ශුද්ධලියවිලි
1 නීෆායි 13


13 වන පරිච්ඡේදය

නීෆායි අන්‍යජාතීන් අතර යක්ෂයාගේ සභාව පිහිටුවා තිබෙන බවත්, ඇමරිකාව සොයාගැනීම සහ ජනපද පිහිටුවීම, ශුද්ධ බයිබලයේ පැහැදිලි සහ අනර්ඝ බොහෝ කොටස් නැතිවීම, එය කරණකොටගෙන අන්‍යජාතීන් ඇදහිල්ල අත්හැරීමේ ප්‍රතිඵලය, ශුභාරංචිය නැවත පිහිටුවීම, පසු දවස්වල ශුද්ධ ලියවිලි ඉදිරියට පැමිණීම සහ සියොනය ගොඩනැගීම දර්ශනයකින් දකියි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා මට කතාකොට: බලන්න! යැයි කී විට මම බැලූ කල්හි, බොහෝ ජාතීන් හා රාජ්‍යයන් දුටුවෙමි.

2 තවද දේවදූතයා මා හට මෙසේ කීය: නුඹ කුමක් දකින්නෙහිද? එවිට මම මෙසේ කීවෙමි: මම බොහෝ ජාතීන් සහ රාජ්‍යයන් දකින්නෙමි.

3 තවද ඔහු මා හට කීවේය: මේවා නම් අන්‍යජාතිකයන්ගේ ජාතීන් සහ රාජ්‍යයන්ය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් අන්‍යජාතිකයන්ගේ ජාතීන් අතරේ මහත් සභාවක් පිහිටුවීම මම දුටුවෙමි.

5 තවද දේවදූතයා මට මෙසේ පැවසුවේය: බලව සියළු සභාවන් අභිබවා යන වඩාත්ම පිළිකුල් සහගත සභාවේ නිර්මාණය, එනම් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් මරා දමන්නාවූ ද, එසේය, තවද ඔවුන්ට වද හිංසා කර ඔවුන්ව පහතට බැඳ තබන්නාවූද, සහ ඔවුන්ව යකඩ වියගහකින් බැඳ, ඔවුන්ව වහල්භාවයේ පහතට ගෙන එන්නාවූ සභාව ය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් මම මේ බලවත් සහ පිළිකුල් සහගත සභාව දුටුවෙමි; තවද මම යක්ෂයාව සහ ඔහු එහි නිර්මාතෘ බවද දුටුවෙමි.

7 තවද මම රන්, රිදී, සේද, තවද තද රතු පාට රෙදිද, සිහින්ව තනන ලද හණ රෙදි, තවද සියලු ආකාරයේ අනර්ඝ වස්ත්‍ර ද දුටුවෙමි; මම බොහෝ වෛශ්‍යාවන්ද දුටුවෙමි.

8 තවද දේවදූතයා මා හට පවසමින්, මෙසේ කීවේය: බලව එම රන් සහ රිදී, සේද, තද රතු පාට රෙදි, සිහින්ව තනන ලද හණ රෙදි සහ සියලු ආකාරයේ අනර්ඝ ඇඳුම් ද සහ වෛශ්‍යාවන්ද මෙම බලවත් සහ පිළිකුල් සහගත සභාවේ ආශාවන් වේ.

9 තවද ඔවුන් ලෝකයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයින් විනාශ කරමින්, තවද ඔවුන්ව වහල්භාවයට ඇද දමන්නෝය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මා බැලූ කල්හි බොහෝ ජලයන් දුටුවෙමි; තවද ඒවා අන්‍යජාතිකයින්ගෙන් මාගේ සහෝදරයන්ගේ වංශය වෙන් කෙරූහ.

11 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා මා හට කීවේය: බලව, දෙවියන්වහන්සේගේ උදහස නුඹේ සහෝදරයන්ගේ වංශය පිට යැයි කීවේය.

