ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 8


8 වන කොටස

1829 අප්‍රියෙල්, හාර්මනි, පෙන්සිල්වේනියාවේ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ඔලිවර් කවුඩ්‍රිට දෙනු ලැබූ එළිදරව්වකි. මොර්මොන්ගේ පොත පරිවර්තනය අතරතුර, ලියන්නා ලෙස සේවය කළ, අනාගතවක්තෘවරයාගේ කියවීමෙන් ලියූ, ඔලිවර්, පරිවර්තන කිරීමේ දීමනාව හිමිකරගැනීමට ආශාවිය. ස්වාමින්වහන්සේ ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එළිදරව්ව දුන්සේක.

1–5, එළිදරව් පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය මගින්ය; 6–12, දෙවියන්වහන්සේගේ අභිරහස් දැනගැනීම සහ පැරණි වාර්තාවන් පරිවර්තන බලය පැමිණෙන්නේ ඇදහිල්ල මගින්ය.

1 ඔලිවර් කවුඩ්‍රි, සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, සහතික ලෙසම නුඹගේ දෙවියන්වහන්සේ සහ නුඹගේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගේ ජීවත්වීම සහතිකවන්නාක් මෙන්ම, එතරම් ස්ථිර ලෙසම, ඇදහිල්ලෙන්, අවංක හදවතක් සමඟින්, කොටන ලද එනම් පැරණි, අතීත වාර්තාවන්, ඒවා වල ඇතුළත් මාගේ ආත්මයේ ප‍්‍රකාශවීම මගින් කතා කරන ලද, ශුද්ධලියවිලි කොටස් සම්බන්ධව දැනගැනීම ලැබෙන බවට විශ්වාසයෙන්, එසේය නුඹ ඉල්ලන කුමනාකාර දෙයක් වුවත් දැනගැනීම නුඹ ලබන්නෙහිය.

2 එසේය, බලන්න, මම නුඹගේ මනසට සහ නුඹගේ හදවතට, ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් පවසන්නෙමි, උන්වහන්සේ නුඹ වෙත පැමිණ, නුඹගේ හදවතේ වාසය කරන සේක.

3 දැන්, බලන්න, මෙය ආත්මයාණන්ගේ එළිදරව්වීම වේ; බලන්න, මෝසෙස් විසින් ඉශ්‍රායෙල් දරුවන්ව රතු මුහුද හරහා වියළි පොළොව මතට ගෙන ආ එම ආත්මයාණන්වහන්සේම වන්නේය.

4 එසේහෙයින් මෙය නුඹගේ දීමනාව වන්නේය; එයට ආදේශ වන්න, තවද නුඹ ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද එය නුඹගේ විරුද්ධකාරයන්ගේ අත් වලින් නුඹව ගලවනු ලබන්නේය, එය එසේ නොවන්නේ නම්, ඔවුන් නුඹව මරණයට පත්කොට නුඹගේ ප‍්‍රාණය විනාශයට පමුණුවන්නේය.

5 අහෝ, මෙම වචන මතකතබාගන්න, තවද මාගේ ආඥාවන් පිළිපදින්න, මතකතබාගන්න, මෙය නුඹගේ දීමනාව වන්නේය.

6 තවද මෙය නුඹගේ සියලුම දීමනාව පමණක් නොවන්නේය; මක්නිසාද නුඹට තවත් දීමනාවක් ඇත්තේය, එය ආරොන්ගේ දීමනාව වේ; බලන්න, එය නුඹ හට බොහෝ දේවල් පවසා ඇත්තේය;

7 බලන්න, එනම් ආරොන්ගේ මෙම දීමනාව නුඹ සමඟ පැවතීම සඳහා, දෙවියන්වහන්සේගේ බලය හැරෙන්නට වෙනත් බලයක් නොමැත්තේය.

8 එසේහෙයින්, අවිශ්වාස නොකරන්න, මක්නිසාද එය දෙවියන්වහන්සේගේ දීමනාව වන්නේය; තවද නුඹ එය නුඹගේ හස්ත වලින් දරා, තවද විශ්මිත ක්‍රියා කරන්නේය; තවද කිසිම බලයකට එය නුඹගේ හස්ත වලින් ගතහැකි නොවන්නේය, මක්නිසාද එය දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් වන්නේය.

9 තවද, එසේහෙයින්, එම ආකාරයෙන් නුඹ මාගෙන් කවරාකාර දෙයක් ඉල්ලුවත්, එනම් මම එය නුඹ හට දෙන්නෙමි, තවද එය සම්බන්ධයෙන් නුඹට දැනීම ලැබෙනු ඇත.

10 ඇදහිල්ලෙන් තොරව නුඹට කිසිවක් කළ නොහැකි බව මතකතබාගන්න; එසේහෙයින් ඇදහිල්ලෙන් ඉල්ලන්න. මෙම දේවල් සමඟ සෙල්ලම් නොකරන්න; ඔබ ඇසිය නොයුතු දේවල් නොඉල්ලන්න.

11 දෙවියන්වහන්සේගේ අභිරහස් නුඹ දැනගන්නා පිණිස, තවද සඟවා තබන ලද, සහ පූජනීයවූ එම සියලු පැරණි වාර්තා සියල්ල පරිවර්තනය කර නුඹ දැනුම ලැබීමට ඉල්ලන්න; තවද නුඹගේ ඇදහිල්ලට අනුව නුඹට එසේ සිදුවනු ඇත.

12 බලන්න, මෙය ප‍්‍රකාශ කරන ලද්දේ මමය; තවද නුඹට ආරම්භයේ සිටම කතා කරන ලද්දේ මම වන්නෙමි. ආමෙන්.