නීෆායි අන්‍යජාතීන් අතර යක්ෂයාගේ සභාව පිහිටුවා තිබෙන බවත්, ඇමරිකාව සොයාගැනීම සහ ජනපද පිහිටුවීම, ශුද්ධ බයිබලයේ පැහැදිලි සහ අනර්ඝ බොහෝ කොටස් නැතිවීම, එය කරණකොටගෙන අන්‍යජාතීන් ඇදහිල්ල අත්හැරීමේ ප්‍රතිඵලය, ශුභාරංචිය නැවත පිහිටුවීම, පසු දවස්වල ශුද්ධ ලියවිලි ඉදිරියට පැමිණීම සහ සියොනය ගොඩනැගීම දර්ශනයකින් දකියි. ක්‍රි.පූ. 600–592 පමණ.