ශුද්ධලියවිලි
1 නීෆායි 14


14 වන පරිච්ඡේදය

දේවදූතයෙක් අන්‍යජාතීන් මත පතිත වන්නා වූ ආශීර්වාදයන් සහ ශාපයන් පිලිබඳ නීෆායිට පවසයි – සභාවන් දෙකක් පමණක් ඇත්තේය: දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ සභාව සහ යක්ෂයාගේ සභාවය – බලවත් සහ පිළිකුල් සභාව විසින් සියලුම ජාතීන් වල දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට හිංසා කරනු ලබයි – ලෝකයේ අවසානය පිලිබඳ ප්‍රේරීතවර යොහන් ලියනු ලබයි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් වචනයෙන්ද, බලයෙන්ද, සෑම ක්‍රියාවෙන්ම උන්වහන්සේ තමන්වහන්සේවම ප්‍රකාශ වන්නා වූ, ඔවුන්ගේ බාධාවන් අහක් කරන්නා වූ, එම දවසේදී අන්‍යජාතීන් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ට ඇහුම්කම් දෙත් නම් –

2 තවද ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ට විරුද්ධව දැඩි නොකර ගන්නේ නම්, ඔවුන් නුඹගේ පියාගේ වංශයේ අය සමඟ ගණන් කරනු ලබන්නෝය; එසේය, ඔවුන් ඊශ්‍රායෙල් වංශය සමඟ ගණන් කරනු ඇත්තේය; තවද ඔවුන් සදාකල්හිම පොරොන්දු දේශය මත ආශිර්වාදලත් ජනතාවක් බවට පත් වන්නේය; ඔවුන්ව තවත් වහල්භාවයට පහතට රැගෙන නොයනු ඇත්තේය; තවද ඊශ්‍රායෙල් වංශය තවත් ව්‍යාකූළභාවයට පත් නොකරනු ඇත්තේය.

3 තවද එනම් ඔහු මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන් නිරයේ පහතට මඟ පෙන්වනු පිණිස, යක්ෂයා සහ ඔහුගේ දරුවන් විසින් සොයාගන්නා ලද, එනම් එම බලවත් වූ සහ පිළිකුල් සභාවේ අයවලුන් වූ, ඔවුන් සඳහා එම බලවත් ආගාදය හාරන ලද්දේය – එසේය, මනුෂ්‍යයන්ගේ විනාශය සඳහා හාරනු ලැබුවා වූ එම බලවත් ආගාධය, එය හාරනු ලැබූවන්ගෙන්ම, ඔවුන්ගේ සම්පූර්ණ විනාශය වෙනතෙක්ම, පුරවනු ලබන බව දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් පවසන සේක; එය අවසානයක් නොමැති එම නිරයට ඇඳ දමනු ලැබීම මිස, ප්‍රාණයේ විනාශවීමක් නොවන්නේය.

4 මක්නිසාද බලව, මෙය යක්ෂයාගේ වහල්භාවයට අනුව, තවද දෙවියන්වහන්සේගේ සාධාරණත්වයට ද අනුව, උන්වහන්සේ ඉදිරියේ නපුරුකම් සහ පිළිකුල් ක්‍රියාවන් කරන්නා වූ සියල්ලන් මත වන්නේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා, නීෆායි වන මා හට, මෙසේ කියමින්, කථා කළේය: අන්‍යජාතිකයින් පසුතැවිලි වනවා නම් ඔවුන් හට එය යහපත් වනු ඇති බව නුඹ දැක ඇත්තේය; තවද ඊශ්‍රායෙල් වංශය වෙතට වූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් සම්බන්ධයෙන් ද නුඹ දන්නෙහිය; තවද එනම් පසුතැවිලි නොවන්නා වූ ඕනෑම කෙනෙකු නැසෙන බව ද නුඹ අසා ඇත්තෙහිය.

6 එසේහෙයින්, අන්‍යජාතීන්ගේ හදවත් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ට විරුද්ධව දැඩි කරගන්නේ නම් ඔවුන්ට දුක් වේ.

