ශුද්ධලියවිලි
1 නීෆායි 4


4 වන පරිච්ඡේදය

නීෆායි ස්වාමීන්වහන්සේගේ අණ පරිදි ලේබන්ව මරා දමන අතර පසුව උපක්‍රමශීලිව පිත්තල තහඩු ලබා ගනියි – සෝරම් වනාන්තරයේ සිටින ලීහායිගේ පවුලට එකතු වීමට තීරණය කරයි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, මම මාගේ සහෝදරයන්ට කතා කොට, පවසමින්: අපි නැවතත් ජෙරුසලමට යමු, තවද ස්වාමීන්වහන්සේගේ අණ පනත් තැබීමේ දී අපි ඇදහිලිවන්ත වෙමු; මක්නිසාද බලව උන්වහන්සේ මුලු පොළොවට වඩා බලවත් වන සේක, එකල්හි ලේබන්ට සහ ඔහුගේ පනස්දෙනාට වඩා, එසේය, ඔහුගේ දස දහස් ගණනට වඩා බලවත් නොවන්නේ මන්ද?

2 එබැවින් අපි ඉහළට යමු; අපි මෝසෙස් මෙන් ශක්තිමත් වෙමු; මක්නිසාද ඔහු සැබැවින්ම රතු මුහුදට කතා කොට තවද එය ඒදෙසට මේදෙසට බෙදී ගියේය, තවද අපේ පියවරු ඒ හරහා, වහල්භාවයෙන් මිදී, වියළි පොළව මතින් පැමිණියහ, පාරාවෝගේ හමුදා හඹා ආ විට රතු මුහුදේ ජලයන් තුළ ගිලී ගියෝය.

3 දැන් බලව නුඹ මෙය සත්‍ය බව දනියි; තවද නුඹ දන්නවා දේවදූතයෙක් නුඹට කතා කළ බවට; එබැවින් නුඹට සැක කළ හැකිද? අපි ඉහළට යමු; අපගේ පියවරුන් මෙන්, ස්වාමීන්වහන්සේට අපව ගලවා ගත හැක, තවද මිසරවරුන් මෙන්, ලේබන්ව විනාශ කළ හැක.

4 දැන් මම මෙම වචන කතා කළද, ඔවුන් එහෙත් උදහසින්, තවද තවදුරටත් මැසිවිලි දෙඩවිය; එසේ නමුත් ජෙරුසලමේ පවුරෙන් පිටතට අපි එන තෙක් ඔවුහු මා පසුපස ඉහළට පැමිණියහ.

5 තවද එය රාත්‍රියේදී විය; තවද ඔවුන් පවුරෙන් පිටත සැඟවෙන ලෙස මම සැලැස්සුවෙමි. තවද ඔවුන් සැඟවුනු පසු, මම, නීෆායි, නගරය තුළට රිංගා ලේබන්ගේ නිවස කරා ගියෙමි.

6 තවද මා කළ යුතු දේ පෙර නොදැන, මම ආත්මයාණන්ගෙන් මඟ පෙන්වීම ලැබුවෙමි.

7 එසේ නමුත් මම ඉදිරියට ගියෙමි, තවද මම ලේබන්ගේ නිවස අසලට පැමිණෙන විට මම මනුෂ්‍යයෙකු දුටුවෙමි, තවද ඔහු මා ඉදිරියේ පොළොව මත වැටී සිටියේය, මන්ද ඔහු මුද්‍රිකපානය බී මත්ව සිටියේය.

8 තවද මම ඔහු ළඟට පැමිණි විට එය ලේබන් බව දැන ගත්තෙමි.

9 තවද මම ඔහුගේ කඩුව දුටිමි, තවද මම එය කොපුවෙන් පිටතට ඇද්දෙමි; තවද එහි මිට තනි රත්තරනින් විය, තවද එහි ශිල්ප නිමාව විශිෂ්ට විය, තවද එහි තලය ඉතා වටිනා වානේවලින් නිමවා ඇති බව මම දුටිමි.

10 තවද එය මෙසේ සිදු විය, ආත්මයාණන්ගේ බලපෑම විසින් මා ලේබන්ව මරණ ලෙස මාව පොළඹවන ලදි; එහෙත් මා මගේ හදවත තුළ කීවෙමි: කිසිකලකත් මම මනුෂ්‍ය රුධිරය වගුරුවා නැත. තවද ඔහුව මරණයට පත් කිරීමට අකමැත්තෙන් මම පැකිළුනෙමි.

