ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 38


38 වන කොටස

1831 ජනවාරි 2, ෆෙයිට්, නිව්යෝර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම අවස්ථාව සභාවේ සම්මන්ත්‍රණයක් විය.

1–6, ක්‍රිස්තුස්වහන්සේ සියලු දේවල් මැවූ සේක; 7–8, උන්වහන්සේ උන්වහන්සේව ඉක්මණින්ම දකින, උන්වහන්සේගේ ශුද්ධවන්තයන් මධ්‍යයේ වැඩසිටින සේක; 9–12, සියලු මාංශයන් උන්වහන්සේ ඉදිරියෙහි දූෂිතය; 13–22, උන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් හට මේ කාලයටත් සහ සදාකාලයටත් පොරොන්දුවේ දේශයක් වෙන්කර ඇති සේක; 23–27, එකිනෙකා එක් අයෙකු ලෙස සහ සහෝදරයන් ලෙස සැලකීමට ශුද්ධවන්තයින්ට ආඥා කරනු ලැබ ඇත; 28–29, යුද්ධයන් පුරෝකථනය කර ඇත; 30–33, ශුද්ධවන්තයින් හට සියලු ජනතාව අතරට පෙරට යාමට ඉහළින් බලය ලබාදී ඇත්තේය; 34–42, දුප්පතුන්ට සහ අවශ්‍ය අය හට සලකමින් සදාකාල පොහොසත්කම සෙවීමට සභාවට ආඥා කරනු ලබයි.

1 ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වුවත්, මෙසේ පවසන සේක, ශ්‍රේෂ්ඨ තැනැන්වහන්සේ මම වන්නෙමි, මම ඇල්ෆා සග ඔමේගාය, අරම්භයද අවසානයද වන්නෙමි, ලෝකය මැවීමට පෙර, සියලුම අති ශුද්ධ වූ ස්වර්ගීය සේනාව සමඟ, සදාකාලික පුළුල් තලය මත බැලූ තැනැත්තා වන්නෙමි;

2 එම සියලු දේ දන්නා තැනැන්වහන්සේය, මක්නිසාද සියලු දේවල් මා ඇස් ඉදිරියේ වන්නේය;

3 එම කතා කළ තැනැත්තා මම වන්නෙමි, තවද ලෝකය මවනු ලැබූයේද, සියලු දේවල් පැමිණියේද මා මගින්ය.

4 ඊනොක්ගේ සයොනය මාගේ ස්වකීය ලයට ගත්තාවූ මම එම තැනැත්තාමය; තවද සැබවක්, මම පවසන්නෙමි, මාගේ නාමය කෙරෙහි විශ්වාස කළ බොහෝ අයවළුන් උදෙසා වුවද, මක්නිසාද මම ක්‍රිස්තුස්වහන්සේය, තවද මාගේ ස්වකීය නාමයෙන්, මා විසින් වගුරුවන ලද එම රුධිරයේ ගුණය මගින්, මම පියාණන්වහන්සේ ඉදිරියේ ඔවුන් උදෙසා අයැද ඇත්තෙමි.

5 එහෙත් බලන්න, ඉතිරි වූ දුෂ්ටයන් අන්ධකාරයේ දංවැල් තුළ එම මහත් දවසේ විනිශ්චය පැමිණෙන තුරු මම තබා ඇත්තෙමි, එය පැමිණෙන්නේ ලෝකයේ අවසානයේදීය;

6 තවද එසේවුවද එනම් ඔවුන්ගේ හදවත් දැඩි කරගනිමින් මාගේ හඬ නොඅසන, දුෂ්ටයන්ව එසේම තැබීමට මම සලස්වන්නෙමි, තවද අහෝ, අහෝ, අහෝ, එය ඔවුන්ගේ විනාශය වන්නේය.

7 එහෙත් බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි එනම් මාගේ ඇස් නුඹලා මත වන්නේය. මම නුඹලා මධ්‍යයේ වන්නෙමි තවද නුඹලාට මා දැකිය නොහැකිය;

8 එහෙත් නුඹලා මා දකින දවස එනම් ඉතා ඉක්මණින් පැමිණෙන්නේය, තවද එනම් මා මාම බව දැනගන්නෙහුය; මක්නිසාද අන්ධකාරයේ තිරය ඉක්මණින් වෙන්වන්නේය, තවද ශුද්ධවන්ත නොවන ඔහු එම දවසේ නොපවතින්නේය.