7 මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් කියන සේක, එනම් මම මනුෂ්‍ය දරුවන් අතර විශිෂ්ඨ සහ ආශ්චර්යමත් ක්‍රියාවක් සිදු කරන්නා වූ කාලය පැමිණෙන්නේය; එය එක් අතකට හෝ අනික් අතට, සදාකාලික ක්‍රියාවක් වනු ඇත්තේය – සාමය සහ සදාකාලික ජීවිතය වෙතට ඔවුන්ව ඒත්තුගැන්වීම හෝ, තාවකාලික සහ ආත්මික යන දෙයාකාරයෙන්ම මා විසින් පැවසු පරිදි යක්ෂයාගේ වහල්භාවයට අනුව ඔවුන්ගේ හදවත් වල දැඩිකම සහ මනසේ අන්ධභාවය හේතු කොට ගෙන ඔවුන්ව පහතට රැගෙන විත් වහල්භාවයට, තවද එසේම විනාශය තුළට ද භාරදෙනු ඇත්තේය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා මෙම වචන කථා කළවිට, ඔහු මට මෙසේ පැවසුවේය: ඊශ්‍රායෙල් වංශයට පියාණන්වහන්සේ කළා වූ ගිවිසුම් නුඹට සිහිවන්නේ ද? මම ඔහුට එසේය යැයි කීවෙමි.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මා හට මෙසේ කීවේය: බලව, තවද පිළිකුල්කම් වල මව වන, එහි නිර්මාතෘ යක්ෂයා වන, එම බලවත් සහ පිළිකුල්සහගත සභාව දෙස බලන්න.

10 තවද ඔහු මා හට මෙසේ කීවේය: බලව, සභාවන් දෙකක් පමණක් ඇත්තේය; එකක් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ සභාවය, තවද අනෙක යක්ෂයාගේ සභාවය; එබැවින්, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ සභාවට අයත් නොවන කෙනෙකු වෙත් නම්, පිළිකුල්කමේ මව වන එම බලවත් සභාවට අයත් වන්නේය; තවද ඇය මුළු පොළොවේම වෙසඟනය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් මම බැලූ විට තවද මුළු පොළොවෙහිම වෙසඟන දුටුවෙමි, තවද ඇය බොහෝ ජලයන් මත වාඩි වී සිටියාය; තවද ඇයට සියලුම ජාතීන්, ඥාතීන්, භාෂාවන් සහ ජනතාවන් අතර මුළු පොළොව මත ආධිපත්‍යය තිබුණාය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ සභාව දුටුවෙමි, තවද එහි සංඛ්‍යාව කුඩාවිය, මක්නිසාද බොහෝ ජලයන් මත සිටින්නා වූ වෙසඟනගේ නපුරුකම් සහ පිළිකුල්කම් නිසාය; එසේනමුත්, මම එනම් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් වූ, එසේම බැටළුපැටවාණන්ගේ සභාව පොළොතලය මත සියලු තැන්හි තිබෙන බව දුටුවෙමි; මක්නිසාද මා දුටු බලවත් වෙසඟනගේ නපුරුකම් නිසා, තවද පොළොව මත ඔවුන් වෙත තිබූ ආධිපත්‍යය කුඩා විය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ට විරුද්ධව සටන් කිරීම සදහා මුළු පොළොව මත, අන්‍යජාතිකයන්ගේ මුළු ජනතාවන් අතර මහා ජන සමූහයක් පිළිකුල්කමේ බලවත් මව එක්රැස් කරනවා මම දුටුවෙමි.

14 තවද එය මෙසේ සිදු විය එනම් මම, නීෆායි, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ බලය දුටිමි, එනම් එය බැටළුපැටවාණන්ගේ සභාවේ ශුද්ධවන්තයන් මතද, මුළු පොළොව මත විසිරී සිටින, ස්වාමීන්වහන්සේගේ ගිවිසුමේ ජනතාව මතද පතිත විය; තවද ඔවුහු ධාර්මිෂ්ඨභාවයෙන් සහ දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් වූ මහිමයට සන්නද්ධ වී සිටියහ.

15 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ උදහස ඒ බලවත් වූ සහ පිළිකුල්සහගත සභාව මත කොතරම් වගුරුවනු ලැබුවේදයත්, එනම් පොළොවේ සියලුම ජාතීන් සහ ඥාතීන් අතර යුද්ධ සහ යුද්ධ පිළිබඳ කටකතා ඇති වූ බව මම දුටුවෙමි.

16 තවද එහි පිළිකුල්කමේ මවට අයත් වූ යුද්ධ සහ යුද්ධ පිළිබඳ වූ කටකතා සියලුම ජාතීන් අතර ඇති වීමට පටන්ගත් කල, දේවදූතයා මා හට මෙසේ කියමින්, කථා කළේය; බලව, දෙවියන්වහන්සේගේ උදහස වේශ්‍යාවන්ගේ මව වෙත පවතින්නේය; තවද බලව, නුඹ මෙම සියලු දේ දකින්නේය –

17 තවද එහි නිර්මාතෘ යක්ෂයා වූද, මුළු පොළොවෙහිම බලවත් වූ සහ පිළිකුල්සහගත සභාවේ මව වන, වෙසඟනුන්ගේ මව මත දෙවියන්වහන්සේගේ උදහස වගුරුවනු ලබන එම දවස පැමිණෙන කල, එවිට, එම දවසේදී, උන්වහන්සේගේ ජනතාව වන ඊශ්‍රායෙල් වංශයට උන්වහන්සේ කර ඇති, එනම් උන්වහන්සේගේ ගිවිසුම් සම්පූර්ණ කිරීම සදහා වූ මාර්ග සූදානම් කිරීමේ පියාණන්වහන්සේගේ කාර්යය ආරම්භ වන්නේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා මෙසේ කියමින්, මා හට කථා කළේය: බලන්න!