11 තවද ආත්මයාණන් නැවතත් මා හට කතා කරමින්: බලව ස්වාමීන්වහන්සේ ඔහුව නුඹේ හස්තයට බාර දී ඇත. එසේය, තවද මගේම ජීවිත නැති කිරීමට ඔහු තැත් කළ බව මම දැන සිටියෙමි; එසේය, ඔහු ස්වාමීන්වහන්සේගේ අණ පනත්වලට ඇහුුම්කන් නොදුන්නේය; තවද ඔහු අපගේ දේපල ද පැහැර ගත්තේය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ආත්මයාණන් නැවතත් මා හට පැවසුවේ: ඔහුව මරණයට පත් කරන්න, ස්වාමීන්වහන්සේ ඔහුව නුඹේ හස්තයට බාර දී ඇත;

13 බලව ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ අරමුණු ඉදිරියට ගෙන ඒමට දුෂ්ටයන් නසන සේක. එක් මනුෂ්‍යයෙකු විනාශ වීම දේශයක්ම අවිශ්වාසයෙන් පිරිහී විනාශ වීමට වඩා යහපත් වේ.

14 තවද දැන්, මම, නීෆායි, මෙම වචන ඇසුන විට, ස්වාමීන්වහන්සේ විසින් මා හට වනාන්තරයේ දී මෙසේ කියමින්, උන්වහන්සේ පවසන ලද වචන මට සිහි විය, එනම්: එහෙයින් නුඹගේ වංශය මාගේ අණ පනත් තබන පමණටම, ඔවුන් පොරොන්දු වූ දේශයෙහි සමෘධිමත් වන්නෝය.

15 එසේය, තවද ඔවුන් හට නීතිය ලැබුණොත් පමණක් මිස, මෝසෙස්ගේ නීතියට අනුකූලව ස්වාමීන්වහන්සේගේ අණ පනත් තබන්නට ඔවුන්ට නොහැකි වන බව ද මම සිතුවෙමි.

16 තවද නීතිය පිත්තල තහඩු මත කැටයම් කර ඇති බව ද මම දැන සිටියෙමි.

17 තවද නැවතත්, ස්වාමීන්වහන්සේ ලේබන්ව මගේ හස්තයට බාර දී ඇත්තේ මෙය නිසා බව මම දැන සිටියෙමි – උන්වහන්සේගේ අණ පනත්වලට අනුකූලව වාර්තා ලබා ගැනීමටය.

18 එසේහෙයින් ආත්මයාණන්ගේ හඬට මම කීකරු වුණෙමි, තවද ලේබන්ව හිසෙහි කොන්ඩෙන් ගෙන, ඔහුගේම කඩුවෙන් මම ඔහුගේ හිස ගසා දැමුවෙමි.

19 තවද මම ඔහුගේ කඩුවෙන් ඔහුගේ හිස ගසා දැමූ පසු, මම ලේබන්ගේ වස්ත්‍ර ගෙන මාගේ ශරීරය මත දමා ගතිමි; එසේය, සියලු දේ පවා; තවද මම ඔහුගේ සන්නාහය ගෙන මාගේ ඉඟටියෙහි බැඳ ගතිමි.

20 තවද මම මෙය කළ පසු, මම ලේබන්ගේ භාණ්ඩාගාරයට ගියෙමි. තවද මා ලේබන්ගේ භාණ්ඩාගාරයට යන විට, බලව, මම භාණ්ඩාගාරයේ යතුරු ඇති ලේබන්ගේ දාසයා දුටුවෙමි. එවිට මම ලේබන්ගේ හඬින් ඔහුට අණ ළෙමි, එනම් ඔහු මා සමඟ භාණ්ඩාගාරය තුළට යා යුතු බවටය.

21 තවද ඔහු මා ඔහුගේ ස්වාමියා, ලේබන්, බව සිතුවේය, මක්නිසාද ඔහු වස්ත්‍ර ද මාගේ ඉඟටියේ බැඳ තිබූ කඩුව ද දුටුවේය.

22 තවද ඔහු යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් ගැන මා සමඟ කතා කළේය, ඔහු ඔහුගේ ස්වාමියා වූ, ලේබන්, ඔවුන් සමඟ රාත්‍රියේ සිටිය බව දැන සිටියේය.

23 එවිට මම ලේබන් ලෙස ඔහුට කතා කළෙමි.

24 තවද මා ඔහුට කතා කොට පිත්තල තහඩු මත, කොටන ලද, පවුරෙන් පිටත සිටින, මාගේ වැඩිමහල් සහෝදරයන් වෙතට මම රැගෙන යා යුතු බව කීවෙමි.

25 තවද ඔහු ද මා සමඟ එන ලෙස මම ඔහුට අණ කළෙමි.