9 එසේහෙයින්, නුඹගේ ඉඟටිය බැඳගෙන තවද සූදානම් වන්න. බලන්න, රාජ්‍යය නුඹගේය, තවද සතුරා ජය නොගන්නේය.

10 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා පිරිසිඳුය, එහෙත් සම්පූර්ණයෙන්ම නොවේ; තවද එහි මම ඉතා ප්‍රසන්න වන වෙන කිසිවෙක් නොවන්නේය;

11 මක්නිසාද සියලු මාංශයෝ මා ඉදිරියේ දූෂිතය; සියලු ස්වර්ගීය සේනා වල සම්මුඛය තුළ, මනුෂ්‍ය දරුවන් අතර, තවද පොළොව මත අන්ධකාරයේ බලය පවතින්නේය—

12 එය නිහැඬියාව රජ කරවීමට සලස්වන්නේය, තවද සියලු සදාකාලය වේදනාවෙන්ය, තවද දේවදූතයෝ පොළොව කපා දැමීමට, ගින්දරට දමන පිදුරු රැස්කිරීමට, එම මහත් ආඥාව ලැබෙන තුරු බලාසිටින්නෝය; තවද, බලන්න, සතුරා එක්වී ඇත්තේය.

13 තවද දැන් මම නුඹලා හට අභිරහසක් පෙන්වන්නෙමි, එය රහස් කුටි වල තිබූ දෙයක්ය, එය කාලය පැමිණි විට නුඹලාගේ විනාශය පවා සිදුවීමට ගෙන එන්නේය, තවද නුඹලා එය දැන නොසිටියෙහුය;

14 එහෙත් දැන් මම එය නුඹලා හට පවසන්නෙමි, තවද නුඹලා ආශිර්වාද ලද්දෝය, ඒ නුඹලාගේ අයුතුකම් නිසා නොවේ, නුඹලාගේ හදවතේ ඇත්තාවූ අවිශ්වාසය නිසාද නොවේ; මක්නිසාද සැබවක් නුඹලාගෙන් සමහරෙක් මා ඉදිරියේ වරදකරුවන් වේ, එහෙත් මම නුඹලාගේ දුර්වලකමේදී කරුණාවන්ත වන්නෙමි.

15 එසේහෙයින්, මෙතැන් සිට නුඹලා ශක්තිමත් වන්න; බිය නොවන්න, මක්නිසාද රාජ්‍යය නුඹලාගේය.

16 තවද නුඹලාගේ ගැලවීම උදෙසා මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, මක්නිසාද මම නුඹලාගේ යාච්ඤාවන් අසා ඇත්තෙමි, තවද මා ඉදිරියේ දුප්පතුන් පැමිණිලි කර ඇත්තෝය, තවද පොහොසතුන්ව මම සාදා ඇත්තෙමි, තවද සියලු මාංශයන් මාගේය, තවද මම පුද්ගලයන්ගේ තරාතිරම් නොබලන්නෙමි.

17 තවද මම පොළොව පොහොසත් කොට සෑදුවෙමි, තවද බලන්න එය මාගේ පා පුටුව වන්නේය, එසේහෙයින්, නැවත මම එය මත නැගී සිටින්නෙමි.

18 තවද මම ප්‍රදානය කරමින් නුඹලාට මහත් වස්තුව දීමට සූදානම්ව ඇත්තෙමි, පොරොන්දුවේ දේශයක් වුවත්, කිරි හා පැණියෙන් ඉතිරෙන දේශයක් වුවත්, එහි ස්වාමින්වහන්සේ පැමිණෙන විට ශාපයක් නොවන්නේය;

19 නුඹලාගේ මුළු සිතින් නුඹලා එය සොයන්නේ නම්, තවද මම නුඹලා හට නුඹලාගේ උරුමයේ දේශයක් වීමට එය දෙන්නෙමි.

20 තවද මෙය නුඹලා සමඟ මාගේ ගිවිසුම වන්නේය, නුඹලා එය නුඹලාගේ උරුමයේ දේශය ලෙස ලබන්නෝය, තවද නුඹලාගේ දරුවන්ගේ උරුමයක් ලෙස සදාකාලයට ලබන්නෝය, පොළොව රැඳී තිබෙන තුරු, තවදුරටත් පහව නොයන ලෙස, තවද නුඹලා එය නැවතත් සදාකාලය දක්වා අයත්කර ගන්නෙහුය.

