7 වන පරිච්ඡේදය
ලීහායිගේ පුත්‍රයන් ජෙරුසලමට නැවත ගොස් ඉෂ්මායෙල්ට සහ ඔහුගේ නිවැසියන්ට ඔවුන්ගේ ගමනට එක්වීමට ආරාධනා කරති – ලේමන් සහ අනෙක් අය කැරලි ගසති – නීෆායි ඔහුගේ සහෝදරයන් හට ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කර ගැනීමට දිරිමත් කරයි – ඔවුන් ඔහුව ලණුවලින් බැඳ ඔහුගේ විනාශය සැලසුම් කරති – ඇදහිල්ලේ බලයෙන් ඔහු නිදහස් වේ – ඔහුගේ සහෝදරයන් සමාව අයදති – ලීහායි සහ ඔහුගේ කණ්ඩායම පූජා හා දවන පූජා ඔප්පු කරති. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද නුඹලා දැනගන්නවාට මම දැන් කැමැත්තෙමි, මාගේ පියා වූ, ලීහායි, ඔහුගේ වංශය ගැන අනාවැකි කීම අවසන් කළ පසු, එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔහුට නැවත කතා කරමින්, ලීහායි, එනම් ඔහුගේ පවුල වනාන්තරයට තනිව රැගෙන යාමට, සුදුසු නොවූ බව පැවසුවේය; එහෙත් ඔහුගේ පුත්‍රයන් දියණියන්ව භාර්යාවන් වශයෙන් සරණ පාවා ගෙන, ස්වාමීන්වහන්සේ හට ඔවුන් වංශයක් පොරොන්දු දේශයේදී නැඟිටුවාලීමට යුතු බවය.
2 තවද එය මෙසේ සිදු විය, මම, නීෆායි සහ මාගේ සහෝදරයන් නැවතත් ජෙරුසලම් දේශයට ගොස්, ඉෂ්මායෙල් සහ ඔහුගේ පවුල වනාන්තරයට ගෙන යන ලෙස ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ සේක.
3 තවද එය මෙසේ සිදු විය, නීෆායි වන මම නැවතත් මාගේ සහෝදරයන් සමඟ ජෙරුසලමට යාමට වනාන්තරයට ගියෙමි.
4 තවද එය මෙසේ සිදු විය, අපි ඉෂ්මායෙල්ගේ නිවස වෙත ගොස්, ස්වාමීන්වහන්සේගේ වචන ඔහුට කී පමණින්, අපි ඉෂ්මායෙල් ඉදිරියෙහි ප්‍රසාදය ලබා ගත්තෙමු.
5 තවද එය මෙසේ සිදු විය, ස්වාමීන්වහන්සේ ඉෂ්මායෙල්ගේ ද, ඔහුගේ පවුලේ අයගේ ද සිත මොළොක් කළ සේක, මක්නිසාද යත්, ඔවුන් අප සමඟ වනාන්තරයේ අපගේ පියාගේ කූඩාරමට ගියහ.
6 තවද එය මෙසේ සිදු විය, අප වනාන්තරයේ ගමන් කරන විට, බලව ලේමන් සහ ලෙමුවෙල් ද, ඉෂ්මායෙල්ගේ දියණියන් දෙදෙනෙකු ද ඉෂ්මායෙල්ගේ පුතුන් දෙදෙනා ද ඔවුන්ගේ පවුල් ද, සහ අපට විරුද්ධ ව කැරලි ගැසූ බව දුටුවේ ය; එසේය, මට, නීෆායි සහ සෑම්, ඔවුන්ගේ පියා, ඉෂ්මායෙල්, සහ ඔහුගේ බිරිඳ, සහ ඔහුගේ තවත් දියණියන් තිදෙනාට විරුද්ධවය.
7 තවද එය මෙසේ සිදු විය, කැරැල්ලේදී ඔවුන් නැවත ජෙරුසලම් දේශයට පැමිණීමට ආශාවෙන් සිටියෝ ය.
8 තවද දැන් මම, නීෆායි, ඔවුන්ගේ හදවත්වල දැඩිකම ගැන ශෝක වී, එසේහෙයින් මම ඔවුන්ට කතා කොට, එසේය, ලේමන්ට සහ ලෙමුවෙල්ට මෙසේ කීවෙමි: බලව, නුඹලා මාගේ වැඩිමහල් සහෝදරයන් වන අතර, නුඹලා නුඹලාගේ හදවත් තුළ මෙතරම් දැඩි වන්නේ කෙසේද? තවද නුඹලාගේ මනසෙන් මෙතරම් අන්ධ වූයේ කෙසේද, නුඹලාට අවශ්‍ය වන්නේ නුඹලාගේ බාල සහෝදරයා වන මම නුඹලාට කතා කර නුඹලාට ආදර්ශයක් විය යුතුද?
9 නුඹලා ස්වාමීන්වහන්සේගේ වචනයට සවන් නොදුන්නේ කෙසේද?
10 නුඹලා ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙකු දුටු බව නුඹලාට අමතක වී ඇත්තේ කෙසේද?
11 එසේය, තවද ලේබන්ගේ අතින් අප ගළවාගැනීමෙන්, වාර්තාව ලබාගැනීමට ස්වාමීන්වහන්සේ අප වෙනුවෙන් කළ මහත් ක්‍රියා, මොනවාද යන්න නුඹලාට අමතක වී ඇත්තේ කෙසේද?