26 එවිට ඔහු, මා සභාවේ සහෝදරයන් ගැන පැවසූ බව, සහ මම සැබවින්ම මා විසින් මරන ලද්දා වූ ලේබන් බව සිතූ අතර, එබැවින් ඔහු මා පසුපස පැමිණියේය.

27 තවද පවුරෙන් පිටත වූ, මගේ සහෝදරයන් වෙතට මා යන විට, ඔහු මා හට යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් ගැන මා සමඟ බොහෝ වේලාවක් කතා කළේය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්, තවද එසේම ලෙමුවෙල් සහ සෑම්, මාව දුටු විට බොහෝ සේ බියට පත්විය. එවිට ඔවුන් මාගෙන් ඉවතට පලා ගියෝය, මක්නිසාද ඔවුන් එය ලේබන් යැයි සිතුවෝය, තවද ඔහු මා මරා දමා ඔවුන්ගේ ජීවිත ද නැති කිරීමට උත්සහ කරන බව ඔවුහු සිතූහ.

29 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන්ට හඬ ගැසුවෙමි, තවද ඔවුන්ට මාගේ හඬ ඇසුනි; එබැවින් මාගේ පැමිණීමෙන් ඔවුන් පලා යෑම නවත්වන ලදි.

30 තවද එය මෙසේ සිදු විය, එනම් ලේබන්ගේ දාසයා මගේ සහෝදරයන් දුටු විට ඔහු වෙව්ලන්නට වූ අතර, මා කෙරෙන් පලා ගොස් නැවත ජෙරුසලමට යාමට තැත් කළේය.

31 තවද දැන් මම, නීෆායි, ශරීර ප්‍රමාණයෙන් විශාල මනුෂ්‍යයෙක් වූ අතර, තවද ස්වාමීන්වහන්සේගෙන් මහත් සේ ශක්තිය ලබා ඇති අතර, එසේහෙයින් මම ලේබන්ගේ දාසයාව, ඔහු පලා නොයන ලෙසට, අල්ලා ගත්තෙමි.

32 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔහුට කතා කළෙමි, ඔහු මාගේ වචන වලට ඇහුම්කන් දෙන්නේ නම්, ස්වාමීන්වහන්සේ ජීවත් වෙනතාක්, තවද මා ජීවත් වෙනතාක්, එනම් ඔහු අපේ වචනවලට ඇහුම්කන් දෙන්නේ නම්, අපි ඔහුගේ ජීවිතය ඉතිරි කරන්නෙමු.

33 තවද මම ඔහුට කතා කළෙමි, දිවුරුමකින් ද, එනම් ඔහු බිය විය යුතු නැති බවත්; ඔහු අපත් සමඟ වනාන්තරයට යන්නේ නම් ඔහු අප මෙන් නිදහස් මනුෂ්‍යයෙකු විය යුතු බවත්ය.

34 තවද මම ඔහුට මෙසේ කතා කර කීවෙමි: නිසැකවම ස්වාමීන්වහන්සේ මෙය කිරීමට අපට අණ කළ සේක; තවද අප ස්වාමීන්වහන්සේගේ අණ පනත් තබන්නට උද්‍යෝගිමත් නොවන්නෙහිද? එසේහෙයින්, නුඹ වනාන්තරයේ මාගේ පියා වෙතට යන්නේ නම් නුඹට අප සමඟ ස්ථානයක් ඇත.

35 තවද එය මෙසේ සිදු විය, එනම් සෝරම් මා පවසන ලද වචනවලින් ධෛර්යමත් විය. දැන් එම දාසයාගේ නම සෝරම් විය; තවද වනාන්තරය තුළ අප පියා වෙතට යාමට ඔහු පොරොන්දු විය. එසේය, තවද එතැන් සිට අපත් සමඟ රැදෙන බවට ඔහු අප හට දිවුරුවේය.

36 එවිට අප මෙම කාරණා නිසා ඔහු අපත් සමඟ නතර වෙනවාට කැමති විය, එනම් යුදෙව්වරුන් වනන්තරයට අපගේ පලා යාම ගැන දැන නොගැනීමට, ඔවුන් අප පසුපස හඹා ගොස් අප විනාශ නොකරන පිණිසය.

37 තවද එය මෙසේ සිදු විය, එනම් සෝරම් අපට දිවුරුම ඇති කර ගත් විට, ඔහු ගැන තිබුණ අපගේ බිය පහව ගියේය.

38 තවද එය මෙසේ සිදු විය, එනම් අපි පිත්තල තහඩු සහ ලේබන්ගේ දාසයා රැගෙන, වනාන්තරය කරා පිටත්ව, අපේ පියාගේ කූඩාරම වෙත ගමන් කළෙමු.