12 තවද මම බැලූ විට අන්‍යජාතීන් අතරේ සිටින මනුෂ්‍යයෙකු දුටුවෙමි, ඔහු මාගේ සහෝදරයන්ගේ වංශය බොහෝ ජලයෙන් වෙන් කර තිබෙනු අතර; තවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මම දුටුවෙමි, එනම් උන්වහන්සේ පහළට බැස එම මනුෂ්‍යයා මත ක්‍රියා කරන බව මම දුටුවෙමි; තවද ඔහු බොහෝ ජලයන් තරණය කර, පොරොන්දු දේශයෙහි සිටි මාගේ සහෝදරයින්ගේ වංශය වෙතට ද ගමන් ගත්තේය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ ආත්මය අනෙකුත් අන්‍යජාතිකයන් මත ක්‍රියා කරන බව මම දුටුවෙමි; තවද ඔවුහු වහල්භාවයෙන් මිදී බොහෝ ජලයන් මතින් ඉදිරියට ගියහ.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මම පොරොන්දු දේශයෙහි අන්‍යජාතිකයන් බොහෝ පිරිසක් සිටිනු දුටුවෙමි; තවද මම දෙවියන්වහන්සේගේ උදහස දුටුවෙමි, එනම් එය මාගේ සහෝදරයන්ගේ වංශය මත ඇති බව; තවද ඔවුහු අන්‍යජාතිකයන් ඉදිරියෙහි විසුරවනු ලැබ, ඔවුන්ට පහර දුන් සේක.

15 තවද මම ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්, අන්‍යජාතීන් මත දුටිමි. තවද ඔවුහු සශ්‍රීක වී, ඔවුන්ගේ උරුමය සඳහා දේශය ලබා ගත්හ; තවද ඔවුන් බෙහෙවින් සුදු බවත්, බොහෝ සෙයින් පැහැපත් සහ රුවැති වූ අතර මරණයට පත්කිරීමට පෙර මාගේ ජනතාව මෙන් වූ බවත් මම දුටුවෙමි.

16 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, වහල්භාවයෙන් පිටතට ගිය අන්‍යජාතීන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වූ බව දුටුවෙමි; තවද ස්වාමීන්වහන්සේගේ බලය ඔවුන් සමඟ විය.

17 තවද ඔවුන්ගේ මව වූ අන්‍යජාතීන් ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට ජලය මතත්, ගොඩබිම මතත්, රැස්ව සිටින බව මම දුටුවෙමි.

18 තවද දෙවියන්වහන්සේගේ බලය ඔවුන් සමඟ ඇති බව මා දුටු අතර, එසේම, ඔවුන්ට විරුද්ධව සටනට එක්රැස් වූ සියල්ලන් මත දෙවියන්වහන්සේගේ උදහස තිබුණි.

19 තවද මම, නීෆායි, වහල්භාවයෙන් පිටව ගිය අන්‍යජාතිකයන් දෙවියන්වහන්සේගේ බලයෙන්, අනෙකුත් ජාතීන්ගෙන් ගළවනු ලැබූ බව දුටුවෙමි.

20 තවද එය මෙසේ සිදු විය එනම්, නීෆායි වන මම, ඔවුන් දේශයේ සමෘද්ධිමත් වූ බව දුටුවෙමි; තවද මම පොතක් දුටුවෙමි, තවද එය ඔවුන් අතරිිින් ඉදිරියට ගෙන යන ලදි.

21 තවද දේවදූතයා මට මෙසේ කීවේය: නුඹ ඒ පොතේ තේරුම දන්නෙහිද?

22 තවද මා ඔහුට මෙසේ කීවෙමි: මම නොදනිමි.

23 තවද ඔහු මෙසේ කීවේය: බලව එය යුදෙව්වෙකුගේ මුවින් නික්මෙන්නේය, තවද, නීෆායි වන මම, එය දුටුවෙමි; තවද ඔහු මට මෙසේ කීය: නුඹ දකින්නාවූ එම පොත යුදෙව්වන් පිළිබඳ වාර්තාවකි, එහි ස්වාමීන්වහන්සේගේ ඊශ්‍රායල් වංශයත් සමඟ ඇතිකරගත් ගිවිසුම් අඩංගු වේ, තවද එහි ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ අනාවැකි ද ඇතුළත්ය; තවද එය පිත්තල තහඩු මත ඇති කැටයම් කරන ලද වාර්තාවලට සමානය, නමුත් ඒවා බොහෝමයක් නොවේ, කෙසේ වෙතත්, එහි ස්වාමීන්වහන්සේ, ඊශ්‍රායල් වංශයත් සමඟ උන්වහන්සේ ඇතිකරගත් ගිවිසුම් අඩංගු හෙයින් එය අන්‍යජාතීන්ට බොහෝ සෙයින් වටින්නේය.

