ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 57


57 වන කොටස

1831 ජූලි 20, ජැක්සන් ප්‍රාන්තයේ මිසුරි හි, සයොනයේදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. උන්වහන්සේ විසින් “ඔබේ උරුමයේ දේශය” (52 වන කොටස) ලෙස හෙළිකරන, මිසුරි දක්වා ගමන් කිරීමට ස්වාමින්වහන්සේගේ ආඥාවන් සමඟ එකඟවීමට අනුව, වැඩිහිටියෝ ඔහායෝ සිට මිසුරි හි බටහිර දේශ සීමාව දක්වා ගමන් කර තිබුණි. ජෝසෆ් ස්මිත් ලාමන්වරුන්ගේ තත්වය ගැන කල්පනා කර පුදුමයට පත්විය: “පාළුකරය රෝස මල මෙන් විකසිත වන්නේ කවදාද? සයොනය තේජසින් ඇයව ගොඩනගන්නේ කවදාද, එමෙන්ම අන්තිම දවස් වල සියලු ජාතීන් පැමිණිය යුතු ඔබගේ දේවමාළිගාව තිබෙන්නේ කොතැනද?” පසුව ඔහුට මෙම එළිදරව්ව ලැබුණි.

1–3, ඉන්ඩිපෙන්ඩන්ස්, මිසුරි, යනු සයොනයේ නගරය සහ දේවමාළිගාව උදෙසා ස්ථානය වන්නේය; 4–7, ශුද්ධවන්තයෝ ඉඩම් මිලදීගෙන තවද එම ප්‍රදේශයේ උරුමය ලබාගත යුතුය; 8–16, සිඩ්නි ගිල්බර්ට් වෙළඳසැලක් පිහිටුවිය යුතුය, විලියම් ඩබ්. ෆෙල්ප්ස් මුද්‍රණකරුවෙකු විය යුතුය, තවද ඔලිවර් කවුඩ්‍රි ප්‍රකාශනය සඳහා ලේඛන සංස්කරණය කළ යුතුය.

1 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, ශුද්ධවන්තයන්ගේ එක්රැස්වීම උදෙසා, මාගේ ආඥාවන්ට අනුව, මා විසින් කැපකර තවද පත්කරගත් දේශය වන, මිසුරි දේශය වන මෙම දේශයේ, නුඹලාව එකට එක්රැස් කළ, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

2 එසේහෙයින්, මේ එම පොරොන්දු දේශය, සහ සයොනයේ නගරය උදෙසා එම ස්ථානය වන්නේය.

3 තවද ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක, නුඹලාට ප්‍රඥාව ලැබීමට උවමනා නම්, ප්‍රඥාව මෙන්න. බලන්න, දැන් ඉන්ඩිපෙන්ඩන්ස් යැයි නම්කරන ලද එම ස්ථානය කේන්ද්‍රීය ස්ථානයය; තවද දේවමාළිගාව උදෙසා තැන බටහිර දේශයේ ඇත්තේය, එය අධිකරණ ශාලාව වෙතින් වැඩිදුරක් නොවන කොටසක් මත වන්නේය.

4 එසේහෙයින්, තවද එසේම බටහිරට ඇති සියලුම කොටස් වුවත්, යුදා සහ අන්‍ය ජාතිකයා අතරින් කෙලින්ම දිවයන මාර්ගයේ වුවත්, ශුද්ධවන්තයන් විසින් එම ඉඩම මිලදී ගැනීම ප්‍රඥාවන්ත වන්නේය;

5 තවද එසේම තණ බිම් සීමාකොට ඇති සියලුම කොටස් වලින්, එපමණකින් මාගේ ගෝලයන්ට හැකි පමණ ඉඩම් මිලදී ගැනීමට හැකි වන්නේය. බලන්න, මෙය ප්‍රඥාව වන්නේය, එනම් ඔවුන් එය සදාකාලික උරුමයක් ලෙස ලබාගන්නා පිණිසය.

6 තවද මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට්ට මා විසින් පත්කරන ලද එම තනතුරෙහි සිටිමින්, මුදල් ලබාගැනීමටද, සභාව වෙතට නියෝජිතයෙකු වී, එපමණකින් ධර්මිෂ්ඨකමින් සිදුකළ හැකි වන්නේද, එමෙන්ම ප්‍රඥාව මගපෙන්වන ආකාරයට, සියලු ප්‍රදේශ අවට වටේට ඇති ඉඩම් මිලදී ගැනීමට සලස්වන්න.