19 තවද මා බැලූ විට මනුෂ්‍යයෙකු දුටුවේය, තවද ඔහු සුදු ලෝගුවක් පැළඳ සිටියේය.

20 තවද දේවදූතයා මට මෙසේ කීවේය: බලන්න බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගෙන් එක් කෙනෙක්ය.

21 බලව, ඔහු මෙම දේවල් දැක තවද ඉතුරුවූ දේ ද; එසේය, තවද සිදු වීි තිබෙන බොහෝ දේවල් ද ලියනු ඇත්තේය.

22 තවද එසේම ඔහු ලෝකයේ අවසානය පිළිබඳ ලියනු ඇත්තේය.

23 එබැවින්, ඔහු විසින් ලියනු ලබන්නා වූ දේවල් සාධාරණ හා සත්‍යවේ; තවද බලන්න යුදෙව්වෙකුගේ මුඛයෙන් නික්මුනා වූ නුඹ දුටු පොතේ ඒවා ලියනු ලබන්නේය; තවද ඒවා යුදෙව්වෙකුගේ මුඛයෙන් නික්මෙන්නා වූ කාලයේ, නැතහොත් එම පොත යුදෙව්වෙකුගේ මුඛයෙන් පිටවෙන්නා වූ එම කාලයේ, එහි ලියන ලද දේවල් පැහැදිලි සහ පවිත්‍රය, තවද බොහෝ අගනා වූ අතර සියලු මනුෂ්‍යයන්ට තේරුම් ගැනීමට පහසුය.

24 තවද බලව, බැටළුපැටවාණන්ගේ මෙම ප්‍රේරිතවරයා ලියනු ලබන්නා වූ බොහෝ දේවල් නුඹ දැක ඇති දේවල් වන්නේය; තවද බලව, ඉතිරිය නුඹ දකිනු ලබන්නේය.

25 එහෙත් නුඹ මින්පසු දකිනු ලබන දේවල් නුඹ ලිවිය යුතු නැත්තේය; මක්නිසාද ඒවා ලිවීම සඳහා දෙවි වූ ස්වාමීන්වහන්සේ, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතවරයාව නියම කොට ඇත්තේය.

26 තවද එහි සිටි අනෙක් අයද, උන්වහන්සේ ඔවුන්ට පෙන්වූ සියලුම දේවල්, තවද ඔවුන් ඒවා ලියා ඇත්තේය; තවද බැටළුපැටවාණන් තුළ ඇත්තා වූ සත්‍යතාවයට අනුව, ස්වාමීන්වහන්සේගේ නියමිත කාලයේදී, එනම් ඊශ්‍රායෙල් වංශය වෙතට පවිත්‍රතාවයෙන් ඉදිරියට පැමිණෙනු පිණිස ඒවා මුද්‍රා කර ඇත්තේය.

27 තවද මම, නීෆායි, දේවදූතයාගේ වචනයට අනුව, බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතවරයාගේ නම යොහන් බව, ඇසුනු බවට සාක්ෂි දරමි.

28 තවද බලව, මම, නීෆායි, මා දුටු සහ ඇසූ දේවල් වලින් ඉතිරිය ලිවීමට තහනම් කරනු ලැබුවෙහිය; එබැවින් මා ලියා ඇති දේවල් මට ප්‍රමාණවත් වන්නේය; තවද මා ලියනු ලැබුවේ මා දුටු දේවල් වලින් එක් කුඩා කොටසක් පමණි.

29 තවද මාගේ පියා දුටු දේවල් මා දුටු බවට මම සාක්ෂි දරමි, තවද ස්වාමීන්වහන්සේගේ දේවදූතයා ඒවා මා හට දැනුවත් කළේය.

30 තවද දැන් මා ආත්මයාණන් විසින් රැගෙන යනු ලැබූ විට මා දුටු දේවල් පිළිබඳ කථා කිරීම අවසන් කරමි; තවද මා දුටු සියලු දේ ඇත්නම් ඒවා ලියා නැත්තේය, මා ලියා ඇති දේවල් සත්‍යය වන්නේය. තවද එය එසේය. ආමෙන්.