24 තවද ස්වාමීන්වහන්සේගේ දේවදූතයා මට මෙසේ කීවේය: නුඹ මේ පොත යුදෙව්වෙකුගේ මුවින් නික්මෙන බව දුටුවේය; තවද එය යුදෙව්වෙකුගේ මුවින් නික්මුුණු කල ප්‍රේරිතයන් දොළොස්දෙනා සාක්ෂි දරන ස්වාමීන්වහන්සේගේ සුභාරංචියේ පූර්ණත්වය එහි අඩංගු විය; තවද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් තුළ ඇති සත්‍යය අනුව ඔව්හු සාක්ෂි දරති.

25 එබැවින්, මේවා යුදෙව්වගෙන් අන්‍ය ජාතිකයින්ට නිර්මලව පැමිණෙන්නේ, දෙවියන්වහන්සේ තුළ වූ සත්‍යයට අනුකූලවය.

26 තවද ඒවා බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ දෑතින් යුදෙව්වන්ගෙන් අන්‍යජාතීන් හට ගිය පසු, බලවත් සහ පිළිකුල් සහගත වූ සභාව පිහිටුවීම ඔබ දකින්නෙහිය, එය අනෙක් සියලුම සභාවලට වඩා මහත් පිළිකුල් සහගත වේ, මක්නිසාද බලන්න, ඔවුහු බැටළුපැටවාණන්ගේ ශුභාරංචියෙන් පැහැදිලි සහ ඉතා අගනා කොටස් බොහොමයක් ඉවත් කර ඇත්තේය; තවද, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් ගණනාවක්ද ඔවුහු ඉවතට ගෙන ඇත්තේය.

27 තවද මේ සියල්ල ඔවුන් සිදු කලේ ස්වාමීන්වහන්සේගේ නිවැරදි මාර්ගයන්ගෙන් ඔවුන් මුළා කිරීමටය, එනම් ඒ තුළින් මනුෂ්‍ය දරුවන්ගේ දෑස් අන්ධ කර හදවත් දැඩි කරන පිණිස ය.

28 එබැවින්, පොත බලවත් හා පිළිකුල්සහගත සභාවේ අතින් පිටතට ගිය පසු, එම පොතෙන් බොහෝ පැහැදිලි සහ අනර්ඝ දේවල් ඉවත් කර ඇති බවත්, එය දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ පොත යැයි නුඹ දකින්නෙහිය.

29 තවද මෙම පැහැදිලි සහ අනර්ඝ දේවල් ඉවතට ගත් පසු එය අන්‍යජාතිකයන්ගේ සියලු ජාතීන් අතරට යන්නේය, එය අන්‍යජාතිකයන්ගේ සියලු ජාතීන් වෙතට ගිය පසු, එසේය, නුඹ දුටු බොහෝ ජලයන් හරහා ද වහල්භාවයෙන් ගැළවුණු අන්‍යජාතිකයන් අතරට, නුඹ දකින ලෙස – එම පොතෙන් බොහෝ පැහැදිලි සහ අනර්ඝ දේවල් ඉවත් කර ඇති නිසා, මනුෂ්‍ය දරුවන්ගේ අවබෝධයට සරල වූ, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් තුළ ඇති පැහැදිලිත්වයට අනුව – මේ දේවල් ශුභාරංචියෙන් ඉවත් කරන ලද හෙයින් බොහෝ දෙනෙකුගේ මහත් වැටීම විිය, එසේය, එපමණකින්, එනම් සාතන්ට ඔවුන් කෙරෙහි මහත් බලයක් ඇත්තේය.