12 එසේය, මනුෂ්‍ය දරුවන් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පවත්වන්නේ නම්, උන්වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල කිරීමට ස්වාමීන්වහන්සේට හැකි බව නුඹලාට අමතක වී ඇත්තේ කෙසේද? එබැවින් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටිමු.
13 තවද අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තව සිටින්නේ නම්, අපි පොරොන්දු දේශය ලබාගන්නෙමු; සහ ජෙරුසලමේ විනාශය ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ඉටු වන බව අනාගත කාලයකදී නුඹලා දැන ගනු ඇත; මක්නිසාද ජෙරුසලමේ විනාශය ගැන ස්වාමීන්වහන්සේ කී සියල්ල සම්පූර්ණ විය යුතුය.
14 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ මහත් පරිශ්‍රම දැරීමට ඉක්මනින් නවතී; මක්නිසාද බලව, ඔව්හු අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කර, ජෙරමියාව සිරගත කළෝය. තවද ඔව්හු මාගේ පියාගේ ජීවිතය උදුරාගන්නට සෙවූ අතර, ඔවුහු ඔහුව දේශයෙන් පලවා හැරියෝය.
15 දැන් බලව, මම නුඹට කියමි, නුඹලා ජෙරුසලමට හැරී ගියහොත්, නුඹලාත් ඔවුන් සමඟ විනාශ වන්නහුය. තවද දැන්, නුඹලාට තෝරාගැනීම ඇත්නම්, දේශය වෙත යන්න, තවද නුඹලා යන්නෙහු නම්, නුඹලාත් විනාශ වනු ඇතැ යි මා නුඹලාට කියන වචන සිහි කරන්න, මක්නිසාද මෙසේ මා කථාකරන ලෙස ස්වාමීන්වහන්සේගේ ආත්මය මට බලකරන සේක.
16 තවද එය මෙසේ සිදු විය, නීෆායි, වන මම, මාගේ සහෝදරයන්ට මේ වචන කී විට ඔවුන් මා සමඟ කෝප විය. තවද එය මෙසේ සිදු විය, ඔව්හු මා පිට අත් තැබූහ, මක්නිසාද බලව, ඔව්හු අතිශයින් කෝපයට පත් වූ අතර, ඔව්හු ලණුවලින් මා බැඳ, වන මෘගයන් විසින් ගිලදමනු ලබන පිණිස වනාන්තරයේ මා තබා මාගේ ජීවිතය නැති කිරීමට ඔව්හු සෙවූහ.
17 එහෙත් එය මෙසේ සිදු විය, මම ස්වාමීන්වහන්සේට යාච්ඤා කරමින්, මෙසේ කීවෙමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ කෙරෙහි ඇති මාගේ ඇදහිල්ල අනුව, ඔබවහන්සේ මාගේ සහෝදරයන්ගේ අතින් මා මුදා හරින්නේද; එසේය, මා බැඳ ඇති මේ ලණු පැලීම සඳහා පවා මට ශක්තිය ලබා දෙන්න.
18 තවද එය මෙසේ සිදු විය, මා මේ වචන පැවසූ විට, බලව, මාගේ අත් සහ පාදවලින් පටි ලිහිල් වී තිබෙනු දැක, මම මාගේ සහෝදරයන් ඉදිරියෙහි සිට, නැවත ඔවුන්ට කතා කළෙමි.
19 තවද එය මෙසේ සිදු විය, ඔව්හු යළිත් මා සමඟ කෝප වී මා මත අත් තැබීමට උත්සාහ කළහ; නමුත් බලව, ඉෂ්මායෙල්ගේ එක් දියණියක්, එසේය, ඇගේ මව සහ ඉෂ්මායෙල්ගේ එක් පුත්‍රයෙක්, මාගේ සහෝදරයන් සමඟ කන්නලව් කළ නිසා, ඔවුන් ඔවුන්ගේ හදවත් මෘදු කර ගත්හ; ඔව්හු මාගේ ජීවිතය නැති කිරීමට දැරූ උත්සාහය නැවැත්වූහ.
20 තවද එය මෙසේ සිදු විය, ඔවුන්ගේ දුෂ්ටකම නිසා, ඔවුන් ශෝකයට පත් වී, ඔවුන් මා ඉදිරියෙහි වැඳ වැටී, එපමණකින් ඔවුන් මට විරුද්ධව කළ දෙයට සමාව දෙන ලෙස, මාගෙන් අයැද සිටියහ.
21 තවද එය මෙසේ සිදු විය, ඔවුන් කළ සියල්ලට මම අවංකවම සමාව දුන් අතර, තවද සමාව අයැද ඔවුන්ගේ ස්වාමීන් වූ දෙවියන්වහන්සේට යාච්ඤා කරන ලෙස මම ඔවුන්ව දිරිමත් කළෙමි. තවද එය මෙසේ සිදු විය, ඔවුන් එය කළහ. ඔවුන් ස්වාමීන්වහන්සේට යාච්ඤා කළ පසු අපි නැවතත් අපගේ ගමන් මගෙහි අපගේ පියාගේ කූඩාරම දෙසට ගමන් කළෙමු.
22 තවද එය මෙසේ සිදු විය, එනම් අපි අපගේ පියාගේ පහලවූ කූඩාරම වෙත පැමිණෙන්නෙමු. මම ද මාගේ සහෝදරයෝ ද ඉෂ්මායෙල්ගේ මුළු නිවැසියන් ද මාගේ පියාගේ පහලවූ කූඩාරම වෙත පැමිණි පසු ඔව්හු ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට ස්තුති කළහ; තවද ඔව්හු උන්වහන්සේට පූජා ද දවන පූජා ද ඔප්පු කළහ.