21 එහෙත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි එනම් සුදුසු කාලයේදී නුඹලාට රජෙක් හෝ පාලකයෙක් නොවන්නේය, මක්නිසාද මම නුඹලාගේ රජු වී නුඹලාව රැකබලා ගන්නෙමි.

22 එසේහෙයින්, මාගේ හඬ අසා මා අනුගමනය කරන්න, තවද නුඹලා නිදහස් ජනතාවක් වන්නෙහුය, තවද මා පැමිණෙන විට මාගේ නීතිය හැරුනු විට නුඹලාට වෙනත් නීතියක් නොවන්නේය, මක්නිසාද මම නුඹලාගේ නිතීදායකයාණෝය, තවද මාගේ හස්තය නැවැත්විය හැක්කේ කුමකටද?

23 එහෙත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාව පත්කෙරුවාවූ කාවරාකාර තනතුරට අනුව වුවත් එකිනෙකාට උගන්වන්න;

24 තවද සියලු මනුෂ්‍යයන් හට ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයාට සලකන්නටත්, තවද මා ඉදිරියේ ගුණවන්තකම සහ ශුද්ධවන්තකම පුහුණු වන්නටත් සලස්වන්න.

25 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, සියලු මනුෂ්‍යයන් ඔහුටම මෙන්ම ඔහුගේ සහෝදරයාට සලකත්වා.

26 මක්නිසාද නුඹලා අතරෙන් යමෙකුට පුත්‍රයන් දොළොස්දෙනෙකු වේද, තවද ඔවුන්ගේ තරාතිරම් නොබලන්නේද, තවද ඔවුන් ඔහුට කීකරුව සේවය කරන්නේද, තවද ඔහු එක් අයෙකු හට පවසන්නේය: නුඹ සළු පැළඳ මෙහි වාඩිවෙයන්න; තවද අනෙකෙකු හට; නුඹ වැරහැලි හැඳ තවද එහි වාඩිවෙයන්න—තවද ඔහුගේ පුත්‍රයන් දෙස බලා මම ධර්මිෂ්ඨ වන්නේ යැයි පවසයිද?

27 බලන්න, මම මෙය උපමාවක් ලෙස නුඹලා හට දී ඇත්තෙමි, තවද එය මා මෙන්ම වන්නේය. මම නුඹලා හට පවසන්නෙමි, ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.

28 තවද නැවතත්, තවද මම නුඹලා හට පවසන්නෙමි එනම් රහසිගත කාමර වල සිටින සතුරා නුඹලාගේ ජීවිත සොයන්නේය.

29 දුර රටවල් වල යුද්ධයන් නුඹලා අසන්නෝය, තවද නුඹලා එනම් එහි ඉක්මණින් දුර රට වල මහා යුද්ධයන් ඇතිවන්නේ යැයි පවසන්නෙහුය, එහෙත් නුඹලා නුඹලාගේ ස්වකීය දේශයේ මනුෂ්‍යයන්ගේ හදවත් නොදන්නෙහුය.

30 මම මේ දේවල් නුඹලා හට පවසන්නේ නුඹලාගේ යාච්ඤාවන් නිසාය; එසේහෙයින්, නුඹලාගේ ලයෙහි ප්‍රඥාව රැස්කරගන්න, දුෂ්ට මනුෂ්‍යයෝ ඔවුන්ගේ දුෂ්ටකම මගින් මෙම දේවල් නුඹලා හට එළිදරව් කරන්නෝය, එය නුඹලාගේ කන් වලට පොළොව සෙලවන තරම් විශාල හඬක් ආකාරයෙන් කතා කරන්නේය; එහෙත් නුඹලා සූදානම් වී ඇත්නම් නුඹලා බිය විය යුතු නොවන්නෝය.