30 එසේනමුත් එනම්, වහල්භාවයෙන් පිටතට ගෙනගිය අන්‍යජාතිකයන් සියලු ජාතීන්ට වඩා දෙවියන්වහන්සේගේ බලයෙන් අන් සියලුම දේශයන්වලට වඩා, තෝරාගෙන ඇති දේශයේ මුහුණත ඔසවනු ලැබූ බව නුඹ දකින්නෙහිය, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹේ පියා සමඟ ගිවිසගත් දේශය ඔහුගේ වංශයේ උරුමයේ දේශය ලෙස ලබාගත යුතු ය; එසේහෙයින්, නුඹ දකින්නේ දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹේ සහෝදරයන් අතරෙහි සිටින නුඹේ වංශයේ මිශ්‍රය, අන්‍යජාතීන් විසින් සහමුලින්ම විනාශ කිරීමට ඉඩ නොදෙන බවය.

31 නැතත් අන්‍යජාතිකයන් නුඹේ සහෝදරයන්ගේ වංශය විනාශ කිරීමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක.

32 නැතත් අන්‍යජාතිකයන් සදාකාලයටම ඔවුන් නුඹ දකින එම අන්ධභාවයේ භයානක තත්වය තුළ සදහටම සිටීමට දෙවි වූ ස්වාමීන්වහන්සේ ඉඩ නොදෙන සේක, මක්නිසාද, බැටළුපැටවාණන්ගේ ශුභාරංචියේ පැහැදිලි සහ බොහෝ අනර්ඝ කොටස්, එම පිළිකුල්සහගත සභාව විසින් රඳවාගෙන ඇති අතර, එහි නිර්මාණය නුඹ දුටුවෙහිය.

33 එබැවින් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් මෙසේ පවසන සේක: ඊශ්‍රායල් වංශයේ ඉතිරිවූවන් වෙත මහා විනිශ්චයේ බැහැදැකීමේදී, මම අන්‍යජාතිකයන් හට කරුණාව දක්වමි.

34 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ දේවදූතයා මා හට කතා කොට මෙසේ පැවසීය: බලව, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් පවසන්නේය, මම ඊශ්‍රායල් වංශයේ ඉතිරි වූවන් බැහැදැකීමෙන් පසුව – තවද මා පවසන මේ ඉතිරිය නුඹගේ පියාණන්ගේ වංශය වන්නේය – එබැවින්, මම ඔවුන් හට විනිශ්චයෙන් බැහැදැක, අන්‍ය ජාතිකයන්ගේ අතින් ඔවුන්ට පහර දෙනු ලැබුවාට පසුවද, තවද අන්‍යජාතීන් බොහෝ සේ වැටීමෙන් පසුව, මක්නිසාද වෙසඟනන්ගේ මව වූ එම පිළිකුල්සහගත සභාව විසින් බැටළුපැටවාණන්ගේ ශුභාරංචියේ ඉතා පැහැදිලි හා අනර්ඝ කොටස් රඳවා ගෙන ඇති නිසාය, බැටළුපැටවාණන් කියන සේක – මා අන්‍යජාතිකයින් හට ඒ දවසේදී දයාවන්ත වන්නෙමි, එපමණින් එනම්, මාගේ බලයෙන් ඔවුන් හට, මාගේ සුභාරංචියේ බොහොමයක් ගෙන එන්නෙමි, තවද ඒවා පැහැදිලි සහ අනර්ඝ වන්නේ යි, බැටළුපැටවාණන් වදාරන සේක.

35 මක්නිසාද බලව, බැටළුපැටවාණන් කියන සේක: මම නුඹගේ වංශයට ප්‍රකාශ වෙන්නෙමි, එනම්, මම ඔවුන්ට උපස්ථාන කරන බොහෝ දේ ඔවුන් ලියනු ඇත, ඒවා පැහැදිලි හා අනර්ඝ දේවල්ය; තවද නුඹගේ වංශය විනාශ වූ පසු, තවද විශ්වාසයෙන් පිරිහී, එසේම නුඹගේ සහෝදරයන්ගේ වංශයද, බලව, බැටළු පැටවාණන්ගේ දීමනාවෙන් සහ බලයෙන්ද අන්‍යජාතිකයන් වෙතට පැමිණෙන පිණිස මේ දේවල් සඟවනු ලබන්නේ ය.

36 තවද ඒවායේ මාගේ ශුභාරංචිය ලියා තබනු ඇත, බැටළුපැටවාණන් කියන සේක, තවද මාගේ පර්වතය සහ මාගේ ගැලවීමය.

