේ ජනතාව රැස්කර ගැනීම උදෙසාද, ඔහුට නියතින්ම පූජකවරයද, රාජ්‍යයේ යතුරුද අයිතිවන්නේය.

7 එලියාස් හිග්බි විසින් වූ ප්‍රශ්ණ: අහෝ සයොනය, නුඹගේ ශක්තිය පැළඳගන්න, ලෙස 52 වන පරිච්ඡේදයේ, පළමුවන පදයේ ආඥාවෙන් අදහස් කරන්නේ කුමක්ද—තවද යෙසායා සඳහන් කරන ජනතාව කවරෙක්ද?

8 ඔහු සඳහන් කරන්නේ, නැවතත් සයොනය, සහ ඉශ්‍රායෙලයේ මිදීම ගෙන ඒමට පූජකවර බලය දැරිය යුතු, අවසන් දවස් වලදී දෙවියන්වහන්සේ කැඳවන ඔවුන් ගැනය; තවද ඇයගේ ශක්තිය පැළඳගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඇයට, එනම් සයොනයට, පරම්පරාවෙන් අයිතියක් ඇති, පූජකවරයේ අධිකාරිත්වය පැළඳගැනීමය; එසේම එනම් ඇයට නැතිව තිබූ එම බලය වෙතට නැවත හැරී ඒමය.

9 2 වන පදයේ; සයොනය ඇයව ඇයගේ බෙල්ලේ බැඳුම් වලින් ගලවා දැමීම යන්නෙන් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?

10 අපි තේරුම්ගත යුත්තේ එනම් විසුරුවනු ලැබූ ඉතිරි වූවන්ව ඔවුන් වැටුනා වූ තැනින් ස්වාමින්වහන්සේ වෙතට හැරී ඒමට උනන්දු කර ඇති බවය; ඔවුන් එය කරන්නේ නම්, ස්වාමින්වහන්සේගේ පොරොන්දුව වන්නේ උන්වහන්සේ ඔවුන්ට කතාකරන බව, හෝ ඔවුන්ට එළිදරව් ලබාදෙන බවය. 6, 7, සහ 8 වන පද බලන්න. ඇයගේ බෙල්ලේ ඇත්තාවූ බැඳුම් යනු දෙවියන්වහන්සේ ඇය මත තබා ඇත්තාවූ ශාපයන්ය, හෝ ඉශ්‍රායෙලයේ ඉතිරි වූවන් අන්‍ය ජාතිකයන් අතර විසිරී පවතින එම තත්වයය.