7 තවද මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ට මා විසින් පත්කරන ලද තතතුරෙහි සිට, තවද එසේම ඔහුට උපකාර කිරීමට ඔහු විසින් පත්කරන ලද අය සමඟ, මා විසින් ආඥා කළ අකාරයට වුවත්; ශුද්ධවන්තයන් හට ඔවුන්ගේ උරුමය බෙදාදෙන්නට සලස්වන්න.

8 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මෙම ස්ථානයේ මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට්ට, තවද වෙළඳසැලක් පිහිටුවා, එනම් ඔහු වංචාවක් නැතිව භාණ්ඩ විකිණීම කරමින්, එනම් ඔහු ශුද්ධවන්තයන්ගේ යහපතට ඉඩම් මිලට ගැනීමට මුදල් ලබාගන්නා පිණිසත්, තවද ගෝලයන්ට ඔවුන්ගේ උරුමය තුළ ඔවුන්ව ස්ථාපිත කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඔහු ලබාගන්නා පිණිසත්, මෙහි ස්ථාපිත වීමට සලස්වන්න.

9 තවද එසේම මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට්ට බලපත්‍රයක් ලබාගන්නට සලස්වන්න—බලන්න ප්‍රඥාව මෙයයි, තවද කවරෙක් කියවන්නේද ඔහු තේරුම්ගනිත්වා—එනම් ඔහුගේ සේවය තුළ සේවයට රඳවාගත් ලිපිකරුවන් මගින් වුවද, ඔහු එසේම ජනතාව හට භාණ්ඩ යවන පිණිසය;

10 තවද මෙසේ මාගේ ශුද්ධවන්තයන් උදෙසා සපයන්නේය, එනම් අන්ධකාරයේ වාඩිවී සිටින සහ මරණයේ සෙවනැලි මත එම ප්‍රදේශයේ සිටින්නවුන් හට මාගේ ශුභාරංචිය දේශනා කිරීම සිදුවන පිණිසය.

11 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක විලියම් ඩබ්. ෆෙල්ප්ස්ට මෙම ස්ථානය තුළ ස්ථාපිත වී, තවද සභාව වෙතට මුද්‍රණකරුවෙකු වීමට සලස්වන්න.

12 තවද බලව, ලෝකය ඔහුගේ ලියවිලි ලබන්නේ නම්—බලන්න ප්‍රඥාව මෙය වන්නේය—ශුද්ධවන්තයන්ගේ යහපත උදෙසා, ධර්මිෂ්ඨකමින් ඔහුට හැකි ඕනෑම දෙයක් වුවත් ඔහුට ලබාගැනීමට සලස්වන්න.

13 තවද මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රිට ඔහුට උපකාර කිරීමට ඉඩදෙන්න, මා ආඥා කළ ආකාරයට, මම ඔහුව පත්කරන කුමනාකාර ස්ථානයක වුවද, පිටපත් කිරීමට, තවද නිවැරදි කිරීමට, සහ තේරීමට, එනම් ඔහු තුළින් එය ආත්මයාණන් මගින් ඔප්පු කරනු ලබන ලෙස, සියලු දේවල් මා ඉදිරියේ නිවැරදිව වන පිණිසය.

14 තවද මෙසේ මම කතා කළ එම සියලුදෙනාවම, හැකි පමණ සීඝ්‍රයෙන්, ඔවුන්ගේ පවුල් සමඟ, මා කතා කළ දේවල් කිරීම පිණිස සයොන දේශයේ ස්ථාපිත වීමට සලස්වන්න.

15 තවද දැන් රැස් කිරීම සම්බන්ධව—මෙම දේශයට පැමිණ, හැකි තරම් සීඝ්‍රයෙන් සභානායකවරයා සහ නියෝජිතයාට, ඔවුන්ව ඔවුන්ගේ උරුමයේ ස්ථාපිත කිරීම සඳහා ආඥා කර තිබෙන පවුල් සඳහා සූදානම් කිරීම් සකස් කිරීමට සලස්වන්න.

16 තවද ඉතිරි වූ වැඩිහිටියන් සහ සමාජිකයන් දෙගොල්ලන්ටම මෙයින් පසුව තවත් මගපෙන්වීම් දෙනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.