37 තවද, ඒ දවසෙහි මාගේ සියොනය ඉදිරියට ගෙන ඒමට සොයන්නෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව සහ බලය ලැබෙනු ඇත; තවද ඔවුන් අවසානය දක්වා ඉවසා දරා සිටින්නේ නම්, ඔවුන්ව අවසාන දවසේදී ඔවුන් ඔසවනු ලබනු ඇත, තවද බැටළුපැටවාණන්ගේ සදාතනික රාජ්‍යයේ ගැළවෙනු ඇත; තවද සාමය ප්‍රකාශ කරන්නේ කවරෙක්ද, එසේය, ප්‍රීතියේ යහපත් ආරංචිය ද, ඔවුන් සිටින්නා වූ කඳු පිට කෙතරම් අලංකාර වේද.

38 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ සහෝදරයින්ගේ වංශයේ ඉතිරිවූවන් ද, තවද යුදෙව්වාගේ මුවින් නික්මුණා වූ දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ පොත ද දුටුවෙමි, එය අන්‍යජාතිකයන්ගෙන් මාගේ සහෝදරයන්ගේ වංශයේ ඉතිරි කොටසට පැමිණියේය.

39 තවද එය ඔවුන් වෙතට පැමිණි පසු මා තවත් පොත් ද දුටුවෙමි, එනම් ඒවා බැටළුපැටවාණන්ගේ බලයෙන් අන්‍යජාතිකයන් වෙත පැමිණියේ ද, මාගේ සහෝදරයන්ගේ වංශයේ ඉතිරි වූවන්ට සහ අන්‍යජාතිකයන්ට ද, තවද මුළු පොළොව පුරාම විසිරී සිටි යුදෙව්වන්ට එනම්, බැටළු පැටවාණන්ගේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ වාර්තා සත්‍ය බවට ඒත්තු ගැන්වීම උදෙසා ය.

40 තවද දේවදූතයා මා හට මෙසේ කතා කරමින්, කීවේය: අන්‍යජාතීන් අතරේ නුඹ දුටු මෙම අන්තිම වාර්තාව, බැටළු පැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ පළමු වාර්තාවේ සත්‍යය තහවුරු කරනු ඇත, තවද ඔවුන්ගෙන් රඳවා ලබාගත් පැහැදිලි සහ අනර්ඝ දේවල් දැනුවත් කරනුයේ; තවද සියලු ඥාතීන්, භාෂාවන් හා ජනතාවන් හට දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් සදාතනික පියාණන්වහන්සේගේ පුත්‍රයාණන් සහ ලෝකයේ ගැළවුම්කරුවාණන් බවත්, තවද සියලු මනුෂ්‍යයින් උන්වහන්සේ වෙතට පැමිණිය යුතු බවත්, නැතහොත් ඔවුන්ට ගැලවීම ලැබිය නොහැකි බවය.

41 තවද ඒවා බැටළුපැටවාණන්ගේ මුඛයෙන් පිටවන වචනයට අනුව එය තහවුරු කොට, ඒවා ඉදිරියට පැමිණිය යුතුය; තවද බැටළුපැටවාණන්ගේ වචන නුඹගේ වංශයේ වාර්තාවල මෙන්ම බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ වාර්තාවලද දැනුවත් කරනු ලබන්නේය. එබැවින්, එම දෙවර්ගයම එකට පිහිටුවනු ලබන්නේය; මක්නිසාද මුළු පොළොව පුරාවටම සිටින්නේ එක් දෙවියන්වහන්සේ සහ එක් එඬේරෙකු පමණක් වන බැවිනි.

42 තවද උන්වහන්සේ කාලය පැමිණි විට උන්වහන්සේව සියලු ජාතීන් හට, එනම් ජුදෙව්වන්ට සහ අන්‍යජාතිකයන් යන දෙවර්ගයටම ප්‍රකාශ වන සේක; තවද උන්වහන්සේ යුදෙව්වන් හට සහ අන්‍යජාතිකයන් හට උන්වහන්සේව ප්‍රකාශ වූ පසුව, එවිට උන්වහන්සේ අන්‍යජාතීන් හට ද යුදෙව්වන් හට ද ප්‍රකාශ වන සේක. තවද අන්තිමයා ප්‍රථමයාද, ප්‍රථමයා අන්තිමයාද වන්නේමය.