31 තවද එනම් නුඹලා සතුරාගේ බලයෙන් බේරී යන පිණිස, නොකැළැල්ව සහ නිදොස්ව, ධර්මිෂ්ඨ ජනතාවක් ලෙස මා වෙතට රැස්වන පිණිසය—

32 එසේහෙයින්, මෙම කාරණය උදෙසා මම නුඹලා හට ආඥාවක් දුන්නෙමි එනම් නුඹලා ඔහායෝ වෙතට යා යුතු වන්නෙහුය; තවද එහිදී මම නුඹලා හට මාගේ නීතිය දෙන්නෙමි; තවද එහිදී නුඹලාව ඉහළින් බලය සමඟින් බලයෙන් සරසනු ලබන්නෙහුය;

33 තවද එතැන් සිට, කවරෙකු සමඟ වුවත් සියලු ජාතීන් අතරට මම පෙරට යන්නෙමි, තවද ඔවුහු කුමක් කළ යුතුදැයි ඔවුන්ට පවසනු ලබන සේක; මක්නිසාද මම මහත් ක්‍රියාවක් සූදානම් කොට ඇත්තෙමි, මන්ද ඉශ්‍රායෙලය ගලවනු ලබන සේක, තවද මම ඔවුන්ට මම කැමති කවරාකාර තැනකට වුවද මගපෙන්වන්නෙමි, තවද කිසිම බලයක් මාගේ හස්තය නොනවත්වනු ඇත.

34 තවද දැන්, මෙම කොටසේ සභාව වෙතට මම ආඥාවක් දෙන්නෙමි, එනම් ඔවුන් අතරෙන් විශේෂිත මනුෂ්‍යයන් පත්කරනු ලබන්නේය, තවද ඔවුන්ව සභාවේ හඬ මගින් පත්කරනු ලබන්නේය;

35 තවද ඔවුහු දුප්පතුන් සහ අවශ්‍යතාවයන් ඇති අයවද බලාගන්නෝය, තවද එනම් ඔවුන් දුක් නොවිඳින පිණිස ඔවුන්ට සහනය සලසා දෙනු ලබන්නේය; තවද මම ඔවුන් හට ආඥා කළ එම ස්ථානය වෙතට ඔවුන්ව පිටත් කර හරිනු ලබන්නේය;

36 තවද මෙම සභාවේ දේපළ පාලනය කිරීමේ කටයුතු, ඔවුන්ගේ මෙම කාර්යය වන්නේය.

37 තවද ඔවුන්ට විකිණිය නොහැකි ගොවිපළවල් තිබෙනු ඇත, ඒවා සුදුසු යැයි හැඟෙන ලෙස අත්හැරීම හෝ කුලියට දීම හෝ කරන්න.

38 සියලු දේවල් සුරක්ෂිත බවට වගබලාගන්න; තවද මනුෂ්‍යයන් ඉහළ බලයෙන්, බලයෙන් සරසනු ලැබ පිටතට යවන විට, මෙම සියලු දේවල් සභාවේ ලයට රැස්කරනු ලබන්නේය.

39 තවද නුඹලා වස්තුව සොයන්නේ නම් එය නුඹලා හට දීම පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා සියලු ජනතාවගෙන්ම පොහොසතුන් වන්නෙහුය, මක්නිසාද නුඹලා සදාකාලික පොහොසත්කම ලබන්නෙහුය; තවද පොළොවේ පොහොසත්කම නුඹලාට දීමට අවශ්‍ය වීම මාගෙන්ය; එහෙත් පුරාණයේ නෙපිවරුන් බවට පත්නොවීමට, උඬගුකමෙන් ප්‍රවේසම් වන්න.

40 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් සෑම මනුෂ්‍යයකුම, වැඩිහිටි, පූජක, ගුරුවරයා සහ එසේම සමාජිකයා යන දෙගොල්ලන්ම, ඔහුගේ බලය සමඟින් යමින්, ඔහුගේ හස්තයේ වෙහෙසෙමින්, මම ඔහුට ආඥා කළ එම දේවල් සම්පූර්ණ කිරීමට සූදානම් වීමට, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

41 තවද සියලු මනුෂ්‍යයන් ඔහුගේ අසල්වැසියන්ට, මෘදුකමින් සහ යටහත්කමින් සිදුකරන, නුඹලාගේ දේශනාවන් අනතුරු ඇඟවීමේ හඬක් වේවා.

42 තවද නුඹලා දුෂ්ටයන් අතරින් පිටතට යන්න. නුඹලාව ගලවාගන්න. ස්වාමින්වහන්සේගේ භාණ්ඩ දරාගන්නා නුඹලා පිරිසිඳුව සිටින්න. එය එසේම වන්නේය. ආමෙන්.