ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 54


54 වන කොටස

1831 ජුනි 10, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් නිවෙල් නයිට් හට දෙනු ලැබූ එළිදරව්වකි. තොම්ප්සන්, ඔහායෝ හි ජීවත් වන, සභාවේ සමාජිකයන් අතර, දේපළ කැපකිරීම සම්බන්ධව ප්‍රශ්න ඇතිව බෙදීමක් විය. ආත්මාර්ථකාමීත්වය සහ ලෝභකම ප්‍රකාශ විය. ෂේකර්ස් වෙත ඔහු කළ මෙහෙයුමෙන් පසුව (49 වන කොටසේ ශීර්ෂය බලන්න), කොල්ස්විල්, නිව්යෝර්ක් හි, සිට පැමිණි ශුද්ධවන්තයන්ට උරුමයක් ලෙස තම විශාල ගොවිපල කැපකිරීමට වූ සිය ගිවිසුම ලිමන් කෝප්ලි කඩ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, නිවෙල් නයිට් (තොම්ප්සන්හි වෙසෙන සාමාජිකයන්ගේ නායකයා) සහ අනෙකුත් වැඩිහිටියන් අනාගතවක්තෘවරයා වෙත පැමිණ ඉදිරියට කරන්නේ කුමක්දැයි විමසීය. අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසා මෙම එළිදරව්ව ලබාගත් අතර, තොම්ප්සන් හි සාමාජිකයින්ට ලිමන් කෝප්ලිගේ ගොවිපලෙන් ඉවත්ව මිසුරි වෙත යන ලෙස ආඥාවක් ලැබිණි.

1–6, ශුද්ධවන්තයන් දයාව ලබාගැනීම උදෙසා ශුභාරංචි ගිවිසුම් පිළිපැදිය යුතුය; 7–10, ඔවුන් විපතේදී ඉවසිලිවන්ත විය යුතුය.

1 බලන්න, ස්වාමින්වහන්සේ, ඇල්ෆා සහ ඔමේගා මෙන්ම, ආරම්භයද අවසානයද, එමෙන්ම ලෝකයේ පාපයන් උදෙසා කරුසිපත් කරනු ලැබූ උන්වහන්සේ වුවත්, මෙසේ පවසන සේක—

2 බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක නිවෙල් නයිට්, මා විසින් නුඹව පත්කරනු ලැබූ තනතුරෙහි නුඹ ස්ථිරව නැගී සිටිය යුතුය.

3 තවද නුඹගේ සහෝදරවරුන් ඔවුන්ගේ සතුරන්ගෙන් ගැලවීමට ආශා වන්නේද, ඔවුන්ගේ සියලු පාපයන්ගෙන් ඔවුන්ට පසුතැවිලි වීමට සලස්වන්න, තවද මා ඉදිරියේ සැබවින්ම යටහත් වී තවද පසුතැවෙන්න.

4 තවද ඔවුන් මා වෙතට කරනු ලැබූ එම ගිවිසුම් බිඳ දමා ඇති නිසා, එසේ වූ නිසා එය ශුන්‍යව තවද ප්‍රතිඵලදායක නොවන බවට පත්ව ඇත.

5 තවද මෙම වරද පැමිණෙන්නා වූ ඔහුට දුක්වේ, මක්නිසාද එයට වඩා ඔහුට ඔහුව මුහුදේ ගැඹුරේ ගිල්වා දැමීම යහපත් වන්නේය.

6 එහෙත් ගිවිසුම් පවත්වමින් සහ අඥාවන් පිළිපදින ඔවුහු ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු දයාව හිමිකරගන්නෝය.

7 එසේහෙයින්, නුඹලාගේ සතුරන් නුඹලා මත නොපැමිණෙන පිණිස, දැන් ගොස් දේශයෙන් පලායන්න; තවද නුඹලාගේ ගමන යන්න, තවද නුඹලා උදෙසා මුදල් ගෙවීමට, නුඹලාගේ කැමැත්ත අනුව නායකයෙකු නුඹලා පත්කර ගන්න.

8 තවද මෙසේ නුඹලා නුඹලාගේ ගමන බටහිර ප්‍රදේශ වෙතට, මිසුරි දේශයට, ලාමන්වරුන්ගේ සීමාවන් වෙතට යන්න.

9 තවද නුඹලාගේ ගමන් අවසන් කළ පසුව, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාට ස්ථානයක් සූදානම් කරන තුරු, අනෙකුත් මනුෂ්‍යයන් මෙන්ම ජීවත්වීමට සොයන්න.

10 තවද නැවතත්, මම පැමිණෙන තුරු විපත්ති කාලයේදී ඉවසිලිවන්තව සිටින්න; තවද, බලන්න, මම ඉක්මණින් පැමිණෙන්නෙමි, තවද මාගේ විපාකය මා සමඟ වන්නේය, තවද මාව කලින් සෙවූ අය ඔවුන්ගේ ප්‍රාණයන් වෙත විශ්‍රාමය ලබාගන්නෝය. එය එසේම වන්නේය. ආමෙන්.